අපි, පහුගිය සතියෙදි “ප්‍රමාණ කාල භාවරතාවස්ථාපන ප්‍රකරණය” කියවන්න පටන් ගත්තා. හැබැයි අපිට ඒ කොටස දිග වැඩි නිසා ඉවර කරගන්න බැරි වුණා. අදවත් බලමු ඒ කොටස කියවලා ඉවර කරගන්න පුළුවන් වෙයිද කියලා.
මේ කොටසෙදි වත්ස්යායන කතා කරන්නේ සංසර්ගය අවසානයේදී ස්ත්‍රියට ලැබෙන සැපය පිළිබඳව එවකට විද්වතුන් අතර පැවතුණු පරස්පර මත ගැන.
මේ ලිපි මාලාවේ පැරණි කොටස් පහත ලින්ක් ක්ලික් කරලා කියවන්න
පසු කොටස් –
මේ ගැන ශ්වේතකේතු පඬිවරයා දක්වලා තියෙන අදහස් ගැන අපි මුලින් හොයලා බලමු.
ශ්වේතකේතු කියන විදිහට ස්ත්‍රී යෝනිය තුළ නිරන්තරයෙන්ම කසන සුළු ස්වභාවයක් තිබෙනවා. පුරුෂයෙකු විසින් සංසර්ග අවස්ථාවේදී තමන්ගේ ලිංගේන්ද්‍රය යෝනියට ඇතුළු කිරීමෙන් සහ රිද්මයකට චලනය කිරීම හේතුවෙන් යෝනියේ පවතින කැසිලි ස්වභාවය නැති වෙලා යනවා.
මේ නිසා ස්ත්‍රියකට සංසර්ගය අවසානයේදී පුරුෂයාට මෙන් ධාතු පහ වීමෙන් පසුව ඇතිවන සතුටක් ලැබෙන්නෙ නෑ. ඇයට ලැබෙන්නේ කැසීම දුරු වී යෑමෙන් ඇතිවන තෘප්තිය සහ පුරුෂයා විසින් සිප වැළඳ ගැනීමෙන් ලබන සන්තෝෂය කියලා ඔහු කියනවා.
ඒ වගේම ශ්වේත කේතු තවත් දෙයක් සංසර්ගය ගැන කියනවා. ඒ සංසර්ගයෙන් දෙදෙනෙක් ලබන තෘප්තිය පුද්ගලානුබද්ධයි කියලා. ඒ නිසා ගැහැණුන් පිරිමින් විසින් ලබන සම්භෝග තෘප්තිය විස්තර කරන්න බැහැ කියල ඔහු කියල ඔහු කියනවා. ඒ වගේම මේ ගැන ප්‍රශ්න කරන්නත් බැහැයි කියලා ඔහු වැඩිදුරටත් පවසනවා.
ශ්වේත කේතු පඬිතුමාගේ මතයට විරුද්ධ අදහසක් ඖද්ධාලික පඬිතුමා දරනවා. සංසර්ගය අවසානයේදී ස්ත්‍රිය තෘප්තිමත් වුවත් නැතත් පුරුෂයා තමන්ගේ කාර්යය නිමා වුනු පසු ඉවත්වෙලා යනවා නමුත් ස්ත්‍රියක් සෑමවිටම තමන්ගේ තෘප්තිය මෙන්ම පුරුෂයාගේ තෘප්තිය ගැනත් සැලකිලිමත් වෙනවා. ඒ වගේම ස්ත්‍රීන් වැඩි වශයෙන් ප්‍රිය කරන්නේ වැඩි වේලාවක් සංසර්ගයේ යෙදෙන්න පුළුවන් පුරුෂයන්ට කියලා ඔහු කියනවා. සමහර අවස්ථාවලදී අති වේගයෙන් සංසර්ගයේ යෙදෙන පුද්ගලයන්ට ස්ත්‍රීන් අකමැති වෙන අවස්ථා තියෙනවා කියලත් ඔහු කියනවා. මේ නිසා ස්ත්‍රීන්ගේ සුරතාන්තය ධාතු පහ වීම සහ පහනොවීම අතර පවතින ස්වභාවයක් කියන මතය ඔහු ඉදිරිපත් කරනවා.
මේ මතය විවේචනය කරන ශ්වේතකේතු කියන්නේ යෝනියේ ඇති කසන සුළු ගතිය ඉවත්ව යන නිසා වේගයෙන් සංසර්ගයේ යෙදෙන පුරුෂයන්ට ස්ත්‍රීන් කැමතියි කියලා.
දැන් අපි ඊළඟට බ්‍රාභ්‍රවි පඬිතුමා මේ ගැන කියන්නෙ මොකක්ද කියල හොයල බලමු.
එතුමා කියන්නේ පුරුෂයෙකු ධාතු පහ කර ගැනීමෙන් සතුටට පත් වුණත් ස්ත්‍රියක් සංසර්ගය පටන් ගන්නා මොහොතේ සිට සිප වැළඳ ගැනීම් වලින් පවා සතුටට පත් වෙනවා කියලා
ඒ වගේම දිගු වේලාවක් සංසර්ගයේ යෙදෙන පුරුෂයන්ට ස්ත්‍රීන් වැඩිපුර කැමති බවත් වේගවත්ව සංසර්ගයේ යෙදෙන පුරුෂයන් කෙරෙහි ස්ත්‍රීන් ආදරය කරන බවත් ඔහු පවසනවා. නමුත් ඔහු කියන්නේ දෙදෙනාගේ සුරතාන්තය අසමපාත වුණාම දරු ගැබක් පිහිටීමට ඇති අවස්ථාව අල්පයි කියලායි.
නමුත් මේකට විරුද්ධ මතයකුත් තිබිලා තියෙනවා .
මේ මතයෙන් කියවෙන්නේ සංසර්ගයේ පටන් ගන්නා අවස්ථාවේ ඉඳන් ස්ත්‍රියට ඊට කැමැත්තක් තියෙනවා නම් ස්ත්‍රියක් කවදාවත් සංසර්ගය අවසාන කරන්න කැමැත්තක් දක්වන එකක් නැහැයි කියන විරුද්ධ මතය.
මේ සැකය දුරු කරන්න බ්‍රාභ්‍රවිය උපමාවක් භාවිතා කරනවා. කුඹලෙක් විසින් කරකවනු ලබන කුඹල් සකක් ආරම්භයේ දී සෙමින් කැරකුණත් අවසානය වන විට අධි වේගයකින් කැරකෙනවා වගේ ස්ත්‍රියක් ආරම්භක අවස්ථාවේදී මදක් තෘප්තිමත් භාවයට පත් වී අවසානයේ මෝචන අවස්ථාවට පැමිණීමත් එක්ක සංසර්ගය නැවැත්වීමේ කැමැත්ත ඇයට ඇති වෙනවා කියලා.
මේ මත වලට වෙනස්ම මතයක් වත්ස්යායන දක්වනවා. ඒ මතයත් එක්ක ලබන සතියේ හමුවෙමු. වත්ස්යායනගේ මතය ඉදිරිපත් කිරීමත් එක්ක ලබන සතියේ අපිට “ප්‍රමාණ කාල භාව රතාවස්ථාපන ප්‍රකරණය” ඉවර කරන්න පුළුවන්.
Leave a Reply