කාම සූත්‍රය සිංහලෙන් – දහ වැනි කොටස

අද ඉතිං අපිට ඔන්න දෙයියනේ කියල ‘ප්‍රමාණ කාල භාව රතාවස්තාපන ප්‍රකරණය’ ඉවර කර ගන්න පුළුවන්.

පහුගිය සතියේදී අපි විවිධ විද්වතුන් සංසර්ගය අවසානයේදී ස්ත්‍රියකට ලැබෙන තෘප්තිය පිළිබඳව ප​ළකරපු අදහස් ගැනත් කතා කළා. අද අපි කතා කරමු වත්ස්‍යා​යන ඒ ගැන මොකක්ද කියන්නේ කියලා.

මේ ලිපි පෙළේ පැරණි ලිපි මගහැරුණානම් පහත ලින්ක් වලින් ඒවා කියවලාම මෙතැනට එන්න…

කාම සූත්‍රය සිංහලෙන් 1 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 2 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 3 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 4 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 5 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 6 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 7 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 8 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 9 කොට​ස

 

පසු කොටස් –

කාම සූත්‍රය සිංහලෙන් 11 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 12 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 13 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 14 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 15 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 16 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 17 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 18 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 19 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 20 කොටස

 

කාම විද්‍යාව ගැන අධ්‍යයනය කරපු අය කුමන කරුණක් කිව්වත් සංසර්ගය අවසානයේ දී කාන්තාවටත් පුරුෂයාටත් එ​කසේම වින්දනයක් ලැබෙනවා. වත්ස්‍යා​යන කියන්නේ කෑම බීම, චර්යාවන්, සිතුම් පැතුම් ආදියෙන් සමාන වුණු දෙදෙනෙක්ට වින්දනය විතරක් වෙනස් ආකාරයකට දැනෙන්න බැහැයි කියලා.

ඒත් සංසර්ගය සඳහා භාවිතා කරන විවිධ උපක්‍රමවල වෙනසක් තියෙන්න පුළුවන් කියලත් ඔහු අවධාරණය කරනවා.

ඒ වගේම සංසර්ගයක දී ප්‍රධානත්වය ගන්නේ පිරිමියායි. ස්ත්‍රිය එයට සහාය දීමක් පමණයි කරන්නේ. නමුත් පුරුෂයන් මේ කාන්තාව සමග තමන් ලිංගික ආස්වාදය​ක යෙදෙනවා කියන අදහසින් යුක්ත වීම සහ ස්ත්‍රිය මේ පුරුෂයා සමඟ තමන් ලිංගික ආස්වාදය​ක යෙදෙනවයි කියලා හැඟීම් ඇතිකර ගත්තම කිසිම ප්‍රතිවිරෝධයක් ඇති වෙන්නෙ නෑ.

ස්ත්‍රියකගේ සහ පුරුෂයකුගේ සුරතාන්තය ඇති වීමේ ක්‍රියාවලිය වෙනස් වුණාට ලැබෙන තෘප්තිය වෙනස් වෙන්න විදියක් නැහැ. වත්ස්‍යා​යන  කියන විදිහට ස්ත්‍රීන්ගෙත් ධාතු පහ වීමක් සිද්ධ වුණත් ඒ ධාතු යෝනියෙන් පිටතට වැගිරී යන්නේ නෑ. එසේ පිටතට නොවැගුරුණු පමණින් ස්ත්‍රියකට ධාතු පහවීමක් සිද්ධ වෙන්නේ නෑ කියන එක වැරදි මතයක් කියලා ඔහු කියනවා.

වත්ස්‍යා​යන මේ සඳහා උදාහරණ තුනක් ලබා දෙනවා 

  • එළු පොරයකදී එළුවන් දෙදෙනෙක් පොරබදා එක විට තුවාල ලැබීම 
  • දිවුල් ගෙඩි දෙකක් එකට ගැටීමෙන් වැටීම 
  • මල්ලව පොරයකදි ගැසූ පහරක් නිසා දෙදෙනාම එක විට බිම වැටීම.

 

වත්ස්‍යා​යන නැවතත් ලිංගික එක්වීමකදි ලබන තෘප්තිය ස්ත්‍රිය පුරුෂ භේදය නිසා දෙයාකාර වුණත් ලබන වින්දනය එක හා සමානයි කියන කතාව තවදුරටත් පැහැදිලි කරනවා.

වාත්ස්‍යාන කියනවා පුරුෂයාට කලින් ස්ත්‍රියට සුරතාන්තය ගෙන දෙන්න අවශ්‍ය බාහිර ආලිංගන ආදි​යේ යෙදිය යුතුයි කියලා. ඒ වගේම උදය, දහවල්, හවස සහ රාත්‍රී යන සිව් කාලයේදි සංසර්ගයේ යෙදීමෙන් ලැබෙන වින්දනය විවිධාකාරයි කියලා. විශේෂයෙන් රාත්‍රී කාලයේ දී ස්ත්‍රියකගේ සහ පුරුෂයකුගේ රුධිර ගමනාගමනයේ වෙනසක් වෙනවා කියලා ඔහු සඳහන් කරලා තියෙනවා.

ලිංගික එක්වීම්වලට ආධුනික පුරුෂයන් මුල් අවස්ථාවේ දී අධික වේගයෙන් ක්‍රියාත්මක වෙලා අඩු කාලයකින් තමන්ගෙ කටයුත්ත නිමා කර ගන්නවා. නමුත් පස්සේ කාලෙකදි වේගය අඩු කරල කාලය වැඩි කර ගන්නවා. මුල් අවස්ථාවේදී ස්ත්‍රිය උදාසීන ස්​වභාවෙන් යුක්ත වුණත් කාලයත් සමග වේගයෙන් සහ කාලයෙන් පුරුෂයා හා සමව  සිටීමේ හැකියාව ඇය ලබා ගන්නවා.

ඒ වගේම වත්ස්‍යාන නැවතත් අවධාරණය කරනවා, ස්ත්‍රිය තෘප්තියට පත්වීමට පෙර පුරුෂයා තෘප්තියට පත්වීම අසාර්ථකයි කියලා. ඇයව  තෘප්තියට පත් කිරීමට අවශ්‍ය කටයුතු පුරුෂයා විසින් අනිවාර්යෙන්ම කළ යුතුයි කියලා ඔහු නිර්දේශ කරනවා 

 

වත්ස්‍යාන කියනවා තමන් මෙතෙක් කරපු පැහැදිලිකිරීම් සාමාන්‍ය බුද්ධියෙන් යුතු පුද්ගලයන්ට  නම් ප්‍රමාණවත් නමුත් බුද්ධියෙන් හීන පුද්ගලයන්ට තව දුරටත් තේරෙන්​නෙ නැත්තම් තමන් තවදුරටත් එක ගැන මේ විදිහට විස්තර කරනවයි කියලා.

එහිදී ඔහුගේ කියනවා සංසර්ගයේදී ස්ත්‍රීය ලබන ප්‍රීතිය සිව් ආකාර වෙනවා කියලා.

  • නැටුම් ගැයුම් වාදනය ආදී ක්‍රියාවක මෙන් සංසර්ගයේ නිරත වීමෙන් ලබන ප්‍රීතිය –  ආභ්‍යාසක ප්‍රීතිය
  • ප්‍රායෝගිකව ලිංගික අත්දැකීමක් ලැබීමට නොලැබෙන අවස්ථාවකදී සිතින් ඒවා ගැන සිතීමෙන් ලබන ප්‍රීතිය – අභිමාන ප්‍රීතිය
  • නපුංසකයෙකු විසින් ලිංගේන්ද්‍රය මුඛයට ගැනීමේදී ඇතැම් විට අනෙක් පුද්ගලයා තමන්ගේ ලිංගේන්ද්‍රය මුඛයට ගන්නේ කාන්තාවක් යන හැඟීම හිතේ ඇති කර ගන්නවා. මෙ​සේ ඒ හිත රවට්ටා ගැනීමෙන් ඇති කරගන්නා ප්‍රීතිය – විශ්වාස ප්‍රීතිය
  • තමන්ගේ ඉන්ද්‍රියන් ආධාරයෙන් ඇතිවෙන ප්‍රීතිය (සරලව කිව්වොත් සංසර්ගය මගින් ඇතිවන ප්‍රීතිය) – ප්‍රධාන ප්‍රීතිය 

 

ලිංගික එක්වීමේදී මේ ප්‍රීත්‍රීන් අතරින් එකක් හෝ කීපයක් ස්ත්‍රීන් ලබනවා කියලා ඔහු අවධාරණය කරනවා.

 

මේ විදිහට ප්‍රමාණ කාල භාවරතාවස්ථාපන ප්‍රකරණය නිමාවට පත්වෙනවා.අපි ඊළඟ සතියෙ ඉඳන් උපගුහන විචාර ප්‍රකරණය කියවමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *