ඉඳලා ඉඳලා කොල්ලො සෙට් එක පොඩි අඩියක් ගහන්න සෙට් වෙනවනං ඒකට කලින් හිතන්න දේවල් ගොඩක් තියෙනවා. මොකද ඒ දේවල් නොහිතුවොත් සෙට්වීම ෆුල් අවුට් ගිහින් වැඩේ බකල් වෙන්න පුළුවන්. ඒ නිසා හීනියට අඩියක් ගහන්න කාලෙකට පස්සෙ යාළුවො ටික ප්ලෑන් කරගෙන ඉන්නවනං මේ දේවල් ගැනත් දෙපාරක් හිතලා රෙඩි වෙලාම යන්න.
1. සෝක දින

Source – facebook.com
අම්මෝ කෙළම වෙන්න පුළුවන් තත්ත්වයක් තමයි සෝක දින කියන්නෙ. දැන් ඉතිං මොකක් හෝ දේකට රටක් පිටින් සෝක වෙද්දි අපි නැටුං තෙල් බීලා පිස්සො වගේ හිනා වෙන එක අවුලක් තමයි. හැබැයි ඉතිං කාලෙකට පස්සෙ යාළුවො කට්ටිය සුබ සැන්දෑවක් ගත කරන්න හදද්දි ඒකටත් මේ වගේ සෝක දිනේකින් කෙළවෙන එකනං ලොකු අවුලක්.
2. අමතක වීම්

Source – todayonline.com
පෝය, අනෙකුත් ආගමික දින සහ රජයේ නිවාඩු සතිඅන්තවලට වැටීම, බොන්න යන්න හිතාගෙන ඉන්න පැත්ත අරක්කු මුක්ත කලාපයක් වීම වැනි දේවල් අපිට අමතක වුනොත් ඒ කියන්නෙ අපේ බීමට බාල්දියක් වැටෙන විත්තිය තමයි. අන්න ඒ නිසා ඒ වගේ දේවල්වලට සූදානම් වෙන්න. අතේ සල්ලි ටිකක් වැඩිපුර තියාගන්න. කාඩ් ගැන විශ්වාස තියන්නෙපා.
3. ලෙඩේ

Source – twitter.com
කරුමම තත්ත්වයක් විදියට එක පාරටම බඩේ දැවිල්ලක් හටගැනීම හෝ ගෑස් තත්ත්ව උත්සන්න වීමක් සිද්ධ වීම වගේ දේවල් සිද්ධ වීම. කෙටි වැස්සකට හසුවීමෙන් හෙම්බා ඇතිවීම, ඉන්පසු කූල් සෝඩා පාවිච්චියට ගැනීමට නොහැකිවීම සහ අයිස් කැට අරහං වීම බාධක ලෙසින් ඇතිවිය හැකියි.
4. ලොක්කා කෝල්

Source – play.google.com
ලොක්කා කෝල් කරලා ඔෆිස් එකේ දෙයක් ඇහුවොත්, බොන ගමන් ඕවා මතක තියෙයිද? ෆෝන් එකෙන් ඊමේල් එකක් ගහන්න වුනොත්, ක්ලයන්ට් කෙනෙකුට කෝල් කරන්න කිවුවොත්, වගේ දාහකුත් එකක් ඔෆිස් එක හා සම්බන්ධ සිදුවීම් නිසා බීමකට බාල්දි වැටෙන්න පුළුවන්.
5. තාත්තා කෝල්

Source – 123rf.com
අම්මා කෝල් කරාම ෂේප් එකක් දාගත්තට, තාත්තා කෝල් කරද්දි අරක්කු පොදක් දිව ගා හිටියත් ඒක මනාව දැනගැනීමේ හැකියාවක් තාත්තාට තියෙනව. හප්පෝ ඉතිං ඒ දෝස්මුරේ අහනවට වඩා අමුවෙන් හරි කියන තැනකට ගිහින් තාත්තාගේ අවශ්‍යතාවය සපුරන එක හොඳයි. තාත්තා කෝල් කරනව කියන්නෙ ඉතිං කොහොමත් බරපතළ තත්ත්වයක්. මොකද තාත්තා නිකං අම්ම වගේ හැම තිස්සෙම කෝල් කරන්නෙ නැහැනෙ.
6. වගකීම්

Source – tntribune.com
ගෙදර වගකීම් ටික ගැනත් මේ වෙලාවෙ මතක් කරගන්න වෙනවා. මොකද ගෙදර වගකීම් ටික හරියට සිද්ධ නොවුනොත් ඒවත් බාල්දි විදියට පැමිණෙන්න පුළුවන්. ඒ වගේම ඒ දේවල් බිවුවත් නැතත් අනිවාර්යෙන් සිතිය යුතු දේවල් බව අපි අවධාරණය කරනවා. පොඩි එකාගෙ හාල් ඉවරයි වගේ දේවල් හිත නිදහසේ බොන්න තියෙන ඉඩ අහුරුවන තත්ත්වයන්. බැඳපු උන් නම් උන්ගෙ වයිෆ්ට අසනීප වීම, ආදරවන්තයෙක් නම් ගර්ල්ෆ්‍රෙන්ඩ් වාත වීම වගේ තත්ත්වත් වගකීම් ගානටම දාන්න වෙනවා. ඒවට බෙහෙතුත් මේවා කියවන හබියලා බෝයිෆ්‍රෙන්ඩ්ස්ලා දන්නවනෙ.
7. කෝ මුන්?

Source – bodybuilding.com
අපිට එන්න පුළුවන් තවත් නොසිතන බාධකයක් විදියට පොලු කියන දේ හඳුන්වන්න පුළුවන්. කොයි සෙට් වලත් ඉන්නවා පොලු කාරයො. දැන් අපි එහෙම කිවුව කියලා පොලු කාරයො ටික ෆේස්බුක් එකේ මෙන්ෂන් කරගෙන යන්න එපා. කොහොම වුනත් මචං අම්ම අද අම්ම එක්ක පොලේ යන්න එන්න කිවුව, මචං වයිෆ්ට අසනීපයි වගේ පච හලලා පොලු තියෙන බුවාලා අපි අතරේ ඕනතරං ඉන්නවා. ඒ විදියට පොලු තියෙනවා දැක්කම තවත් එවුන් පාටියෙන් හැලෙනවා. අන්න ඒ විදියෙ දේවල් වෙලා කල් දමා දින ගැන ගැන හිටපු පාටි දුක්ඛදායක ලෙස කැන්සල් වෙලා යනවා මිත්‍රවරුණි.
Cover Image Source – pixel.com
Leave a Reply