තමතමුන්ගෙ කැමැත්තට මස් නොකා මාළු පමණක් කෑම, බත් නොකෑම, වෙජිටේරියන් වීම, මස් පමණක් කෑම කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතිං අපේ වගේ සමාජයක් එක්ක ඔය වගේ වැඩ කරන එක හරිම අමාරුයි. මොකද අපේ අය අනෙකාගෙ ජීවිතේට ඇඟිලි ගහන්න හරිම ආසයිනෙ. අන්න ඒ නිසාම තමයි අපි කියන කටුවලින් බොහෝමයක්ම වෙජිටේරියන් ඈයොන්ට කන්න වෙන්නෙ. හැබැයි අමාරුවෙන් හරි තමුන්ගෙ කැමැත්ත ගොඩ දාගෙන යන ඒ අයට අපේ ප්‍රසාදය!
1. කිංඩි

Source – cooking.nytimes.com
මස් කන මිනිස්සු වෙජිටේරියන් මිනිස්සු ගැන අමුතු කුහක කේන්තියකින් ඉන්නවද කියලත් ඒ අය වෙජිටේරියන් බුවාලට කියන කරන දේවල්වලින් හිතෙනව. උදාහරණෙකට වෙජිටේරියන් මිනිහෙක් මිරිස් සැරට හොදි ටිකක් දාගත්තොත් මාළු ගිලිලා ඉඳලා තැම්බිච්ච හොද්ද උඹට කන්න හොඳද? ඇයි ඔච්චර අකමැතිනං චිකන් රසට තියෙන සෝයාමීට් ගන්නෙ? ඇයි උඹලගෙ මහ ලොකු වෙජිටේරියන් ගෙදර පරිප්පුව චිකන් රසට හදන්න චිකන් කියුබ් දාන්නෙ? වගේ කතා නිතර ඇහෙනව. ඇත්තටම ඉතිං මනුස්සයෙක් ඒ මනුස්සයට ඕන විදියට කන කෑම වෙනස් කරගත්තට අනිත් අයට මොකද? ඕකට වෙජිටේරියන් අයගෙ පැත්තෙනුත් එක වැරදි උඩගෙඩි දීමක් සිද්ධ වෙනව. ඇයි ඉතිං බොහෝමයක් වෙජිටේරියන් ඇත්තො දකින දකින මනුස්සයට තමුන් වෙජිටේරියන් කියල කියන්න යනවනෙ.
2. රෙකමන්ඩේෂන්

Source – videoblocks.com
සමාජෙ තවත් ඉන්න සෙට් එකක් තමයි මේ තමුන් කරන දේම අනුනුත් කරන්න ඕන කියල හිතන අය. ඒ කියන්නෙ තමුන් එක්සසයිස් කරන්න පටන් ගත්තොත් ලෝකෙටම කියනව උඹලත් දැන් එක්සයිස් කරපල්ල කියල. ඉතිං මේ විදියෙ බුවාලට වෙජිටේරියන් අය හම්බුනොත් කනක් ඇහෙන්න වෙන්නෙ නෑ. දැන් මස් ගොවිපොළෙන් නෙමෙයි එන්නෙ. මේ ලැබ් එකේ හදන මස්. අර රසමයි. වගේ කතා තමයි ඒ අය කියන්නෙ. එයාලටත් ඕන මස් නොකන අයටත් මස් කවන්න. බිත්තර නොකන අයටත් බිත්තර කවන්න. ඒ අය කියන දේ කනකට නොගත්තොත් ඒ අය පටන්ගන්නව උඹල සත්තුන්ට කන්න තියෙන කෑම කන හින්ද සත්තු මැරෙන එක ඊට වඩා පවු වගේ කතා කියන්නත්.
3. දොස්තර කියන කතා

Source – nearsay.com
වෙජිටේරියන් ඈයොන්ට ලොකුවටම කන්න වෙන කට්ටක් තමයි මේ. ඇත්තටම අසනීපයක් වෙලා ඩොක්ට කෙනෙක් ගාවට ගියාම එයා අපෙන් අහන්නෙ නැහැනෙ අපි මස් මාළු බිත්තර නොකනවද කියල. එයා අපෙන් වැඩිම වුනොත් අහන්නෙ ඩ්‍රින්ක් එකක් දානවද? එහෙමත් නැත්තං බෙහෙත් ඇලර්ජීස් තියෙනවද? කියලයි. ඉතිං එහෙම කියන දොස්තර මහත්තයා, ශරීරයේ නොයෙක් ඌනතා ගැන කියල මේකට දවසට බිත්තරයක් කන්න, හවසට එළු සුප් ටිකක් බොන්න වගේ දෙයක් කිවුවම වෙජිටේරියන් අයියලගෙ ඇස් උඩ යනව.
4. චිකන්ද? ෆිෂ්ද?

Source – huffingtonpost.com
කඩේකට වෙජිටේරියන් මනුස්සයෙක් ගියාම ඇති වෙන දෙබසක් ගැන කියලම මේ කතාව ලියන්නම්.
වෙජි – බත් කන්න මොනවද තියෙන්නෙ?
වේටර් – මස් මාළු බිත්තර ඕන එකක්
වෙජි – එහෙම නෙමෙයි එළවලු මොනවද තියෙන්නෙ?
ඔන්න මහත්තයො තත්ත්වෙ. මනුස්සයෙක් සාමාන්‍යයෙන් කඩේකට බත් කන්න ගියාම තියෙන්නෙ මොනවද කියල ඇහුවොත් කියන්නෙ මස් මාළු ජාති ටික තමයි. හැබැයි වෙජි බුවෙකුට ඕක හුරු මදියි. අන්න ඒ නිසාම එයා කන්න මොනවද තියෙන්නෙ කියල ඇහුවම දෙන උත්තරෙන් ලොකු අපහසුතාවයකට ලක්වෙනවා.
5. සැඟවුණු කෑම

Source – lotusartichoke.com
වෙජි අයට තියෙන අනෙක් ලොකුම ප්‍රශ්නයක් තමයි ෂෝට් ඊට්ස්. ගොඩක් කඩවල බිත්තර රෝල් සහ මාළු රෝල් කියල දෙකක් බෙදිලා තිබුනට මාළු රෝල් එක ඇතුළෙ මාළු නෑ. හැබැයි මේක ෂුවර් කරන්නත් බෑ. සමහර වෙලාවට කරුමෙට තියෙනව. මොකෝ ඉතිං පළලා බලන්නයැයි. සමහර වෙලාවට කඩෙන් අහන්න පුළුවන් වුනාට, පොදු ඔකේෂන්ස්වලදි (වර්ක්ෂොප්/සෙමිනාර් වගේ වැඩ ඇතුළුව) බෙදාගෙන යන රෝල්ස් කට්ලට්ස් සහ පැටීස්වල තියෙන්නෙ මොනවද කියල හොයන්න පුදුමාකාර පර්යේෂණ කරන්න සිද්ධ වෙනව. ඉතිං ඒ නිසා බොහෝ වෙජිටේරියන්ස්ලා එහෙම වෙලාවට බඩගින්නෙ ඉන්නව.
6. හපන්න එළවළුවක්!

Source – italysfinestpizzeria.com
වෙජිටේරියන් අයට ඇතැම් වෙලාවට තමුන්ගෙ යාළුවො එක්ක සෙට්වීමත් වදයක්. කෑමකට ගියොත් අපි කලින් කිවුව දෙබස් සිද්ධ වෙනවා වගේම කට්ටියම කන කෑමෙන් පිටස්තර වෙනිං කෑම ජාති හොයන්න සිද්ධ වෙනවා. හරියට නිකං කේඑෆ්සී ගිහින් වෙජි බර්ගර් කනව වගේ වැඩ (හැබැයි කේඑෆ්සී වෙජි බර්ගර් එක මාර රසයි). ඒ වගේම වෙජිටේරියන් වුනාට ඩ්‍රින්ක් එක දාන මනුස්සයෙක් නං පින් පවු ගැන සමාජයේ කතා අහන ගමන්ම හැමදාම බැටර්ඩ් මෂ්රූම් සහ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් මාරුවෙන් මාරුවට බයිට් එක විදියට ගන්න වෙනවා.
7. සුදු කපුටා

Source – huffingtonpost.com
සමහර වෙජිටේරියන් බුවාලා ඇත්තටම මස් මාළු නොකන්නෙ පින් පවු හින්දා නෙමෙයි. ඒ අයට අප්පිරියා නිසා. එහෙමත් නැත්තං සමහරු සත්තුන්ට ආදරේ නිසා. එහෙම නිසා වෙජිටේරියන් හැම මනුස්සයම හතර පෝයට සිල් ගන්න ඇල් වතුරත් නිවලා බොන චරිත නෙමෙයි. හැබැයි ඉතිං මේ අය වෙජිටේරියන් නිසා ඔටෝ පයිලට් මේ අයට ඔය කියන නම්බු නාමෙ ලැබෙනවා. නිකමට හිතන්නකො චරිතෙ කොච්චර රෞද්‍ර වුනත් හුරතල් සැදැහැති බුවෙක් ලෙස සමාජ ගත වීම එක්ක මනුස්සයෙකුට ඇතිවෙන තත්ත්වෙ. පිරිස් මැද්දේ ආච්චිලා ගුණ වයද්දි ලැජ්ජාව රෙදි පල්ලෙ යන හැටි.
Cover Image Source – webiconspng.com
Leave a Reply