කාම සූත්‍රය සිංහලෙන් – හතළිස් වැනි කොටස

මේ ලිපි පෙළේ පැරණි ලිපි මගහැරුණානම් පහත ලින්ක් වලින් ඒවා කියවලාම මෙතැනට එන්න…

 

කාම සූත්‍රය සිංහලෙන් 1 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 2 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 3 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 4 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 5 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 6 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 7 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 8 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 9 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 10 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 11 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 12 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 13 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 14 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 15 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 16 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 17 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 18 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 19 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 20 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 21 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 22 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 23 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 24 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 25 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 26 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 27 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 28 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 29 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 30 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 31 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 32 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 33 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 34 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 35 කොටස

කාස සූත්‍රය සිංහලෙන් 36 කොට​ස

කා​ම සූත්‍රය සිංහලෙන් 37 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 38 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 39 කොට​ස

 

මතක ඇතිනේ අපි පහුගිය සතියේ “විවාහ යෝග ප්‍රකරණය” කියවන්න පටන් ගත්තා. අද අපි හදන්නේ ඒ ප්‍රකරණය කියවලා ඉවර කරන්න.

කලින් ලිපියෙදි අපි ඒ සඳහන් කරපු ආකාරයේ කිසිම උපක්‍රමයකට අවනත වෙලා තරුණිය තමන් වෙතට පැමිණෙන්නේ නැත්නම් තමන් දන්න කියන, විශ්වාසය තැබිය හැකි ස්ත්‍රියක්ව  උපාය දූතයෙක් විදිහට යොදාගන්න ඕන කියල වත්ස්‍යායන පඬිතුමා කියනවා. ඇයට යම් කිසි මුදලක් දීලා අර තරුණිය සහ ඇගේ පවුලේ සාමාජිකයන් සමග හිතවත් වන ලෙස පැවසිය යුතු වෙනවා. කෙමෙන් කෙමෙන් එම පවුලේ විශ්වාසය දිනා ගන්න ඇය විසින් තරුණියව නිවසින් බැහැරට රැගෙන විත් තරුණයා වෙතට ගෙන ඒමට කටයුතු කළ යුතු වෙනවා. ඒ අවස්ථාවේදී කලින් සඳහන් කරපු ආකාරයට ගාන්ධර්ව විවාහයෙන් ඔවුන් දෙදෙනාට එක්වීමට අවස්ථාව උදා වෙනවා.

යම් කිසි විදිහකින් තරුණියගේ දෙමව්පියන්, විශේෂයෙන්ම ඇගේ මව මෙම විවාහයට දැඩි ලෙස විරෝධය පළ කරනවා නම් අනිවාර්යෙන්ම ඇයව තමන් වෙත නම්මවා ගැනීමට හැකි තරම් දුර උත්සාහ කළ යුතු වෙනවා. තරුණයා ගේ ගුණ කියවන විවිධ පිරිස් ඇය වෙත යැවීම සිදු කළ යුතු වෙනවා

යම් කිසි විදියකින් තරුණියට සහෝදරයෙක් සිටිනවා නම් මුලින්ම ඔහු සමග මිත්‍ර භාවයට පත් විය යුතු වෙනවා. ලඟින් ආශ්‍රය කිරීම මගින් ඔහුගේ දුර්වලතා නිසි ලෙස හඳුනාගෙන ඔහු කැමති තරුණියන් සහ ගණිකාවන් ඔහු වෙතට ලබාදී තවදුරටත් විශ්වාසවන්තභාවය ලබාගත යුතු වෙනවා. ඊට අමතරව හැකි සෑම විටම ඔහුට උදව් පදව් කරමින් සහ ඔහුට අවශ්‍ය දේවල් ලබා දෙමින් ඔහුගේ ප්‍රාණ සම මිත්‍රයෙක් බවට පත් විය යුතු වෙනවා. ඉන් අනතුරු ව තමන්ගේ හිතේ පවතින අදහස ඔහුට ප්‍රකාශ කළ යුතුයි.

සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවක තමන්ගේ මිතුරා කෙරෙහි දැඩි භක්තියෙන් පසුවන ඔහු තමන්ගේ සහෝදරිය ඔහු සමග විවාහ කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරනු ඇත. ඇතැම් විට දෙමව්පියන් විරුද්ධ වුණත් සහෝදරයාගේ අනුග්‍රහය යටතේ ගාන්ධර්ව විවාහයක් කරා යෑමේ හැකියාව පවතිනවා.

මේ සියලු ආකාරයේ උපක්‍රම සාර්ථක බවට පත්වූ නොවූයේ නම් වැඩි පිරිසක් ගැවසෙන යම් කිසි උත්සව අවස්ථාවකදී තමන්ට හිතවත් තැනැත්තියක් ලවා ඇයට මත්ද්‍රව්‍යක් දී මත් බවට පත්කොට තරුණිය රැගෙන යා යුතු වෙනවා. ඉන් පසුව ඇය සමග ලිංගිකව එක් වී ඒ පිළිබඳ ව ඇගේ ඥාතීන් සහ දෙමව්පියන් දැනුවත් කර විවාහ වීමට කටයුතු කළ යුතු වෙනවා.

මේ ආකාරයට ම හුදෙකලා තැනක සිටින සහ මත්ව සිටින තරුණියක් වුනත් තමන් වෙතට ලබා ගැනීම කළ හැකි වෙනවා.

මේ කිසිදු ආකාරයකින් තමන්ගේ අභිප්‍රායට යෑම සාර්ථක නොවේ නම් තරුණිය තනිව ගමන් කරන මොහොතක් පිළිබඳව අවධානයෙන් සිට  ඇයව තමන්ගේ මිතුරන්ගේ ආධාරයෙන් පැහැරගෙන ඉන් අනතුරුව විවාහ වීමට කටයුතු කළ යුතු බව කාමසූත්‍රය නිර්දේශ කරනවා.

අවසාන වශයෙන් වත්ස්‍යායන  පඬිතුමා මෙහෙම සඳහනක් කරනවා. ඒ තමයි මේ සියලු විවාහ ක්‍රම අතරින් ගාන්ධර්ව විවාහය අති උතුම් කියන කාරණය.

ඔන්න ඔය විදිහට කාම සූත්‍රයේ තවත් ප්‍රකරණයක් නිමාවට පත්වෙනවා ලබන සතියේදී අපි ඒකචාරීණී වෘත්ත ප්‍රකරණය කියවන්න පටන් ගමු.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *