හින්දි පිච්චර් එකක් කිව්වම සාමාන්‍යයෙන් හිතේ ඇඳෙන රූපයක් තියනවා. මල් ගස් වටේ දුවන, නටන, වීරයා අන්තිමේදී කොහොමහරි අළුගසා දාලා නැගිටින වගේ ඒවා. මෙන්න මේ සාම්ප්‍රදායික කතා කලාවට ටටා කියලා දැන් දැන් ඉන්දීය සිනමාව සීරියස් වෙන්න පටන් අරගෙන. ඒ ගමනේ නෙට්ෆ්ලික්ස් නාමයෙන් හැදෙන කතාවල අමුතුම කොලිටියක් තියනවා. ඒ විදියට එළියට ආපු චිත්‍රපට සහ ටීවී සීරීස් කීපයක් තමයි මේ.
1. Love Per Square Foot

Image Source – dnaindia.com
තමන්ගේම කියලා ෆ්ලැට් එකකට යන්න හීන මවන කොල්ලෙක් ඉන්නවා. මෙයාට ඒකට අවස්ථාවක් ලැබුණාම ඒකට සෙට් වෙන්නෙත් අහිංසක හීන ගොඩක් තියන කෙල්ලෙක්ව. මේ අස්සේ ආදර කතාවකුත් ගලනවා. හැබැයි හැමදාම දකින බොළඳ කතාව නෙවෙයි. IMDb අගය 7.3ක් ලේසියෙන් හින්දි චිත්‍රපටයකට ලැබෙන්නේ නැති වුණාට මේකට ලැබෙනවා. චිත්‍රපටයට රංගන දායකත්වය දෙන්නේ මසාන් චිත්‍රපටය හරහා හොඳම නැගී එන නළුවාට හිමි සම්මාන දිනාගත් විකී කෞෂාල්. නිළිය අංගිරා ධාර්.
2. Brij Mohan Amar Rahe

Image Source – variety.com
ජීවිතේ අන්තෙටම තිත්ත වුණ වෙළෙන්දෙක් ඉන්නවා. මහා පරිමාණ වෙළෙන්දෙක් නෙවෙයි, ණය කන්දකට යට වුණ කෙනෙක්. වෙනසක් ඕනි කරන නිසා මෙයා වෙනත් කෙනෙක් විදියට වෙස් වලාගෙන ජීවත් වෙන්න පටන් ගන්නවා. ඒත් අන්තිමේ දී සිද්ධ වෙන්නේ කර්මය එක්ක සෙල්ලම් කරන්නයි. බ්ලැක් කොමඩි කියන සංකල්පය තමයි චිත්‍රපටයේ ශානරය. අර්ජුන් මාතුර් තමයි ප්‍රධාන චරිතය රඟපාන්නේ. IMDb අගය 7.2යි.
3. Brahman Naman

Image Source – netflix.com
ඉන්දීය චිත්‍රපට කර්මාන්තයේ වැඩක් වුණත් කතාව යන්නේ ඉංග්‍රීසියෙන්. මේක සෙක්ස් කොමඩි කියන ගණයට තමයි අයත් වෙන්නේ. පොඩි 18+ ගතියක් තියෙනවා ඉතින්. අසූව දශකයේ බැංගලෝරයේ හිටපු කොල්ලෝ සෙට් එකක් වටා තමයි කතාව කැරකෙන්නේ. එයාලාට තියෙන්නේ එකම එක අවශ්‍යතාවක් විතරයි. ඒ තමයි තමන්ගේ වර්ජිනිටි එක නැති කරගන්න එක. IMDb අගය 5.7යි.
4. Lust Stories

Image Source – kat.ag
මේ තමයි නෙට්ෆ්ලික්ස් ඔරිජිනල් එකක් විදියට ඉන්දීය සිනමාවට ඉස්සෙල්ලාම ලැබුණ තෑග්ග. ඒක වැඩිහිටියන්ට පමණයි එකක් හැබැයි. ලිංගිකත්වය සහ කාන්තාව කියන්නේ ලංකාවේ වගේ ම ඉන්දියාවේත් සමාජය හදාගත්තු කුණුහරුපයක්. මේ සම්මතේ ඉඳගෙන හැදුණ මේ කතාවේ පොඩි විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි අධ්‍යක්ෂකවරුන් හතර දෙනෙකුගේ දායකත්වයෙන් හැදුණු කතා හතරක් එක ම චිත්‍රපටයේ අන්තර්ගත වීම. පළවෙනි කතාව විශ්වවිද්‍යාල ආචාරිණියක් තමන්ගේ ගෝලයෙක් එක්ක රැයක් ගත කරන කතාව. අධ්‍යක්ෂණය අනුරාග් කාශ්‍යප්. ප්‍රධාන නිළිය රාධිකා ආප්තේ. දෙවෙනි කතාවේ තියෙන්නේ ගෙදරක මෙහෙකාරිය ඒ ගෙදර පොඩි මහත්තයා එක්ක පවත්වන ඇසුර ගැන. මේ කතාව සෝයා අක්තාර්ගෙන්. තුන්වෙනි කතාවේ තියෙන්නේ තමන්ගේ පුල් බිසී හස්බන්ඩ් නිසා කලකිරිලා හස්බන්ඩ්ගේ යාළුවා එක්කම ඇසුරක් ඇති කරගන්න නෝනා කෙනෙක්ගේ කතාව. දිබාකර් බැනර්ජිගේ අධ්‍යක්ෂණයක් වෙන මේ කොටසේ ප්‍රධාන රංගන ශිල්පිනිය මනීෂා කොයිරාල. අන්තිම කතාව කරන් ජෝහාර්ගෙන්. ඒ කියන්නේ සුපිරියක්. ලජ්ජා බයට හැදුණ කොල්ලෙකුයි කෙල්ලෙකුයි බැන්දට පස්සේ මුහුණ දෙන කතාවක් ගැන තමයි ඒකෙ කියන්නේ. විකී කෞෂාල් එක්ක නේහා ධුපියා සහ කියාරා අද්වානි රංගනයෙන් සහාය වෙනවා. කොහොමහරි ඒ කතාවට රොට්න් ටොමෑටොස් සයිට් එකෙන් 100%ක රිවීව් එකකුත් 7.1ක IMDb අගයකුත් ලැබෙනවා.
5. Sacred Games

Image Source – otakukart.com
නවාසුදීන් සිද්දික්, රාධිකා ආප්තේ, සායිෆ් අලි ඛාන්. මේ තුන්දෙනාගේ සුසංයෝගයෙන් ලෝක ප්‍රසිද්ධ නෙට්ෆ්ලික්ස් කොම්පැණිය ප්‍රථම ඉන්දීය නෙට්ෆ්ලික්ස් කතා මාලාව හදනවා. කොටස් අටකින් යුතු මේ කතා මාලාවේ කුතුහලය උපරිමයි. පොලිස් මහත්තයෙක්ට නාදුනන අංකයකින් ඇමතුමක් ලැබෙනවා. ඒ කතා කරන්නේ පාතාල ලෝකයේ එක කාලයක් හිටි කප්පිත්තෙක්. ලෝකයෙන් හැංගිලා හිටපු මෙයා එක පාරට මතු වෙලා මුම්බායට කරන්නේ අනතුරු ඇඟවීමක්. මේ කවුද? මේ අනතුරු ඇඟවීම මොකද්ද? වඩාත් ම ප්‍රබල මිනිස්සු ද නැත්තම් දෙවියන් ද? මේ ප්‍රශ්නවලට පිළිතුරු මේ කතා මාලාවේ තියනවා. IMDb අගය 9.4ක් වෙන්න තරම් අතිසාර්ථකයි. විශේෂයෙන් කියන්න ඕනි ඉතින් මේකත් 18+.
6. Ghoul

Image Source – architecturaldigest.in
මේක කොටස් තුනක හොල්මන් කතාවක්. හමුදා සිර කඳවුරකට අලුතින් එක්තරා නිලධාරිනියක් පත් වෙනවා. ඔය අස්සේ ළඟදී අල්ලා ගත්තු ඉතා භයානක ත්‍රස්තවාදියෙක්ව ප්‍රශ්න කරන්න ඇයට භාර වෙනවා. හිතාගන්න බැරි රහස් මේ ත්‍රස්තවාදියා දන්නා බව තේරුම් ගන්න මේ නිලධාරිනිය අවසානයේ හිතනවා මේ මනුස්සයාට මොකෙක් ම හරි යකෙක් වැහිලා තමයි කියලා. එක ඇත්තක් ද බොරුවක් ද කියලා දැනගන්න වෙන්නේ ඉතින් බලලා ම තමයි. රංගනයෙන් රාධිකා ආප්තේ සහ මානව් කෞල් දායකත්වය සපයනවා.
ඉන්දීය නෙට්ෆ්ලික්ස් නිර්මාණ ලබපු සාර්ථකත්වය නිසාම ඉදිරියටත් නිර්මාණ රාශියක් මේ හරහා දකින්න පුළුවන් වෙයි.
Cover Image Source – internetinmyanmar.com/ filmdaily.com/ netflix.com/ decider.com
Leave a Reply