ඔන්න අදත් ටක් ටික් ටුක් ගාලා පැය බාගෙන් හදාගන්න පුළුවන් ඩිනර් රෙසිපි ටිකක් අරගෙන ආවා. ගිය සතියෙ අපි ගෙනාවෙ ඉන්දියන් රෙසිපිනෙ. මේ සතියෙ අරන් ආවෙ ඉටැලියන් රෙසිපි ටිකක්. වැඩ වැඩි කාර්යබහුල ගෘහණියන්ට මේවා ගොඩක් වැදගත්. ඒ නිසා පස්සෙ කියවන්න හරි අනිවාර්යයෙන්ම සේව් කරලා තියාගන්න.
1. Italian Wedding Soup
අවශ්‍ය ද්‍රව්‍ය
- ඔලිව්තෙල් මේස හැඳි 4
- චොප්කරගත් ළූණු ගෙඩියක්
- චොප්කරගත් කැරට් අල 1
- තලාගත් සුදුළූණු මේස හැඳි 2
- චොප්කරගත් සැල්දිරි ස්වල්පයක
- චිකන් බ්‍රොත් කෝප්ප 6
- ඔර්සො පාස්තා කෝප්ප 1
- ඔරිගානෝ ස්වල්පයක්
- ලුණු
- නිවිති ටිකක්
- පාමසාන් චීස්
- චිකන් මීට්බෝල්ස් 6-7
- භාජනයකට ඔයිල් ටිකක් දාලා කපාගත් එළවළු, ළූණු සහ සුදුළූණු සියල්ලම දාල පොඩ්ඩක් ෆ්‍රයි කරගන්න.
- මේකට චිකන් බ්‍රොත් එක දාලා නටනකල් ලිපේ තියන්න. ඊළඟට ඔර්සො පාස්තා ටිකත් දාගන්න. රස අනුව ලුණු දාලා ඔරිගානෝ එකතු කරන්න. කලවම් කරලා තවත් විනාඩි 10ක් තම්බාගන්න.
- ඊළඟට මේකට මීට්බෝල්ස් ටික දාලා, නිවිති ටිකත් දාලා විනාඩි 2ක් විතර හැඳි ගාලා ලිප නිවාගන්න. උඩින් ඔලිව්තෙල් ටිකක් ඉහලා පාමසාන් චීස් දාගන්න.
2. Chicken Mushroom Marsala
අවශ්‍ය ද්‍රව්‍ය
- දෙකට කපාගත් කටු රහිත චිකන් බ්‍රෙස්ට් 2
- ලුණු හා ගම්මිරිස්කුඩු
- පාන්පිටි කෝප්ප 1/4
- ඔලිව්තෙල් මේස හැඳි4
- කපාගත් බට්න් මශෲම් කෝප්ප 1
- Marsala wine හෝ ග්‍රේප් ජූස් කෝප්ප 1/2
- චිකන් බ්‍රොත් කෝප්ප 1/2
- බටර් මේස හැඳි 1/2
- කපාගත් ළූණු ගෙඩි 1
- වියළි තයිම් ටිකක්
- චිකන් බ්‍රෙස්ට් පොඩියට කපලා ලුණු හා ගම්මිරිස්කුඩු දාලා මැරිනේට් කරගන්න. මේ ටික පාන්පිටි වල තවරගන්න.
- පෑන් එකට ඔලිව්තෙල් මේස හැඳි 2ක් දාලා චිකන් බ්‍රෙස්ට් ටික රන්වන්පාට වෙනකල් දෙපැත්තම හොඳින් බැදගන්න.
- මේ ටික අයින් කරලා පෑන් එකට ඔලිව් තෙල් මේස හැන්දක් දාලා කපාගත් ළූණු හා මශෲම් ටික එක්ක ලුණු රස අනුව දාගන්න. මශෲම් තැම්බෙනකම් විනාඩි 5ක් විතර පිසගන්න. මේ ටික පෑන් එකෙන් අයින් කරගන්න.
- දැන් ඉතිරි ඔලිව් තෙල් මේස හැන්ද මේ පෑන් එකටම දාලා ළූණු සහ තයිම් එකතු කරල තෙම්පරාදු කරගන්න. ළූණු විනිවිද පේන ගාණට එනකොට මශෲම් ටික එකතු කරන්න.
- මේකට marsala වයින් (හෝ මිදි යුෂ) හා චිකන් බ්‍රොත් දාගෙන සාමාන්‍ය ගින්දරේ ටිකක් හිඳෙනකම් හැඳිගාන්න.
- ලිපෙන් ඉවත් කරගෙන මේ සෝස් එක බැදගත් චිකන් උඩට දාලා මෑෂ්ඩ් පොටෑටෝ එක්ක පිළිගන්වන්න.
3. Italian Penne with Tuna
අවශ්‍ය ද්‍රව්‍ය
- පෙන්නේ පාස්තා කෝප්ප 1
- ඔලිව්තෙල් ස්වල්පයක්
- කපාගත් ලීක්ස් කඳ කොටස කෝප්ප 3/4
- චොප්කරගත් සුදුළූණු බික් 2
- බේබි ස්පිනෑච් කෝප්ප 3
- ටූනා ග්‍රෑම් 200
- සැලඩ් ඩ්‍රසින් මේස හැඳි 3
- කපාගත් තක්කාලි ගෙඩි 3-4
- ගම්මිරිස්කුඩු
- පෙන්නේ පාස්තා ටික වතුර දාලා තම්බගන්න. පෙරලා හොඳට සෝදගන්න.
- පෑන් එකට ඔලිව්තෙල් ටිකක් දාලා රත්වෙනකොට චොප්කරගත් සුදුළූණු ටික දාලා තෙම්පරාද කරගන්න. ටිකකින් ලීක්ස් ටික දාගන්න. පෑන් එක ඕෆ් කරලා නිවිති ටික දාගෙන පෑන් එකේ රස්නෙන් යන්තම් තැම්බෙන්න අරින්න.
- පාස්තා එකට සාදාගත් එළවළු මිශ්‍රණය දාගන්න. ඊළඟට ටූනා සහ සැලඩ් ඩ්‍රසින් එක කලවම් කරගන්න.
- තක්කාලි පොඩියට කපලා මේකට දාගන්න. උඩින් ගම්මිරිස්කුඩු ටික දාලා කලවම් කරගන්න.
4. Chicken Parmesan with Broccolini
අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර 2
- කටු ඉවත්කළ කුකුල්මස් ග්‍රෑම් 300
- බිස්කට්කුඩු කෝප්ප 1
- ලුණු හා ගම්මිරිස්කුඩු
- කපාගත් බ්රොකොලි කෝප්ප 1
සෝස් එකට
- ඔලිව්තෙල් ස්වල්පයක්
- බේසිල් කොළ කිහිපයක්
- දෙහි යුෂ මේස හැඳි 2
- කෑලිමිරිස් තේ හැඳි 2
- චොප්කරගත් සුදුළූණු බික් 2
- ග්‍රේට්කරගත් පාමසාන් චීස් මේස හැඳි 2
- බිත්තර දෙක හොඳට විස්ක් කරගන්න. බිස්කට් කුඩු වලට ලුණු හා ගම්මිරිස්කුඩු දාලා කලවම් කරගන්න. චිකන් ටික බිත්තර සාරුවල දවටලා බිස්කට් කුඩු තවරගන්න.
- මේක තෙල් ගාපු බේකින් පෑන් එකක තියලා පැත්තකින් බ්රෝකොලි ටිකත් තියලා සෙල්සියස් 180°ට ප්‍රීහීට් කරපු අවන් එකක විනාඩි 15-20ක් බේක් කරගන්න.
- ග්‍රයින්ඩර් එකට ඔලිව් තෙල්, කෑලි මිරිස්, බැසිල් කොළ, ලෙමන් යුෂ, සුදුළූණු දාලා සෝස් එකක් හදාගන්න. මේක ලිපේ තියල උතුරනකම් රත් කරගන්න.
- බේක් කළ චිකන් වලට මේ සෝස් එක දාල උඩින් පාමසාන් චීස් දාගන්න.
5. Chicken Florentine
අවශ්‍ය ද්‍රව්‍ය
- ඔලිව්තෙල් මේස හැඳි 2
- පෙතිකපාගත් චිකන් බ්‍රෙස්ට් ග්‍රෑම් 300
- ලුණු හා ගම්මිරිස්කුඩු
- චොප්කරගත් ළූණු ගෙඩි 1
- චොප්කරගත් සුදුළූණු බික් 2
- බේබි ස්පිනෑච් කෝප්ප 2
- වයිට් වයින් කෝප්ප 1/4
- හෙවි ක්‍රීම් කෝප්ප 1/4
- කෝන් ෆ්ලා තේ හැඳි 2
- චිකන් වලට ලුණු හා ගම්මිරිස්කුඩු දාලා සීසන් කරගන්න. පෑන් එකට ඔලිව්තෙල් ටිකක් දාලා, චිකන් ටික දාලා බැදගන්න.
- දැන් චිකන් ටික පෑන් එකෙන් අයින් කරලා ෆොයිල් එකකින් වහලා තියන්න. ඒ පෑන් එකටම තව තෙල් ටිකක් දාලා චොප්කරගත් සුදුළූණු, ළූණු දාලා ටිකක් තෙම්පරාදු කරගන්න.
- මේකට වයිට් වයින් ටිකත් දාගන්න. ටික ටික ස්පිනෑච් එකතු කරන්න. වෙනම බෝල් එකකට හෙවි ක්‍රීම්, කෝන් ෆ්ලා, ලුණු හා ගම්මිරිස්කුඩු දාලා විස්ක් කරලා ස්පිනෑච් පෑන් එකට එකතු කරන්න.
- විනාඩි 2ක් විතර කලවම් කරලා ලිපෙන් බාගන්න. චිකන් එක්ක පිළිගන්වන්න.
Leave a Reply