සුදුළූණු වලින් රස කෑම 7ක් හදාගන්න රෙසිපි මෙන්න!

ස්ටාටර් එකක්, බයිට් එකක්, කරි එකක් වගේ ඕනම විදියකට හදාගන්න පුළුවන් ශරීරයට ගොඩක් හිතකර, විස නසන මේ සුදුළූණු වලින් හදාගන්න පුළුවන් කෑම ටිකක් අද අපි ට්‍රයි කරන්න යන්නෙ…

 

1. සුදුළූණු කටගැස්ම

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. සුදුළූණු 250g
  2. මිරිස්කුඩු මේස හැඳි 2
  3. තෙල් ස්වල්පයක්
  4. ලුණු

 

  • මුලින්ම සුදුළූණු ටික පොත්ත පිටින්ම සෝදලා පොඩ්ඩක් තලලා ලුණු දාගන්න.
  • දැන් පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට සුදුළූණු ටික දාලා කලවම් කරමින් බැදගන්න.
  • ලිපෙන් බාලා තෙල් බේරෙන්න තියලා මිරිස්කුඩු ඉසගන්න.

 

2. තායි ක්‍රමයට සුදුළූණු අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. සුදුළූණු 250g
  2. විනාකිරි කෝප්ප 1
  3. සීනි 250g
  4. කොච්චි කරල් 10ක් පමණ

 

  • සුදුළූණු බික් ගලවලා පොතු පිටින්ම තම්බලා වතුර පෙරාගන්න. නිවුණට පස්සෙ පොතු ගලවගන්න.
  • භාජනයක් ලිපේ තියලා විනාකිරි වලට සීනි දාලා රත් කරන්න.
  • දැන් තම්බා ගත්ත සුදුළූණු හා කොච්චි ටික දාලා කලවම් කරලා ලිපෙන් අයින් කරන්න. ජීවාණුහරණය කරපු බෝතලේක අසුරලා දවස් දෙකකින් කෑමට ගන්න.

 

3. සුදුළූණු මැල්ලුම

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. සුදුළූණු 100g
  2. රතුළූණු 25g
  3. පොල් මේස හැඳි 3
  4. කෑලි මිරිස් තේ හැඳි 1/2
  5. උම්බලකඩ මේස හැඳි 1
  6. රස අනුව ලුණු
  7. තෙල් මේස හැඳි 1
  8. දෙහි බෑයක ඉස්ම
  9. කහ ස්වල්පයක්

 

  • සුදුළූණු පොතු ඇරලා හීනියට කපාගන්න. භාජනයක් ලිපේ තියලා තෙල් දාලා රත් උනාට පස්සෙ සුදුළූණු ටික දාලා බැදගන්න. 
  • ඒකටම ලියාගත්ත රතුළූණු ටික දාලා බැදුනට පස්සෙ පොල්, උම්බලකඩ, කහ, කෑලි මිරිස් දාලා රස අනුව ලුණු දාලා කලවම් කරගන්න. පොල් මැලවෙනකම් විනාඩියක් දෙකක් ලිපේ තියාගන්න.
  • ලිපෙන් අයින් කරගෙන නිවුනට පස්සෙ දෙහි ඇඹුල් දාන්න.

 

4. සුදුළූණු තෙලට

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. සුදුළූණු 250g
  2. අබ සහ කහ ස්වල්පයක්
  3. රම්පෙ, කරපිංචා
  4. තෙල් ස්වල්පයක්
  5. තක්කාලි ගෙඩි 1
  6. කෑලි මිරිස් මේස හැඳි 1
  7. අවශ්‍ය පමණට ලුණු

 

  • සුදුළූණු සුද්ද කරගෙන, හෝදගන්න. භාජනයක් ලිපේ තියලා තෙල් දාලා ඒකට රම්පේ, කරපිංචා, කහ, අබ දාගන්න. 
  • අබ පුපුරද්දි සුදුළූණු ටික දාගෙන තෙම්පරාදු කරගන්න. සුදුළූණු තැම්බුණාට පස්සෙ ලුණු, කෑලි මිරිස් හා තක්කාලි දාලා කලවම් කරගෙන විනාඩි දෙක තුනක් තෙම්පරාදු කරගන්න. 

 

5. සුදුළූණු ව්‍යංජනය

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. සුදුළූණු 250g
  2. අමුතුනපහ තේ හැඳි 1
  3. කහ ස්වල්පයක්
  4. මිරිස් කුඩු ස්වල්පයක්
  5. උළුහාල් ස්වල්පයක්
  6. දියකිරි කෝප්ප 1
  7. මිටිකිරි කෝප්ප 1
  8. රම්පේ සහ කරපිංචා
  9. අමුමිරිස් කරල් 2
  10. උම්බලකඩ මේස හැඳි 2
  11. අවශ්‍ය පමණට ලුණු

 

  • සුදුළූණු සුද්ද කරල බික් දෙකට කපාගන්න. 
  • සුදුළූණු ටික ඇතිළියකට දාගෙන මිටිකිරි හැර අනෙක් සියල්ලම දාගෙන සුදුළූණු ටික තම්බගන්න.
  • සුදුළූණු තැම්බුනාට පස්සෙ මිටිකිරි එකතු කරල අවශ්‍ය පමණ හින්දගන්න. 

 

6. ඊසි ගාලික් බ්‍රෙඩ්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පාන් පෙති කිහිපයක්
  2. තලාගත් සුදුළූණු මේස හැඳි 2
  3. චීස් වෙජස් 2
  4. චොප්කරගත් පාස්ලි කොළ ටිකක්
  5. බටර් මේස හැඳි 2
  6. ලුණු හා ගම්මිරිස්කුඩු

 

  • සුදුළූණු වලට චීස්, බටර් හා පාස්ලි දාලා රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු දාගෙන හොඳට කලවම් කරලා පාන්පෙති වල ගාගන්න.
  • සෙල්සියස් 180°ට විනාඩි 10ක් බේක් කරලා කෑමට ගන්න.

 

7. ගාලික් සුප්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කෝන්ෆ්ලා මේස හැඳි 1/2
  2. සුදුළූණු බික් 6-7
  3. චොප්කරගත් සුදුළූණු මේස හැඳි 2
  4. ලුණු හා ගම්මිරිස්කුඩු
  5. බටර්
  6. කපාගත් ළූණු කොළ ටිකක්

 

  • කෝන්ෆ්ලා වලට වතුර කෝප්ප 1/2ක් දාලා කලවම් කරගන්න. පෑන් එකකට බටර් ටිකක් දාලා සුදුළූණු බික් ටික දාගන්න. හොඳට බැදගන්න. 
  • ටිකකින් චොප්කරගත් සුදුළූණු ටික දාන්න. යන්තම් රෝස්ට් වෙනකොට කෝන්ෆ්ලා වතුර ටික දාගන්න. හොඳට කලවම් කරන් වතුර කෝප්ප 1ක් දාගන්න.
  • ගම්මිරිස්කුඩු හා ලුණු රස අනුව දාගෙන හැඳිගාන්න. හොඳින් උතුරනකොට ලිපෙන් ඉවත් කරගන්න. ළූණු කොළ උඩින් දාගන්න. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *