සුද්දෝ ගැන අපේ ගම්වල ඇත්තෝ සිතාගෙන ඉන්න වැරදි දේවල්

things villagers misunderstood about foreigners

අපේ රට සුද්දා විසින් වසර එකසිය තිහකට අධික කාලයක් තිස්සේ සම්පූර්ණයෙන්ම යටත් කරගෙන සිටි රටකි. අපි සුද්දාට පස් පඩංගුවේ බනිමින් වුවද තවමත් සුද්දා අනුකරණය කිරීමට නොගන්නා වෙහෙසක් නැත. වර්තමානයේ සුද්දා අපිට දැකගන්නට ක්‍රම දෙකකි. එකක් නම් සිනමාව, අන්තර්ජාලය සහ එවන් මාධ්‍ය ඔස්සේ සුද්දා දැකීමය. නැතහොත් ලංකාවට පැමිණෙන සුද්දන් දැක ගැනීමය. සුද්දාගේ රටට ගොස් සුද්දාව දැකගන්නට අපි බොහොමයක් දෙනාට අවස්ථාව නොලැබෙන්නේ වීසා ගන්නට අපහසු වීම සහ සුද්දාගේ රටවලට යෑමට අපිට වියදම් වන අධික මුදල හේතුවෙනි.

 

1. සුද්දෝ එන්නේ ඒරොප්පෙන් නේ…

things villagers misunderstood about foreigners

Source – wikipedia.org

ඒරොප්පය යනුවෙන් එදා හැඳින්වූයේ යුරෝපයයි. දැනුදු යුරෝපය ඉංග්‍රීසියෙන් ලියන්නේ Europe ලෙසය. එහි යම්කිසි ඌරුවක් නිසා දෝ හෝ සුද්දා යනු එංගලන්තයෙන් සහ යුරෝපයෙන්ම එන අයයැයි බොහෝ අය සිතති. ලංකාවට දැන් එන සුද්දන් අතර එංගලන්ත ජාතිකයෝ මෙන්ම යුරෝපයේ ජර්මනිය, ප්‍රංශය, නෙදර්ලන්තය ආදී රටවල් ගණනාවක සංචාරකයින් ඇතුළත් වෙනවා. එසේම යුරෝපයේ නොපිහිටියත් සුදුපැහැති ඕස්ට්‍රේලියානුවන්, දකුණු අප්‍රිකානුවන් සහ නවසීලන්ත ජාතිකයිනුත් සුද්දන් ලෙසම තමයි අපිට පේන්නේ. යුක්‍රේන සහ රුසියානුවන්ද පෙනුමෙන් මදක් යුරෝපීයානුවන් ලෙස තමයි අපිට පේන්නේ. ඊශ්‍රායලය සහ මැදපෙරදිග වුනත් යුරෝපයට කිට්ටු රටවලින් එන කට්ටියත් සුද්දන්ගේ ගොඩටම දාන්න ගොඩක් අය පෙළඹිලා ඉන්නවා.

 

2. සුද්දාට කඩ්ඩ පුලුවන්නේ වතුර වගේ

things villagers misunderstood about foreigners

Source – wikihow.com

එංගලන්තයේද පසුගිය කාලයේ ඉංග්‍රීසි බස නොදන්නා සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නට යන බවක් අහන්නට ලැබුනා. එනම් එංගලන්තයෙත් ඉතාම සුලු වශයෙන් හරි ඉංග්‍රීසි නොදන්නා අය ඉඳලා තියෙනවා. යුරෝපයේ නම් ප්‍රංශයේ කතා කරන්නේ ප්‍රංශ බස, ජර්මානුවන් සහ ස්විස් ජාතිකයින් කතා කරන්නේ ජර්මන් බස. රුසියානුවන් සහ ය්‍රක්‍රේන ජාතිකයින් රුසියානු බස. ඔය ආදී භාෂා රැසක් සුද්දෝ කතා කරනවා. ඒ අතර එංගලන්ත සුද්දාට වඩා යුරෝප සුද්දා, ඇමරිකන් සුද්දා උච්චාරණය අතින් වෙනස්. ඒ නිසා ඉස්සර වගේ සුද්දෙක් නම් ඉංග්‍රීසි සුපිරි කියලා හිතන්න අපිට අමාරුයි. ඇතැම් වෙලාවට පොත් පත් දික් කරගෙන ගොලු බාසාවෙන් අපෙන් දේවල් අහන්න එන සුද්දෝ ඇත්තටම අපි ගැන අනුකම්පාවෙන් එහෙම එනවා නෙමෙයි. ඔවුන්ටත් ඉංගිරිසි බස බැහැ. දන්නවා වුනත් දන්නේ අපි බොහෝ දෙනෙක් වගේ යාන්තම් ඉංගිරිසි ටිකක් විතරයි.

 

3. අහ් සුද්දො නේ… උන්ට සල්ලි තියෙනවා නේ

things villagers misunderstood about foreigners

Source – naukrinama.com

ටුවරිසම් අතින් ගත්තොත් ලංකාව කියන්නේ විවිධ ආකාරයේ සංචාරකයින් මිශ්‍රණයක් එන රටක්. අපිට යාබද මාලදිවයින ඉලක්ක කරන්නේම ඉහළ මට්ටමේ සංචාරක කර්මාන්තයක්. මාලදිවයින කරා ඒ නිසා ඇදෙන්නේ බොහෝවිට මිල මුදල් තිබෙන සංචාරකයින්. නේපාලය වැනි රටවල් ලෝකයේ තිබෙන අඩුම මිලකින් සංචාරය කරන්න පුලුවන් රටවල් ලෙස ප්‍රසිද්ධයි. ඒ නිසාමදෝ නේපාලය ඉන්දියාව සහ සවුතීස්ට් ඒෂියා එන ගොඩක් සංචාරකයෝ එතරම්ම වියදම් කරන අය නෙමෙයි. ඇරත් මිල මුදල් සැරටම තිබෙන අය ඒ සුද්දන්ගේ රටවල තිබෙන සුපිරිම සංචාරක ඩෙස්ටිනේශන් වලට සහ විනෝද වැඩ වලට යනවා. ලංකාවටත් සල්ලි වියදම් කරන සුද්දන් එනවා. එත් එහෙම අයට වඩා සාමාන්‍ය මුදලක් වියදම් කරලා සංචාරය යම්කිසි බජට් ලෙවල් එකක තියාගන්න පිරිස දැන් දැන් ලංකාව වගේ රටවලට එනවා වැඩියි. ඒ නිසා ඉස්සර වගේ සුද්දෝ දැක්කාම හැමෝටම සල්ලි පැලෙන්න තියනවා, උන් වියදම් කරනවා කියලා නම් හිතන්න බැහැ.

 

4. උන් පස්ස හෝදන් නෑ… අපිරිසිදුයි

things villagers misunderstood about foreigners

Source – youtube.com/naukrinama.com

සෞම්‍ය කළාපයෙ තිබෙන රටවල අපිට තරම් දාඩිය දාන්නේ නැහැ. ඒ රටවල ආර්ද්‍රතාවය හෙවත් වාතයේ තියෙන ජලවාෂ්ප අඩු නිසා එහේ ග්‍රීෂ්ම කාලයේවත් අපිට තරම් දැඩි ලෙස දාඩිය දාන්නේ නැහැ. ඒ නිසා ඔවුන් පුරුදු වී සිටින්නේ එකම ඇඳුම දින කිහිපයක්ම පාවිච්චි කරන්න. ඇත්තටම සෞම්‍ය රටකදී ඩෙනිමක් මාසයක් ඇඳීම ලොකු කේස් එකක් නෙමෙයි. වැසිකිළි භාවිතයේදී වුනත් පස්ස අතින් අල්ලා නොහේදුවා වුනත් එම ක්‍රමයට හුරුවූ අය, අතින් අල්ලා අතේද ගාගන්නවාට වඩා ටිෂූ භාවිතා කිරීම ලේසියි කියලා තමයි කියන්නේ. සමහර වෙලාවට ඒ රටවල දවස් ගණන් ඇඳුම් ඇඳලා පුරුදු සුද්දෝ අපි ළඟට එනකොට නම් අපිට ඒ ස්මෙල් එක ටිකක් අවුල් යනවා. ඒත් එයින්ම හිතන්න බැහැ උන් නාන්නේ නැති හරිම අපිරිසිදු ජාතියක්ය කියලා. අපෙත් සමහර යාලුවෝ ඉන්නවා නේ බලෙන්වත් නාවන්න අමාරු. එහෙම අය සුද්දෝ අතරත් සිටින්නට පුලුවන්.

 

5. සුද්දෝ නම් පට්ටම ජෙනුයින් නේ

things villagers misunderstood about foreigners

Source – quantumgambitz.com

අපේ රටවල් එදා පරිපාලනයට ආවේ සහ අද උසස් රැකියා උපදේශන කටයුතු වලට එන්නේ තරමක් ඉහළ මට්ටමේ ඉගෙනගත් වැදගත් සුදු ජාතිකයින්. එහෙත් සංචාරකයින් ලෙස එන අය ඒ සුදු සමාජයේ සෑම ලේයර් එකකින්ම මෙහෙ එනවා. පොඩ්ඩක් වියදම අඩු නිසා පහළම ලේයර් එකේ අයත් ඉතිං හෝල්සේල් එනවා. ඇතැම් තැනක කෑමටවත් මුදල් නොදී පැන යෑම, රාත්‍රීයේදී හොරෙන්ම තාප්පෙන් පැන නවාතැනට මුදල් නොදී පැනයෑම වගේ ක්‍රියා ඇල්ල සහ මිරිස්ස පළාතෙන් වාර්තා වෙලා තියෙනවා. ඒ අනුව මෙහෙ එන සුදු ජාතිකයින් නම් ඔක්කෝම ජෙනුයින් කියලා හිතන්න අමාරුයි.

 

6. හපෝ සංකර ජාතිය හෙලුවෙන්මයි

things villagers misunderstood about foreigners

Source – cwatlanta.cbslocal.com

යුරෝපා රටවලදී ග්‍රීෂ්ම කාලයට ඇඳුම් අඩුවෙන් ඇඳීම හැමෝම කරන දෙයක්. මුහුදු වෙරළක් වගේ නිදහස් තැනකදී බොහොම අඩු ඇඳුම් ඇඳගත් අය හෝල් සේල් ඉන්නවා යුරෝපා මුහුදු වෙරළවල ග්‍රීෂ්මයේදී. ඉතිං ඔවුන් මේ නිවර්තන රටේදිත් ඇවිදිනකොට වගේම විනෝද වෙද්දි මෙහෙ තියන කාලගුණ තත්ත්වය අනුව ඇඳුම් ටිකක් අඩුවෙන්, සැහැල්ලුවෙන් ඉන්න කැමතියි. එහෙම අඩු ඇඳුම් ඇඳන් ඉන්න අය නරක වනචර අය කියලා හිතන්න බැහැ. සංස්කෘතික අතින් ඇති ඒ වෙනස සලකන්නේ නැතිව ඔවුන් ඉතාම පහත් ගතිපැවතුම් ඇති අය ලෙස දැකීම නූතන ලෝකයට ගැළපෙන මතයක් නම් නෙමෙයි.

 

7. උන්ව ලේසියෙන් අන්දන්න පුලුවන් නේ

things villagers misunderstood about foreigners

Source – mirror.co.uk

අපවැනි රටවල් වල සංචාරයේ යෙදෙන අය බොහෝවිට ඊට පෙර ඉන්දියාවේ, තායිලන්තයේ හෝ එවැනි සංචාරයන්ට ගොස් පුරුදු අය. බැක්පැකින් ලෙස පැමිණියත් ඔවුන්ට විඳින්නට වන දේවල්, මිනිසුන් ගැන, වංචා ආදිය ගැන හොඳ දැනුමක් බොහෝ සංචාරකයින්ට තිබෙනවා. ඇතැම් සුදු ජාතිකයින් බස් රියකට ත්‍රීරෝද රියකට නැංගා වුනත් මුලින්ම යන ගාස්තුව ගැන අහන්නේ ඔවුන් රැවටීමට ලක් වීමට ඉඩ ඇති නිසා. සංචාරකයින් රැවටීම දීර්ඝ කාලීන ලෙස ඒ අයට හොඳ දෙයක් නෙමෙයි. තමුන්ව රවටන්නට ආ පිරිස් ගැන වීඩියෝ සටහන් සහ ඡායාරූප සමග තොරතුරු පළකරන්නටත් සුද්දන් පසුබට වෙන්නේ නැහැ. ඒවා බලන අය පසුව නැවතත් රැවටීමට හසු වෙන්නෙත් නැහැ. කොහොම වුනත් ආගන්තුකයෙක් ලෙසට රටකට ඇතුළු වූ පුද්ගලයෙකු රැවටීම, වංචාවලට හසුකර ඔහුගේ මුදල් කඩා වඩා ගැනීම අපේ සංචාරක කර්මාන්තයට වගේම රටේ නමටත් හොඳ දෙයක් නෙමෙයි.

අද වනවිට ලංකාවට ඉන්දියානුවන් මෙන්ම චීන ජාතිකයින්ද වැඩි වශයෙන් පැමිණෙනවා. මුස්ලිම් ජාතික අරාබි ජාතිකයින්ද ලංකාවේ සිරි නරඹන්නට වැඩි වශයෙන් එනවා. සුද්දන්ගෙන් එහාට අද අපේ සංචාරක කර්මාන්තය පැතිරිලා ගිහින් තියෙනවා. කොහොම වුනත් ආකල්පීය වශයෙන් අපි සුද්දා දෙස තවත් ආගන්තුක ජාතිකයෙක් ලෙස නොව අපිට පුරුදු ලෙංගතු ආකාරයෙන් සුද්දා දකින්නට හුරුවීම අපේ සංචාරක කර්මාන්තයට හොඳ අනාගත වටිනාකමක් එකතු කරාවි.

 
Cover Image Source – travelandleisure.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *