කාම සූත්‍රය සිංහලෙන් – 26 වෙනි කොටස

මේ ලිපි පෙළේ පැරණි ලිපි මගහැරුණානම් පහත ලින්ක් වලින් ඒවා කියවලාම මෙතැනට එන්න…

 

කාම සූත්‍රය සිංහලෙන් 1 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 2 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 3 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 4 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 5 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 6 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 7 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 8 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 9 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 10 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 11 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 12 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 13 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 14 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 15 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 16 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 17 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 18 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 19 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 20 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 21 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 22 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 23 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 24 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 25 කොට​ස

 

ඔන්න අපි අද කාම සූත්‍රයේ අලුත් ප්‍රකරණයක් කියවන්න යන්නේ. මේ ප්‍රකරණය හඳුන්වලා තියෙන්නේ ඖපරිෂ්ටික ප්‍රකරණය නමින්. මේ ප්‍රකරණය තුළ කතා බහට ලක් වෙන්නේ ලිංගේන්ද්‍රය මුවට ගැනීම එහෙමත් නැත්නම් මුඛ සංසර්ගය පිළිබඳව. එදා භාරත සමාජය තුළ මුඛ  සංසර්ගය වැඩි වශයෙන් ප්‍රිය කරලා තියෙන්නේ නපුංසකයෝ නිසා වත්ස්‍යායන ඔවුන් පිළිබඳව තමයි මුඛ සංසර්ගය ගැන කතා කරද්දි සඳහන් කරලා තියෙන්නේ.

මුලින්ම වත්ස්‍යායන නපුංසකයින් වර්ග දෙකක් පිළිබඳව සඳහන් කරනවා.

පළමු කොටස ස්ත්‍රීන්ට සමාන ආකාරයට පියයුරු වගේම ස්ත්‍රී ලාලිත්‍ය සහ ස්ත්‍රී ගතිගුණ ඇති නපුංසකයින්. 

දෙවෙනි කොටස පුරුෂයන්ට සමාන රැවුල් ආදිය සහිත පුරුෂ ගති ගුණ සහිත නපුංසකයින්.

මේ දෙපිරිස ම ලිංගේන්ද්‍රය මුවට ගැනීමට ප්‍රිය කරනවා.

ස්ත්‍රීන්ගේ සංසර්ගයේ යෙදීමට අවශ්‍ය වෙන ශරීර අවයවය යටිබඩ ප්‍රදේශය පිහිටා ඇති ආකාරයටම නපුංසකයන්ගේ සංසර්ගයට අවශ්‍ය ශරීර අවයවය මුඛය කියලා වත්ස්‍යායන කියනවා. 

ස්ත්‍රී ලක්ෂණ සහිත නපුංසකයා සියුමැලි ගතියෙන් යුක්ත වන අතර ලැජ්ජාශීලී ස්වභාවයක් ද ප්‍රකට කරනවා. ඔහු සිප ගැනීමෙන් සහ තමන්ගේ පියයුරු මිරිකා ගැනීමෙන් ආස්වාදය ලබා ගන්නවා. මෙසේ ආස්වාදය ලබා ගැනීම අහිමානක රතිය ලෙස හැඳින්වෙනවා. ඒ වගේ ම විවිධ අයගේ ලිංගේන්ද්‍රය මුවට ගැනීම ආදායම් මාර්ගයක් බවට ද පත් කරගන්නවා. මේ නිසා ස්ත්‍රී ගතිගුණ සහිත නපුංසකයා සහ වෙසඟන අතර වැඩි වෙනසක් පවතින්නේ නැහැ.

පුරුෂ ගති ගුණ පෙන්නන නපුංසකයා ලබන ආශ්වාදය මෙන්ම හැසිරීම ද බොහෝ විට ස්ත්‍රී ලක්ෂණ සහිත නපුංසකයා වගේමයි. නමුත් ඔහු සැම විටම තමන්ගේ කැමැත්ත රහසක් කොට තබා ගන්නවා. සමහර පිරිමින් මෙවැනි නපුංසකයන් සමඟ මුඛ සංසර්ගයට සහ ගුද සංසර්ගයට ප්‍රිය කරනවා. මේ නිසා මෙවැනි නපුංසකයන් පිරිමින් සම්බාහනය කිරීම මගින් සිය ජීවිකාව ගෙන යනවා. 

සම්බාහනය සඳහා පැමිණෙන පුරුෂයා යහන්ගත වූ පසු නපුන්සකයා සිය කාර්යය ආරම්භ කරන්නේ කලවා ප්‍රදේශයෙන්. වැරදීමකින් සිදු වුණාක් වගේ පුරුෂයාගේ ලිංගේන්ද්‍රය ඇඟිලි වලින් ස්පර්ශ කරනවා. ඊටපස්සේ  නැවතත් කලවා සහ උකුල ප්‍රදේශය සම්බාහනය කරනවා. මේ වන විට ඍජුව ඇති පුරුෂ ලිංගය අතින් ස්පර්ශ කර එයට අකැමැති බව හඟවමින් බොරුවට සිනාසෙනවා.

ඒ සඳහා පුරුෂයාගේ මෙහෙයවීමක් නොලැබුණ හොත් නපුංසකයා තමන් රිසි දේ ආරම්භ කරන අතර පුරුෂයා ගෙන් ඉල්ලීමක් ලැබුනහොත් එයට තමන් අකමැති බව පෙන්වමින් වාද විවාද සිදුකරනවා.

මුඛ සංසර්ගයේ යෙදෙන නපුංසකයන් එය සිදුකරන අදියර අටක් වත්ස්‍යායන පඬිතුමා  විස්තර කර තිබෙනවා. එම අදියරෙන් අදියරට යෑමට නපුංසකයාට පුරුෂයා විසින් බලපෑම කළ යුතුව ඇතැයි එතුමා කියනවා.

 

1. නිමිත්ත : පුරුෂ ලිංගය අතින් ගෙන තොල් අතර ලාගෙන සෙලවීම

2. පාර්ශවදර්ශන :ලිංග මුණ්ඩය තොල්වලින් තෙරපෙමින් මීට වඩා යමක් තමා කෙසේ වත් නොකරන බව පැවසීම.

3. වහිංසංදංශ : ලිංගේන්ද්‍රය යළි යළිත් අල්ලමින් තොල් උල් කර මුව තුළට දමා උරා බීම.

4. අන්තඃසංදංශ : ලිංගේන්ද්‍රය මුව තුළට ගෙන උරා බී කාරා කෙළ ගැසීම.

5. චුම්බිතක : ස්ත්‍රියකගේ යටිතොල උරා බොන ආකාරයට ලිංග මුණ්ඩය උරා බීම.

6. පරිමෘෂ්ටක : ලිඟුව අතින් අල්ලා සිප ගනිමින් එහි සියලුම තැන් දිවෙන් ලෙව කෑම.

7. ආම්‍රවූෂිතක : ලිංගේන්ද්‍රයෙන් බාගයක් මුඛය තුළට ගෙන අග කොටස ඇඟිලිවලින් මිරිකමින් තදින් උරා බීම

8. සංගර : මුළු පුරුෂ ලිංගයම මුඛය තුළට ගෙන තදින් උරා බීම.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ පළ කරන්නත් අමතක කරන්න එපා. කිව්වත් මේ ආටිකල් සීරිස් එක මළාට කමෙන්ට් ලැබෙන්නේ නෑ කියලා අපි දන්නවා.

අපි ඊළඟ සතියේ ඖපරිෂ්ටික ප්‍රකරණය කියවල ඉවර කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *