ගුද සංසර්ගය හරියට කරගන්න වැදගත් වෙන උපදෙස්!

 

දැන් සෙක්ස් ගැන ගත්තොත්, සෙක්ස් කරන්න කැමති අය වගේම සෙක්ස් කරන්න අකමැති අයත් ඉන්නවනේ. හැබැයි ඒ වගේම තමයි, සෙක්ස් කරන්න කැමති අය ගත්තහමත් ගුද සංසර්ගයට -ඒ කිව්වේ ඓනල් සෙක්ස් වලට- ආස අයත් ඉන්නවා, අකමැති අයත් ඉන්නවා. හරි, දැන් ඔය ගුද සංසර්ගයට මැරුවත් අකමැතියි කියන අයට නෙවෙයි මේ ආටිකල් එක. කැමති ඒත් හරියට වැඩේ ගොඩදාගන්න නොදන්න අයට, කැමති හැබැයි කරන්න ගිහිල්ලා අප්සෙට්‍ ගියපු නිසා ඓනල් සෙක්ස් එපා කියලා ඉන්න අයට සහ කුතුහලයය තියෙන ඒත් කරන්නේ කොහොමද කියලා නොදන්න අයට තමයි මේ ආටිකල් එක.  

සාමාන්‍යයෙන් ගුද සංසර්ගයට බය ගොඩක් දෙනෙක්ගේ ඔළුවේ තියෙන දෙයක් තමයි ගුද සංසර්ගය කියන්නේ අතිශයින්ම වේදනාකාරී දෙයක් කියලා. ඇත්තම කතාව ඊට වෙනස්. හරියට වළං කඩේට පැන්න ගොනා වගේ නං සෙක්ස් කරන්න යන්නේ, ගුද සංසර්ගය විතරක් නෙවෙයි යෝනි සංසර්ගය වුනත් වේදනාකාරී වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ගුදය කියන්නේ ස්වභාවික ලිහිසිකාරක ශ්‍රාවය නොවෙන ශරීර ප්‍රදේශයක් නිසා, හරියට නොදැන කරන්න ගියොත් ගුද සංසර්ගය වුනත් වේදනාකාරී වෙන්න පුළුවන් තමයි. හැබැයි ඉතින් සෙක්ස් කරනවා කියන එකේ අර්ථය වෙන්නේ රසවිඳින්න පුළුවන්, ආශ්වාදය ලබන්න පුළුවන් දෙයක් කරන එකනේ. ආන්න ඒ නිසා තමයි හරි හැටි ක්‍රම සහ විධි දැනගෙන කරලා, ගුද සංසර්ගය සතුට ගෙන දෙන, රසවිඳින්න පුළුවන් එකක් කරගන්න ගැලපෙන උපදෙස් කීපයක් අපි ලබාදෙන්න හිතුවේ.

 

1. කැමතියි? අකමැතියි?

මෙන්න මේක හිතට ගන්න ඕන අනිවාර්ය කාරණාවක්. ගුද සංසර්ගය විතරක් නෙවෙයි, යෝනි සංසර්ගයේදී වුනත් කැමැත්තක් නැතුව වැඩේ කරන්න ගියොත් ඒකෙන් කිසිම තෘප්තියක් ලැබෙන්නෙ නෑ. ඒ වගේම සෙක්ස් කියන්නේ කාගෙවත් අයිතියක් කියලා හිතන්න හොඳ නෑ. කෙනෙක් සෙක්ස් කරනකොට සිදුකරන යම් කිසි දේකට අකමැති නම්, ඒක බල කරලා කරවගන්න යන එක හොඳ දෙයක් නෙවෙයි. වඩාත් හොඳ දේ තමයි දෙන්නත් එක්ක සාකච්ඡා කරලා, හොඳ සන්නිවේදනයක් ඔස්සේ දෙන්නටම පොදු තැනකට එන්න පුළුවන්. 

එතකොට ගුද සංසර්ගයට කැමතියි අකමැතියි, ආසයි බයයි ලෙවල් එකේ කට්ටිය? ඒ අයට තියෙන්නේ මුලින්ම ආටිකල් එක දිගටම කියවන්න. අන්න ඊට පස්සේ බය වෙන්න දෙයක් නෑ කියලා තේරුම් ගත්තහම පුළුවන් වෙයි ඓනල් සෙක්ස් එන්ජෝයි කරන්න. 

ඒ වගේම මෙතනදී තව කාරණාවක් කියන්නම ඕන. ගුද සංසර්ගය කරන්න පටන් අරගෙන, පාට්නර් කොයි මොහොතක හරි නවත්තන්න කියනවා නම්, ආයෙ ඒකේ දෙපැත්තකට හිතන්න දෙයක් නෑ. නවත්තන්න ඕන. ආයෙමත් එයාගෙ කැමැත්ත ඇතුව පටන් ගන්නවා නම් ඒක වෙනම දෙයක්. ගුද සංසර්ගයේදී විතරක් නෙවෙයි, සෙක්ස් කරනකොට පොදුවේ තියෙන්න ඕන දෙයක් තමයි එකිනෙකා කෙරෙහි ගෞරවයක් තිබීම.

 

2. ආරක්ෂාව ගැන හිතුවද?

සෙක්ස් ගැන කියනකොට ඉතින් මේ ගැනත් අපි අනිවාර්යයෙන්ම කියන්න ඕනනේ. එකක් තමයි කොන්ඩම් භාවිතා කරනවද නැද්ද කියන එක. කොහොමත් ඓනල් සෙක්ස් කරනවා නම් විශේෂ පිරිසිදු කමක් තියෙන්නම ඕන. අන්න ඒක අතිප්‍රධාන කාරණයක්. සමහර වෙලාවට ගුදමාර්ගය ස්වභාවිකව ලිහිසිකරණය නොවෙන නිසා, ක්ෂුද්‍ර සීරුම් ඇතිවෙන්න පුළුවන් ගුදමාර්ගයේ වගේම ශිෂ්ණයේත්. අන්න එතකොට අනවශ්‍ය බැක්ටීරියා ආසාදන ඇතිවෙන එක වළක්වගන්න කොන්ඩම් පාවිච්චි කරන එක කරන්න පුළුවන්. ඒ වගේම තව දෙයක්. සමහරු ඔය පෝර්නෝ ෆිල්ම් වල එහෙම දැකලා තියෙන විදියට ගුද සංසර්ගය කර කර ඉන්න අතරේම යෝනි සංසර්ගය කරන්නත් යනවා. අන්න ඒකත් හොඳ අදහසක් නෙවෙයි. යෝනි සංසර්ගයේ ඉඳලා ගුද සංසර්ගයට යන එක ප්‍රශ්නයක් නොවුණත්, අනික් පැත්තට යෑමෙන් සමහර වෙලාවට අනවශ්‍ය බැක්ටීරියා ආසාදන ඇතිවෙන්න පුළුවන්. 

ඒ වගේම ඉතින් නොදන්නා කෙනෙක් එක්ක නම් සෙක්ස් කරන්න යන්නේ, අනිවාර්යයෙන්ම කොන්ඩම් පාවිච්චි කරන්න ඕන කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ!

 

3. ලෑස්ති වෙන්නත් ඕනේ!

ගුද සංසර්ගයට ලෑස්ති වෙනකොට තියෙන්න ඕන ප්‍රධානතම දේ තමයි පිරිසිදුකම. දෙන්නගේම පිරිසිදුකම. හරි, මෙතනින් වඩාත්ම අභියෝගාත්මක වෙන්නේ ගුද මාර්ගය පිරිසිදු කරගන්න එකනේ. දැන් අපි දන්නවනේ බහිශ්‍රාවීය පද්ධතිය පිටතට නිරාවරණය වෙන්නෙත් ගුද මාර්ගය ඔස්සේ කියන එක. අන්න ඒ නිසා, ගුද සංසර්ගයට කලින් ටොයිලට් ගිහින් එන එක බොහොම හොඳ දෙයක්. අන්න එතකොට අනවශ්‍ය බයකින් හෝ අනවශ්‍ය ‘ඇක්සිඩන්ට්’ එකකින් තොරව ගුද සංසර්ගයේ යෙදෙන්න පුළුවන්. 

දැන් ටොයිලට් එහෙම ගිහිල්ලා ගුද මාර්ගය පිරිසිදු කරගන්න කොට, අනිවාර්යයෙන්ම වතුර යොදලා පිරිසිදු කරගන්න ඕන. ඒ වගේම සාමාන්‍ය විදියට පිටතින් වතුර දාලා පිරිසිදු කරගත්තට මදි. ගුද මාර්ගය ඇතුළතට ඇඟිල්ලක් දාලා වතුරත් යොදමින් හොඳින් පිරිසිදු කරගන්න ඕන. තවත් ෂුවර් වෙන්න නම් සරල වස්තියක් එහෙම කරලා ටොයිලට් ගියත් කමක් නෑ!

 

4. ලුබ්‍රිකන්ට්!

මේක ගුද සංසර්ගයේ අනිවාර්ය කතන්දරයක්. යෝනිය වගේ ගුදයට ස්වභාවිකව ලිහිසිකාරක ශ්‍රාවය කරගන්න හැකියාවක් නෑ. එතකොට අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක් තමයි ගුද සංසර්ගය සඳහා මොනවා හරි ලිහිසිකාරයකක් පාවිච්චි කරන එක. ඇත්තටම ලෝබ නැතුව ලිහිසිකාරක පාවිච්චි කරන තරමට ගුද සංසර්ගය ප්‍රියජනක අත්දැකීමක් වෙන්න තියෙන ඉඩ ඉහළ යනවා කියලා කිව යුතුයි.

ලුබ්‍රිකන්ට් නැතිනම් ලිහිසිකාරක විදියට තෙල් සහිත දේවල් නම් පාවිච්චි නොකරන තරමට හොඳයි. ඇත්තටම වෝටර් බේස් ලුබ්‍රිකන්ට් වලට වඩා සිලිකන් බේස් ලුබ්‍රිකන්ට් වඩාත් හොඳයි, ඒවා ඉක්මනට වේලෙන්නෙ නැති නිසා. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ සිලිකන් ටෝයි එකක් හරි කොන්ඩම් හරි පාවිච්චි කරනකොට සිලිකන් බේස් ලුබ්‍රිකන්ට් වලින් ඒවලට හානි වෙන්න පුළුවන් වීම තමයි. එහෙම වෙලාවට වෝටර් බේස්ඩ් ලුබ්‍රිකන්ට් එකක් පාවිච්චි කරන එක හොඳයි.

ඒ අතරේ උණුසුම් ලිහිසිකාරක, ඒ කියන්නේ අර සෙන්සේෂනල් ලුබ්‍රිකන්ට් කියන ජාතියත් ගුද සංසර්ගයට වඩාත් යෝග්‍යයි කියලා සමහරු කියනවා. විශේෂයෙන්ම ඒකෙන් ගුදය අවට ප්‍රදේශයට රුධිරය ගලා ඇවිත් වඩාත් වැඩි උත්තේජනයක් ලැබෙනවා කියල තමයි කියන්නේ.

 

5. පුදපු ගමන් ඇතුළට දාන්න බෑ!

මෙන්න මේක තමයි හරිනම් ඓනල් සෙක්ස් වල ආදර්ශ පාඨය වෙන්න ඕන. මොකද, ගුද විවරය නිර්මාණය වෙලා තියෙන්නේ යමක් ඇතුළට ගන්න නෙවෙයි, පිට කරන්න. අන්න එතකොට ගුද සංසර්ගයට ගුද විවරය සහ ගුද මාර්ගය හරියට සූදානම් කරගන්න ඕන. වෙන විදියකට ඉයනවා නම් Anal training එකක් දෙන්න ඕන. කොහොමද මේක කරන්නේ? 

අපි ලුබ්‍රිකන්ට් නැතිනම් ලිහිසිකාරක පාවිච්චිය අනිවාර්යයි කියලා උඩින් කියලා තියෙනවනේ. ඊට පස්සේ පටන් ගන්න ඕන ඇඟිල්ලකින්. මුලින් ඇඟිල්ලක් වුනත් ඇතුළට දාන්න කලින්, ගුද විවරය අවට මෘදුව උත්තේජනය කරන එක උදවුවක් වෙයි. එහෙම හොඳින් උත්තේජනය කළාට පස්සේ, ගුද විවරයට ලිහිසිකාරක යොදලා එක ඇඟිල්ලක් හෙමිහිට ඇතුළු කරන්න පුලුවන්. ඊට පස්සේ බොහොම හෙමින් ප්‍රමාණවත් වෙලාවක් ඇඟිල්ලෙන් ඒක කරගෙන ගිහින්, ඕන නම් ඇඟිලි දෙකක් ඇතුළත් කරන්න පුළුවන්. මේ විදියට ක්‍රමානුකූලව ගුද විවරය සූදානම් කරන්න පුළුවන් ගුද සංසර්ගයට. මේකට ඕනම දේ වෙන්නේ ඉතින් ඉවසීම තමයි. 

 

6. ලිහිල් කිරීමේ කලාව!

මේක ඇත්තටම ගුද සංසර්ගයේදී ලබාගන්නා පාර්ශවයට තමයි වැදගත් වෙන්නේ. ඒ කියන්නේ අපි කලිනුත් කිව්වනේ ගුද මාර්ගය නිර්මාණය වෙලා තියෙන්නේ දෙයක් පිටතට දාන්න මිසක් ඇතුළට ගන්න නෙවෙයි කියලා. අන්න ඒ නිසාම ගුද සංසර්ගයේදී දෙයක් ගුද විවරයට ඇතුළු වෙන්න හදනකොට අනිච්ඡානුග ක්‍රියාව වෙන්නේ ගුද මාර්ගය අවට මාංශපේෂී වලින් ගුද විවරය සංකෝචනය කරගන්න එක. ඒක වළක්වන්න පුළුවන් ගැඹුරින්, සෙමින් සහ ඉතාම හොඳින් හුස්ම ගැනීමෙන්. ඒ වගේම ගුද මාර්ගයට ඇතුළු වෙනකොට ඒක ලබාගන්නා කෙනා හිතාමතාම කැස්සක් අනුකරණය කිරීමෙනුත් නොදැනුවත්වම ගුද මාර්ගය ඉහිල් කරගන්න පුළුවන්. ඒ නැතත් ගුද මාර්ගයෙන් ඇතුළතින් දෙයක් පිට කරන විදියට ගුද මාර්ගයේ මාංශපේෂි හැසිරවීමෙනුත් ගුද මාර්ගය ඉහිල් කරගන්න පුළුවන්. 

ඒ වගේම ගුද මාර්ගය ඇතුළට ශිෂ්ණයක් හෝ ටෝයි එකක් යනකොට ඒක ලබාගන්නා කෙනාට දැනෙන්න පුළුවන් ටොයිලට් යන්න ඕන වගේ හැඟීමක්. හැබැයි උඩින් කියපු විදියට හරියට සූදානම් වෙලා නම් ආවේ, ටොයිලට් යන්න වෙයි කියලා බය වෙන්න දෙයක් නෑ. එහෙම එන ටොයිලට් යන්න ඕන වගේ වෙන දැනීමට බය වෙලා මාංශපේෂි දැඩි කරගන්නෙ නැතුව, දිගටම රිලැක්ස් එකේ ඉන්න තමයි තියෙන්නේ.

 

7. ජැක්හැමර් හරියන්නෙ නෑ!

මේකත් අර වළං කඩේට පැන්න ගොනා ටයිප් එකේ අයට තමයි විශේෂයෙන්ම කියන්න තියෙන්නේ. ගුද සංසර්ගය කියන්නේ ඉවසීමෙන් සහ ප්‍රවේසමෙන් කළොත්, කිසිසේත්ම ගැටළුවක් නැති ආරක්ෂාකාරී ලිංගික ක්‍රියාකාරකමක්. අන්න ඒකට ඇතුළත් වෙනවා පුළුවන් වේගයෙන්, ඇඟේ බර දාලා සංසර්ගයේ නොයෙදීමත්. මොකද, කොයි තරම් මුලින් ඓනල් ට්‍රේන් කළත්, ගුද මාර්ගය ශිෂ්ණයක් පිළිගන්න පුළුවන් විදියට හොඳින් ඉහිල් වෙන්න ටිකක් වෙලාව යනවා. අන්න ඒ නිසා මතක තියාගන්න, ගුද සංසර්ගය බොහොම මෘදුව, හෙමින් තමයි කරන්න ඕන. අඩු ගාණේ ගුද මාර්ගය ඒකට පුරුදු වෙනකල් ඒ විදියට තමයි කරගෙන යන්න වුවමනා වෙන්නේ.

 

8. ඉවසීම, ඉවසීම සහ ඉවසීම!

අන්තිමට ඉතින් මේක තමයි කියන්න තියෙන්නේ. ගුද සංසර්ගය කරන්න බෑ වළං කඩේට පැන්න ගොනා ටයිප් එකේ අයට. ගුද සංසර්ගයේදී දෙන්නාටම ඉතාම හොඳ ඉවසීමක් තියෙන්න ඕන. රිලැක්ස් එකේ වැඩේ කරන්න පුළුවන් වෙන්න ඕන. මොකද, අපි උඩිනුත් කියලා තියෙන විදියට ගුද සංසර්ගයේ යෙදෙන එක හදිසියෙන් හදිසියෙන් කරන එකෙන් සිද්ධවෙන්නේ ඒක වේදනාකාරී වීම විතරයි. අන්න ඒ නිසා බොහොම රිලැක්ස් එකේ, ඉවසීමෙන් ඓනල් සෙක්ස් කරන්න ශාරීරිකව සහ මානසිකව සූදානම් වීමෙන්, ඒක උපරිමයෙන් වින්දනය කරන්න පුළුවන් වෙයි.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *