ප්ලේන් ටී එකක් එක්ක නියමෙට මැච් වෙන ස්නැක් රෙසිපි 7ක්

ගෙදර ඈයොත් එක්ක කයියක් ගහන් ඉන්න වෙලාවක බොන ප්ලේන්ටිය එක්ක හපන්න මොනාහරි තිබ්බොත් ඉතින් ආයෙ කියලා වැඩක් නෑනේ. ඔන්න ඉතින් අද ගෙනාවා ප්ලේන්ටියකටම සෙට් වෙන ස්නැක් රෙසිපි ටිකක්. හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. හැමෝම ට්‍රයි කරලා බලන්න. 

 

1. පොටෙටෝ චීස් ඩෝනට්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. තම්බාගත් අලගෙඩි 2
  2. කෝන්ෆ්ලා කෝප්ප 1/2
  3. කෑලිමිරිස් තේ හැඳි 1
  4. වියළි ඔරිගානෝ තේ හැඳි 1
  5. ලුණු ටිකක් 
  6. ඔලිව්තෙල් ටිකක් 
  7. රවුමට කපාගත් ළූණු රවුම් කිහිපයක් 
  8. බිස්කට් කුඩු කෝප්ප 1
  9. තීරු කපාගත් චීස් ස්ලයිසස් කිහිපයක් 

 

බැටර් එකට

 

  1. පාන්පිටි මේස හැඳි 2
  2. කෝන්ෆ්ලා මේස හැඳි 2
  3. ලුණු ටිකක් 
  4. වතුර

 

  • අල ටික ග්‍රේට් කරගන්න. මේකට කෝන්ෆ්ලා, කෑලිමිරිස්,ඔරිගානෝ හා ලුණු දාලා ඩෝ එක අනාගන්න. මේකට ඔලිව්තෙල් ටිකක් දාලා අතේ නොඇලෙන ඩෝ එකක් හදාගන්න. 
  • බැටර් එකට අදාල සියල්ලම දාලා තික් බැටර් එකක් හදාගන්න. 
  • ළූණු රවුමක් අරගෙන මේක ඇතුලෙන් චීස් තීරු වටේටම අතුරන්න. ඊළඟට හදාගත්තු ඩෝ එකෙ අරන් පොඩ්ඩක් මේ ළූණු රවුම ඇතුළට පැතලියට පුරවගන්න. මැදින් ඩෝනට් එකේ වගේ හිලක් හදාගන්න. 
  • දැන් ඩෝ එකෙන්ම ටිකක් අරන් ළූණු රවුම වටෙත් කවර් කරගන්න. මේක බැටර් එකේ දාලා බිස්කට් කුඩු තවරගෙන රත්වුණු තෙලට දාලා රන්වන්පාට වෙනකල් බැදගන්න. 

 

2. අනියන් පකෝඩා

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ලියාගත් ළූණු ගෙඩි 2
  2. බිත්තර 2
  3. ලුණු හා ගම්මිරිස්කුඩු 
  4. මිරිස්කුඩු තේ හැඳි 1
  5. කඩලපිටි මේස හැඳි 1
  6. බැදීමට තෙල්

 

  • ළූණු වලට ඉහත සියල්ලම දාලා කලවම් කරන්න. ගොඩක් තික් නම් විතරක් වතුර මේස හැඳි 1ක් වගේ දාගන්න. 
  • හොඳට කලවම් කරලා රත්වුණු තෙලට මේකෙන් හැන්ද ගාණේ දාල රන්වන් පාට වෙනකල් බැදගන්න. 

 

3. පොටෙටො ස්නැක්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තම්බාගත් අලගෙඩි 3
  2. හාල්පිටි මේස හැඳි 3
  3. කහකුඩු තේ හැඳි 1/4
  4. මිරිස්කුඩු තේ හැඳි 1
  5. ලුණු ටිකක් 

 

  • අල ටික හොඳට ග්‍රේට් කරගන්න. මේකට හාල්පිටි ටික දාගන්න. අනික් සියල්ලම දාලා අනලා සොෆ්ට් ඩෝ එකක් හදාගන්න. 
  • අතේ තෙල් ටිකක් ගාලා ඩෝ එකෙන් පොඩි බෝල හදාගන්න. දැන් මේ ටික ගැඹුරු තෙලේ රන්වන්පාට වෙනකල් බැදගන්න. 

 

4. ස්වීට් බොන්ඩා

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. සීනි කෝප්ප 1/2
  2. කරදමුංගු ඇට 2
  3. බිත්තර 1
  4. පාන්පිටි කෝප්ප 1
  5. රුලං මේස හැඳි 1
  6. බේකින් සෝඩා පින්ච් එකක
  7. ලුණු ටිකක් 

 

  • සීනි, බිත්තර හා කරදමුංගු ටික බෝල් එකකට දාලා සීනි දියවෙනකල් විස්ක් කරගන්න. ඊළඟට මේකට පාන්පිටි ටික දාගන්න. කලවම් කරලා රුලං ටික දාගන්න. බේකින් සෝඩා හා ලුණු දාලා වතුර මේස හැඳි 1ක් වගේ දාලා කලවම් කරන්න. 
  • දැන් මේ හදාගත්තු ඩෝ එක විනාඩි 10ක් වහලා තියන්න. අතේ තෙල් ටිකක් ගාගෙන පොඩි බෝල හදාගන්න. 
  • තෙල් ටිකක් ලිපේ තියලා මේ බෝල ටික ගැඹුරු තෙලේ රන්වන්පාට වෙනකල් බැදගන්න. 

 

5. ක්‍රිස්පි මශෲම්ස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තීරුවට කඩාගත් මශෲම් පැකට් 1
  2. බිත්තර 2
  3. මිරිස්කුඩු තේ හැඳි 1
  4. ලුණු හා ගම්මිරිස්කුඩු 
  5. කහකුඩු තේ හැඳි 1/4
  6. තක්කාලි සෝස් තේ හැඳි 3

 

තැවරුමට

 

  1. කඩලපිටි කෝප්ප 1
  2. පාන්පිටි කෝප්ප 1/4
  3. මිරිස්කුඩු තේහැඳි 1
  4. ලුණු හා ගම්මිරිස්කුඩු 

 

  • මශෲම් ටික ලුණු වතුරෙ ටිකක් වෙලා දාලා තියලා සෝදලා ගන්න. බෝල් එකකට බිත්තර, මිරිස්කුඩු, කහකුඩු, ලුණු, ගම්මිරිස් හා සෝස් දාලා කලවම් කරගන්න. 
  • වෙනම බෝල් එකකට කඩල පිටි, පාන්පිටි හා අනික් සියල්ලම දාලා විස්ක් කරගන්න. 
  • මශෲම් එකින් එක අරන් බිත්තර මිශ්‍රණයෙ දාලා කඩල පිටි මිශ්‍රණයෙ දවටගන්න. දැන් මේවා එකින් එක රත්වුණු තෙලට දාලා රන්වන්පාට වෙනකල් බැදගන්න. 

 

6. හාල්පිටි ස්නැක් එකක්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. හාල්පිටි කෝප්ප 1
  2. චොප්කරගත් ළූණු ගෙඩි 1/4
  3. ලුණු හා ගම්මිරිස්කුඩු 
  4. කෑලිමිරිස් ටිකක් 
  5. මිරිස්කුඩු ටිකක් 

 

  • මේ සියල්ලම දාලා වතුර චුට්ටක් දාලා තික් බැටර් එකක් හදාගන්න. 
  • ඊළඟට මේක හැන්දකින් අරන් රත්වුණු තෙලට දාගන්න. 
  • අතිරස වගේ පැතලියට එනවා පෙනෙයි. දෙපැත්ත රන්වන්පාට වෙනකල් බැදගන්න. 

 

7. ක්‍රිස්පි පැස්ටා

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තම්බාගත් පැස්ටා කෝප්ප 1
  2. පාන්පිටි කෝප්ප 1/4
  3. මිරිස්කුඩු තේ හැඳි 2
  4. කහකුඩු තේ හැඳි 1/4
  5. ලුණු හා ගම්මිරිස්කුඩු 
  6. මසාලා කුඩු තේ හැඳි 1
  7. බැදීමට තෙල්

 

  • මිරිස්කුඩු තේ හැඳි 1 ¾, කහකුඩු, ලුණු, ගරම් මසාලා කුඩු එකට කලවම් කරගන්න. 
  • තම්බාගත් පාස්ටා වලට පාන්පිටි හා මිරිස්කුඩු තේ හැඳි 1/4ක් වගේ දාගන්න. මේක හොඳට කලවම් කරගන්න. 
  • දැන් ‍රත්වුණු තෙලට පාස්ටා දාලා රන්වන්පාට වෙනකල් බැදගන්න. 
  • තෙල් බේරෙන්න තියලා මේකට හදාගත්තු මිරිස්කුඩු හා මසාලා මිශ්‍රණය දාලා කලවම් කරගන්න. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *