මේ ලිපි පෙළේ පැරණි ලිපි මගහැරුණානම් පහත ලින්ක් වලින් ඒවා කියවලාම මෙතැනට එන්න…
කාම සූත්‍රය සිංහලෙන් 37 කොටස
කාම සූත්‍රය සිංහලෙන් 40 කොටස
ඔන්න ඉතින් අපි ගිය සතියේ කිව්වා වගේම මේ සතියේ කියවන්න යන්නේ ඒක චාරිණි වෘත්ත ප්‍රකරණය. මේ ප්‍රකරණය තුළදී වත්ස්‍යායන පඬිතුමා සාකච්ඡා කරන්නේ බිරිඳ විසින් තමන්ගේ සැමියාට සැලකිය යුතු ආකාරය.
ඒක හින්දා මේ ආටිකල් එක කියවලා තමන්ගේ බිරිඳට එහෙමත් නැත්නම් පෙම්වතියට කියවන්න යැව්වත් ඉතින් වරදක් නැහැ.
බිරිඳක් විදිහට තමන්ගෙ සැමියාව කැමති කරවාගෙන ඔහුගේ පවුලේ සියලු වගකීම් තමන් වෙත පවරා ගැනීම සිදු කළ යුතු වෙනවා. ඒ සඳහා ඇය උපක්‍රමශීලීව සැමියාව තමන් අදහසට එකඟ කරවා ගැනීමට කටයුතු කළ යුතුයි.
තමන් වාසය කරන නිවස සහ එම අවට ප්‍රදේශය පිරිසිදුව තබා ගැනීම බිරිඳක් විසින් සිදු කළ යුතු ප්‍රධානම දෙයක්. එසේම ගෙය අවට ඉඩම නිසි පරිදි සකස් කොට නොයෙක් විසිතුරු මල් වර්ග වැවීම වගේම නියමිත වෙලාවල්වල සැමියා ද සහභාගි කරවා ගනිමින් පුද පූජාවල යෙදීම කළ යුතු වෙනවා.
මේ ආකාරයෙන් පිළිවෙළක් සහිත ගෙවල්වලට සියලු දෙනාගේම හිත ඇදී යන බව ගෝනර්දිය පඬිතුමා පවසා තිබෙනවා.
සැමියාගේ මවුපියන්ටත් සහෝදර සහෝදරියන්ට සහ ඔවුන්ගේ අඹු දරුවන්ට මෙන්ම සේවක සේවිකාවන්ට ද නිසි පරිදි සත්කාර කිරීම අනිවාර්යය වෙනවා.
තමන්ගේ එදිනෙදා ප්‍රයෝජනය සඳහා ගොටුකොළ වැනි විවිධ පලා වර්ග, ඉඟුරු කොත්තමල්ලි වැනි කුළුබඩු ලෙසත් ඖෂධ ලෙසත් භාවිතා කරන ශාකත් දුරු අසමෝදගම් වැනි අත්‍යවශ්‍ය ඖෂධත් ඇසට ප්‍රිය උපදවන විවිධ ගස් සහ පඳුරු වර්ගත් සිටවිය යුතුයි
එසේම රෝස, ඉද්ද, සමන්පිච්ච, කටරොඬු ආදී සිත් ගන්නා මල් වර්ගද බැවිල, සැවැන්දරා ආදී කුඩා ගස් වර්ග ද නිවස අසළ සහ නිවස අසළ පවතින වන ගොමුවලත් වැවිය යුතුයි. එසේම මිදුල සහ ඒ අවට බෑවුම් සහිත ප්‍රදේශ ඇත්නම් ඒවා මනා ලෙස සමතලා කොට සකස් කිරීම කළ යුතුයි.
ගේ උයන මැද ළිං, පොකුණු ආදිය තැනීම ද කළ යුතු වෙනවා.
බිරිඳක් ලෙස තමන්ගේ යුතුකම ඉටු කිරීමේදී හිඟන්නියන්, තාපසියන් ගෙයින් ගෙට යන්නියන්, නිමිතිකාරියන් සහ නාඩගම්කාරියන් ආදීන් සමග සබඳතා පැවැත්වීමෙන් වැළැකිය යුතුයි කියලා වත්ස්‍යායන පඬිතුමා විශේෂයෙන්ම සඳහන් කරනවා.
දිනපතා තමන්ගෙ සැමියා ආහාර ගන්නා වේලාවේදී ඔහු අසලින් ම රැඳී සිට ඔහු ප්‍රිය කරන දේවල් සහ අප්‍රිය කරන දේවල් පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගත යුතු වෙනවා. ඒ අනුව ඔහුගේ ආහාර වේල් සැලසුම් කිරීමට වගබලා ගත යුතුයි.
සැමියා දුරබැහැර ගමනක් ගොස් පැමිණෙන විට මනා ලෙස සැරසී ඔහුව පිළිගැනීම බිරිඳ කළ යුතු අතර ඔහුගේ පා සේදීම සඳහා මෙහෙකරුවන් නොයොදා තමන් විසින්ම විසින්ම ඔහුගේ පා සේදීම කළ යුතු වෙනවා.
යම් කිසි විදිහකින් සැමියා අනවශ්‍ය ලෙස වියදම් කරනවා සේම නිසි පරිදි වියදම් නොකර මසුරෙකු සේ සිටිනවා නම් ඒ පිළිබඳ ව ඔහුට වෙනත් අයෙකුට නොදැනෙන සේ දැනුම් දිය යුතු වෙනවා.
විවාහ මංගල උත්සව, දේව පූජා ආදී වූ උත්සව සඳහා තමන් යෙහෙළියන් සමග සහභාගී වන්නේ නම් ඒ සඳහා සැමියාගේ කැමැත්ත ලබාගෙන ඔහුගේ ලබාගත් අවසරය මත පමණක් එවැනි දේවලට සහභාගී විය යුතු වෙනවා.
සැමියාට පසුව නිදා ගැනීමත් ඔහුට පළමුව අවදි වීමත් බිරිඳගෙ යුතුකමක් වන අතර සැමියා නිදන අවස්ථාවක ඔහුව අවදි කිරීමෙන් වැළකිය යුතු වෙනවා.
මුළුතැන්ගෙට බාහිර කිසිවෙක් ඇතුළු විය නොහැකි සේ සකස් කළ ගත යුතු අතර එය චිත්තාකර්ෂණීය ලෙස පවත්වා ගැනීම කළ යුතු වෙනවා.
යම්කිසි විදියකින් සැමියාගේ යම් වරදක් හෝ වෙනත් සම්බන්ධතාවක් පිළිබඳව තමන්ට දැනගන්නට ලැබුණොත් ඒ පිළිබඳව ඔහුට දෝෂාරෝපණය කිරීමෙන් වැළකී මෘදු වදනින් එකී වරද පහදා දිය දිය යුතු වෙනවා.
සැමියාට දෝෂාරෝපණය කළ යුතු අවස්ථාවක් මතු වූයේ නම් ඔහුගේ මිතුරන් සිටින අවස්ථාවක එය නොකළ යුතු අතර හුදෙකලා අවස්ථාවකදී එසේ බැණ වැදීම කළ යුතුයි. එසේම සැමියාට ඇනුම්පද කීම අවිශ්වාසයේ මුල බව ගෝනර්දිය පඬිතුමා පවසා තිබෙනවා
එහෙමනම් ලබන සතියේ අපි මේ ප්‍රකරණය කියවලා ඉවර කරමු. වෙනදා වගේම මේ ආටිකල්වලට කමෙන්ට් නොකළත් මේ ආටිකල් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
Leave a Reply