කාම සූත්‍රය සිංහලෙන් – තිස් නමවෙනි කොටස

මේ ලිපි පෙළේ පැරණි ලිපි මගහැරුණානම් පහත ලින්ක් වලින් ඒවා කියවලාම මෙතැනට එන්න…

 

කාම සූත්‍රය සිංහලෙන් 1 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 2 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 3 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 4 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 5 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 6 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 7 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 8 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 9 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 10 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 11 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 12 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 13 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 14 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 15 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 16 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 17 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 18 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 19 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 20 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 21 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 22 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 23 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 24 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 25 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 26 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 27 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 28 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 29 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 30 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 31 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 32 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 33 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 34 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 35 කොටස

කාස සූත්‍රය සිංහලෙන් 36 කොට​ස

කා​ම සූත්‍රය සිංහලෙන් 37 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 38 කොට​ස

 

 

කලින් සතියේදී සඳහන් කළා වගේම මේ සතියේදී අපි කියවන්න බලාපොරොත්තු වෙන්නේ විවාහ යෝග ප්‍රකරණය. ප්‍රකරණය තුළදී කතාබහට ලක් කරන්නේ මනාලියගේ දෙමවුපියන්ගේ කැමැත්ත නොමැති අවස්ථාවක දී ඇයව දිනාගැනීමට කටයුතු කරන්න ඕන උපක්‍රම පිළිබඳව. අපි ඒ ටිකත් කියවලා බලමු. හැබැයි මේ උපක්‍රම සේරම අද කාලෙට ගැලපෙන විදිහට සකස් කර ගත්තොත් වැඩක් ගන්න පුළුවන් කියලයි අපි හිතන්නේ.

පළමුව තරුණියව තනිවම මුණගැහෙන්න අපහසු නම් ඇගේ පවුලේ විශ්වාසවන්ත තැනැත්තියකගේ සහයෝගය ලබාගෙන ඒ හරහා ඇයව මුණ ගැහෙන්න අවස්ථාවක් ලබා ගත යුතුයි. එවැනි තැනැත්තියක් තෝරා ගැනීමේදී ඇගේ විශ්වාසනීයභාවය පිළිබඳව දැඩි සැලකිල්ලක් දැක්විය යුතු වෙනවා.

මේ හිතවත් තැනැත්තිය හරහා තරුණයා පිළිබඳව විවිධ ගුණ වර්ණනා කොට තරුණියගේ සිතේ ඔහු කෙරෙහි ආදරය වැඩි කිරීමට කටයුතු කළ යුතුයි.

ඇයව බලාපොරොත්තුවෙන් ඉන්න අනිත් තරුණයන්ගේ විවිධ දොස් ඇය ඉදිරියේ පවසමින් ඔවුන් කෙරෙහි පිළිකුලක් ඇය තුළ ඇති කළ යුතු අතර ඇගේ මව්පියන් ඇගේ සාර්ථකත්වය කෙරෙහි අවධානය යොමු නොකරන පිරිසක් බව ඇයට ඒත්තු ගැන්වීමට කටයුතු කළ යුතුයි. යම් විදිහකින් ඒ දෙමව්පියන් ඇයට වෙනත් විවාහයක් කිරීමට බලාපොරොත්තු වෙනවා නම් සූක්ෂම ආකාරයෙන් දෙමව්පියන් ඇයගේ යහපත නොව ඔවුන්ගේ යහපත කෙරෙහි පමණක් අවධානය යොමු කරන පිරිසක් බවට ඇයට දැනෙන්නට සැලැස්විය යුතු වෙනවා.

ඒ අවස්ථාවේදී අතීතයේ විවිධ තරුණියන් දෙමව්පියන්ගේ විරෝධතා මධ්‍යයේ වුවත් තමන් කැමති තරුණයන් හා විවාහ වීමෙන් අනතුරුව ජීවිතය සාර්ථක කර ගත් අන්දම ගැන කියවෙන ආකාරයේ කතා ඇය සමඟ කිව යුතුයි.

ඒ වගේම දෙමව්පියන්ගේ බලපෑම නිසා ගුණවත් නොවන පිරිමින් විවාහ කර ගැනීමෙන් විනාශ වුණු කාන්තාවන් පිළිබඳව කතාත් මේ අතරට එකතු කළ යුතු වෙනවා 

තමන්ට දැඩි ලෙස ප්‍රේම කරන ස්වාමිපුරුෂයෙකු ලබා ගැනීමේ ඇති වැදගත්කම පිළිබඳව ඇයට පැහැදිලි කළ යුතු වෙනවා. 

එහි දී ඇය තමන්ගේ අදහස් ප්‍රකාශ කරද්දී ඇයට යම් භයක් හෝ සැකයක් ඇත්නම් එය දුරු කර ගැනීමට උපක්‍රමශීලීව කතා කළ යුතු වෙනවා. එහිදී ඇයගේ අනගාත සාර්ථකත්වය පවතින්නේ අප සඳහන් කරන තරුණයා මතම යන්න බව පුන පුනා කිව යුතු වෙනවා.

මේ ආකාරයෙන් ඇගේ සිත වෙනස් වූ විට වහා ක්‍රියාත්මක වී ඇය සමඟ විවාහයට එළැඹිය යුතු වෙනවා. ඒ කාලේ සමාජ සම්මතය අනුව ගින්න වටා ගොස් එම විවාහය සිදු කළ යුතු වෙනවා

ඒ සමගම තමන් දෙදෙනාම විවාහ වූ බවත්, අඹුසැමියන් ලෙස හැසිරුණු බවත් ඇගේ දෙමව්පියන් සහ නෑදෑයින් අතර ප්‍රචාරය කිරීමට කටයුතු කළ යුතුයි.

එවැනි අවස්ථාවකදී දෙමව්පියන් විසින් තමන්ගේ පරපුරට සිදු වුණු කැළල මකා ගැනීමට ඔවුන් දෙදෙනාටම විවාහ වීමට අවස්ථාව සකසා දෙනවා. මේ ආකාරයට යම් දෙදෙනෙක් ගාන්ධර්ව විවාහ වුවත් ඉහත උපක්‍රම භාවිතා කිරීම් මගින් ඥාතීන් පිරිවරාගෙන නැවත විවාහ උත්සවයක් සිදු කිරීම උචිත වෙනවා.

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආර්ටිකල් එක ගැන ඔබේ අදහස් ප්‍රසිද්ධියේ පළ නොකළා වුණත්, මේ ආටිකල් එක whatsapp secret group වගේ තැන්වල ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *