හැමදාම ඩෙසර්ට් එකක් විදියට නිකම්ම හදල කන ජෙලි වලින් ක්‍රියේටිව් කෑම ටිකක් හදාගන්න කියලා දෙන්නයි අද අපි ආවෙ. ගෙදර අයට කන්න, පාටි එකකට ලස්සනට පිළිගන්වන්න පුළුවන් රසම රස, ඒ වගේම විවිධ රස වලින් තියන ජෙලි වලින් කරන්න පුළුවන් දේවල් එමටයි.
1. බ්‍රෝකන් ග්ලාස් ජෙලි පුඩින්
අවශ්‍ය ද්‍රව්‍ය
- පාට 3කින් ජෙලි පැකට් 3
- මිල්ක්මේඩ් ටින් එකක් (390ml)
- ජෙලටින් මේස හැඳි 1
- ජෙලි පැකට් ටික වෙන වෙනම හදාගන්න. හැබැයි පැකට් එකේ සඳහන් වතුර ප්‍රමාණයෙන් භාගයක් දාන්න. ජෙලි ටික හදාගෙන ෆ්‍රිජ් එකට සෙට් වෙන්න දාගන්න.
- ජෙලටින් මේස හැන්දට ලා රස්නෙ වතුර මේස හැඳි 3ක් දාලා පෙඟෙන්න තියන්න.
- දැන් බෝල් එකක් අරගෙන මිල්ක්මේඩ් එක කඩලා දාලා ඒ ටින් එකෙන්ම වතුර එකකුත් දාගෙන කලවම් කරගන්න.
- ජෙලටින් ටිකත් දාලා හොඳට කලවම් කරගන්න. දැන් ෆ්‍රිජ් දාපු ජෙලි ටික අරගෙන පිහියෙන් කොටු කපාගන්න.
- බටර් ගාගත් බෝල් එකකට මේ ජෙලි කෑලි පාට කලවමේ දාගන්න.
- දැන් මිල්ක්මේඩ් මිශ්‍රණය මේකට උඩින් දාගන්න හැම තැනටම හොඳට යන විදියට.
- මේ බෝල් එක ෆ්‍රිජ් එකට දාලා සෙට් වෙන්න තියන්න.
2. කස්ටඩ් ජෙලි පුඩින්
අවශ්‍ය ද්‍රව්‍ය
- ජෙලි පැකට් 1
- ජෙලටින් තේ හැඳි 1/2
කස්ටඩ් එකට අවශ්‍ය ද්‍රව්‍ය
- කස්ටඩ් ග්‍රෑම් 50
- කිරිපිටි මේස හැඳි 3 (පුරවලා)
- උණු වතුර කෝප්ප 3
- සීනි ග්‍රෑම් 100
- උණු වතුරට කිරිපිටි දමා කිරි එක හදාගන්න. දැන් භාජනයක් ලිපේ තියලා කිරි ටික දාගන්න.
- මේකට සීනි දාලා රත් කරන ගමන් හැඳිගාමින් දියකරන්න. ඉන්පසු කස්ටඩ් පව්ඩර් දාලා කැටි නොගැසෙන්න හැඳිගාන්න.
- ජෙලි පැකට් එකට ජෙලටින් ටිකත් කලවම් කරන් හදලා නිවෙන්න තියන්න.
- කස්ටඩ් එක ට්‍රේ එකකට දාලා කාමර උෂ්ණත්වයේ හෝ ෆ්‍රිජ් එකේ තියල සෙට් උනාට පස්සෙ උඩින් නිවුන ජෙලි එක වක්කරගෙන සෙට්වෙන්න ෆ්‍රිජ් එකට දාගන්න.
3. ජෙලි කර්ඩ් පුඩින්
අවශ්‍ය ද්‍රව්‍ය
- ජෙලි පැකට් 1
- මී කිරි හට්ටි 2
- සීනි ග්‍රෑම් 200
- ජෙලටින් මේස හැඳි 1
- මී කිරි වලට සීනි දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න. පැකට් එකේ සඳහන් ප්‍රමාණයට උණු වතුර අරන් ඒකට ජෙලි සහ ජෙලටින් ටික දාලා කලවම් කරගෙන ටිකක් නිවෙන්න තියන්න.
- මේක මීකිරි එකටම දාගෙන ආයෙම හොඳට බ්ලෙන්ඩ් කරගෙන බටර් ගාගත් ට්‍රේ එකකට දාලා සෙට්වෙන්න ෆ්‍රිජ් එකේ දාගන්න.
4. යෝගට් ජෙලි පුඩින්
අවශ්‍ය ද්‍රව්‍ය
- ජෙලි පැකට් 2
- යෝගට් 2ක්
- කැමති පාටකින් ජෙලි එක පැකට් එකක් සාමාන්‍ය විදිහට හදලා නිවෙන්න තියලා ඒකට යෝගට් දෙක කලවම් කරලා හොඳට බ්ලෙන්ඩ් කරන්න.
- දැන් බටර් ගාගත් ට්‍රේ එකකට මේක දාලා ෆ්‍රිජ් එකේ සෙට් වෙන්න තියන්න.
- කැමති නම් පොඩි පොඩි කප්ස් වල උනත් දාලා සෙට් වෙන්න තියන්න පුළුවන්.
- ඒ අතරට අනික් ජෙලි එක හදාගෙන නිවෙන්න තියලා යෝගට් ජෙලි එක සෙට් උනාම ඒකට උඩින් වක්කරගෙන ආයෙම ෆ්‍රිජ් එකේ පැය 12ක් විතර සෙට්වෙන්න තියලා ගන්න.
5. ජෙලි ලේයර් පුඩින්
අවශ්‍ය ද්‍රව්‍ය
- කැමති පාට 5කින් ජෙලි පැකට්
- මිල්ක්මේඩ් ලොකු ටින් 1
- ජෙලටින් මේස හැඳි 1
- මුලින්ම ජෙලි පැකට් පැකට් එකේ ප්‍රමාණෙට වතුර කෝප්ප 1/2ක් අඩුවෙන් දාලා හදාගෙන නිවෙන්න තියන්න.
- මිල්ක්මේඩ් එකට ඒ ටින් එකෙන්ම වතුර එකක් දාලා ලා රස්නෙ වතුර මේස හැඳි 3කට ජෙලටින් මේස හැන්ද දියකරගෙන ඒක මිල්ක්මේඩ් එකට දාගෙන කලවම් කරගන්න.
- මුලින්ම ජෙලි එක ලේයර් එකක් දාලා සෙට් වෙන්න තියන්න. ඊලඟට මිල්ක්මේඩ් ලේයර් එකක් දාලා සෙට් වෙන්න තියන්න. ඔය වගේ ලේයර්ස් ලේයර්ස් එකින් එක සෙට් වෙන්න තිය තිය දාගන්න. පාටවල් මාරු කරමින් ලේයර්ස් වලට එක සමාන උසක් එන විදියට ලස්සනට දාගන්න.
- හොඳට සෙට් වෙන්න තියල කෑලි කපාගන්න.
Leave a Reply