කාම සූත්‍රය සිංහලෙන් – තිස් අටවෙනි කොටස

මේ ලිපි පෙළේ පැරණි ලිපි මගහැරුණානම් පහත ලින්ක් වලින් ඒවා කියවලාම මෙතැනට එන්න…

 

කාම සූත්‍රය සිංහලෙන් 1 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 2 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 3 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 4 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 5 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 6 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 7 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 8 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 9 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 10 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 11 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 12 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 13 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 14 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 15 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 16 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 17 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 18 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 19 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 20 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 21 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 22 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 23 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 24 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 25 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 26 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 27 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 28 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 29 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 30 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 31 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 32 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 33 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 34 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 35 කොටස

කාස සූත්‍රය සිංහලෙන් 36 කොට​ස

කා​ම සූත්‍රය සිංහලෙන් 37 කොට​ස

 

කලින් සතියේ මතක ඇතිනේ අපි ඒක පුරුෂාභියෝග ප්‍රකරණය කියවන්න පටන් ගත්තා, අපි අද ඒ ප්‍රකරණය කියවලා ඉවර කරන්න උත්සාහ කරමු.

තමන් යම් තරුණයෙක් කෙරෙහි විශ්වාසය ඇතිකර ගන්න කටයුතු කරද්දී ඇයට ඇතිවන සුළු සැකයකින් වුණත් මේ විශ්වාසය බිඳී යන්න පුළුවන් කියලා ඝෝටමුඛ පඬිතුමා අනතුරු අඟවනවා

මේ නිසා මේ වගේ වෙලාවකදි අතිශයින් පරෙස්සම් වෙලා, තමන්ගෙ සියලු උත්සාහයන් සඵල වුණා කියලා දැනගත්තම පමණක් තමන්ගේ ප්‍රධාන අභිප්‍රාය කරා යායුතු වෙනවා.

විශේෂයෙන් ම සවස් කාලයේදී සහ රාත්‍රී කාලයේදී දහවල් කාලයට වඩා කාන්තාවෝ පිරිමින් සමග රැඳෙන්න ප්‍රිය කරනවා. මේ නිසා අදාළ කටයුතු සඳහා සවස් කාලය වඩාත් උචිත වෙනවා.

මේ වගේ වෙලාවක ඇයව තමන්ගේ නිවසට ගෙන්වා ගැනීම අපහසු නම් ඇගේ යෙහෙළියක් හෝ ඥාතිවරියක්ගේ ආධාරයෙන් ඇයව නිවසෙන් බැහැරට ගෙන්වාගෙන තම නිවසට කැඳවා ගත යුතුයි.

ඒ වගේම තමන්ගේ හිතවත් කුළුපග තැනැත්තියන් ඇයට හඳුන්වා දීලා ඔවුන් ඇගේ මිතුරියන් බවට පත්කර තැබීමත් වැදගත්.

එසේ ම විවිධ උත්සව, වන්දනා ගමන් ආදියේදී ඇය පළ කරන හැඟීම් තේරුම් අරගෙන ගාන්ධර්ව විවාහ ක්‍රමයට වුණත් යොමු වෙන එක උචිතයි කියලා වත්ස්‍යායන පඬිතුමා කියනවා. (ගාන්ධර්ව විවාහය කියන්නේ මොකක්ද කියන එක ගැන අපි කලින් ප්‍රකරණවලදි කතා කරා)

මේ උපාය උපක්‍රම තෝරද්දි අදාළ තැනට සහ අදාළ වෙලාවට ගැලපෙන උපක්‍රම තෝරාගන්න සැලකිලිමත් වීම අතිශය වැදගත්.

රූපයෙන් යුක්ත වුණත් පහත් කුලයකට අයත් තැනැත්තිය ද, කුලවත් වුණත් පොහොසත් නොවුණු තැනැත්තියත්, මව්පියන් මිය යෑම නිසා අසරණව සිටි තැනැත්තියත් මේ ආකාරයටම  තමන්ට ගැළපෙන පුරුෂයකු සරණ පාවා ගැනීමට ක්‍රියා කළ යුතුයි කියලා වත්ස්‍යායන පඬිතුමා නිර්දේශ කරනවා.

තමන් දැන් ඉන්න තත්ත්වයෙන් මුදවා ගැනීමට සමත්වන  වත්පොහොසත්කම් අතින් සහ ශක්තියෙන් යුත් තරුණයෙක් වසඟ කරවා ගැනීමට ඇය කටයුතු කළ යුතු වෙනවා .

මුලින්ම ඔහුගේ දෙමවුපියන්ට හොරෙන් ඔහුව මුණ ගැහිලා ඔහු සමඟ සබඳතාවක් ආරම්භ කිරීමට පටන් ගත යුතු වනවා.

මුල් අවස්ථාවේදී තනියම නොගොස් තමන්ගේ හිතවත් තැනැත්තියක් සමඟ ඔහුව මුණගැසීමට යා යුතුයි.

දෙදෙනා පමණක් සිටින තැනකදී  හිස පිරිමැදීම්, අත් පා පිරිමැදීම් ආදියෙන් ඔහුව සනසමින් ඔහු සමඟ කතාබස් කිරීම ආරම්භ කළ යුතු වෙනවා.

නමුත් කිසිම අවස්ථාවක සංසර්ගය සඳහා ඔහුව උනන්දු කිරීමෙන් වැළකිය යුතු වන්නේ එවැනි උනන්දු කිරීම නිසා ඇය කෙරෙහි වැරදි අදහස් ඔහු විසින් ඇතිකර ගැනීමට වැඩි ඉඩකඩක් ඇති නිසා.

යම්කිසි විදියකින් පුරුෂයත් එබඳු උපක්‍රම අනුගමනය කරනවා නම් විචක්ෂණශීලීව ඒවා ඉවසීමට කටයුතු කළ යුතු වෙනවා.

ඔහු විසින් වැළඳ ගනු ලබන අවස්ථාවේදී එවැනි හැඟීම් නොදන්නා තැනැත්තියක් විදිහට රඟපෑ යුතු වෙනවා.

ඔහුගේ බල කිරීම මත නොකැමැත්තෙන් වගේ ඔහුගේ ලිංගේන්ද්‍රය පවා ස්පර්ශ කළ යුතුයි.

මේ කුමන දේ සිදුවූවත් විවාහය සම්බන්ධයෙන් ඔහු ස්ථීර වචනයක් දෙන තෙක් ඉතා පරීක්ෂාකාරීව කටයුතු කළ යුතු වෙනවා.

යම් විදිහකින් ඔහු ස්ථිරසාරව තමන්ව විවාහ කර ගන්නා බවට ප්‍රකාශ කිරීමෙන් පසුව පමණක් ඔහු සමග සංසර්ගයේ යෙදිය යුතු යි.

මෙවැනි අවස්ථාවකදී තමාගේ කන්‍යාභාවය නැති වුවහොත් වහාම ඒ පිළිබඳව තමන්ගේ ඥාති කාන්තාවන් දැනුවත් කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු වෙනවා.

අවසාන වශයෙන් වත්ස්‍යායන පඬිතුමා මෙහෙම කියනවා 

යම්කිසි තරුණියක් තමන් සඳහා තරුණයෙක් තෝරා ගැනීමේදී ඔහු සමඟ ජීවත් වීමෙන් තමන්ට ගැටළුවක් ඇති නොවේ ද යන්න පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු වෙනවා.

යම් විදිහකින් තමන්ට ධන ආශාවක් තියෙනවා නම් ඔහුගේ කුමන නරක ගතිගුණයක් වුවත් ඉවසා දැරිය යුතු වෙනවා.

වත් පොහොසත් කම්වලින් අඩු වුවත්, ගුණවත් සහ බලවත් පුද්ගලයන් සැමියකු ලෙස ලබා ගන්නා තැනැත්තිය වාසනාවන්ත තැනැත්තියක් වෙනවා.

එක තරුණියක් කෙරෙහි බැඳුණු, ඇයව පෝෂණය කිරීමට තරම් වත්කමක් ඇති නමුත් විශාල ධනවතෙකු  නොවන පුද්ගලයා වත්පොහොසත්කම් වලින් යුක්ත වුවත් බොහෝ කාන්තාවන් ඇසුරු කරන පුද්ගලයාට වඩා උතුම් වෙනවා.

ධනවත් දෙමව්පියන්ගේ දරුවන් බෙහෙවින් හිතුවක්කාර ගති ස්වභාවයෙන් යුතු වන අතර ඔවුන් බාහිර සුඛෝපභෝගියෙන් යුක්ත වුවත් අභ්‍යන්තරිකව ඇතිවන විවිධ හැල හැප්පීම් නිසා තමන්ගේ ජීවිතයේ ප්‍රීතිය බැහැරින් සෙවීමට පෙළඹෙනවා.

 අධර්මිෂ්ඨ පුද්ගලයා, මහලු පුද්ගලයා සහ විදේශයක සිට පැමිණි පුද්ගලයා යන අය තරුණියක් ලබා ගැනීමට උත්සාහ කළත් ඔවුන් වෙත යොමු වීම නුසුදුසු වෙනවා. 

එසේම හිතුවක්කාරී පුද්ගලයා, කපටි පුද්ගලයා, සූදුවට ප්‍රිය කරන පුද්ගලයා, බොහෝ බිරින්දෑවරු සිටින පුද්ගලයා සහ කුඩා දරුවන් සිටින පුද්ගලයන් යන අය සමඟත් තරුණියන් සබඳතා ඇතිකර ගැනීමෙන්  ගැටළු වලට මුහුණ දෙන්නට පුළුවන් 

මේ ආකාරයෙන් බොහෝ පිරිස් තරුණියන් ලබා ගැනීමට විවිධ උපක්‍රම යෙදුවද ඒ අතරෙන් සාර්ථක භාවයට පත් වන්නේ ශ්‍රේෂ්ඨ පුද්ගලයන් පමණයි .

 

ඔන්න ඔය විදිහට ඒක පුරුෂාභියෝග  ප්‍රකරණය නිම වෙනවා. ලබන සතියේ අපි විවාහයෝග ප්‍රකරණය කියවන්න පටන් ගමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *