මේ ලිපි පෙළේ පැරණි ලිපි මගහැරුණානම් පහත ලින්ක් වලින් ඒවා කියවලාම මෙතැනට එන්න…
ඔන්න එහෙනම් අපි ගිය සතියෙන් පටන් ගත්ත ප්‍රකරණය මේ සතියෙන් කියවල ඉවර කරමු.
යම් විදිහකින් මනාලිය දැඩි ලෙසම ලැජ්ජාසහගත තැනැත්තියක් නම් මනාලියගේ විශ්වාසදායක යෙහෙළියක් මැදිකරගෙන ඇය සමග කතාබහ ආරම්භ කරන්න ඕනෑ කියලා වත්ස්‍යායන පඬිතුමා කියනවා. විශේෂයෙන් එහෙම කතා කරද්දී මනාලියගේ යෙහෙළිය සමග බහින් බස් වෙන මට්ටමට කතා බහ ගෙනියන්න ඕන කියලා සඳහන් කෙරෙනවා. ඒ අවස්ථාවේ දී යෙහෙළිය මනාලයාට පිළිතුරු ලෙස මනාලිය විසින් කිසිදා නොකළ දෙයක් හෝ මනාලයා පිළිබඳව කිසිදා නොකියූ දෙයක් පැවසිය යුතු වෙනවා. එවිට සිද්ධවෙන්නේ මනාලියට තමන්ගේ යෙහෙළිය කියපු දේ ප්‍රතික්ෂේප කරන්න සිද්ධ වෙන එක.
යම් විදිහකින් මනාලිය තව දුරටත් කතාබහ නොකර ඉන් වැළකිලා ඉන්න උත්සාහ කරනවා නම් මනාලිය ලවා යම් යම් වැඩ කරවා ගන්න උත්සාහ කළ යුතු වෙනවා. ඒ කාලේ විදිහට නම් මනාලයාට බුලත්විටක් ගෙන ඒම, උතුරු සළුව පැළඳීම වැනි දේවල් මනාලිය ලවා කර ගන්න වෙනවා. බ්‍රාහ්මණ සම්ප්‍රදායන් අනුව මනාලිය කතාබහ නොකරම මනාලයාට අවශ්‍ය කටයුතු ඉෂ්ඨ කරනවා.
ඒ අවස්ථාවේදී මනාලයා උපක්රමශීලීව බුලත් පිළිගැන්වීම එහෙමත් නැත්නම් උතුරුසළුව පළඳද්දී ඇගේ පියයුරු සෙමෙන් සෙමෙන් ස්පර්ශ කිරීම ආරම්භ කළ යුතු වෙනවා.
එසේ කිරීම මනාලිය විසින් වළක්වනවා නම් “ඔයත් ඒ විදියටම කරන්න එහෙම වුනොත් මම ආපහු මෙහෙම කරන්නේ නෑ” කියලා චාටු බස් කියමින් නැවත නැවතත් ඇගේ ශරීරය ස්පර්ශ කළ යුතු වෙනවා. කෙමෙන් කෙමෙන් තමන්ගෙ අත නාභිය ප්‍රදේශය දක්වා ගෙන ගිහිල්ලා නතර කරලා ඇයව උකුලට ගත ගත යුතු වෙනවා. ඒ අවස්ථාවේදී ඒ සඳහා ඇය ඉඩකඩක් ලබා දීමෙන් වළකිනවා නම් තව තවත් ඇයව ස්පර්ශ කිරීමෙන් උත්තේජනය කළ යුතුයි.
මේ කිසිම දෙයක් හරි ගියේ නැත්තන් අවසානයේදී මම ඔයාගේ තොල්වලයි පියයුරුවලයි නිය සහ දත් සලකුණු තියලා මගේ තොල් වලයි අතේයි මම ඒ වගේ සලකුණු තියාගෙන ඔයා තමයි ඒ දේ මට කළේ කියලා මම ඔයාගේ යහලුවන්ට කියනවා වගේ තර්ජන කළ යුතු වෙනවා.
මේ විදිහට විශ්වාසය වර්ධනය වුණාට පස්සේ දෙවැනි සහ තෙවෙනි දවස්වලදී ඇගේ මුළු සිරුරම අත ගෑමත් සිප ගැනීමත් කළ යුතුයි.
මේ ආකාරයෙන් අතපත ගෑම් වලට ඇය හුරු උනාම ඇගේ කලවා ප්‍රදේශය අල්ලන ගමන් ඇගේ කලවා මුල සම්බාහනය කිරීම ආරම්භ කළ යුතු වෙනවා. ඊට ඇය බාධා කරනවා නම් එසේ කිරීමේ වැරැද්ද ඇගෙන් ඇසිය යුතු වෙනවා. කෙමෙන් කෙමෙන් ඇය අවනත වුණාට පස්සේ ඇගේ රහස් ප්‍රදේශවලට අත යැවිය යුතු වෙනවා.
ඇයගේ ආභරණ සහ සළුපිළි ලිහීම මේ විදිහටම ස්පර්ශ කිරීම සිදු කරනා ආකාරයට කළ යුතු වෙනවා.
සංසර්ගයේ යෙදීමේදි අනිවාර්යයෙන්ම එකිනෙකා අතර අවබෝධයෙන් සහ ප්‍රසන්න අත්දැකීමක් වන පරිදි කළ යුතු වෙනවා.
විශේෂයෙන්ම ඇය සමග විවිධ දේවල් පිළිබඳව කථා කිරීම මගින් ඇගේ බය පහකර දැමීමට පුළුවන්.
ඊට පස්සේ වත්ස්‍යායන පඬිතුමා ඉතා වැදගත් උපදෙස් කිහිපයක් ලබා දෙනවා
ඒ මේවායි
1. සෑම අවස්ථාවකදීම කන්‍යාවගේ රුචි අරුචිකම් තේරුම් ගෙන ඊට සරිලන පරිදි මනාලයා විසින් උපක්‍රම සකස් කර ගත යුතු වෙනවා. එසේ කිරීමෙන් ඇගේ විශ්වාසය දිනා ගැනීමේ හැකියාව ලැබෙනවා
2. අතිධාවනකාරී වීම නිසා හෝ මන්දගාමී වීම නිසා කන්‍යාවන් සම්බන්ධ කටයුතු සාර්ථක භාවයට පත්වෙන්නේ නැහැ. එම නිසා සෑම විටම මධ්‍යස්ථ ලෙස කටයුතු කිරීම ඉතා වැදගත්
3. යම් කිසි පුද්ගලයෙක් ස්ත්‍රීන් අතර තමන්ගේ ගෞරවය වර්ධනය කිරීමටත් සමත් වෙනවා නම් ඔහුට පහසුවෙන් කන්‍යාවන් සමඟ කටයුතු කිරීමේ හැකියාව ලැබෙනවා.
4. යම් පුද්ගලයෙක් තමන්ගේ මනාලිය අතිශයින්ම ලැජ්ජා සහගත කාන්තාවක් යයි ඇය සමග සංසර්ගය ප්‍රමාද කරන්නේ නම් ඔහු මෝඩ පුද්ගලයෙක් විදිහට සමාජය විසින් හංවඩු ගැහෙනවා
5. යමෙක් කන්‍යාවකගේ මානසික තත්ත්වය නිසි ලෙස තේරුම් නොගෙන ඇයට බලහත්කාරකම් කරන්නේ නම් ඔහු ඇයගේ වෛරයට ලක් වෙනවා.
6. මෙවැනි අත්දැකීම්වලට මුහුණ දුන් තැනැත්තිය සමස්ත පුරුෂ වර්ගයා කෙරෙහිම වෛරීසහගත ආකල්පයක් ඇතිකර ඇතිකර ගන්නා අතර ඇතැම් විට තම සැමියා පවා හැර යාමට පෙළඹෙනවා.
එහෙමනම් ඔන්න ඔය විදිහට කාම සූත්‍රයේ තවත් ප්‍රකරණයක් අපි අද කියවලා ඉවර කරනවා. තවත් අලුත් ප්‍රකරණයක් සමග ලබන සතියේ අපි මුණගැහෙමු.
Leave a Reply