මේ ලිපි පෙළේ පැරණි ලිපි මගහැරුණානම් පහත ලින්ක් වලින් ඒවා කියවලාම මෙතැනට එන්න…
ඔන්න අපි අද ඖපරිෂ්ටික ප්‍රකරණය කියවලා ඉවර කරන්න යන්නේ.
නපුංසකයන්ට අමතරව ගණිකාව, හිතුවක්කාර ස්ත්‍රිය, සේවිකාවෝ සහ සම්බාහනයේ යෙදෙන ස්ත්‍රීන් මුඛ සංසර්ගයේ යෙදෙන්න ප්‍රිය කරනවයි කියලා වත්ස්‍යායන කියනවා.
සමහර පඬිවරු නම් මුඛ සංසර්ගය සභ්‍යත්වය විරෝධී කියලා ප්‍රතික්ෂේප කරනවා. වාත්ස්‍යායන නම් කියන්නේ ගණිකාවෝ සේවනය කරද්දී මුඛ සංසර්ගයේ යෙදුනට ගැටලුවක් නැහැ, නමුත් අනෙකුත් අය සමඟ මුඛ සංසර්ගයේ යෙදීමෙන් වැළකිය යුතුයි කියලා.
ඊට පස්සේ වත්ස්‍යායන ඉන්දියාවේ එක එක ප්‍රදේශවල පිරිස් මුඛ සංසර්ගය ගැන දක්වන ආකල්ප ගැන කෙටි හැඳින්වීමක් කරනවා.
නැගෙනහිර ඉන්දියාවේ වාසය කරන පිරිස් මුඛ සංසර්ගයේ යෙදෙන ගැහැනුන්ට වගේම නපුංසකයනුත් පිළිකුල් කරනවා.
අභිච්ඡත්‍ර නම් ප්‍රදේශයේ පිරිස් ගණිකාවන් ආශ්‍රය කිරීමට එතරම් ප්‍රියතාවයක් නොදක්වන අතර යම් හෙයකින් එසේ යෙදුණත් මුඛ සංසර්ගයේ යෙදෙන්නේ නැහැ.
සාකේත ප්‍රදේශවාසීන් ගණිකාවන් ආශ්‍රය කළත් මුඛ සංසර්ගය ප්‍රතික්ෂේප කරනවා.
සූරසේන නම් ප්‍රදේශයේ පිරිස් ගණිකාවන් ආශ්‍රය කිරීම මුඛ සංසර්ගය යෙදීමත් එක ලෙස ප්‍රිය කරනවා. ඔවුන් අතර මෙහෙමත් මතයක් තියෙනවලු.
“සීලයක් ආරක්ෂා කිරීම, පිරිසිදු කම, සිරිත් විරිත් රැකීම, භක්තිය වගේ දේවල් ස්ත්‍රීන් තුළ තියෙනවා කියලා විශ්වාස කරන්නේ කවුද? ස්ත්‍රීන් ස්වභාවයෙන්ම චපල සහ කිලිටි පුද්ගලයන් වෙනවා. නමුත් ඒ නිසා ස්ත්‍රීන් දුරු කිරීම නම් කළ යුතු වන්නේ නැහැ. සිහි බුද්ධියෙන් ඔවුන් ඇසුරෙන් තමන්ගේ කාම ආශාව සංසිඳුවා ගැනීම කළ යුතු වෙනවා”
ඊට පස්සේ වත්ස්‍යායන මුඛ සංසර්ගයේ යෙදීම පිළිබඳව උපමා කීපයක් ලබා දෙනවා.
අපවිත්‍ර වසු පැටියෙක් එළදෙනෙකගේ කිරි බීමෙන් පසුව එම තන බුරුල්ලෙන්ම මිනිසුන් කිරි දොවා බොනවා.
අපිරිසිදු සුනඛයකු විසින් දඩයම් කරන ලද සතුන්ගේ මස් මිනිසුන් ආහාරයට ගන්නවා.
එසේම කුරුලු හොටයෙන් බිම දමන ලද පළතුරු රස කරමින් ආහාරයට ගැනෙනවා.
එසේම සංසර්ග අවස්ථාවේදී කෙතරම් අපිරිසිදු කාර්යයක නිරත වුණත් එය වැළැක්වීම නොකළ යුතු වෙනවා.
ඊට පස්සේ වත්ස්‍යායන නැවතත් ඖපරිෂ්ටිකය ගැන අවධානය යොමු කරනවා.
කඩවසම් අයුරින් සැරසුණු තරුණයන් පවා මුඛ සංසර්ගයට ප්‍රිය කරනවා.
එකිනෙකා කෙරෙහි දැඩි විශ්වාසයෙන් යුතු අයද මුඛ සංසර්ගයේ යෙදෙනවා.
ඇතැම් පුරුෂයින් ස්ත්‍රීන් සමග මුඛ සංසර්ගයේදී ඉන්නේ එය සිප වැළඳ ගැනීමකට වඩා වැඩි දෙයක් යැයි නොසිතමින්.
ඇතැම් ස්ත්‍රී පුරුෂයින් එකිනෙකාගේ හිස අනෙකාගේ ශරීරයේ පහත කොටසට යොමු කරමින් මුඛ සංසර්ගයේ යෙදෙනවා. මෙය සඳහා සම්පුට යෝගය සහ කාකිල යන නම් භාවිතා වෙනවා.
මේ හේතුව නිසාම ඇතැම් ගණිකාවන් ඒ ගුණවත් පුද්ගලයන්ට වඩා දාසයින්, ඇත්ගොව්වන් වැනි අය ප්‍රිය කරනවා.
ගෞරවණීය පුද්ගලයන් මුඛ සංසර්ගයේ යෙදීමට ප්‍රිය නොකරන බව කියන වත්ස්‍යාන බලු මස්වල ගුණ පොතපතෙහි සඳහන් වුවත් බලු මස් ආහාරයට ගන්න පුද්ගලයන් සිටීදැයි යන්න ප්‍රශ්න කරනවා.
නමුත් ප්‍රදේශය, කාලය, අවස්ථාව යන කරුණු සලකා බලා තමන් කැමති පරිදි ක්‍රියා කිරීම යෝග්‍යයි කියලත් ඔහු කියනවා.
අවසාන වශයෙන් වත්ස්‍යායන කියන්නේ ලිංගේන්ද්‍රය උරාබීම අතිශය රහසිගතව සිදු වන දෙයක් බවත්, එය සිදුවන වෙලාවක් ගැන පුරෝකථනය කිරීමට කිසිවෙකුට නොහැකි බවත්.
එහෙමනම් ඉතින් කාම සූත්‍රයේ අලුත් ප්‍රකරණයක් ලබන සතියේ ඉඳන් කියවමු.
Leave a Reply