තෙලට, සම්බෝලෙට කන ටින් මාළු වලින් වෙනස්ම රස රෙසිපි 5ක්

ටින් මාළු එහෙම නැත්නම් අපිට පුරුදු තාලෙන් කියනව නම් සැමන්, ගෙදරක හැදුවොත් හදන්නෙ තෙලට නැත්නම් සම්බෝලයක්. එහෙම නැතුව මීට කලින් හදල නැති වෙනස් රෙසිපි ටිකක් ට්‍රයි කරමුද? අපිට හදාගන්න ලේසි මේ කෑම එක දවසක්වත් කාලා නැත්තන් වැඩක් නෑ ඒයි.

 

1. සැමන් ටෙරියාකි

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. මී පැණි මේස හැඳි 2
  2. සීනි මේස හැඳි 2
  3. කෑලි මිරිස් ටිකක් (කැමතිනම්)
  4. වතුර මේස හැඳි 2
  5. තලාගත් ඉඟුරු ටිකක්
  6. තලාගත් සුදුළූණු ටිකක්
  7. සැමන් සාමාන්‍ය කෑලි 2ක්

 

  • ඉහත ද්‍රව්‍ය ඔක්කොම දාලා හදාගත්තු දියරමය මිශ්‍රණයේ සැමන් ටික දාලා විනාඩි 15ක් වගේ මැරිනේට් කරගන්න. 
  • ඔලිව්තෙල් ටිකක් පෑන් එකට ගාලා මැරිනේට් කරගත් සැමන් කෑලි දෙක සෝස් එකෙන් බේරල අරන් දෙපැත්තම ෆ්‍රයි කරගන්න.
  • මේකට මැරිනේට් එකේ ඉතුරු වුණු ​ටිකත් එකතු කරගන්න. දැන් ටිකක් මේක හොඳට උණුවෙන්න ඇරලා ලිපෙන් බාගන්න. 

 

2. ක්‍රීමි සැමන් පාස්ටා

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. චොප්කරගත් සුදුළූණු ටිකක්
  2. පොඩි කෑලි කඩාගත් සැමන් ග්‍රෑම් 200
  3. පාස්ටා ග්‍රෑම් 500
  4. ලුණු
  5. ෆ්‍රෙශ් ක්‍රීම් කෝප්ප 1/4
  6. ග්‍රේට් කරගත් චෙඩාර් චීස් ටිකක්
  7. ගම්මිරිස් කුඩු

 

  • ලුණු සහ තෙල් පොඩ්ඩක් දාලා පාස්ටා ටික තම්බලා පෙරාගන්න.
  • පෑන් එකට තෙල් ටිකක් දාලා කෑලි කඩාගත් සැමන් ටික ෆ්‍රයි කරගන්න. 
  • දැන් පෑන් එකෙන් සැමන් ටික අයින් කරලා සුදුළූණු ටික දාලා, ෆ්‍රයි වෙනකොට ෆ්‍රෙශ් ක්‍රීම් සහ චීස් එකතු කරගන්න. 
  • හොඳට උතුරනකොට පැස්ටා ටික එකතු කරගන්න. අන්තිමට බැදගත්ත සැමන් ටික දාගන්න.
  • රස අනුව ගම්මිරිස්කුඩු ඉසගෙන කෑමට ගන්න.

 

3. සැමන් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. සැමන් ග්‍රෑම් 200
  2. චොප්කරගත් ළූණු ගෙඩි 1
  3. කොටුවට කපාගත් බෙල්පෙපර් ගෙඩි 1
  4. ඔලිව්තෙල් ටිකක්
  5. බටර්
  6. බිස්කට් කුඩු කෝප්ප 1/4
  7. බිත්තර 2
  8. සෝයාසෝස් මේස හැඳි 2
  9. ලුණු හා ගම්මිරිස් කුඩු
  10. චොප්කරගත් කොත්තමල්ලි කොළ ටිකක්

 

  • සැමන් ටික කටු ඉවත් කරල හොඳට පොඩි කරගන්න.
  • පෑන් එකකට තෙල් ටිකක් දාලා ඒකට බටර් ටිකකුත් දාගන්න. දැන් චොප්කරගත් ළූණු ටික දාගන්න.
  • ළූණු ෆ්‍රයි වෙනකොට බෙල්පෙපර් ටික දාගන්න. ටිකක් තෙම්පරාදු කරන් ලිපෙන් බාලා පොඩි කරගත් සැමන් වලට මේ හදාගත්තු මිශ්‍රණය දාලා කලවම් කරගන්න.
  • මේකට බිස්කට් කුඩු හා බිත්තර දෙක දාගන්න. සෝයා සෝස්, ලුණු, ගම්මිරිස් කුඩු හා කොත්තමල්ලි කොළ ටිකකුත් එකතු කරගන්න.
  • මේ ඔක්කොම කලවම් කරගෙන පැතලි බෝල හදාගන්න. බටර් ගාගත් ට්‍රේ එකක තැනින් තැන තියලා ඔලිව් ඔයිල් උඩින් ස්ප්‍රේ කරල සෙල්සියස් 180ට රන්වන් පාට එනකම් බේක් කරගන්න. නැත්තම් පෑන් එකක තෙල් පොඩ්ඩක් දාල දෙපැත්ත බැදගන්නත් පුළුවන්.

 

4. සැමන් කරි

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. චොප්කරගත් සුදුළූණුටිකක්
  2. චොප්කරගත් රතුළූණු ටිකක්
  3. ඉඟුරු ටිකක්
  4. රම්පේ/කරපිංචා
  5. අමුමිරිස් කරල් 2-3
  6. කුරුඳු පොතු කෑල්ලක්
  7. කරදමුංගු / කරාබුනැටි
  8. මිරිස්කුඩු තේ හැඳි 1
  9. අමු තුනපහ කුඩු තේ හැඳි 1
  10. කහ චුට්ටක්
  11. ගම්මිරිස් කුඩු
  12. තක්කලි ගෙඩියක්
  13. මිටිකිරි සහ දියකිරි අවශ්‍ය පමණ

 

 

  • සැමන් කෑලි ටික වතුර බේරගෙන ගැඹුරු තෙලේ බැදගන්න. 
  • භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා චොප්කරගත් සුදුළූණු, රතුළූණු, ඉඟුරු දාලා ෆ්‍රයි වෙන්න තියන්න. ඒකටම රම්පේ, කරපිංචා හා දෙකට පලාගත් අමුමිරිස් දාගන්න. 
  • ලාවට ෆ්‍රයි උනාම කුරුඳු පොතු, කරදමුංගු හා කරාබුනැටි දාගන්න.
  • කහ, මිරිස්කුඩු හා තුනපහකුඩු එක්ක තක්කලි එකතු කරන්න. හොද්ද​ට අවශ්‍ය ප්‍රමාණයට මිටිකිරි සහ දිය කිරි එකතු කරගෙන රස අනුව ලුණු දාගන්න.
  • හොද්ද උතුරනකොට බැදගත්ත සැමන් කුට්ටි එකතු කරගන්න. අඩු ගින්දරේ විටින් විට හැඳි ගගා හොද්ද උකු වෙනකම් ලිපේ තියල අන්තිමට ගම්මිරිස් කුඩු ටිකක් උඩින් ඉහල ලිප නිවාගන්න. 

 

5. බේක්ඩ් තන්දූරි සැමන්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. සැමන් මාළු ග්‍රෑම්200
  2. මිරිස් කුඩු මේස හැඳි 1
  3. තන්දූරි මසාලා පව්ඩර් මේස හැඳි 1/2
  4. තුනපහ කුඩු මේස හැඳි 1/2
  5. දෙහි බෑයක යුෂ
  6. ලුණු
  7. ඔලිව් ඔයිල්
  8. මීකිරි මේස හැඳි 1

 

  • පහේ සේරම එකට එක් කරලා ලුණු පින්ච් එකක් දාලා ඒකට දෙහි යුෂ ටික දාගන්න. මීකිරි ටිකත් එකතු කරලා කලවම් කරගන්න.
  • බේකින් ට්‍රේ එකකට ඔලිව්තෙල් ටිකක් ගාලා සැමන් ටික කෑලි කඩලා ඒකෙන් තියන්න.
  • හදාගත්තු පේස්ට් එක සැමන් කෑලි වලට හොඳට බ්‍රශ් කරන්න. දැන් මේක විනාඩි 30ක් මැරිනේට් වෙන්න වහල තියන්න.
  • ෆොයිල් පේපර් එකකින් ට්‍රේ එක වහලා විනාඩි 15ක් සෙල්සියස් 180ට බේක් කරගන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *