කාම සූත්‍රය සිංහලෙන් – තිස් දෙවැනි කොටස

මේ ලිපි පෙළේ පැරණි ලිපි මගහැරුණානම් පහත ලින්ක් වලින් ඒවා කියවලාම මෙතැනට එන්න…

 

කාම සූත්‍රය සිංහලෙන් 1 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 2 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 3 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 4 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 5 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 6 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 7 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 8 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 9 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 10 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 11 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 12 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 13 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 14 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 15 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 16 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 17 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 18 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 19 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 20 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 21 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 22 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 23 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 24 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 25 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 26 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 27 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 28 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 29 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 30 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 31 කොටස

 

මතකනේ අපි පහුගිය සතියේ චරණ විධාන සම්බන්ධ නිශ්චය ප්‍රකරණය කියවන්න පටන් ගත්තා. අපි අද හදන්නේ ඒ ප්‍රකරණයේ ඉතුරු කොටස කියවලා ඒ ප්‍රකරණය ඉවර කරන්න.

වත්ස්‍යායන පඬිතුමා කියන විදිහට යම්කිසි ස්ත්‍රියක් දැකීමෙන් පුරුෂයෙකුගේ සිතේ දුටු මතින්ම ප්‍රසන්න හැඟීමක් ඇති වෙනවා නම් ඒ ස්ත්‍රිය හා විවාහ වීමෙන් දෙදෙනාගේම ජීවිතය සාර්ථක වෙනවා.

ඊට පස්සේ වත්ස්‍යායන පඬිතුමා විස්තර  කරන්නේ වර්තමානයේ දී පවා සිදුවන මනාලිය බැලීමේ චාරිත්‍රය පිළිබඳව. නමුත් මෙතැනදි වත්ස්‍යායන පඬිතුමා අදහස් කරලා තියෙන්නේ විවාහ ගිවිසගැනීම  වගේ දෙයක් කියලා මේ කොටසේ කරුණු කියවද්දී තේරෙනවා.

අදාළ දිනයට කලින් දිනවලදී මනාලියට සිය මිතුරියන් සමග සමග කෙළි සෙල්ලමින් කාලය ගත කරන්න අවස්ථාවක් ලබාදිය යුතු වෙනවා. ඒ වගේම වැඩි පිරිස් ගැවසෙන යාග හෝම ආදී උත්සවවලටත් ඇයට සහභාගී වීමට අවස්ථාව ලබාදිය යුතු වෙනවා.

නියමිත දිනයේ දී පැමිණෙන මනාලයා සහ ඔහුගේ ඥාති පිරිස මනාලියගේ ඥාතීන් විසින් ගරුසරු සහිතව පිළිගත යුතු වෙනවා.

අලංකාරව සරසන ලද මනාලිය වෙනත් කටයුත්තක් කරන ආකාරයට මනාල පාර්ශවයට පෙන්විය යුතු වෙනවා.

මේ අවස්ථාවේදී ඉඳන් විවාහ කරල දෙන දිනය දක්වා කාලය පරීක්ෂණ අවධියක් විදිහට සලකනු ලබනවා. මේ කාලය දෛවයට බාර දීම හැර වෙනත් විකල්පයක් මනාල පාර්ශ්වයට නැහැ.

 

ඉන්පස්සෙ වත්ස්‍යායන පඬිතුමා විස්තර කරන්නේ එවකට ඉන්දියාවේ පැවැති විවාහ ක්‍රම හතරක් ගැන. 

 

1. බ්‍රාහ්මණ විවාහය 

යම්කිසි තරුණියකගෙ පියා විසින් තමන් දන්නා ගුණවත් පුද්ගලයෙකුට ඇයව විවාහ කර දීම මෙලෙස හැඳින්වෙනවා. ඒ කාලයේ ඉන්දියාවේ වඩාත්ම ජනප්‍රිය සහ පිළිගැනුණු විවාහ ක්‍රමය මේ විවාහය කියලා හිතන්න පුළුවන්. සාමාන්‍යයෙන් බ්‍රාහ්මණ කියන වචනයේ තේරුම උසස් විදිහට ඉන්දීය සමාජය තුළ සැලකුණා.

 

2. ප්‍රජාපතී විවාහය 

යම්කිසි තරුණියක් විවාහ කර ගැනීමට පැමිණෙන අයගෙන් වැඩිම සුදුසුකම් සහිත පුද්ගලයාට ඇයව විවාහ කර දීම මේ නම් වෙනවා. මේ ක්‍රමය තුළදීත් අපේක්ෂා කරණු ලැබුවේ මනාලියගේත් ඇගේ පවුලේත් සුභ සිද්ධියයි.

 

3. ආර්ෂ විවාහය 

තරුණියගේ පියා ට යම්කිසි වස්තුවක් (කාම සූත්‍රයේ සඳහන් වන විදිහට ගොනෙකු, එළදෙනකු සහ මුදලක්) ලබාදී තරුණියක් විවාහ කර ගැනීම මෙලෙස හැඳින්වෙනවා. ඉන්දීය සමාජය ඇතුළේ විවාහය ගනුදෙනුවක් බවට පත් වෙලා තිබ්බයි කියන එකට එක උදාහරණයක් තමයි මේ විවාහ ක්‍රමය. 

 

4. දෛවක විවාහය 

දෛවයේ බලපෑමක්, උදාහරණයක් විදිහට යම් ග්‍රහයෝග හේතුවක් නිසා යම්කිසි පුද්ගලයෙකුට තරුණියක විවාහ කරදීම මේ ලෙස හැඳින්වෙනවා. මෙවැනි විවාහ අද සමාජයේත් දකින්නට ලැබෙනවා.

මේ විවාහ ක්‍රම හතරම සැලකුවාම අපිට එක දෙයක් පැහැදිලි වෙනවා. ඒ තමයි පුරාණ ඉන්දියාව ඇතුළේ විවාහයකදී තරුණියකගෙ කැමැත්ත ගැන එතරම් තැකීමක් කළේ නැහැ කියන එක.

 

ඊට පස්සේ වත්ස්‍යායන පඬිතුමා විස්තර කරන්නේ තමන්ට ගැළපෙන විවාහයක් සිදු කර ගැනීමේ වැදගත් කම. ඒ සඳහා ඔහු උපමා කීපයක් ලබා දෙනවා.

විවිධ ක්‍රීඩා, මිතුරු ගනුදෙනු සහ විවාහ ආදිය තමන්ට සම තත්ත්වයේ අය සමඟ කළ යුතු වෙනවා. තමන්ට වඩා උසස් වූ හෝ පහත් අය සමඟ එය කළ යුතු වන්නේ නැහැ.

යම්කිසි පුද්ගලයෙකු තරුණියක් විවාහ කරගෙන ඇගේ සේවකයෙකු ආකාරයෙන් කටයුතු කරයි නම් එවැනි විවාහයක් කිසිදා කිසිදා කළ යුතු වන්නේ නැහැ.

විවාහ වූ පුරුෂයෙකු සිය බිරිඳගේ ඥාතීන් අතර අණ කරන්නෙකු ලෙස හැසිරෙයි නම් එවැනි විවාහයක් සඳහාත් කිසිලෙසකින්වත් යොමු විය යුතු නැහැ.

විවාහයකට සම්බන්ධ දෙපිරිසම සම තත්ත්වයේ පසුවන්නේද, එක් පාර්ශවයක හෝ විශේෂත්වයක් නොපවතින්නේද නම් එම විවාහය සම තත්ත්වයේ විවාහයක් ලෙස සලකනු ලබනවා.

තමන්ට වඩා උසස් පාර්ශවයක් සමග විවාහයක් සිදු කර ගත් විට එම විවාහය අර්බුදයට ගොස් නැවතත් තම ඥාතීන් කරා පැමිණීමට සිදු වෙනවා. එසේම  කිසිලෙසකින්වත් තමන්ට වඩා පහත් තත්ත්වයේ කෙනෙකු සමග විවාහ විය යුතු වන්නේ නැහැ.

 

එහෙම නම් ඉතින් ලබන සතියේ ඉඳන් අපි අලුත් ප්‍රකරණයක් කියවන්න පටන් ගමු.

Leave a Reply

Your email address will not be published.