ආරක්ෂිතව වැලක් බලන්නේ මෙහෙමයි!

 

දැන් ඔය වැල තියෙන්නේ. ඒ කිව්වේ බ්ලූ ෆිල්ම්. ඒ කිව්වේ පෝර්නොග්‍රැෆි. ආන්න ඒවා ගැන ඉතින් මේ පිංවතුන්ට පිංවතියන්ට අමුතුවෙන් විස්තර කියන්ඩ ඕන නෑ නොවැ. ඒ කියන්නේ මෙතන ඉන්න අයගෙන් ජීවිතෙ එක පාරක් ඔය පොඩි වැල ක්ලිප් එකක් හරි බලලා නැති අය ඉන්නවා නං ඒ කලාතුරකින් තමයි. හැබැයි මෙහෙමයි. අපි ඔය වැල බලන එක නරකයි කියන්නෙත් නෑ, හොඳයි කියන්නෙත් නෑ. වැල බලන අය හොඳයි හෝ නරකයි කියන්නෙත් නෑ, වැල බලන්නෙ නැති අය නරකයි හෝ හොඳයි කියන්නෙත් නෑ. ඒවා තම තමන්ගේ කැමැත්ත සහ අවශ්‍යතාව. ඒ ගැන විවිධ අයට විවිධ අදහස් තියෙන්න පුළුවන්.

 

කොහොම වුනත් වැල බලනවා නම්, ඇබ්බැහි නොවී බලන්න කියන එක අපි කලින්ම කියලා තියෙනවා. ඒ වගේම ඔය කොමන් සෙන්ස් නැතුව වැල බලන්න ගිහින් ඇත්ත ජීවිතේ සෙක්ස් ලයිෆ් එකට කෙලෝගන්න අවස්ථා ගැනත් අපි කියලා තියෙනවා. එතකොට අද කියන්න යන්නෙත්, වැල බලන්න ඕන, වැල බලන්න කැමති කෙනෙක්ට සුදුසු ආකාරයට තමන්ගේ ආරක්ෂාව සලසාගෙන වැල බලන්න අනුගමනය කරන්න ඕන උපදෙස් තමයි. ආන්න ඒ නිසා වැඳගෙන අහගෙන ඉන්නවා හොඳා!

 

1. ෆෝන් එකේ වැල ගබඩා!

දැන් කාලේ අපි අටෝරාසියක් වට්ස්ඇප්, වයිබර් ගෘප්ස් වල ඉන්නවනේ. ඔන්න ඔය ගෘප් වල ෂෙයාර් වෙන අසීමිත දත්ත, කරුණු කාරණා අතරේ වැල එහෙමත් තියෙනවා. ඇත්තටම ඔය කොල්ලෝ කෙල්ලෝ වැල ෂෙයාර් කරගන්න විතරක් හදාගත්තු ගෘප්ස් පවා තියෙනවා. ඒ වල ගොඩක් වෙලාවට ඔය ලීක් වෙන වැල ෆොටෝ සහ වීඩියෝ එහෙමත් ෂෙයාර් වෙනවා. හරි, ඔය ඔක්කොම කමක් නෑ. හැබැයි ඉතින් ඔය වට්ස්ඇප් ගෘප් වල එහෙම එන වැල එක්කෝ ෆෝන් එකට ඔටෝ ඩවුන්ලෝඩ් වෙනවා. එහෙම නැතිනම් ඩවුන්ලෝඩ් කරපු ගමන් සේව් වෙලා වීඩියෝ වල එහෙම උඩින්ම පෙන්නනවා. දැන් ඉතින් හදිසියකට ෆෝන් එක කාටවත් දෙන්නවත් පුළුවන්ද කියහන්කෝ! ඊට හපන් පොඩි එකෙක් එහෙම ෆෝන් එක ගත්තොත් විනාසයි!

අන්න ඒ නිසා මුලින්ම ඔය වට්ස්ඇප් වලින් එහෙම ඔටෝ ඩවුන්ලෝඩ් බ්ලොක් කරන එක හොඳයි. ඊට පස්සේ අවශ්‍ය වැලක් බැලුවට පස්සේ ඩිලිට් කරන එක හොඳයි. තියාගන්නම ඕන නම් එක්කෝ එන්ක්‍රිප්ෂන් වොලට් ඇප් එකක් දාගෙන ඒකට දාල තියාගන්න පුළුවන්. නැතිනම් අලුත් ෆෝන් වල ප්‍රයිවට් ෆෝල්ඩරයක් එනවා, කාටවත් අරින්න බැරි. ඒකට දාගත්තත් කමක් නෑ!!

 

2. කම්පියුටරේ වැල ගබඩා පරිස්සමෙන්!

මේක ඉතින් ලොකු සීන් එකක් නෙවෙයි. වැල බලන සමහර කොල්ලෝ කෙලින්ම ඩවුන්ලෝඩ් කරලා තමයි බලන්නේ. සමහරු ගාව ඉතින් ආයෙ නානාප්‍රකාර කැටගරි වලින් ලෝකේ නැති වැල වර්ග ගබඩා කරලා තියෙනවා. මෙතනදීත් අර උඩින් කියපු කාරණාව තමයි කියන්න තියෙන්නේ. හදිසියකට වෙන කෙනෙක් කම්පියුටර් එක දාගත්තොත් රෙදි ගැලවෙන විදියට ඩෙක්ස්ටොප් එකේම වැල සේව් කරලා තියන්ඩ එපා. වැල තියාගන්නම ඕන නම් එක්කෝ වෙනම පාටිෂන් එකක් හදලා හරි එක්ස්ටර්නල් ඩ්‍රයිව් එකකට දාලා හරි, ඊට පස්සේ ඒවා පාස්වර්ඩ් ප්‍රොටෙක්ට් කරලා හරි තියාගන්න එක නුවණට හුරුයි. කොහොමත් වැල තියාගන්න එක නම් ඇත්තටම අනාරක්ෂිතයි කියන එක හොඳට ඔලුවේ තියාගන්ඩ ඕන!

 

3. ඔෆිස් කම්පියුටර් එකේ වැල බලන්නෙ බලාගෙනයි!

මේක ගොඩක් දෙනෙක් කරන අතිශයින්ම වගකීම් විරහිත, සදාචාරාත්මක නොවන වැඩක්. ඒ තමයි ඔෆිස් එකේ කම්පියුටර් වැල බලන්න, වැල බාන්ඩ යොදාගන්න එක. මේක සදාචාරෙට විතරක් නෙවෙයි අවුල තියෙන්නේ. ඔෆිස් එකේ සම්පත් වැල බලන්න වගේ දේකට පාවිච්චි කරන එක වැරදි වැඩක්. ඊටත් හපන්, ඔෆිස් කම්පියුටර් වල වැල බලන එකෙන් මාට්ටු වෙන්න තියෙන ඉඩ ඉතාම වැඩියි. මේක ඔෆිස් එකෙන් දීපු ලැප්ටොප් වගේ දේවලටත් අදාළයි. ඔෆිස් එකෙන් දීපු කම්පියුටරේ ඇර වෙන එකක් නැති නම්, වැල බලන්නමත් ඕන නම් ෆෝන් එකෙන් හරි බලාගන්න එක හොඳයි, ඔෆිස් කම්පියුටරේ පාවිච්චි නොකර!

 

4. සීඩීස් ගහලා විකුණුවොත් බඩු!

මේක නං ඉතින් ෂුවර් ඇන්ඩ් ෂොට් කෙලෝගන්න පොටක්. දැන් ඔය ඉස්සර විතරක් නෙවෙයි, දැනුත් ඉන්නවා ටීවී සීරීස් එහෙම ඩවුන්ලෝඩ් කරලා, ඩීවීඩී ගහලා විකුණන ඩයල්ස්. ඒකේ කිසිම වැරැද්දක් නෑ. හැබැයි ඔය අතරේ ඉන්නවා වැල එහෙමත් බාලා, සීඩී වලට කොපි කරලා විකුණන ඩයල්ස්. අන්න ඒ උන්දැලට තමයි ඔය ගොඩක් වෙලාවට වැල විකිණීම සහ බෙදාහැරීම කියන චෝදනාව යටතේ පොලිසි යන්න වෙන්නේ. ඇත්තටම මේ වගේ නීතියේ රැහැනට අහුවෙන්න වීඩියෝ සෙන්ටර් කරන්න ඕන නෑ. ඇත්තටම විකුණන්න ඕනැත් නෑ. යාලුවෙක්ට නිකන් දෙන්න බ්ලූ ඩීවීඩීස් ගැහුවත්, මාට්ටු වුනොත් පොලිසි තමයි! 

 

5. ඉන්කොග්නිටෝ!

පෝර්න් සයිට් එකකට ගියාට පස්සේ ඉතින් වෙන කෙනෙක් බ්‍රවුසර් හිස්ට්‍රි බැලුවොත් ආයෙ ආස කැටගරියේ ඉඳලම පෙන්නනවනේ. සාමාන්‍යයෙන් බ්‍රවුසර් වල අර නිතර යන වෙබ්සයිට් ටයිල්ස් විදියට හෝම් ස්ක්‍රීන් එකෙත් පෙන්නනවා. අන්න එතකොට ඒවලටත් අර වැල සයිට්ම තමයි වැටෙන්නේ. ඔය වගේ ප්‍රශ්න වලින් අත්මිදෙන්න හොඳ ක්‍රමයක් තමයි “ඉන්කොග්නිටෝ” කියන්නේ!

දැන් කාලේ හැම බ්‍රවුසර් එකේම, සර්ච් එන්ජින් එකේම වගේ තියෙන මේ Incognito mode එක ඔන් කළාට පස්සේ, අපේ යූසර් ඩේටා – ඒ කියන්නේ බැලුවෙ මොනවද, ගියේ කොහෙද වගේ දත්ත- මතකයේ රැඳෙන්නෙ නෑ. ඒ වගේම ඔය සයිට් වලින් එවන කුකීස් එහෙම වුනත් රැඳෙන්නෙ නෑ. ඇත්තටම මේකට කියන්නේ ප්‍රයිවට් බ්‍රවුසින් කියලා. ආන්න ඒක තමයි වැල සයිට් එකකට යනවා නම් අනුගමනය කරන්න ඕන ක්‍රමේ!

 

6. වීපීඑන්!

ඉන්කොග්නිටෝ බැරි නම් වීපීඑන් දාගෙන වුනත් ඉතින් වැල බලන්න පුළුවන්. ඉන්කොග්නිටෝ වලටත් වඩා වීපීඑන් එකකින් අපි කොහේද යන්නේ කියලා බලන්න හදන තුන්වෙනි පාර්ශවයන්ගෙන් ආරක්ෂා වෙන්න පුළුවන්. හැබැයි ඉතින් හැකර්ලගෙන් ආරක්ෂා වෙන්න, “බිග් බ්‍රදර්” ගෙන් ආරක්ෂා වෙන්න වීපීඑන් දාගෙන වැල බලන උන්දැලා නම් සෑහෙන්න අඩුයි තමයි. ඒ වෙනුවට තමන් ඉන්න කලාපේ සමහර වැල සයිට් තහනම් නිසා, එහෙම නැතිනම් තමන් ඉන්න කලාපෙට සමහර වැල සයිට් වලින් ඩවුන්ලෝඩ් බැරි නිසා වීපීඑන් දාගෙන වැල බලන්න යන අයියලා තමයි ඉන්නේ!

 

7.  ඕන වැල සයිට් එකකට සෙන්සිටිව් ඩීටේල්ස් දෙන්ඩෙපා ඕයි!

මේක ඇත්තටම ඉන්ටර්නෙට් එකෙන් වැල බලන්න ආධුනික හාදයෝ, හාදියෝ කරගන්න ගොන් කමක්. මේකේ විවිධ ආකාර තියෙනවා. දැන් සයිබර් ආරක්ෂාව ගැන එහෙමට දැනුමක් නැති ගොඩක් දෙනෙක්ගේ ෆේස්බුක් එකෙයි, ඊමේල් එකෙයි, ඉන්ස්ටා එකෙයි, අරකෙයි මේකෙයි ඔක්කොගේම පාස්වර්ඩ් එකයි. ඇයි මතක තියාගන්න ලේසියිනේ. ඕන්න ඉතින් එහෙම ඩයල් එකක් වැල සයිට් එකකට යනවා. ඔය හැම වැල සයිට් එකකම වගේ නොමිලේ වුනත් වැලක් බලන්න නං ඉතින් රෙජිස්ටර් වෙන්න ඕන. එතකොට අර කියපු නූබ් ලෙවල් එකේ වැල බලන්නෝ මොකද කරන්නේ පිංවතුනි? තමන්ගේ ඊමේල් ඇඩ්‍රස් එකයි, අර කෝකටත් පාවිච්චි කරන පාස්වර්ඩ් එකයි වැල සයිට් එකටත් දෙනවා. දැන් ඉතින් මොකද්ද තමන්ට තියෙන ඉන්ෂුවරන්ස් එක, තමන්ගේ එකවුන්ට්ස් වලට වෙන එවුන් රිංගන එකක් නෑ කියලා?

ඒ වගේම තව සීන් එකක් තමයි, ඔය නොදන්න ඕනම බඩකඩිත්තු වැල සයිට් එකක අර “සයින් ඉන් ෆ්‍රොම් ෆේස්බුක්”, “සයින් ඉන් යූසින් ජීමේල්” වගේ දීලා තියෙන ඔප්ෂන් පාවිච්චි කරනවා. ඇයි ලේසියිනේ. එකවුන්ට් හද හද මහන්සි වෙන්න ඕන නෑනේ. හැබැයි ඉතින් ඔය ලේසියෙන් තමන්ගේ සංවේදී දත්ත වලට කෙළවෙනවා කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෑ!

 

8. ඇන්ටිවයිරස්!

මේක ඉතින් වැල බැලුවත් නැතත් කම්පියුටර් එකක් පාවිච්චි කරන මනුස්සයෙක් පිළිපදින්න ඕන කියලා අපි නිර්දේශ කරන ශික්ෂාපදයක් තමයි. ඒ කියන්නේ තමන්ගේ කම්පියුටර් එකට ඇන්ටිවයිරස් වැඩසටහනක් ඉන්ස්ටෝල් කරගෙන ඉන්න එක. ඔය ජෙනුයින් වින්ඩෝස් 10 වගේ ඒවල නම් බිල්ඩ්-ඉන් ප්‍රොටෙක්ෂන් තියෙනවා. එහෙම නැති නම්, නොදන්න සයිට් වලින් වැල බලනවා, වැල ඩවුන්ලෝඩ් කරනවා වගේ එව්වා කරන්න කලින් ඇන්ටි වයිරස් එකක් දාගෙන ඉන්න එක අනිවාර්යයි!

 

අන්තිමට කියන්න තියෙන්නේ මේකයි. ලෝකේ සමහර රටවල වැල තහනම්. සමහර රටවල වැල තහනම් නෑ. හැබැයි ලංකාව කියන්නේ වැල තහනම් රටක්. ඒ කියන්නේ අසභ්‍ය ලිංගික දර්ශන රැගත් ශ්‍රව්‍ය හෝ දෘශ්‍ය මාධ්‍ය කුලියට ගෙන බෙදා හැරිම, එවැනි රැකියාවක නිරතවීම හෝ එවැන්නකට අනුබල දීමද දඬුවම් ලැබිය හැකි වරදක් බව නීතියේ කියවෙනවා. බල බල හිටියා කියලා අත්අඩංගුවට ගන්න බැරි වුණත්, ගෙදර කම්පියුටරේ වැල තිබුණා කියලා ගෙදරට කඩාපැනලා පොලිසිය අපිව කුදලගෙන යන්නෙ නැති වුනත්, වෙනත් ගැටළුවක් නිසා අපේ කම්පියුටර් හෝ ෆෝන් පොලිසියෙන් චෙක් කරන්න බලයක් තිබුණොත්, එතකොට ඒවල වැල තිබුණොත් අන්න ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. 

 

හැබැයි ඉතින් ඔය නීතිය දත්තෝ කියන්නේ පුද්ගලිකව වැල තමන් ගාව විතරක් තිබ්බට නීතියෙන් දඬුවම් දෙන්නෙ නෑ කියලා තමයි. ආන්න ඒ නිසා බලන එකක් පරිස්සමෙන් බලන එක තමයි තමන්ගේ වගකීම!