කාම සූත්‍රය සිංහලෙන් – තිස් පස් වැනි කොටස

මේ ලිපි පෙළේ පැරණි ලිපි මගහැරුණානම් පහත ලින්ක් වලින් ඒවා කියවලාම මෙතැනට එන්න…

කාම සූත්‍රය සිංහලෙන් 1 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 2 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 3 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 4 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 5 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 6 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 7 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 8 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 9 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 10 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 11 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 12 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 13 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 14 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 15 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 16 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 17 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 18 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 19 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 20 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 21 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 22 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 23 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 24 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 25 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 26 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 27 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 28 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 29 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 30 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 31 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 32 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 33 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 34 කොටස

 

ඔන්න අපි අද කාම සූත්‍රයේ තවත් අලුත් ප්‍රකරණයක් කියවන්න යන්නේ. මේ ප්‍රකරණය වත්ස්‍යායන පඬිතුමා හඳුන්වලා තියෙන්නේ බාලෝපක්‍රම – ඉංගිතාකර සූචන ප්‍රකරණය කියලා. මේ ප්‍රකරණය තුළින් තමන්ට ගැලපෙන කන්‍යාවක් ලබා ගන්න කටයුතු කරන්නේ කොහොමද කියන එක ගැන සාකච්ඡා වෙනවා. විශේෂයෙන් ම කුඩා කාලයේ පටන් තමන් විවාහ වෙන කාන්තාව තෝරාගෙන ඒ සඳහා කටයුතු කළ යුතු ආකාරය ඒ ගැන තමයි සඳහන් වෙන්නේ.

වත්ස්‍යායන පඬිතුමා ආරම්භයේදී මෙහෙම කියනවා. සල්ලි බාගේ අඩු කුලවත් ගුණවත් තැනැත්තෙකුට වුණත් තමන් කැමති වෙන ආකාරයේ කාන්තාවක් විවාහ කර ගැනීම දුෂ්කර වෙනවා. ඒ වගේම සාමාන්‍ය තරමේ මුදල් හදල් තිබ්බට ගුණවත් කුලවත් නැත්නම් තමන් කැමැති වර්ගයේ කාන්තාවක් ලබා ගැනීමත් අපහසුයි. ඒ වගේම ධනවත් වුණත් කුලවත් ගුණවත් නැත්නම් දෙමව්පිය සොහොයුරන්ගේ රැකවරණය යටතේ සිටින කාන්තාවක් ලබා ගැනීම අපහසු කාර්යයක් බවට පත් වෙනවා. ඒ වගේ අවස්ථාවල දී ඥානාන්විතව කටයුතු කළ යුතු වෙනවා කියලා වත්ස්‍යායන පඬිතුමා  කියනවා.

ඊළඟට ගාන්ධර්ව නම් විවාහ ක්‍රමය ගැන වත්ස්‍යායන පඬිතුමා විස්තර කරනවා. කුඩා කාලයේ ඉඳන් ම දන්නා හඳුනන දෙදෙනෙකු අතර ඇතිවෙන ආදරය නිසා සිදුවන විවාහය ගාන්ධාර විවාහය විදිහට හඳුන්වනවා. තමන් සමග නිතරම සමීපව ඇසුරු කරන පුද්ගලයා කෙරෙහි ආකර්ෂණය වන තරුණිය නිරායාසයෙන් ම එවැනි විවාහයකට කැමැත්ත පළ කරනවා.

එවකට ඉන්දියාවේ දක්ෂිණපථය කියන ප්‍රදේශයේ කුඩා කාලයේ ඉඳලම එකට හැදී වැඩීම නිසා නෑනා මස්සිනා විවාහ සුලභ වුණා කියලා මෙහි කියවනවා.

මේ වගේ තමන්ට ඥාතී වෙන පවුලකින් නොවුනත් වෙනත් පවුලකින් වුණත් මේ ආකාරයට කුඩා කාලයේ ඉඳන්ම සම්බන්ධතා ඇතිකර ගැනීමෙන් අවාහ විවාහ සිදු කර ගන්න පුළුවන් කියලා සඳහන් වෙනවා. ඝෝටමුඛ පඬිතුමා මේ වගේ විවාහ අතිශයින් අගය කරනවා.

කුඩා කාලයේ පටන්ම ඇය සමඟ මල් නෙළීම, මල් ගෙතීම, සෙල්ලම් ගෙවල් හැදීම, සෙල්ලම් බඩු හැදීම වගේ දේවල්වල නිරත විය යුතු වෙනවා.

ඊට පස්සේ ටිකෙන් ටිකෙන් ටික වැඩිවියට පත්වෙද්දී කඹ ඇදීම, රෙදි විවීම, හැංගි මුත්තන් වගේ ක්‍රීඩා සාමූහික වශයෙන් කළ යුතු වෙනවා. ඊට පස්සේ වත්ස්‍යායන පඬිතුමා ඒ කාලයේ ඉන්දියාවේ ප්‍රසිද්ධ වෙච්ච ඒ වගේ ක්‍රීඩා කිහිපයක් ගැන සඳහන් කරලා තියෙනවා.

දැන් කෙමෙන් කෙමෙන් කෙමෙන් තරුණියගේ විශ්වාසය දිනා ගෙන ඇගේ ගති පැවතුම් සහ සිතුම් පැතුම් පිළිබඳ ව අවබෝධයක් ලබා ගත යුතු වෙනවා.

ඒ වගේම ඇගේ සමීපයේ යම්කිසි ස්ත්‍රියක් ඉන්නවනම් (උදාහරණයක් විදිහට සේවිකාවක් හරි) ඇය සමඟ හොඳ සබඳතාවක් ගොඩනඟා ගත යුතු වනවා. ඇතැම් විට  එවැනි තැනැත්තියක් මේ වගේ සම්බන්ධතාවලට තරුණයාගේ ඉල්ලීමක් නැතුව වුණත් රුකුල් දෙන්න පුළුවන්.

සමහර අවස්ථා වලදී තරුණයා නොමැති තැන්වල දී ඔහුගේ ගුණ වර්ණනා කරමින් තරුණියගේ සිතේ ඔහු කෙරෙහි ආශාවක් ඇති වන ආකාරයෙන් එවැනි සේවිකාවන් කටයුතු කරනවා.

තරුණියට කලාතුරකින් ලැබෙන ආකාරයේ දේවල් තෑගි ලෙස ලබාදිය යුතු වෙනවා. උදාහරණයක් විදිහට විවිධ චිත්‍ර වර්ග, කුරුළු කූඩු, රෙදි පිළි වර්ග ආදී ඇයගේ කැමැත්තට හේතු වන ආකාරයේ ඕනෑම දෙයක් ඇය වෙත තෑගි ලෙස ලබාදිය යුතු වෙනවා.

සමහර අවස්ථාවලදී සියලු දෙනාටම හොර රහසේ ඇයට තෑගි ලබා දිය යුතු වෙනවා.  මේ වගේ තෑගි ඇයට දුන් බව ඇගේ දෙමව්පියන්ට ආරංචි වුණොත් ඔවුන් දෙදෙනා පිළිබඳව යම් වැරදි මතයක් ඇති වනු ඇතැයි තමා බියට පත්වන ආකාරයක් හඟවන්න අවශ්‍ය වෙනවා.

මේ විදිහට කෙමෙන් කෙමෙන් සම්බන්ධතාවය ගොඩනැගෙද්දි ඇය සමඟ කතාබහ වැඩි කරගත යුතු වෙනවා.

ඇය ගීතයක් ඇසීමට ප්‍රිය කරයි නම් එවැනි ගීත ගායනා කිරීම හෝ එවැනි ගීත ඇසෙන තැන්වලට ඇයව රැගෙන යා යුතු වෙනවා. දෙමාපිය අවසරය සහිතව විවිධ උත්සව සඳහා ඇයව සහභාගි කර ගනිමින් ඇයව පුදුමයට පත් කෙරෙන අන්දමේ ත්‍යාග ලබා දිය යුතු වෙනවා.

අපි මේ ප්‍රකරණය ලබන සතියේ කියවලා ඉවර කරමු. එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ගැන අදහස් ලැජ්ජාව නිසා පළ නොකළත්, විවිධ අය එක්ක මේ ආටිකල් එක ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *