මේ ලිපි පෙළේ පැරණි ලිපි මගහැරුණානම් පහත ලින්ක් වලින් ඒවා කියවලාම මෙතැනට එන්න…
කලින් සතියේ අපි කිව්වා වගේම මේ සතියේ අපි කියවන්න බලාපොරොත්තු වෙන්නේ ඒක පුරුෂාභියෝග ප්‍රකරණය. මේ ප්‍රකරණය තුළ තමන් කැමති ස්ත්‍රියක් කෙරෙහි තම කැමැත්ත ඒත්තු ගන්වන ආකාරය පිළිබඳව සාකච්ඡා කෙරෙනවා.
මෙතැනදි වත්ස්‍යායන පඬිතුමා කියන්නේ මුහුණේ හැඟීම් වලින් පෙම් හැඟුම් පෙන්වන කාන්තාවක් තමන් සතු කර ගැනීමට විවිධ උපක්‍රම අනුගමනය කළ යුතුයි කියලා. ඒ සඳහා මෙන්න මේ උපක්‍රම එතුමා නිර්දේශ කරනවා.
1. යම් කිසි ක්‍රීඩාවක යෙදෙන අවස්ථාවකදී සෙල්ලමට වගේ ඇගේ අතින් අල්ලා ගැනීම.
2. අවස්ථානුකූලව ඇගේ අත මිරිකීම.
3. කලින් ප්‍රකරණ වල අපි සඳහන් කරලා තිබ්බ ආකාරයට ම විවිධ කොළ වර්ග දත් සහ නිය සලකුණු යොදා ඇයට ලබා දීම. අද සමාජයට ගැළපෙන විදිහට මේ උපක්‍රමය සකස් කර ගත්තොත් තමා කෑමෙන් අනතුරුව ආහාරවලින් කොටසක් ඇයට ලබා දීම කියල කියන්න පුළුවන්.
4. ජල ක්‍රීඩාවේ යෙදෙන අවස්ථාවක දී දිය යටින් පැමිණ ඇයගේ ශරීරයේ ගැටෙමින් ඇය අසලින් මතුවීම.
5. අවස්ථාවක් ලැබුණු සැනින් තමන් මානසික වශයෙන් විඳින විවිධ දුක් කරදර ගැන ඇගේ සිතේ දුකක් ඉපදෙන ආකාරයට පැවසීම.
6. ඇයව අතිශයින් විශ්වාසවන්ත ස්වභාවයට පැමිණි විට ඇයව තමන් හීනෙන් දුටු බව කීම සහ ඇය අසලින් වාඩි වී වෙනත් පුද්ගලයෙකු හා කතා බහ කරන ව්‍යාජයෙන් ඇයව ස්පර්ශ කිරීම.
7. සමීපව හිඳ ගෙන සිටින විට ඇගේ පාදය තමාගේ පයින් තද කිරීම. තමාගේ ඇඟිලිවලින් ඇගේ ඇඟිලි තෙරපීම. පාදයේ මහපට ඇඟිලි එකට ගැටීම සිදු කිරීම.
යම් කිසි විදිහකින් ඇය මේ පාද තෙරපීමට කිසිදු විරුද්ධත්වය නොදක්වන්නේ නම් කෙමෙන් කෙමෙන් තම පාදය ඇගේ පාදයේ ඉහළ කොටස වෙත ගෙන යා යුතු වෙනවා.
නැවත නැවතත් තම පා ඇඟිලිවලින් ඇගේ පා ඇඟිලි තෙරපීම නොකඩවා කළ යුතුයි.
8. තමන් අත සේදූ සහ කට සේදූ ජලය නැවත ඇයට ඉසිය යුතුයි.
9. පාලු සහ අඳුරු තැන්වලදී ඇයගේ ශරීරයේ විවිධ ස්ථාන මත තමන් ගේ නිය සලකුණු තැබීමට උපක්‍රමශීලී විය යුතුයි.
10. මේ වගේ ස්ථානවලදී හැකිතාක් වචන භාවිතය අඩු කර තමන්ගෙ සිතැඟි ක්‍රියාවෙන් ඇයට ඒත්තු ගැන්විය යුතුයි. එසේම මෙවැනි තැනකදි ඇයට යමක් කීමට තමන්ට අවශ්‍ය බව පවසා ඇය තමන් කෙරෙහි දක්වන අදහස පැහැදිලි කරගැනීමට වග බලා ගත යුතු වෙනවා.
11. ඇගේ සිතුවිලි නිසි පරිදි වටහා ගැනීමෙන් අනතුරුව, තමන් රෝගී බවට පත්වී ඇති බව පවසා ඇයව සිය නිවසට නිවසට කැඳවාගෙන හිස පිරිමැදීම් ආදිය කරවා ගත යුතු වෙනවා .
12. එසේම ඇයගෙන් තමන්ට විවිධ බෙහෙත් වර්ග පිළියෙල කර දෙන ලෙස ඉල්ලා මේ “බෙහෙත් ඔයා ඇරෙන්න වෙන කිසිම කෙනෙක් කරාට හරියන්නේ නෑ” වගේ කතා කියමින් නැවත නැවතත් ඇයට පැමිණෙන ලෙස ඉල්ලා සිටිය යුතු වෙනවා.
13. මෙවැනි ගමන්වල දී ඈ සමඟ කතා බහ වැඩි කරගත යුතු වෙනවා…
මේ කතා බස් හරහා ඇගේ විශ්වාසය තවදුරටත් වර්ධනය කර ගත යුතු අතර මෙතෙක් තමන්ගේ ඇත්ත අභිප්‍රාය ගැන ඇයට වචනයෙන් නොපවසා ඉඟි මගින් ඇයට තේරුම් ගැනීමට සැලැස්විය යුතු වෙනවා.
Leave a Reply