කාම සූත්‍රය සිංහලෙන් – තිස් හය වැනි කොටස

මේ ලිපි පෙළේ පැරණි ලිපි මගහැරුණානම් පහත ලින්ක් වලින් ඒවා කියවලාම මෙතැනට එන්න…

 

කාම සූත්‍රය සිංහලෙන් 1 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 2 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 3 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 4 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 5 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 6 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 7 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 8 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 9 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 10 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 11 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 12 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 13 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 14 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 15 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 16 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 17 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 18 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 19 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 20 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 21 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 22 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 23 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 24 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 25 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 26 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 27 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 28 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 29 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 30 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 31 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 32 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 33 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 34 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 35 කොටස

 

ඔන්න අපි අද  ගිය සතියෙ කියවන්න පටන් ගත්ත ප්‍රකරණය, ඒ කිව්වේ බාලෝපක්‍රම ඉංගිතාකාර සූචන ප්‍රකරණය කියවලා ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා.

තමන් සිත්ගත්ත ලාබාල යුවතිය සමග සූසැට කලාවන් පිළිබඳව කතාබහ ආරම්භ කරන්න ඕනෑ කියලා වත්ස්‍යායන පඬිතුමා කියනවා. ඒ වගේම තමන් ඒ සියලුම කලා වල අතිදක්ෂයෙක් බවත්, ඇය දන්නා හඳුනන අනෙක් බොහෝ තරුණයින් එම කලාවන්වල එතරම් දක්ෂයන් නොවන බවත් ඇඟවීමට කටයුතු කළ යුතු වෙනවා. ඊට පස්සේ ඇයට මේ කලාවන් පිළිබඳව පුරුදු පුහුණු කිරීමේ වගකීම ස්වෙච්ඡාවෙන්ම බාර අරගෙන ඇයට මෙම කලාවන් පිළිබඳව ඉගැන්විය යුතු වෙනවා.

ඒ කාලය තුළදී තමන්ගේ දක්ෂතා පිළිබඳව ඇයට යම් අවබෝධයක් ලබාගන්න අවස්ථාව සැලසිය යුතු වෙනවා. ඒ වගේම ඇයව මුණ ගැහෙන්න යන සෑම අවස්ථාවකදීම තමන්ට සපයා ගත හැකි හොඳම ඇඳුම් ආයිත්තම්වලින් සැරසී යා යුතුයි කියලා වත්ස්‍යායන පඬිතුමා විශේෂයෙන් සඳහන් කරනවා. මේ ඇඳුම් ආයිත්තම් දැකීමෙන් පස්සෙ ඇගේ සිතේ යම් වෙනස්කම් ඇති වෙනවාදැයි කියලා සෘජුව අහන්නේ නැතුව ඉඟි මගින් විමසිය යුතු වෙනවා.

සාමාන්‍යයෙන් තරුණියන්ට තමන්ට නිතර නිතර දකින්න ලැබෙන පුරුෂයන් කෙරෙහි විශේෂ ලැදියාවක් ඇති වෙනවා කියන එක රහසක් නෙමෙයි.

බොහෝ වෙලාවට ලැජ්ජාශීලී තරුණියන් තම මුණගැසීමට පැමිණෙන තරුණයා දිහා කෙලින් බලන්නේ නැහැ. ඇතැම් අවස්ථාවල ඔහු ඇය දිහා බලාගෙන සිටින විට ඇය ලැජ්ජාවට පත් වූ ස්වභාවයක් පෙන්නනවා. තමන්ගෙ කැමැත්ත පවා ඇය ඍජුව ප්‍රකාශ කරන්නේ නැහැ. බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ ඔහු නැවතත් යන විට ඇය ඔහු දෙස බලා සිටීමයි. 

තරුණයා ඇයගෙන් යම් දෙයක් විමසූ විට ලැජ්ජාවෙන් ඇඹරෙමින් සිනහා වෙමින් සහ සිහින් හඬින් ඇය පිළිතුරු දෙන්නේ අපැහැදිලිව. එවැනි අවස්ථාවලදී  නැවත නැවතත් ඇය කියූ දේ පිළිබඳව විමසමින් ඇයගේ පිළිතුර පැහැදිලි කරගත යුතු යනවා. එසේම බොහෝ අවස්ථා වල දුර සිටම තරුණයාව පැමිණෙන බව දකින තරුණිය ඔහුට පෙනෙනන්න වෙනත් වැඩවල යෙදෙන්නට පටන් ගන්නේ තරුණයාගේ පැමිණීම නොදැක්ක ගාණට.

එවැනි අවස්ථාවල තරුණියන් කරන්න පෙළඹෙන දේවල් ගැන වත්ස්‍යායන පඬිතුමා උදාහරණ කිහිපයක් දක්වලා තියෙනවා. වෙනත් යමකට හිනා වෙන ආකාරය මහ හඬින් හිනා වෙන්න පටන්ගැනීම, කුඩා දරුවෙක් තමන්ගේ උකුලට ගෙන හුරතල් කරන්න පටන් ගැනීම, තමන්ගේ යෙහෙළියන් ඒ ආසන්නයේ ඉන්නවා නම් ඔවුන්ගේ හිස පීරීම, ඔවුන්ට හේත්තුවී ගෙන අතපය සෙළවීම, ඈනුම් ඇරීම වගේ විවිධ අංග චලන සිදු කරනවා කියලා එතුමා කියනවා.

ඒ වගේම ඇය තරුණයාගේ මිතුරන් සමඟ කුළුපගබවක් දැක්වීමට පටන් ගන්නවා. ඒ තුළින් ඒ අය තරුණයා පිළිබඳව කියන්නේ කුමක්ද කියා අදහසක් ලබාගැනීම සිදු කරනවා.

සමහර අවස්ථාවල තම ඥාතීන් සමග තරුණයාගේ නිවසට යෑමටත් ඇය පෙළඹෙනවා. තමාගේ තනියට ගිය අය සමග ඔහු හා එක්වී විවිධ ක්‍රීඩා කිරීමට ඇය සහභාගී වෙනවා. ඒ සෑම අවස්ථාවක් සඳහාම සහභාගී වෙන්නේ හොඳින් ඇඳ පැළඳගෙනයි. එවැනි අවස්ථාවලදී තරුණයාට යම්කිසි දෙයක් අවශ්‍ය වුවහොත්  ඇයම හෝ ඇය සමග පැමිණි කෙනෙක් ලවා අදාළ දෙය තරුණයා වෙතට ලබා දීමට ක්‍රියා කරනවා. ඒවගේම මෙවැනි අවස්ථාවලදී ඇය කෙරෙහි උනන්දුවක් දක්වන අනෙකුත් තරුණයන් ගැන කතා බහක් ඇති වුණොත් එවැනි කතාබහවලට ඇය උදාසීන අන්දමින් ප්‍රතිචාර දක්වනවා.

මේ ප්‍රකරණය අවසාන කරමින් වත්ස්‍යායන පඬිතුමා මෙහෙම කියනවා.

තරුණියගේ හිතේ ඇතිවන හැඟීම් නිසි පරිදි හඳුනා ගෙන ඇයව දිනාගැනීම සඳහා කළ යුතු උපාය මාර්ග තීරණය කළ යුතු වෙනවා.

ක්‍රීඩාවේ යෙදීම, කලා රස වින්දනයේ යෙදීම, ඇගේ සමීපතමයන්ට සත්කාර කිරීමෙන් ඇයගේ  හිත දිනාගැනීම  පහසු වෙනවා.

 

එහෙමනම් ඔන්න ඔය විදියට කාම සූත්‍රයේ තවත් ප්‍රකරණයක් නිමවෙනවා. අපි ලබන සතියේ ඒක පුරුෂාභියෝග ප්‍රකරණය කියවන්න පටන් ගමු. වෙනදා වගේම මේ ආටිකල් එකටත් ඔබෙන් ප්‍රතිචාර අපි බලාපොරොත්තු වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *