කාම සූත්‍රය සිංහලෙන් – තිස්වෙනි කොටස

මේ ලිපි පෙළේ පැරණි ලිපි මගහැරුණානම් පහත ලින්ක් වලින් ඒවා කියවලාම මෙතැනට එන්න…

 

කාම සූත්‍රය සිංහලෙන් 1 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 2 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 3 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 4 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 5 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 6 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 7 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 8 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 9 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 10 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 11 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 12 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 13 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 14 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 15 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 16 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 17 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 18 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 19 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 20 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 21 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 22 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 23 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 24 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 25 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 26 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 27 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 28 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 29 කොටස

 

ගිය සතියේ රතිරම්භාවසනික ප්‍රකරණය කියවලා ඉවර කරන්න හිතාගෙන හිටියට ඒ ප්‍රකරණය කියවලා ඉවර කරන්න අපිට බැරි වුණා. අද එහෙනම් ගිය සතියේ කරල ඉවර කරන්න බැරි වුණ ඒ වැඩේ කරමු.

 

යම්කිසි ස්ත්‍රියක් පුරුෂයකු කෙරෙහි දැඩි කැමැත්තක් තියෙනවා නම් ඔහු කරන සියලුම දේ ඉවසන්නේ නැහැයි කියලා වත්ස්‍යායන කියනවා. උදාහරණයක් විදිහට ඒ පුරුෂයාගේ යම් අප්‍රසන්න ගති පැවතුමක් තියෙනවා නම්, (සමහරක් විට සෞඛ්‍ය පුරුද්දක් වෙන්න පුළුවන්) අනියම් බිරිඳක් නම් ඇය ඉදිරියේ පුරුෂයාගේ පළමු බිරිය සහ ඔහු ආශ්‍රය කරන වෙනත් කාන්තාවන් ගැන කතා කිරීම, ඇතැම්විට නම කීම පවා ඇය ඉවසන්නේ නැහැ.

ඒ වගේම ඒ ස්ත්‍රිය ඉදිරියේ අනෙකුත් ස්ත්‍රීන් සමග කතා කිරීම සහ ඔවුන් ආශ්‍රය කිරීම ඇය ඉවසන්නේ නැහැයි කියලා සඳහන් වෙනවා.

මේ වගේ ප්‍රේමය මූලික කරගත්ත සිත් පීඩා ඇති වුණාම ස්ත්‍රීන් දැඩි ලෙස ලෙස ආවේගශීලී ආකාරයට හැසිරෙන්න ගන්නවා. ඒ දවස් වල ස්වභාවය අනුව වත්ස්‍යායන කියන්නේ තමන්ගේ හිස කෙස් සරසා තිබෙන මල්මාලා ආදිය කඩා දමමින්, හඬා වැළපෙමින්, ආභරණ ආදිය ඉවත් කර ගනිමින්, අසුනෙන් නැගිට එහා මෙහා යමින් සහ ඇතැම්විට බිම පෙරළෙන්න පවා එම ස්ත්‍රීන් කටයුතු කරනවා කියලා.

මේ වගේ අවස්ථාවකදී දෙපාරක් හිතන්නේ නැතුව පුරුෂයා ඇගෙන් සමාව ගත යුතුයි කියලා  කියලා වත්ස්‍යායන නිර්දේශ කරනවා. ඒ වගේම වගේම තමන්ගේ ආත්මාභිමානය ගැන තැකීමක් කරන්නේ නැතුව ඇගේ දෙපා මුල වැඳ වැටිලා වුණත් සමාව ඉල්ලන්න පැකිලෙන්න එපා කියලා ඔහු කියනවා.

මේ අවස්ථාවේදිම ස්ත්‍රිය ඔහුට සමාව දෙයි කියලා හිතන්න එපා කියලා වත්ස්‍යායන  කියනවා. ඔහු ඒ අවස්ථාවේ දී ස්ත්‍රියගේ හැසිරීම මෙබඳු ආකාරයෙන් යුක්තයි කියලා මෙන්න මේ විදිහට කියනවා. ඔහුට අනුව ඒ අවස්ථාවේදී තවත් ආවේගශීලී වන ස්ත්‍රිය පුරුෂයාට පහර දෙන්න වුණත් කටයුතු කරනවා. ඔහුගේ කෙස් වැටියෙන් අල්ලගෙන අතින් පයින් පහර දීලා දොරකඩ ගාවට ගිහිල්ලා අඬන්න පටන් ගන්නවලු.

මේ අවස්ථාවේ දී දන්තක පඬිතුමා කියලා තියෙන විදිහට පුරුෂයා දොරකඩ ගාවට ගිහිල්ලා ඇයව සනසන්න කටයුතු කළ යුතු වෙනවා. නමුත් තවදුරටත් ඇය හිතුවක්කාර ස්වභාවයක් පෙන්නුම් කළත් හිත යටින් පුරුෂයා කෙරෙහි තිබුණු දැඩි ආකල්පය මෘදු ආකල්පයක් බවට පත්වෙමින් තියෙනවා. මේ අවස්ථාවේ දී ඇය තමන්ට දැඩි ලෙස ආදරය කළ නිසයි මේ විදිහට හැසිරෙන්නේ කියන අදහස පුරුෂයා විසින් ඇයට පවසන්න ඕන. මින් තවත් සතුටට පවා පත් වන ඇය ඒ බව නොපෙන්වා ඔහුට තවදුරටත් රළු ආකාරයෙන් කතා කරනවා. නමුත් අවසානයේදී ඇය විසින්ම ඔහුව වැළඳ ගන්නවා.

ඇතැම් විට මෙවැනි ගැටුම් දුර දිග යෑම නිසා මේ ස්ත්‍රිය පුරුෂයාව හැර දාලා තමන්ගෙ නිවසට වුණත් යන්න පුළුවන්. මේ අවස්ථාවේදීත් පුරුෂයා ඇගේ නිවසට ගිහිල්ලා මේ ආකාරයටම හැසිරිලා නැවතත් ඇයව කැඳවාගෙන එන්න කටයුතු කරන්න ඕන.

බිරිඳ නොවන වෙනත් ස්ත්‍රියක් නම් පුරුෂයා විසින් ඇය වෙත යවන ලද පීඨමර්ද, විට, විදූෂක වගේ පිරිස්වල උපදෙස් අනුව කෝපය සංසිඳවා ගෙන නැවතත් පුරුෂයා කරා පැමිණෙනවා කියලා වත්ස්‍යායන කියනවා.

මේ ප්‍රකරණයේ අවසාන වශයෙන් වත්ස්‍යායන  මෙන්න මේ අදහස් කීපය සඳහන් කරලා තියෙනවා.

බ්‍රාභ්‍යවය පඬිතුමා විසින් සඳහන් කරලා තියෙන සූසැට කලා දන්න පුරුෂයෙක් හට තමන්ගේ බලාපොරොත්තු සඵල කර ගැනීමට හැකියාව ලැබෙනවා.

මොන ශිල්ප ශාස්ත්‍රය දැන ගත්තත් යම්කිසි පුරුෂයෙක් මේ සූසැට කලාවන් දන්නේ නැත්තම් ස්ත්‍රීන් ඔහුට ප්‍රිය වෙන්නේ නැහැ.

මේ ආකාරයෙන්ම කිසිදු ශිල්ප ඥානයක් නැති පුද්ගලයෙක් වුණත් කාම කලාවන් පිළිබඳව දන්නවා නම් ස්ත්‍රීන් අතර මුල් තැන ඔහුට ලැබෙනවා.

කාම කලාව කෙරෙහි උගතුන් පමණක් නොව ගණිකාවන් සහ නොයෙකුත් විෂමාචාර ඇති පුද්ගලයන් පවා ගෞරව දක්වනවා.

මේ කාම කලාව හැදෑරීම ඕනෑම පුද්ගලයෙකුට සෞභාග්‍යය ලබා දෙනවා. එම පුද්ගලයාව ස්ත්‍රීන්ට ප්‍රිය කරවනවා.

මේ කාම කලාව දන්නා පුද්ගලයාට තමන්ගේ බිරිඳ, අනියම් බිරිඳ සහ ගණිකාව ආදී බොහෝ ස්ත්‍රීන් ප්‍රිය කරනවා.

 

එහෙම නම් ඔන්න මේ විදිහට රතිරම්භාවසනික ප්‍රකරණය නිමා වනවා. ලබන සතියේ ඉඳන් අපි වරණ විධාන සම්බන්ධ නිශ්චය ප්‍රකරණය කියවමු.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *