කාම සූත්‍රය සිංහලෙන් – හතළිස් දෙවැනි කොටස

මේ ලිපි පෙළේ පැරණි ලිපි මගහැරුණානම් පහත ලින්ක් වලින් ඒවා කියවලාම මෙතැනට එන්න…

 

කාම සූත්‍රය සිංහලෙන් 1 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 2 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 3 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 4 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 5 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 6 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 7 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 8 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 9 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 10 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 11 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 12 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 13 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 14 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 15 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 16 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 17 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 18 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 19 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 20 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 21 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 22 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 23 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 24 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 25 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 26 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 27 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 28 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 29 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 30 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 31 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 32 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 33 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 34 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 35 කොටස

කාස සූත්‍රය සිංහලෙන් 36 කොට​ස

කා​ම සූත්‍රය සිංහලෙන් 37 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 38 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 39 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 40 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 41 ​කොට​ස

 

මතක ඇතිනේ අපි පහුගිය සතියේ ඒක චාරිණ වෘත්ත ප්‍රකරණය කියවන්න පටන් ගත්තා. අපි එදා ආටිකල් එක නවත්තපු තැනට පස්සේ වත්ස්‍යායන පඬිතුමා කතා කරන්න යන්නේ සැමියාගේ නොසතුටට හේතුවන දේවල් පිළිබඳව.

යම්කිසි බිරිඳක් සැර පරුෂ වචනයෙන් සැමියාව අමතනවා නම්, විවිධ හේතු මත ඔහු දෙස රවා බලනවා නම්, සැමියාගේ මුහුණ දෙස නොබලමින් කතා කරනවා නම්, ඔහු නිවසට පැමිණෙන විට කඩා පැනීමට දොරකඩ රැක සිටිනවා නම්, පාරෙ යන එන අය දෙස දොර ජනෙල් වලින්  එබී බැලීම සිදු කරනවා නම්, මිදුලට වී යන එන අය සමග රැක සිට කතා කරනවා නම් සහ යම් කිසි බාහිර කෙනෙක් සමඟ කාමරයක තනි ව බොහෝ වේලාවක් කතා කරනවා නම් මෙවැනි දෑ සැමියාගේ නොසතුටට මෙන්ම සැකයට ද හේතු වෙනවා.

ඊළඟට වත්ස්‍යායන පඬිතුමා අපේ අවධානය ගෙනියන්නේ කාන්තාවකගේ පෞද්ගලික පිරිසිඳුබව දෙසට. යම් කිසි කාන්තාවක් දහඩිය ගලන ශරීරයෙන් යුක්ත නම්, දුගඳින් යුක්ත නම් මෙන්ම දත්වල මැලියම් සහිත නම් සැමියාට ඉබේම තම බිරිඳ කෙරෙහි පිළිකුලක් ඇති වෙනවා.

සැමියා සමග බැහැරට යන සෑම අවස්ථාවකදීම මනා ලෙස සැරසී, කාම සූත්‍රය ලියැවුණු කාලයට සාපේක්ෂව නම් සියලු ආභරණවලින් සැරසී හිසේ මල් පැළඳ,  සුවඳ විලවුන් ආලේප කොට සියුම් වස්ත්‍රාභරණවලින් සැරසී යා යුතු වෙනවා.

මේ සඳහා සුදු මල්, සිනිඳු සළු පිළි, දීප්තිමත් ආභරණ, සඳුන් සහ කොකුම් වැනි දෑ භාවිතා කිරීම සුදුසු යැයි වත්ස්‍යායන පඬිතුමා වැඩිදුරටත් විස්තර කරනවා.

සැමියා සිල් සමාදන් වන දිනයේ දී හෝ යම්කිසි ආගමික වෘතයක් රකින දිනයකදී බිරිඳත් ඔහුව අනුකරණය කරමින් එම ආගමික කටයුතුවල යෙදීම කළ යුතු වෙනවා. යම්කිසි විදිහකින් සැමියා ඇය වළක්වන්න උත්සහ කරනවා නම් එසේ නොකරන ලෙස පවසමින් සැමියා අනුවම ක්‍රියා කිරීමට කිරීමට බිරිඳ විසින් වග බලා ගත යුතු වෙනවා.

ඒ වගේ ම විවිධ භාණ්ඩ අඩු මිලට අරගෙන තමන් එම භාණ්ඩ අඩු මිලට ගත් බව සැමියාට දැන්විය යුතුයි.

එසේ ම ලුණු වර්ග, තෙල් වර්ග, සුවඳ විලවුන්, කුළු බඩු සහ බෙහෙත් මිලට ගෙන අරපරිස්සමින් සඟවා පාවිච්චි කළ යුතුයි.

විවිධ බීජ වර්ග සහ අල වර්ග නිසි කාලයේදී පැළ කර ඒවායේ ඵලදාව තම පවුලේ පරිභෝජනය සඳහා ලබා ගැනීමත් හොඳ බිරිඳකගේ තවත් යුතුකමක්.

ඒ වගේ ම සැමියාගෙ වත්කම් පිළිබඳව හෝ තම සැමියා විසින් තමන්ට පවසන ලද රහස් පිළිබඳව කිසිම බාහිර අයෙකුට පැවසීමෙන් වැළකිය යුතු වෙනවා.

සෑම විටම උයන පිහන කටයුතුවලින්, චරිත ස්වභාවයෙන් බාහිර ඔපයෙන් සහ නුවණක්කාර තීරණ ගැනීම යන ගතිගුණවලින් අසල්වැසි කාන්තාවන් අභිබවා යාමේ හැකියාව බිරිඳ විසින් සැමියාට පෙන්විය යුතු වෙනවා.

සැමියා සතු ධනය පමණක් නොව උයන පිහන දෑ පවා අරපිරිමැස්මෙන් පාවිච්චි කිරීමට බිරිඳ විසින් වග බලා ගත යුතු වෙනවා. උදාහරණයක් විදිහට ආහාර පිසීම සඳහා රැගෙන ඉතිරිවන කිරි වලින් වෙඬරු සහ ගිතෙල් වැනි ආහාර සකස් කිරීම, තල තෙල් පොල් තෙල් වැනි තෙල් සිඳීම, උක් පැණි පොල් පැණි ආදියෙන් හකුරු සෑදීම, කපු කැටීම සහ ඒ ඇසුරෙන් ඇඳුම් සකස් කර ගැනීම, ලණු ඇඹරීම, වී කොටා සහල් බවට පත් කිරීම, ඉතිරි වෙන සහල් වලින් විවිධ ආහාර සකස් කිරීම ආදිය ගැන බිරිඳකට අවබෝධයක් තිබිය යුතුයි.

එසේම සේවක සේවිකාවන් පාලනය කිරීම මෙන්ම ඔවුන්ට මනා ව සැලකීම, කෘෂිකර්මාන්තය පිළිබඳව මූලික දැනීමක්,  සත්ව පාලනය පිළිබඳ යම් තරමක් දුරට දැනීමක්, රථ වාහන නඩත්තු කිරීමේ හැකියාවක් බිරිඳක් සතු විය යුතු වෙනවා.

එසේ ම නිවසේ සුරතලයට ඇති දැඩි කරන විවිධ වර්ගයේ සතුන්ගේ සැප දුක් සොයා  බලමින් ඔවුන්ට සත්කාර කිරීම යහපත් බිරිඳකගේ ලක්ෂණයක්.

මේ සියල්ලන්ට ම වඩා දෛනික අයවැය ප්‍රමාණය නිසි පරිදි ගණන් තබා ගැනීම බිරිඳක් විසින් සිදු කළ යුතු අත්‍යවශ්‍යම කර්තව්‍යයක්

ලබන සතියේ අපිට ඒක චාරණී වෘත්ත ප්‍රකරණය කියවලා නිම කරන්න හැකියාව ලැබේවි. එහෙමනම් ඉතිං වෙනදා වගේම මේ ආටිකල් එක ප්‍රසිද්ධියේ ෂෙයාර් නොකළත් අප්‍රසිද්ධියේ ඔය වට්ස්ඇප් ගෘප්, ෆේස්බුක් ගෘප්වලත් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *