චොකලට් ලෝලීන්ට චොකලට් රස වෑහෙන රසම රස චොකලට් රෙසිපි – 2 කොටස

චොක්ලට් කන්න කවුද අකමැති. මීට කලිනුත් අපි චොකලට් රෙසිපි ටිකක් ගෙනාව මතක ඇති. කොච්චර කෑවත් එපා වෙන්නෙ නැති කෑමක්නෙ මේක. ඔන්න අපි ආසම වගේම පෙරේත චොකලට් වලින් ලේසියෙන්න හදන්න පුළුවන් රෙසිපි සෙට් එකක්ම අරගෙන ආවා ඔයාලා වෙනුවෙන්ම. මේවා නම් නොහදා ඉන්න එක හරිම අපරාධයක්. අදම ට්‍රයි කරන්න

 

චොකලට් ලෝලීන්ට චොකලට් රස වෑහෙන රසම රස චොකලට් රෙසිපි 5ක් අපෙන්

 

 

1. කින්ඩර් ජෝයි

අවශ්‍ය ද්‍රව්‍ය

 

බෝල සඳහා

 

  1. චොක්ලට් වේෆර්ස් 4-5
  2. චොකලට් ස්ලැබ් 1

 

වයිට් චොකලට් ලේයර් එකට

 

  1. වයිට් චොකලට් ග්‍රෑම් 50
  2. කිරි ස්වල්පයක්
  3. බටර් තේ හැඳි 1

 

 

ඩාක් චොකලට් ලේයර් එකට

 

  1. ඩාක් චොකලට් ග්‍රෑම් 75
  2. කිරි ස්වල්පයක්

 

  • මුලින්ම බෝල හදන්න චොකලට් ටික ඩබල් බොයිල් කරගන්න. මේකට වේෆර්ස් ටික පොඩියට කඩලා එකතු කරලා අනාගෙන විනාඩි 5ක් ෆ්‍රිජ් එකේ තියල අරගෙන බෝල හදාගන්න. හදාගත්ත බෝල විනාඩි 10ක් විතර ෆ්‍රීස් කරගන්න.
  • වයිට් ලේයර් එකට වයිට් චොකලට් ටික මෙල්ට් කරගන්න. මේකට කිරි ටිකක් හා බටර් දාලා හොඳට දිය කරගන්න.
  • ඩාක් ලේයර් එකට ඩාක් චොකලට් වලට කිරි ටිකක් දාලා මෙල්ට් කරගන්න.
  • පොඩි කප් එකක් අරන් මුලින්ම ඩාක් චොකලට් ලේයර් එකක් දාගෙන වටේටම ස්ප්‍රෙඩ් කරගෙන විනාඩි 5ක් ෆ්‍රීස් කරගන්න.
  • ඊළඟට වයිට් චොකලට් ඒ මැදට දාගන්න. දැන් සාදාගත් බෝල වයිට් චොකලට් මැදින් තියලා ෆ්‍රිජ් එකේ විනාඩි 10ක් වගේ තියලා ගන්න.

 

 

2. චොකලට් බෝල

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. සුද්දකරගත් රටකජු ඇට ස්වල්පයක්
  2. කිරිපිටි කෝප්ප 1/4
  3. අයිසින් ෂුගර් කෝප්ප 1/2
  4. චොකලට් පව්ඩර් මේස හැඳි 1
  5. ලා රස්නෙ වතුර ස්වල්පයක්

 

  • කිරිපිටි, අයිසින් ෂුගර්, චොකලට් පව්ඩර් එකට හලාගන්න. දැන් මේකට ලා රස්නෙ වතුර ටික ටික දාලා අතේ නොඇලෙන ඩෝ එකක් හදාගන්න.
  • දැන් මේකෙන් පොඩි බෝල හදලා මැදට රටකජු ඇටයක් තියලා බෝල හදාගන්න. දැන් මේක ෆ්‍රිජ් එකේ දාලා කෑමට ගන්න.

 

 

3. චොකලට් ෆජ්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. ඩාක් චොකලට් ග්‍රෑම් 100
  2. චොප්කරගත් ඩාක් චොකලට් කෝප්ප 1
  3. මෙල්ට් කරගත් බටර් කෝප්ප 3/4
  4. සීනි කෝප්ප 1
  5. බිත්තර 2
  6. වැනිලා ස්වල්පයක්
  7. පාන්පිටි කෝප්ප 3/4
  8. කොකෝවා පව්ඩර් කෝප්ප 1/4
  9. ලුණු පින්ච් එකක්

 

 

  • චොකලට් ටික රත් කරල මෙල්ට් කරගන්න.
  • මෙල්ට් කරගත් බටර් වලට සීනි දාලා විස්ක් කරගන්න. ටිකකින් බිත්තර දාලා හොඳට විස්ක් කරගන්න. ඊළඟට වැනිලා ටිකත් දාගන්න.
  • මේ බැටර් එකේ සීනි හොඳට දියවුණාම මෙල්ට් කරගත් චොකලට් ටික දාලා කලවම් කරගන්න. දැන් මේකට පාන්පිටි, කොකෝවා පව්ඩර් හා ලුණු ටික හලලා දාගන්න.
  • හොඳට කලවම් කරලා චොප් කරගත් චොකලට් ටිකත් දාලා කලවම් කරගන්න.
  • දැන් මේක බේකින් පේපර් එකක් දාපු ට්‍රේ එකකට දාලා සෙල්සියස් 180° විනාඩි 20ක් බේක් කරගන්න.

 

 

4. Classic Brazilian Truffle

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. බටර් මේස හැඳි 1
  2. මිල්ක්මේඩ් කෝප්ප 1
  3. කොකෝවා පව්ඩර් කෝප්ප 1/4

 

 

  • පෑන් එකට බටර් ටික දාල මෙල්ට් වෙනකොට මිල්ක්මේඩ්, කොකෝවා පව්ඩර් දාලා කැට නැති වෙනකල් හැඳිගාන්න.
  • මිශ්‍රණය එක ගුළියක් වගේ වෙනකොට ලිපෙන් බාලා රස්නෙ අඩු වුණාම බෝල හදාගන්න.
  • මේක චොකලට් කෑලි වල හෝ චොකලට් පාට ස්ප්‍රින්කල්ස් වල දවටගන්න.

 

 

5. Chocolate Crepe Cake

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. බටර් මේස හැඳි 2
  2. කිරි කෝප්ප 2
  3. පාන්පිටි කෝප්ප 1 1/2
  4. කොකෝවා පව්ඩර් කෝප්ප 1/4
  5. සීනි කෝප්ප 1/4
  6. බිත්තර 6
  7. විප්ක්‍රීම් කෝප්ප 4

 

 

ගනාශ් එකට

 

  1. හෙවි ක්‍රීම් කෝප්ප 1
  2. සීනි මේස හැඳි 4
  3. චොකලට් චිප්ස් කෝප්ප 1
  4. බටර් මේස හැඳි 1
  5. අයිසින් ෂුගර් ස්වල්පයක්

 

 

  • පෑන් කේක් හදන්න බටර් මෙල්ට් උනාම ඒ ටික අයින් කරලා ඒකට කිරි ටික දාගන්න. කිරි ටික නටනකොට ලිපෙන් බාගන්න.
  • වෙනම බෝල් එකකට පාන්පිටි හා කොකෝවා පව්ඩර් ටික දාගන්න. සීනි ටිකත් දාලා හොඳට මික්ස් කරගන්න. බිත්තර එකින් එක දාල බීට් කරගන්න.
  • දැන් මේකට මෙල්ට් කරගත් බටර් හා කිරි ටික ටික දාලා බීට් කරගන්න. දැන් මෙහෙම හදාගත්තු බැටර් එක පෑන් එකට දාල තුනී පෑන්කේක්ස් හදාගන්න.
  • විප්ක්‍රීම් ටික හොඳට බීට් කරගන්න. හදාගත්තු පෑන්කේක් සියල්ල විප්ක්‍රීම් ගාලා සැන්ඩ්විච් කරගන්න. වටේ පොඩ්ඩක් කපාගන්න.
  • භාජනයකට හෙවි ක්‍රීම් ටික දාලා ලිපේ තියන්න. සීනි ටිකත් දාගන්න. සීනි මෙල්ට් උනාම මේකට චොකලට් චිප්ස් හා බටර් දාලා ගනාශ් එක හදාගන්න.
  • දැන් මේක ක්‍රේප් කේක් එකට වක්කරගන්න. උඩින් අයිසින් ෂුගර් ඉසගන්න.

 

 

 

6. චොකලට් මාශ්මෙලෝ ෆ්‍රෙන්ච්ටෝස්ට්

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

 

  1. පාන්පෙති කිහිපයක්
  2. චොකලට් ස්ලැබ් කිහිපයක්
  3. මාශ්මෙලෝ කිහිපයක්
  4. චොකලට් පව්ඩර් ග්‍රෑම් 40
  5. සීනි තේ හැඳි 1
  6. බිත්තර 3
  7. කිරි කෝප්ප 1/2

 

  • පාන්පෙති මැදට චොකලට් ස්ලැබ් එක ගානෙ තියලා මාශ්මෙලෝ තියලා අනික් පෙත්තෙන් වහගන්න.
  • වෙනම බෝල් එකකට චොකලට් පව්ඩර්, සීනි, බිත්තර හා කිරි දාලා විස්ක් කරන්න.
  • හදාගත්ත සැන්ඩ්විච් මේකෙ දවටගන්න.
  • පෑන් එකට බටර් ටිකක් දාලා රත්වුණාම බිත්තර දවටපු සැන්ඩ්විච් එක දාලා දෙපැත්ත ෆ්‍රයි කරගන්න. නැත්නම් ටෝස්ටර් එකක ටෝස්ට් කරන්නත් පුළුවන්.

 

7. Chocolate Bounty Bars

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. ඩෙසිකේටඩ් කොකනට් කෝප්ප 1
  2. මිල්ක්මේඩ් කෝප්ප 1/2
  3. චොකලට් චිප්ස් කෝප්ප 1/2

 

 

  • ඩෙසිකේටඩ් කොකනට් වලට මිල්ක්මේඩ් ටික දාලා කලවම් කරගන්න. මේක හතරැස් ප්ලාස්ටික් කන්ටේනර් එකක දාලා හොඳට තද කරලා ෆ්‍රීසර් එකේ පැයක් තියන්න.
  • චොකලට් ටික ඩබල් බොයිල් කරගන්න. මිල්ක්මේඩ් මික්ස් එක ෆ්‍රීසර් එකෙන් එළියට අරන් බාර්ස් වගේ කපාගන්න.
  • දැන් මෙල්ට් කරගත් චොකලට් වල මේ බාර්ස් දවටල පැය 2ක් ෆ්‍රීසර් එකේ තියලා කෑමට ගන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *