කාම සූත්‍රය සිංහලෙන් – 18 වැනි කොටස

මේ ලිපි පෙළේ පැරණි ලිපි මගහැරුණානම් පහත ලින්ක් වලින් ඒවා කියවලාම මෙතැනට එන්න…

කාම සූත්‍රය සිංහලෙන් 1 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 2 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 3 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 4 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 5 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 6 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 7 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 8 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 9 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 10 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 11 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 12 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 13 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 14 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 15 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 16 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 17 කොටස

 

පසු කොටස් –

කාම සූත්‍රය සිංහලෙන් 19 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 20 කොටස

 

කොහොමද ඉතින්? ගිය සතියේ අපි කතා කරපු දත් සලකුණු තැබීම් එහෙම ප්‍රැක්ටිස් වෙන්න ඇති නේද? ඒවා ඉතින් තම තමන්ගේ පෞද්ගලික කාරණානේ. ඒ ගැන කතා නොකර අපි අද දශනවිච්ඡේදය දේශ්‍යෝපචාර ප්‍රකරණයේ ඉතිරි ටික කියවල ඉවර කරමු

වත්ස්‍යායන කියන විදිහට තමන් ආශා කරන ස්ත්‍රියකට ත්‍යාගයක් යවද්දී ඒ තෑග්ග මත දත් සලකුණු තියන්න ඕනලු. ඒ කාලේ තෑගි විදිහට භාවිතා කරපු මල් මාලා, බුලත් ආදියේ දත් සලකුණු තියන්න ඕන කියන දේ ඔහු කියනවා. අද කාලයේ නම් මේ දේ කොයි තරම් දුරට ප්‍රායෝගිකද කියන එක ප්‍රශ්නයක්.

 

ඊට පස්සේ වත්ස්‍යායන එවකට පැවති සොළොස්  මහා ජනපදවල ස්ත්‍රීන් දත් සලකුණු වලට දක්වන ප්‍රතිචාර ගැන කතා කරනවා.

 

  • මධ්‍ය දේශවාසී ස්ත්‍රීන් ශිෂ්ට සම්පන්න ගති ගුණ ඇති බැවින් දත් සහ නිය සලකුණු නුරුස්සන ස්වභාවයක් ගන්නවා.

 

  • උත්තර පථය, අවන්ති සහ මාලවී ප්‍රදේශ වල අය ආලිංගනාදියට සහ අනුරාගී කතාබහවලට රුචිකත්වයක් දක්වනවා.

 

  • පූර්වා මාලාවේ සහ කුරු ක්ෂේත්‍රයේ ස්ත්‍රීන් වඩාත් කැමති සලකුණු ඇති නොකරන අන්දමේ දත් සහ නිය පහරවල්වලට. කලවා සහ තට්ටම් වලට සෙමින් පහර වැදීම් විඳීමට ඔවුන් ප්‍රිය කරනවා.

 

  • පංජාබ් දේශයේ ස්ත්‍රීන් ප්‍රිය කරන්නේ මුඛ සංසර්ගයට.

 

  • ගුජරාට සහ ලාට ප්‍රදේශ වල ස්ත්‍රීන් වේගවත් සංසර්ගයට ප්‍රිය කරනවා.

 

  • කෝසල රාජ්‍යයේ ස්ත්‍රීන් සිපගැනීම්වලට වගේම දත් සහ නිය සලකුණු තැබීම් වලටත් ලොල් වෙනවා.

 

  • ආන්ද්‍ර දේශයේ ස්ත්‍රීන් අතිශයින් කාමුක නිසා සංසර්ගයේදී  සීමා මායිම් ඉක්මවා යනවා. ඇතැම් අවස්ථාවල ස්ත්‍රිය විසින් පුරුෂයා අභිබවා යාම ද සිද්ධ කරනවා.

 

  • මහාරාෂ්ට ස්ත්‍රීන් සංසර්ගයේදී පුරුෂයා සමඟ කතාබහ කිරීමට ප්‍රිය කරනවා.

 

  • පාටලීපුත්‍රයේ වාසය කරන ස්ත්‍රීන් බාහිර උපකරණ තමන්ගේ යෝනියට ඇතුල් කර ගනිමින් ස්වයං වින්දනයේ යෙදීමට ඇබ්බැහි වෙලා තිබෙනවා.

 

  • ද්‍රවිඩ ස්ත්‍රීන් සංසර්ගයේ ආරම්භයේ පටන් සුරතාන්තය තෙක් නොඉවසිල්ලෙන් සිටිනවා.

 

  • වනවාස දේශයේ ස්ත්‍රීන් සංසර්ගයේදී අසභ්‍ය වදන් කියමින් සතුටට පත් වෙනවා.

 

  • ගෞඩ දේශයෙහි ස්ත්‍රීන් සුරූපී මෙන් ම කාමාධික ද වෙනවා.   

තමන් ජීවත් වන ප්‍රදේශය අනුව ස්ත්‍රීන්ගේ ස්වභාවය එසේ වුණත් සංසර්ගයේ දී එකිනෙකාගේ රුචි අරුචි කම් මත කළ යුත්තේ කුමක්ද කියා පුරුෂයා විසින් තීරණය කළ යුතු වෙනවා.

ආලිංගනය, චුම්බනය, නිය සලකුණු තැබීම හා දත් සලකුණු තැබීම වගේ දේවල්වලින් අනුරාගය වැඩිවෙන අතර අනුරාගී ශබ්ද නැගීම, එකිනෙකාට පහර ගැසීම වගේ දේවල්වලින් සංසර්ගයට විචිත්‍රත්වයක් එකතු වෙනවා.

ඒ වගේ ම පුරුෂයා විසින් දත් හෝ නිය සලකුණක් තැබීමේදී එවැනි දෙගුණයක දේවල් ස්ත්‍රිය විසින් සිදු කළ යුතු වෙනවා.

උදාහරණයක් විදිහට බින්දු දත් සලකුණක් තබද්දී බින්දුමාලාවකුත්, බින්දුමාලාවක් තබද්දී ඛණ්ඩාහ්‍රක සලකුණකුත් යොදන්න කියලා වත්ස්‍යායන කියනවා. අවසානයේ දී දෙදෙනාට බොරු රණ්ඩුවකට පැටලෙන්න කියලත් ඔහු කියනවා.

ස්ත්‍රියක උඩුකුරු කරමින්, තමන්ගේ ලය ඇගේ ඇගේ ලයට තබා තෙරපමින් ඇගේ ගෙල ප්‍රදේශයේ මණිමාලා සලකුණ පුරුෂයා විසින් යොදද්දි අනුරාගෙන් මුසපත් වන ස්ත්‍රිය තමන්ට රිසි දත් සලකුණක් පුරුෂයා මත තබනවා.

යළිත් මුණ ගැසුණු විට තමන් පුරුෂයා මත තැබූ දත් සලකුණ පුරුෂයාට පෙන්වමින් ඇය සිනා වෙනවා. ඒ වගේම තමන්ගෙ සිරුරේ ඇති දත් සලකුණු කෙරෙහි තමන් පිළිකුලක් දක්වන බවක් බොරුවට පෙන්වනවා.

අවසාන වශයෙන් වත්ස්‍යායන කියනවා මේ වගේ ස්වභාව ඇති ස්ත්‍රියක් පුරුෂයකුගේ හිතේ සතුට සිය දහස් ගුණයකින් වැඩි කරනවා කියලා.

 

එහෙම නම් ඉතිං වෙනදා වගේම මේ ආටිකල් එක හොරෙන් බලලා අපේ රීච් එක වැඩි කරන්න ඕන. එක එක දේවල් ශෙයා කරගන්න තියෙන සීක්‍රට් ගෘප්වලත් මේ ආටිකල් එක ෂෙයාර් කරලා අපට සහයෝගයක් දෙන්න අමතක කරන්න එපා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *