අනවශ්‍ය රෝම කියන්නෙ කාන්තා අපිට හිසරදයක්නෙ. ලස්සන කොට ගවුමක් අඳින්න, අත් නැති ඇඳුමක් අඳින්න විතරක් නෙවෙයි පුද්ගලික සනීපාරක්ෂාව ගැන හිතන කොට උනත් අනවශ්‍ය රෝම කියන්නෙ බාධකයක්. අනවශ්‍ය රෝම ඉවත් කරගන්න ප්‍රධානම ක්‍රම දෙකෙන් පහසුම ක්‍රමය තෝරගන්න ඔයාලට පොඩි උදව්වක් දෙන්නයි මේ උත්සහ කරන්නෙ. කියවලම බලන්නකො.
1. වේදනාව
වැක්ස් එකකදි එන වේදනාව කොහොමද කියල වැක්ස් කරපු අය දන්නව ඇති. වැක්ස් එකකදි රෝම වැවිලා තියෙන දිශාවට විරුද්ධ අතට එක පාරට ඇදල ගන්නකොට දැනෙන වේදනාව ශේව් කරන කොට නම් පොඩ්ඩක්වත් දැනෙන්නෙ නෑ. කාන්තාවන්ටම නිපදවපු රේසරයක් භාවිතා කරනව නම් සමට හානියක් වෙන්නෙත් නෑ.
2. සූදානමේ පහසුව
වැක්සින් එකක් කරනව නම් එක්කො හොට් වැක්ස් එක ගෙදරම හදාගන්න ඕන. හොට් වැක්ස් එකක් හදාගෙන පාවිච්චි කරනව කියන්නෙ උණු කරන් භාජනවල දාගෙන ඒ වෙනුවෙන්ම කැප වෙන්න වෙන වැඩක්. නැත්නම් කඩෙන් කෝල්ඩ් වැක්ස් එකක් ගන්න ඕනි. එහෙමත් නැත්නම් සැලෝන් එකකින් වැක්ස් කරගන්න ඕන. ශේවින් එකකදි ඔය කිසි කරදරයක් නෑ. කිසිම පෙර සූදානමක් ඕන වෙන්නේ නැහැ. හිතුන වෙලාවක ෂේව් කරන්න ගන්න පුළුවන්. නාන ගමන් උනත් හිතුනොත් ශේව් කරන්න පුළුවන්. වැඩි කාලයක් ගත වෙන්නෙත් නෑ. අනිත් කාරණේ වැක්සින් කරන්න නම් රෝම අඩුම ගාණෙ අඟල් භාගයක්වත් දිගට වැවෙන්න ඕන. ඉතින් වැක්ස් එකක් කරගන්න රෝම වැවෙනකම් කාලය බාගෙට වැවුන රෝමත් එක්ක ගත කරන්න වෙනව. ශේවින් එහෙකදි චුට්ටක් වැවිල තිබ්බත් ක්ලීන් ශේව් එකක් ඕනම වෙලාවක කරගන්න පුළුවන්.
3. අය වැය
හොට් වැක්ස් එක ගෙදර හදාගන්න බැරි අයට තියෙන විසඳුම් දෙක තමයි කෝල්ඩ් වැක්ස් ස්ට්‍රිප්ස් සහ සැලෝන් වැක්සින්. ඔය දෙකම මිලෙන් අධිකයි. ශේවින් එහෙකට අවශ්‍ය වෙන්නෙ රේසරයක් විතරයි. ඒ සඳහා තියන හොඳම තෝරාගැනීමක් වෙන Bic Twin Lady වගේ රේසරයක් නම් මිලත් ඉතාම පහසුයි. පර්ස් එකට දැනෙන්නේවත් නැති මිලකට මිලදී ගන්න පුළුවන් මේ රේසරය භාවිතයෙන් වැක්ස්වලට සාපේක්ෂව ඔයාට අති විශාල මුදල් ඉතුරුවක් කරන්නත් ඉඩ සැලසෙනවා. ඒ එක්කම උසස් මට්ටමින් ඔයාගෙ රෝම ඉවත් කිරීමත් සිද්ධ වෙනවා අඩු වියදමකින්ම.
4. වැයවෙන කාලය
උදේට වැඩට යන්න, ක්ලාස් යන්න ස්ලීව්ලස් බ්ලවුස් එකක් ගවුමක් ලෑස්ති කරල නාන්න යන කොටයි දකින්නෙ අත් යට රෝම වැවීගෙන එන හැටි. වැක්ස් එකක් කරනව කියන්නෙ අමතරම කාලයක් වැය කරන්න වෙනව. සාමාන්‍යයෙන් වැක්ස් එකක් කරන්න විනාඩි 30ක්වත් ගත වෙනව. ශේව් කරගන්න යන්නෙ විනාඩි 10ක් වගේ කාලයක් විතරයි. කාර්යබහුල කාන්තාවන්ට වැක්සින් වලට වැය කරන්න වෙලාවක් නැති තරම්.
5. සමට වෙන හානිය
සම කියන්නෙ අපේ ශරීරය ආවරණය කරන ආරක්ෂිත වැස්ම වගේම ශරීරයේ විශාලම ඉන්ද්රිය. සමට හානි නොවී රැකගන්න එක අපේ වගකීමක්. වැක්ස් කිරීමකදි සමට වෙන්න පුළුවන් හානිය වැඩියි. වැක්ස් වලට භාවිතා කරන රසායනික ද්‍රව්‍ය සමහරුන්ට ආසාත්මිකතා ඇති කරවනව. ඒ විතරක් නෙවෙයි, කාලයක් තිස්සෙ වැක්ස් පාවිච්චි කරන කොට ඒවායේ අඩංගු රසායන නිසා සම මත නොයෙකුත් ආසාදන ඇතිවෙන්නත් පුළුවන්. වැක්ස් එකක් ගෙදරම කරගන්නකොට හරියටම වැඩේ දැනගෙන කරන්න ඕන. රස්නය වැඩි උනොත් හම පිළිස්සෙන්න පුළුවන්. ඒ වගේම වැක්ස් එක ගාලා රෝම වැවෙන අතට විරුද්ධ අතට අදින එකෙන් සම ඇදීමකට ලක් වෙලා සමට වෙන්න පුළුවන් හානිය වැඩියි. නමුත් ශේවින් එකකදි එහෙම සමට හානියක් නොවීම සරලව සහ ආරක්ෂිතව රෝම ඉවත් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම බික් ට්වින් ලේඩි වගේ රේසරයක් ගැන කිවුවොත් ඒ රේසරයේ බ්ලේඩ් තල නිෂ්පාදනය කෙරෙන්නෙ ප්‍රංශයේයි. උසස් තත්ත්වය පවත්වාගනිමින් නිපදවන එම බ්ලේඩ් තල සහිත රේසර් මගින් ෂේව් කිරීමෙන් සමට හානි වීම සම්පූර්ණයෙන්ම වළක්වනවා. එනිසා අනවශ්‍ය රෝම නැති සුසිනිඳු සමක් කියන්නෙ තව දුරටත් සිහිනයක් නෙවෙයි.
6. ඉතාම පහසුවෙන් මිලදී ගන්නට හැකි වීම
වැක්ස් වගේ සුපර්මාර්කට් පීරලා හොයන්න ඕනෙ නිෂ්පාදනයක් නෙමෙයි රේසරය කියන්නේ. ඉතාම හදිස්සි අවශ්‍යතාවයකදී වුණත් ගෙදරට ළඟම තියන කඩෙන් වුණත් බික් ට්වින් ලේඩි වගේ මිලත් පහසු, තත්ත්වයෙනුත් උසස් රේසරයක් මිලදී ගන්න පුළුවන්. ඒ නිසා ඔයාගෙ කාලයත් මුදලුත් යන දෙකම ඉතිරි කරන්නත් ජීවිතයට පහසුවක් ගෙනෙන්නත් මේ රේසර් සමත්.
Leave a Reply