කාම සූත්‍රය සිංහලෙන් – හතළිස් හතරවැනි කොටස

මේ ලිපි පෙළේ පැරණි ලිපි මගහැරුණානම් පහත ලින්ක් වලින් ඒවා කියවලාම මෙතැනට එන්න…

 

කාම සූත්‍රය සිංහලෙන් 1 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 2 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 3 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 4 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 5 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 6 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 7 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 8 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 9 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 10 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 11 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 12 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 13 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 14 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 15 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 16 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 17 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 18 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 19 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 20 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 21 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 22 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 23 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 24 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 25 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 26 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 27 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 28 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 29 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 30 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 31 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 32 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 33 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 34 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 35 කොටස

කාස සූත්‍රය සිංහලෙන් 36 කොට​ස

කා​ම සූත්‍රය සිංහලෙන් 37 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 38 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 39 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 40 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 41 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 42 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 43 ​කොට​ස

 

මතක ඇතිනේ කලින් ආටිකල් එකේ අන්තිමට කිව්වා වගේම අපි අද කියවන්න යන්නේ කාම සූත්‍රයේ අලුත් ප්‍රකරණයක්. මේ ප්‍රකරණය හඳුන්වලා තියෙන්නේ සපත්නීනු ජ්‍යේෂ්ඨාධිවෘත්ත ප්‍රකරණය විදිහට.

හැබැයි කියන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි මේ ප්‍රකරණය වර්තමාන සමාජයට නම් එතරම් ගැළපෙන්නේ නැහැ. මොකද මේ ප්‍රකරණය ලියලා තියෙන්නේ බහු විවාහය පිළිගත්ත පැරණි භාරතීය සමාජයට ගැලපෙන විදියට. මේ ප්‍රකරණය තුළින් තම ස්වාමියාට බොහෝ භාර්යාවන් සිටියදී අනුගමනය කළ යුතු ක්‍රියා කලාපය ගැන විස්තර වෙනවා. 

පළමුවෙන් ම බිරිඳකට තම සැමියාගේ අනෙක් බිරින්දෑවරුන්ගෙන් කරදර ඇති වීමට හේතු කීපයක් වත්ස්‍යායන පඬිතුමා සඳහන් කරනවා ඒ හේතු තමයි 

නුවණින් හීන වීම 

දුසිල්වත් බවින් යුක්ත වීම 

අවාසනාව

 දරුවන් නොලැබීම

 දැරියන් පමණක් ලැබීම 

මේ නිසා සිල්වත් වීම ගැන කාන්තාවක් මුලින්ම අවධානය යොමු කළ යුතු වෙනවා. යම් විදිහකින් තමන්ට දරුවන් නොලැබෙන ගැටළුවක් ඇත්නම් වෙනත් විවාහයකට යොමුවන ලෙස තම සැමියා ව උනන්දු කළ යුතු වෙනවා.

යම් විදියකින් සැමියා ඇයගේ ඉල්ලීම පිළිගෙන තවත් බිරිඳක් නිවසට කැඳවාගෙන පැමිණියහොත් ඇයට වඩා තම ගතිපැවැතුම් උසස් මට්ටමෙන් පවත්වාගෙන යෑමට පළමු බිරිඳ උත්සාහ කළ යුතුයි. 

එසේ පැමිණි දෙවැනි බිරිඳට තමන්ගේ සහෝදරියකට සේ සැලකිය යුතු අතර ඇය විසින් කළ යුතු ගෙදර දොර වැඩ කටයුතු තම සේවිකාවන් යොදවා නිම කිරීමට වග බලා ගත යුතු වෙනවා. නමුත් යම් හෙයකින් ඇය උඩඟු ආකාරයෙන් හැසිරෙනවා නම් එවැනි හැසිරීම් වලට ඉඩ ඇහිරීමට වග බලා ගත යුතු වෙනවා.

සැමියාගේ කටයුතු වලට දෙවෙනි බිරිඳ ප්‍රමාද වන්නේ නම් ඒ ගැන මූලික අවස්ථාවේදී කිසිවක් නොකියා සිටිය යුතු අතර දිගින් දිගටම එවැනි දෑ වෙයි නම් ඒ වැනි අඩුපාඩුකම්වලින් මිදිය යුතු බව ඇයට කරුණාවෙන් යුතුව පැහැදිලි කළ යුතු වෙනවා.

ඒ වගේ ම තමන් සතු විවිධ දක්ෂතා උදාහරණයක් ලෙස සූසැට කලා තුළින් තමන් ලබා ඇති දක්ෂතා සැමියා ඉදිරියේ ප්‍රදර්ශනය කළ යුතු වෙනවා

කිසිම විටෙක දෙවැනි බිරිඳට ලැබුණු දරුවන්ට කිසිදු වෙනස්කමක් නොකළ යුතු අතර ඔවුන් කෙරෙහි කරුණාවෙන් කටයුතු කළ යුතු වෙනවා. තමන්ගේ ඥාතීන්ට සැලකිල්ලක් නොදැක්වූවත් දෙවැනි බිරිඳ ගේ ඥාතීන් කෙරෙහි ඇඟෑලුම් කම් දැක්වීමට කටයුතු කළ යුතුයි.

යම් විදිහකින් මෙවැනි බිරින්දෑවරු කීප දෙනෙක් සිටී නම් එයින් වැඩිමහල් බිරිඳ අනෙකුත් සියලු බිරින්දෑවරුන් ම එක හා සමාන අයුරින් ආශ්‍රය කළ යුතු වෙනවා.

යම් අවස්ථාවක දී එක් බිරිඳකට සැමියා විසින් වැඩි රුචිකත්වයක් දක්වයි නම් ඇය සමග කලහ කිරීමෙන් පසුව හෝ එවැන්නකට සැමියාට ඉඩ නොදිය යුතු බව ඒත්තු ගැන්විය විය යුතුයි.

එම උත්සහය ව්‍යාර්ථව ගියහොත් ඇය සමඟ කිසිදු ගැටුමක් ඇති නොකර අනෙකුත් බිරින්දෑවරුන් ඇය සමග ගැටුමකට පොළොඹවාලිය යුතු වෙනවා. ඒ හරහා ඇය කුරිරු තැනැත්තියක් බව එම බිරින්දෑවරුන්ට වගේම සැමියාට හැඟවීමට හැකියාව ලැබෙනවා.

යම් විදියකින් තව දුරටත් එම බිරිඳ කෙරෙහි සැමියා වැඩි ඇඟෑලුම් කමක් දක්වයි සහ කලහ සම්බන්ධයෙන් ඔහු ඇයගේ පැත්ත ගනී නම් සැමියා සමග එකට එක කිය හැකි තවත් බිරිඳක් පොළඹවා නැවත කලහයක් ඇති කළ යුතු වෙනවා.

යම් අවස්ථාවක මේ කලහය සංසිඳෙන බව දැනී ගියහොත් නැවතත් මෙම කලහය ඇවිලීමට කටයුතු කළ යුතුයි. නමුත් තව දුරටත් සැමියා එම බිරිඳටම දැඩි ලෙස ප්‍රිය කරයි නම් අනෙකුත් බිරින්දෑවරුන් සහ ඇය අතර සමාදානයක් ඇති කිරීමට ජේෂ්ඨ බිරිඳ මැදිහත් විය යුතු වෙනවා.

අනෙකුත් බිරින්දෑවරු ජේෂ්ඨ බිරිඳට තමන්ගේ මවට මෙන් ගරු සත්කාර කළ යුතු අතර තමන් විසින් ගෙන ආ දෑවැද්දට අයත් දේවල් පවා භාවිතා කළ යුත්තේ ඇයගේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුවයි.  එසේම තමන්ගේ සියලුම පුවත් පිළිබඳව ඇය ව දැනුවත් කළ යුතු වෙනවා. යම් අවස්ථාවක සැමියාව මුණ ගැසීමට හෝ සැමියා සමඟ යහන් ගත වීමට සූදානම් වීමේදී ඇයට ඒ බව දැන් විය යුතු අතර, ඇය පිළිබඳව දුර්ගුණ කිසිවක් බාහිර පාර්ශවවලට කීමෙන් වැළකිය යුතු වෙනවා. එසේම යම් විදියකින් ජේෂ්ඨ භාර්යාවටත් දරුවන් සිටී නම් ඔවුන්ට තමන්ගේ දරුවන්ටත් වඩා වැඩි හිතෛෂී භාවයකින් සැළකිය යුතුයි.

අපි එහෙනම් ලබන සතියේ මේ ප්‍රකරණයෙහි ඉතිරි කොටස කියවමු. මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ නොකළත් විවිධ තැන් වල, ඒ කිව්වේ සීක්‍රට් ගෲප් වල වුණත් ශෙයා කරන්න අමතක කරන්න එපා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *