ඇඳේදී ඔබ අනෙකාව පාලනය කරන්න කැමති, ආධිපත්‍යය උසුලන කෙනෙක්ද කියලා දැනගන්න කැමතිද?

දැන් සෙක්ස් ගැන අපි සෑහෙන්න කතා කරනවනේ. එතකොට අපි සාකච්ඡාවට ගත්තු එක කාරණාවක් තමයි සාමාන්‍ය විදියට සිද්ධ වෙන වැනිලා සෙක්ස් වලට පොඩ්ඩක් එහාට ගිහින්, කින්කි සෙක්ස් වල ක්ෂිතිජ ඉම් තව එහාට ගවේෂණය කරලා බලන, සෙක්ස් වලින් වැඩි සතුටක් වෙනස් අත්හද බැලීම් ඔස්සේ ලබාගන්න කැමති අයට කරන්න පුලුවන් දේවල් මොනවද කියන එක. එතනදී අපි කතා කරලා තියනවා ඔබ සෙක්ස් කරනකොට යටහත්ව ඉන්න කැමති කෙනෙක්ද කියලා දැනගන්නේ කොහොමද කියන කාරණාවත්. ඇත්තටම ඔය ගොඩක් අය කතා බහට ගන්න BDSM වල තියෙන එක කොටසක් තමයි dominant කියන්නේ. මේ dominant කියන්නේ මොකක්ද කියලා කිව්වොත්, කෙනෙක් අනෙකාව යටත් කර ගෙන ලිංගික තෘප්තිය විඳින්න කැමති මනෝභාවයක් තියෙනවාය කියන එක තමයි එතනින් කියන්නේ. ඇත්තටම පොඩ්ඩක් සාම්ප්‍රදායික ලිංගිකත්වයෙන් එපිටට ගිහින් සෙක්ස් රසවිඳින්න කැමැත්තක් තියෙනවා නම්, මූලිකවම කරන්න ඕන දෙයක් තමයි තමන්ගේ මේ මනෝභාවය submissive ද එහෙමත් නැතිනම් dominant ද කියන එක අවබෝධ කරගන්න එක. ආන්න ඒ අවබෝධ කරගැනීම උදෙසා අපි හිතුවා, ඔබ කෙනෙක්ද කියලා හොයාගන්න පුලුවන් කාරණා කිහිපයක් ගැන කියන්න!

 

01. ස්වභාවයෙන්ම පාලනය ගන්නා සුළුයි

මේක එක්කෝ ඇත්තටම කෙනෙක්ගේ චරිත ස්වභාවය එක්ක එන දෙයක් වෙන්න පුලුවන්, එහෙම නැතිනම් සෙක්ස් කරනකොට තමන් සමවදින භූමිකාවක් වෙන්නත් පුලුවන්. ඒ දෙකෙන් කෝක වුණත් කමක් නෑ. මූලිකවම ඔබ ඇඳට ගියහම අනිකාව පාලනය කරන්න කැමති වෙනවා නම්, ඇත්තටම එහෙම පාලනය කිරීමෙන් ලිංගික තෘප්තියක් ලබනවා නම්, ඒ කියන්නේ ඔබ ලිංගිකමය වශයෙන් dominant චරිතයක් කියලා තමයි. අනෙක් පැත්තට, ඔබ නිරන්තරයෙන්ම ඇඳේදී අනෙකාගේ පාලනයට යටත් වීමෙන් එහෙමට ලිංගික තෘප්තියක් ලබන්නේ නැති නම්, ඒකත් ඔබ dominant කියන්න පුලුවන් ලක්ෂණයක් කිව්වට වැරදි නෑ.

 

02. Dominant පොසිෂන් එකක්!

දැන් සෙක්ස් කරන්න ගියහම කොයි තරම් සෙක්ස් පොසිෂන්ස් තියෙනවද අප්පා. ආයෙ හැමෝම දන්න සාම්ප්‍රදායික මිෂනරි පොසිෂන් එකේ ඉඳලා, කව් ගර්ල්, ඩොගී, ස්පූන් අනං මනං ඕන තරම් තියෙනවා. ඔව්වා ඉතින් මූලිකවම ඉගෙන ගෙන ඉන්න එක හොඳයි හොඳ සෙක්ස් ලයිෆ් එකක් එන්ජෝයි කරන්න. ඇත්තටම මේ කියන්න යන කාරණාවෙන් ඔබ ඇඳේදී ඩොමිනන්ට් ද නැතිනම් සබ්මිසිව් ද කියලා තීරණය කරන්න නම්, ඔබට විවිධ සෙක්ස් පොසිෂන්ස් ගැන අවබෝධයක් තියෙන්නම ඕන. ආන්න ඊට පස්සේ හිතන්න පුලුවන් තමන් වඩාත් එන්ජෝයි කරන්නේ මොන පොසිෂන් එකද කියලා. මේ කියන්නේ තමන්ට වඩාත්ම සෙට් වෙන එක හරිද. උදාහරණයක් විදියට, ඩොමිනන්ට් කෙනෙක් කැමති වෙන්න පුලුවන් මිෂනරි, ඩොගී වගේ පොසිෂන් එකකට. ඒ කියන්නේ තමන් අනෙකාව පාලනය කරන පොසිෂන් එකකට. හැබැයි මතක තියාගන්න, ඩොමිනන්ට් සෙක්ස් පාට්නර් කෙනෙක් වුණත් කැමති වෙයි ඉඳලා හිටලා හරි තමන්ගේ පාට්නර් තමන්ගේ උඩට ඇවිත් සෙක්ස් කරනවට.

 

03. පාවිච්චි කිරීම වෙනුවට පාවිච්චියට ගැනීම

මෙන්න මේක නම් ටිකක් සෙන්සිටිව් මාතෘකාවක්. ඇයි අපි එහෙම කියන්නේ? ප්‍රධාන වශයෙන්ම “පාවිච්චිය” කියන වචනෙම අවුලක් තියනවා. ඒ කියන්නේ, අනෙකාව පාවිච්චි කරනවා කිව්වහම, අනෙකාට තැනක් නොදෙන, ගරුත්වයක් නොදෙන, අනෙකාව සෙක්ස් ටෝයි එකක් ගාණට දැමීමක් කියලත් හිතන්න පුලුවන් නිසා. හැබැයි අපි මේ කතා කරන්නේ ඊට වඩා ගැඹුරු අර්ථයකින්. උදාහරණයක් විදියට ගත්තොත්, dominant මනුස්සයෙක්ට ඉහළ තෘප්තියක් ලැබෙන්නේ තමන්ගේ පාට්නර්ගේ ඇඟ සහ හැඟීම් දෙන්නගේම තෘප්තිය වෙනුවෙන් පාවිච්චි කිරීමෙන්. හැබැයි තව දෙයක්, dominant පාට්නර් එහෙම වෙනකොට, ඒක උපරිම වශයෙන් අන්‍යාන්‍ය වශයෙන් තෘප්තිමත් ලිංගික සම්බන්ධකමක් වෙන්න නම්, submissive පාට්නර් කෙනෙක් ඉන්න ඕන. ඒ කියන්නේ dominant පාට්නර්ට තමන්ව පාවිච්චි කරන්න දීලා සතුටු වෙන කෙනෙක් ඉන්න ඕන.

 

04. රිද්දන්න ඕකේ

සෙක්ස් කරනකොට රිද්දනවා කියන එකත් බොහොම ගැඹුරින් කතා කරන්න ඕන දෙයක්. මේ කියන රිද්දිල්ල අපි සාමාන්‍යයෙන් රිදිල්ල කියලා හිතන විදියේ දරුණු එකක් නෙවෙයි. ඊට වඩා රිදුමක් එක්ක එන තෘප්තියක්, සතුටක් කියන එක තමයි මෙතනදී කියන්නේ. උදාහරණයක් විදියට ගත්තොත්, සමහර submissive පාට්නර්ලා ආසයි තමන්ගේ නිපල්ස් ටිකක් රිදෙන්න හපනවට. ඒකෙන් ඒ අය සතුටු වෙනවා. එතකොට තවත් අය ආසයි රෆ් විදියට තමන් එක්ක සෙක්ස් කරනවට, තමන්ට සංසර්ගය කරනවට. ආන්න එතකොට, අන්න ඒ රිදීම, රළු ගතිය අනෙකාට ලබාදෙන එකෙන් ලිංගික තෘප්තියක් කෙනෙක් ලබනවා නම්, ඒ කෙනා dominant පාට්නර් කෙනෙක් කියලා හිතන්න පුලුවන්. හැබැයි මතක තියාගන්න, මේ රිදීම, රිද්දිල්ල කියන එක දෙන්නගේම එකඟතාවයෙන් වෙන්න ඕන එකක්. ඒ වගේම, ඒ රිද්දිල්ල ඇබියුස් එකක්, අපයෝජනයක්, බලහත්කාරකමක් වෙන්න බෑ. එහෙම දේවලට ආසයි කියන්නේ එයා dominant කියන එක නෙවෙයි, එයා abuser කෙනෙක් කියන එක.

 

05. පුංචි පුංචි දේවල්

කෙනෙක් සෙක්ස් කරන්න ගියහම dominant ද කියලා තේරුම් ගන්න පුලුවන් පුංචි පුංචි දේවල් තියෙනවා. උදාහරණයක් විදියට කිව්වොත්, අපි ගමු බ්ලෝ ජොබ් එකක්, ඒ කියන්නේ මුඛ සංසර්ගය ලබාගැනීමක්. එතනදී ඔබ කැමතියි නම් ඔබේ පාට්නර් ඔබ ගාවින් දණ ගහලා, ඔබේ ඇස් දිහා බලාගෙන ඔබට මුඛ සංසර්ගමය අත්දැකීමක් ලබාදෙනවට, එහෙම කරනකොට ඔබේ පාට්නර්ගේ ඔළුවෙන් අත තියලා ටිකක් බලෙන් වගේ ඔහුගේ/ඇයගේ මුඛය උපයෝගී කරගෙන සංසර්ගය කරවන්න, ආන්න ඒක dominant කෙනෙක්ගේ චරිත ස්වභාවයක් කියන්න පුලුවන්. එතකොට ලිංගික සංසර්ගයේදී වුණත් ටිකක් තදින් අනෙකාට ලබාදෙන්න, ලිඟු පහර ලබාදෙන්න කැමති නම්, ඒකත් dominant කෙනෙක්ගේ ලක්ෂණයක්. හැබැයි මතක තියාගන්න, dominant කියන එකට ස්ත්‍රී පුරුෂ භේදයක් නෑ. සමහර විට ස්ත්‍රී පාට්නර් dominant නම්, එයාට සෙක්ස් කරනකොට පහර ලබාදෙන්න ලිඟුවක් නැහැනේ කියලා කෙනෙක් හිතයි. හැබැයි එයාට වුණත් පුලුවන් ලිංගික සංසර්ගයේ ආධිපත්‍යය ගන්න. යටත් කරගන්නා වෙන්න. ආන්න එතකොට එයා තමයි dominant කෙනා. මේ ඇරෙන්න, ගොඩක් වෙලාවට dominant කෙනෙක් තමයි අනෙකාව තමන්ගේ ආධිපත්‍යයට නතු කරගෙන සෙක්ස් කිරීම ආරම්භ කරන්නේ.

 

06. සෙක්ස් ලයිෆ් එකේ ඇඩ්වෙන්චර්ස් හොයන්න කැමති ගතිය

මේක ඇත්තටම dominant කෙනෙක්ට වගේම submissive කෙනෙක්ට වුණත් තියෙන්න පුලුවන්. ඒ කියන්නේ කින්කි සෙක්ස් ගවේෂණය කරලා බලන්න, ඇඳේදී අලුත් අලුත් දේවල් කරලා බලන්න තියෙන ආසාව. උදාහරණ විදියට ගත්තොත්, සෙක්ස් රෝල් ප්ලේ වෙන්න පුලුවන්, සෙක්ස් ටෝයිස් පාවිච්චි කිරීම වෙන්න පුලුවන්, ගුද සංසර්ගය වෙන්න පුලුවන්, වෙනත් සෙක්ස් ෆැන්ටසීස් වෙන්න පුලුවන්. හැබැයි එහෙම කැමැති දේවල් තිබ්බට, submissive කෙනෙක් ඒකට මූලිකත්වය නොගන්න තරම්. සමහර විට dominant කෙනාට වඩා submissive කෙනා ඒ ගැන විවෘත වෙන්න පුලුවන්, ඒ ගැන මුලින්ම කියන්නෙත් submissive කෙනා වෙන්න පුලුවන්. හැබැයි ඒ දේවල් හැම වෙලේම ආරම්භ කරන්න උත්සාහ කරන්නේ dominant පාට්නර්. එතනදීත් අර ආධිපත්‍යය දැරීම සහ අපි කලින් කතා කරපු අනෙකාව සතුට වෙනුවෙන් පාවිච්චි කිරීම කියන කාරණාව තමයි ඉස්මතු වෙන්නේ.

 

07. ස්වභාවයේ තියෙන අධිපති භාවය

මේකත් ටිකක් සියුම් කාරණාවක්. දැන් සාමාන්‍යයෙන් මිනිස්සුන්ගේ චරිත ස්වභාවයන් තියෙනවනේ. සමහරු ස්වභාවයෙන්ම ආධිපත්‍යය දරණ සුළුයි. එහෙම අයගේ මනෝභාවය, හැසිරීම් රටාවන්, පෞරුෂත්වය වුණත් dominant තමයි. හැබැයි ඒ කියන්නේ මිනිස්සුන්ට කෑ ගහන, හයියෙන් කතා කරලා අවධානය ලබාගන්න, අනෙක් අයව ගණන් නොගෙන ඉන්න, අනෙක් අයව පහත් කරලා සලකන එක නම් නෙවෙයි. කොටින්ම කියනවා නම් dominant මනුස්සයෙක් අතිශයින්ම කාරුණික, අනෙක් අය ගැන හරියට කෙයාර් කරන කෙනෙක් වෙන්න පුලුවන්. හැබැයි dominant කෙනෙක්ගේ ඒ dominant ස්වභාවය අනික් අයට දැනෙනවා. එහෙම කෙනෙක් ඉන්න විදිය වුණත් සෘජු, ස්ථිරසාර ගතියක් තියෙනවා. ආන්න ඒකත් තමන් dominant ද නැද්ද කියලා දැනගන්න පුලුවන් හොඳ ලක්ෂණයක්.

 

දැන් අවසානයට අපිට තවත් කියන්න දෙයක් තියනවා. ඒ කියන්නේ, කෙනෙක් ලිංගික ජීවිතේදී dominant කෙනෙක් කියන්නේ එයා රළු පරළු, කර්කශ, අනෙකාව අපයෝජනයට ලක් කරන, තාඩන පීඩන කරන කෙනෙක් නෙවෙයි කියන එක. ඇත්තටම හරි dominant කෙනෙක් තමන්ගේ ඒ භූමිකාවට අවතීර්ණ වෙන්නේ බොහොම සියුම් විදියට, අනෙකා ගැන ලොකු ආදරයක්, ගරුත්වයක් සහ කෙයාරින්ග් එකක් එක්ක. ඒ ඇරෙන්න, dominant කෙනෙක්ට බැහැ තමන්ට ඕනම දෙයක් තමන්ගේ submissive පාට්නර්ට කරන්න. උදාහරණයක් විදියට ගත්තොත්, වැඩේ පටන් ගන්නම ඕනේ සේෆ් වර්ඩ් එකක් එහෙම තීරණය කරගෙන. එතකොට තමන්ගේ submissive පාට්නර් සේෆ් වර්ඩ් එක කියපු ගමන් තමන් කරන ඕනම දෙයක් නවත්තන්න ඕන. ඒ වගේම, තමන්ගේ submissive පාට්නර්ට උපරිම ගරුත්වය සහ කෙයාරින් එක දෙන්න ඕන. ආන්න ඒ දේවල් එක්ක සෙක්ස් කරන්න ගියොත්, තමන්ගේ සෙක්ස් ලයිෆ් එක උපරිමයෙන් තෘප්තිමත්, ලස්සන එකක් වෙනවා ෂුවර්!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *