අපේ ලංකා දූපත කියන්නේ බොහෝම ලස්සන තැනකි. ලංකාවට යටත්විජිත යුගයේ සිට මේ දක්වා පැමිණෙන විදේශිකයින් බොහෝමයක් කියන විදියට ලංකාව සුන්දර දිවයිනක්. ඒත් අනෙක් රටවල් වලට ගොස් ඒවාද දැකබලාගෙන ඒමේ නොසංසිදෙන කුහුලකින් අපේ සිත වෙලි තිබෙනවා. ඩිස්කවරි චැනලයේ එහෙම අපි දකින යුරෝපාකරයේ සීතල කදු අතර ඇමරිකාවේ වියලි සම බිම් අතර අප්‍රිකාවේ සිංහයින් සිටින මහා වනාන්තර වල සැරිසරන්නට අපිත් ආසයි.එහෙත් අපිට ලැබෙන කාලවේලාව සහ යන වියදම සැලකිමේදී තායිලන්තය සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දුනීසියාව ආදී රටකට යෑම වඩාත් වාසිදායකය.
1. අනන්‍ය වූ තායි සංස්කෘතිය

Source – webcoursesbangkok.com
ලංකාව ඉන්දියාව පකිස්ථානය බංග්ලාදේශය ආදී රටවල් ඉංග්‍රීසි ජාතිකයින්ටත් ඉන්දුනීසියානු දිවයින් ලන්දේසි ජාතිකයින්ටත් කලක් සම්පූර්ණයෙන්ම යටත් වි තිබුනා. එහෙත් තායිලන්තය කියන්නේ පුරාණයේ සියම ලෙස හැඳින්වුනු ථෙරවාද බෞද්ධ සංස්කෘතියෙන් පෝශනය වූ දේශයක්. එම නිසා තායිලන්තයේ සංස්කෘතිය සුවිශේෂ අනන්‍ය ස්වභාවයක් ගන්නවා. ආහාරපාන, ඇවතුම් පැවතුම් විතරක්නෙමෙයි ජනතාව සිතන පතන ආකාරය පවා යටත් විජිත රටකට වඩා තායිලන්තයේදී වෙනස්. වඩාත් මිත්‍රශීලි තායිලන්ත ජනතාව තවමත් ඒ පුරාණ සංස්කෘතික අංගයන් රැසක් තමුන්ගේ ජීවිතයට එක් කරගනිමින් ජීවත්වෙනවා. ලංකාව අවට තිබෙන රටවල් අතරින් වෙනස් කමක් තියෙන රටක් සොයනවා නම් තායිලන්තය හැර ඒ සදහා සුදුසු වෙනත් රටක්නොමැති තරම්.
2. බෞද්ධ නටඹුන්

Source – touropia.com
උතුරු තායිලන්ත ශුකෝතායි පෞරාණික උද්‍යානයේ (Sukhothai Historical Park) 13-14 සියවස් වලට අයත් නටඹුන් ගොඩනැලි පන්තීන් 200කට වඩා පිහිටා තිබෙනවා. එහිම පුරාණ රාජමාලිගායක්ද තිබෙනවා. කේමර් කලාවට අනුව තැනුන තායිලන්ත ගෘහ නිර්මාණ ශිල්පයට අයත් පෞරාණික නටමුන් හින් පිමායි (Prasat Hin Phimai) නැමැති ස්ථානයේ තිබෙනවා. එසේ පෞරාණික නටඹුන් සිද්ධස්ථාන මෙන්ම වර්තමානයේ වැඳුම් පිදුම් කරන සිද්ධස්ථාන රැසකින්ද තායිලන්තය අනූනයි. බැංකොක් නගරසාන්නයේ Wat Arun නැමැති සිද්ධස්ථානය බැංකොක් නගරාසන්න කදිම පූජ්‍ය ස්ථානයකි. තායි ක්‍රමයට තැනුන මීටර 85ක් උස චෛත්‍ය කර්මාන්තයක් ඒ සිද්ධස්ථානයේ වේ. සියයට 95කට වඩා බෞද්ධ ගහනයක් සිටින තායි රටේ බෞද්ධ සිද්ධස්ථාන රැසකි. ක්‍රි.ව 1350-1700 කාලයේදී තැනුන අයුත්යා ජාතික උද්‍යානයේ වූ පෞරාණික නටඹුන් කිහිපයක්ද තවමත් ඉතිරිව තිබේ. අප රට ඇති සිද්ධස්ථාන වලට වඩා වෙනස් කම් තිබුණද ථෙරවාද බෞද්ධ රටක් බැවින් සියම් (තායි) චාරිත්‍ර වාරිත්‍ර ආදිය බොහේසෙයින් අපට සමානය.
3. දූපත් සහ මනරම් වෙරළබඩ පරිසරය

Source – touropia.com
මනරම් ඵූකෙට් දිවයින ආසන්නයේ වර්තමානයේ නම් ලිංගික සුව සොයා තායි පැමිණෙන විදේශිකයිනගේ තෝතැන්න බවට පත් ව තිබේ. ඵූකෙට් දිවයින යනු හින්දි චිත්‍රපට වලට පවා යොදාගන්නා නොගැඹුරු වෙරළ තීරයෙන් මතුවී ඉහල ඇදෙන දර්ශනීය නිල් පැහැ කදු කුට්ටි පිහිටි තැනකි. ඒ ආසන්නයේ පිහිටි පන් ගා බේ ද (Phang Nga Bay) එවැනිම සංචාරක ආකර්ශනය දිනූ තැනකි. නිල් පැහැති මුහුද මතින් පැන නැගී ඇති ඒ දිවයින් වල ඇති අසිරිමත් පිහිටීමත් ඒවායේ ඇති රිලා වදුරු ආදී සතුන් සහ ශාක ප්‍රජාව දැකගැනීමටත් ලොව වටා සංචාරකයෝ තායිලන්තය කරා ආදි එති.
4. තායි බුරුම මරණයේ රේල් පාර

Source – touropia.com
ක්වායි ගගේ පාලම Bridge over the River Kwai නැමැති චිත්‍රපටියක වූ රේල් පාලමක් කඩාගන වැටෙන දසුනක් රූගත කිරීමට කිතුල්ගල පලාත යොදාගත් බව බොහෝ දෙනා දනී. මෙම සත්‍ය රේල් මග හැදින්වෙන්නේ මරනයේ රේල් මග(Death Railway) යන නමිනි. කදු අතරින් ඉතා අපහසු අන්තයන් තුලින් ඇදී යන මෙම රේල් පාර දෙවන ලෝ යුද්ධ සමයේදී ජපනුන් විසින් තනන ලද්දකි. මෙය තැනීම උදෙසා ජපනුන් විසින් තායි බුරුම වැසියන් සිය දහස් ගණනකගේ සේවය ලබාගෙන තිබෙන්නේ නිසියාකාරව ආහාර පවා ලබා නොදෙමිනි. එබැවින් මේ රේල් මග තැනීමේ කර්තව්‍යයේදී දහස් ගණනක් තායි බුරුම ජාතිකයෝ මිය පරලොව ගොස් තිබේ. මෙය බැංකොක් සිට මියන්මාරයේ යැන්ගුන් දක්වා තැනුන ද අද එහි විවෘතව ඇතතේ කොටසක් පමණි. තායිලන්තයේ ඒ කොටස කඳුකරය මතින් ඇදි යන මනරම් දසුන් මවාලන කදිම රේල් ගමනකි.
5. කම් සුව පහසුවෙන්

Source – kohsamui.com
විවිධාකර රති ක්‍රීඩාවන් ඔස්සේ කම්සුව සොයන අය අතරද තායිලන්තය ලෝ ප්‍රසිද්ධ තැනකි. අවැසි අවැසි ආකාරයට කම්සුව ඒ ඒ මිල ගණන් වලට ලබා ගැන්මේ හැකියාව තායිලන්තයේදි ලැබේ. සම්බාහන ආයතන, කාබී විනෝදවන කැරෝකේ සහ නයිට් ක්ලබ්, වෙනමම දූපත් ආදියේ පවත්වන රාත්‍රී උත්සව ආදී කොට වූ විශේෂ සංචාරක රාත්‍රී ජීවිතයක් (Nightlife) තායිලන්තයේදී ලබාගත හැකිය.
6. ගාස්තු අඩුවෙන්

Source – misstimchiack.com
තායිලන්තය ප්‍රනීත ආහාරපාන වලද තෝතැන්නකි. එහි සාමාන්‍යයෙන් හොඳ ආහාර වේලක් ලංකාවේ හොඳ තැනකින් කොත්තුවක් රයිස් එකක් ගත හැකි මිලටම ලබාගත හැකි බැව් එහි ගොස් එන අය කියති. නවාතැන් ගාස්තුද අපිට දරාගත හැකි මට්ටමක බොහෝ තැන්වල තිබේ. තායිලන්තයට පිවිසීමේ ගුවන් ගමන් ගාස්තුද ලාංකිකයින්ට අඩුය. වීසා ලබාගැනිම් ක්‍රමවේදයක් තිබෙන මුත් වීසා ලබාගැනීම සංකිර්ණ හෝ අපහසු දෙයක්නොවේ. අපිට අවශ්‍ය ආකාරයේ ආගමික හා නටඹුන්, සොබා සෞන්දර්යය, මුහුදු වෙරළ දූපත්, ආහාර පාන හා සංස්කෘතික, කාම සහ රාත්‍රී උත්සව ආදී බොහෝ දේ උදෙසා තායිලන්තය සංචාරයට සුදුසු තැනකි.
Cover Image Source – phukettegazette.net
Leave a Reply