කාම සූත්‍රය සිංහලෙන් – විසි හතර වැනි කොටස

මේ ලිපි පෙළේ පැරණි ලිපි මගහැරුණානම් පහත ලින්ක් වලින් ඒවා කියවලාම මෙතැනට එන්න…

 

කාම සූත්‍රය සිංහලෙන් 1 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 2 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 3 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 4 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 5 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 6 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 7 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 8 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 9 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 10 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 11 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 12 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 13 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 14 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 15 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 16 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 17 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 18 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 19 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 20 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 21 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 22 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 23 කොටස

 

අද ඉඳන්  ඔන්න අපි අලුත් ප්‍රකරණයක් කියවන්න යන්නේ. මේ ප්‍රකරණය වාත්ස්‍යායන පඬිතුමා හඳුන්වලා දීලා තියෙන්නෙ “පුරුෂායිත – පුරුෂෝපසෘප්ත ප්‍රකරණය” කියලා. මේ ප්‍රකරණයේදී වත්ස්‍යායන පඬිතුමා කතා කරන්නේ විශේෂ මාතෘකාවක් ගැන. ඒ තමයි සංසර්ග අවස්ථාවේදී ස්ත්‍රිය විසින් පුරුෂයාගේ භූමිකාව ඉෂ්ඨ කිරීම පිළිබඳව. මේ සම්භෝග ක්‍රමය විපරීත සම්භෝගය විදිහටත් හඳුන්වලා තියෙනවා.

මේ ආකාරයට සම්භෝගයේ යෙදීමට හේතු වන අවස්ථා තුනක් ගැන එතුමා ප්‍රකරණ ආරම්භයේදී සඳහන් කරනවා. ඒ අවස්ථා තුන මෙන්න මෙහෙමයි

සංසර්ගයේ දී පුරුෂයා සුරාන්තයට පත් නොවී හති වැටුණු අවස්ථාවකදී පුරුෂයාගේ අනුමැතිය සහිතව ස්ත්‍රිය විසින් සම්භෝගයට සහාය වීමේදී

යම්කිසි ස්ත්‍රියක් පුරුෂයකු ලෙස ක්‍රියා කරමින් සම්භෝගයේ යෙදීමට රුචිකත්වයක් දක්වන අවස්ථාවකදී 

ස්ත්‍රියක් සමග එවැනි ආකාරයට සම්භෝගයේ යෙදීමට යම් පුරුෂයෙක් ප්‍රිය කරන අවස්ථාවකදී.

 

මේ සඳහා භාවිතා කළ හැකි ක්‍රම දෙකක් ගැන ඊළඟට කාම සූත්‍රය සඳහන් කරනවා .

 

පුරුෂයා විසින් ස්ත්‍රියගේ යෝනියට තම ලිංගේන්ද්‍රය ඇතුළත් කර තිබෙන අවස්ථාවකදී ස්ත්‍රිය ඔහුගේ ලිංගේන්ද්‍රය තමාගේ යෝනිය තුළ  සිර කර ගනිමින්ම ඔහුව පෙරළාගෙන සිරුර මතට නැගී පුරුෂයකු ආකාරයට සංසර්ගයේ යෙදීම 

දෙවැනි ක්‍රමයේදී සිදුවන්නේ පුරුෂයාගේ ලිංගේන්ද්‍රිය යෝනියෙන් බැහැරට ගැනීමට සලස්වා පෙර පරිදිම ඔහුගේ මතට නැගෙන ස්ත්‍රිය විසින් සංසර්ගයේ මූලිකත්වය ගෙන කටයුතු කිරීමයි.

 

ඒ අවස්ථාවේ දී පුරුෂයා මත නැගෙන ස්ත්‍රිය  විසින් ඔහුගේ සිරුර පිරිමැදීම, තොල් ඉරීම ඔහුගේ හිස කෙස් අවුල් කිරීම මෙන්ම තම පියවුරුවලින් ඔහුගේ ලැම තද කිරීම ආදිය සිදු කරන අතරතුර අපහස්‍ත වැනි ප්‍රහණන භාවිතා කරමින් පුරුෂයාට ආදරණීය තර්ජනය කිරීම්ද සිදු කළ යුතු වෙනවා. “ඔයාට වගේම දේවල් කරන්න මටත් පුළුවන්”, “ඔයා මට මෙච්චර වෙලා දුන්න වද වලට පලිය තමයි මේ” මේ වගේ අවස්ථාවකදී කියන්න පුළුවන් දේවල්.

ඊට පස්සේ වත්ස්‍යායන පඬිතුමා විස්තර කරන්නේ එවැනි සම්භෝගයක් සඳහා සැරසෙන ආකාරය.

 

ඇඳ මත වාඩි වී කතා කරමින් ඉන්න අතරතුර ස්ත්‍රියගේ ඇඳුම් පුරුෂයා විසින් ඉවත් කළ යුතු වෙනවා. ඉන් අනතුරු ව ඇය ගේ ආවේගයන් උද්දීපනය කිරීමට පුරුෂයා විසින් කටයුතු කළ යුතු වෙනවා. තමන්ගේ ලිංගේන්ද්‍රිය ඍජු වෙද්දි සම්භෝගයට පෙර ඇයගේ දේහයේ  අනෙකුත් අවයව පිරිමැදීමට පුරුෂයා විසින් වගබලා ගත යුතු වෙනවා.

මේ ඇයගේ පළමු සංවාසය නම් ඇයගේ කලවා මුල යෝනිය ආශ්‍රිත ප්‍රදේශ පියයුරු සහ තොල් ඉරීම මගින් ඇයව උද්දීපනය කරන්න පුළුවන්.

සංසර්ගයේ යෙදීමට නියමිත ස්ත්‍රිය රාගාධික සහ හිතුවක්කාර තැනැත්තියක් නම් ඇය බොහෝ විට උත්සාහ කරන්නේ පුරුෂයා ලවා තමන්ගේ බුර බුරා නැගෙන ආශාව සන්තර්පණය කර ගැනීමටයි. එවැනි අවස්ථාවල දී ඇයව සිප ගන්නා විට ඇයගේ කොණ්ඩයෙන් හෝ කම්මුල්වල හකු අත් වලින් තදින් ග්‍රහණය කළ යුතු වෙනවා.

මේ ආකාරයෙන් කටයුතු කිරීම මගින් ඇය සංසර්ගයට ප්‍රිය කරන්නේ කුමන ආකාරයටද යන්න පිළිබඳව අදහසක් ලබා ගැනීමට පුරුෂයාට පුළුවන්.

ඉහත ආකාරයට ඇයගේ බාහිර ඉන්ද්‍රිය  උද්දීපනය කිරීමෙන් අනතුරු ව ඇයගේ අත් සහ තොල් වෙව්ලීමට පටන් ගන්නව. එවිට ඇයගේ ශරීරයේ අවයව තවත් සරාගී ලෙස පිරිමැදීම කළ යුතු වෙනවා. ස්ත්‍රියක් සතුටු කිරීම පිළිබඳව ප්‍රධාන රහස මෙය බව ස්වර්ණාභ පඬිතුමා සඳහන් කරලා තියෙනවා.

ස්ත්‍රිය ආශ්වාදයෙන් තෘප්තියට පැමිණෙන විට අත් පා ගසමින් දඟලන අතර ඇතැම් විට පුරුෂයාට පහර දෙමින් වියරු ආකාරයට කටයුතු කරනවා. ලැජ්ජාබය පහ වුණු ඇය පුරුෂයාට ලබාදෙන්නේ සුවිශේෂී සහයක්.

යම් විදියකින් තමන් සුරාන්තයට පැමිණීමට පෙර පුරුෂයාගේ ශුක්‍රාණු පිටවීම සිදු වුව හොත් ඇය වඩාත් ක්‍රියාකාරී වී තමන්ගේ තෘප්තිය ලබා ගැනීමට ආත්මාර්ථකාමී ආකාරයෙන් කටයුතු කිරීමට පෙළඹෙනවා. එවැනි රාගාධික ස්ත්‍රීන්ගේ යෝනි ප්‍රදේශය සංසර්ගයට පෙර හැකි තාක් දුරට පිරි මැදීමෙන් පසුව පමණක් ලිංගේන්ද්‍රිය ඇතුළු කිරීම සුදුසුයි කියලා වත්ස්‍යායන පඬිතුමා නිර්දේශ කරනවා.

 

එහෙම නම් ඉතිං වෙනදා වගේම මේ ආටිකල් ඒක ෂෙයාර් කරන්න. ලබන සතිය තුළදී අපිට මේ ප්‍රකරණය කියවලා ඉවර කරන්න පුළුවන් වේවි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *