ආදරේ කියන්නේ සීමා මායිම් නැති දෙයක් කියලනේ ඔය කවි සිංදු වල වුනත් කියන්නේ. හැබැයි එහෙම කිවුවට ඉතින් ලෝකේ ඕනෑ පදමට ආදරේට සීමා මායිම් තියෙනවා. කුලය, පංතිය, ආගම, ජාතිය වගේ ඕනෑම දෙයක් මේ ආදරේට හරස් වෙන සීමා මායිම් වෙන්න පුලුවන්. සමහරවිට ස්ත්‍රී පුරුෂ භාවයත් ආදරේට සීමා වැටකඩොළු පනවන දෙයක් වෙන්න පුලුවන්ද? ඔව් ඒ කිවුවේ සමරිසි ආදරේ ගැන තමයි. කොටින්ම කියනවා නම් ගැහැණියකට බැරිද තවත් ගැහැණියකට ආදරේ කරන්න? පිරිමියෙක්ට බැරිද තවත් පිරිමියෙක්ට ආදරේ කරන්න? ආදරේට මනුස්සයෙක් වීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැතිද? මේවා ඇත්තටම අදටත් ප්‍රශ්න. හරියටම කියනවා නම් සමාජ ප්‍රශ්න. මේවා ගැන කථා කරන එකත් ශ්‍රී ලංකාව වගේ තවමත් සාම්ප්‍රදායික රටක ප්‍රශ්නම තමයි. හැබැයි අඩු තරමින් සමරිසිභාවය සම්බන්ධයෙන් තියෙන දුර්මත කීපයක් හරි නැති කරලා දාන්න, සම සෙනෙහසින් බැඳෙන අයට සමාජයෙන් කොන් කිරීම් වල ඉඳලා ප්‍රචණ්ඩත්වයට පවා මුහුණ දෙන්න සිද්ධ වීම අඩු කරන්න මේ දේවල් ගැන එළිපිටම කතා කරන්න වෙනවා.
1. මොනවද මේ සමලිංගික, සමරිසි, සමසෙනෙහස් කතා?

Source – philodispatch.wordpress.com
සරලයි. පිරිමියෙක් පිරිමියෙක්ට ආදරේ කළොත් ඒ කෙනාව පොදුවේ Gay කියලා ඉංග්‍රිසියෙන් හඳුන්වනවා. ගැහැණියක් ගැහැණියක් හා බැඳෙනවා නම් එයාව ඉංග්‍රීසියෙන් Lesbian කියලා හඳුන්වනවා. මේ නැඹුරුතාවයට Homosexuality කියනවා. ඕක සිංහලට එනකොට ස්ත්‍රී හෝ පුරුෂ සමලිංගිකත්වය කියලා තමයි ආවේ. හැබැයි පසුකාලීනව මේ ගැන කතාබහ සමාජය ඇතුළේ ඇතිවෙනකොට වඩාත් නිවැරදිව මේ බැඳීම අර්ථ දක්වන්න පුලුවන් වචන වුවමනා වුනා. සමරිසිභාවය කියන එක ආවේ එහෙම වෙන්න ඕන. දැන් බොහෝ විට සමසෙනෙහස් කියන වචනය භාවිතා වෙනවා. ඒ වචනය ඇතුළේ මේක හුදු ලිංගිකත්වය සම්බන්ධ කාරණාවක් කියන එකට වඩා, සෙනෙහස කියන සංකල්පය ස්ථානගත වෙනවා කියන එකත් බැහැර කරන්න බැහැ.
2. ඉස්සරත් ඔය නාඩගං තිබුණද?

Source – huffingtonpost.com
අනිවාර්යයෙන්ම අපිට එක දෙයක් සහතික කරලා කියන්න පුලුවන්. වර්තමානයේ අපි දකින ඕනෑම නාඩගමක් අතීතයෙත් තිබිලා තියෙනවා. සමහර වෙලාවට තාක්ෂණය වගේ දේවල් නොතියෙන්න ඇති. එහෙම වුනත් සමාජමය වශයෙන් අපි දකින හැම දෙයක්ම ඉතිහාසය පුරාම දකින්න ලැබෙන දේවල්. අන්න ඒ නිසා ගොඩක් දෙනෙක් කියන “ඔව්වා දැන් ලෝකේ තියෙන විප්‍රකාර” කියන කතාව ගැලපෙන්නේ නැහැ. උදාහරණයක් විදියට ගත්තොත් සමසෙනෙහස කියන එක ඉතිහාසය පුරාම තිබුණු දෙයක්. ඒක ඉතිහාසය පුරාම පිළිගැනුණු දෙයක්ද, එහෙමත් නැතිනම් අද වගේම බහුතර සමාජය විසින් නොපිළිගැනුණු දෙයක්ද කියන එක විවාදාපන්නයි. උදාහරණයක් විදියට ගත්තොත් සමසෙනෙහස් යුතෝපියානු ග්‍රීසියක් ගැන සඳහන් වෙන අදහස් තිබුණත්, ඒ සම්බන්ධයෙන් නිශ්චිත සාධක නැහැයි කියන විරුද්ධ අදහසුත් දකින්න ලැබෙනවා. ඒ ගැන නිශ්චිතවම කියන්න බැරි හේතුව ඓතිහාසික මූලාශ්‍ර වල සමසෙනෙහස කියන දේ වචනාර්ථයෙන් සඳහන් නොවීම.
3. සමලිංගිකත්වය සමාජ විරෝධී නැතිද?

Source – huffingtonpost.com
මේ චෝදනාව ගැන කතා කරන්න කලින් සමාජ විරෝධී කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න ඕන. මනුස්සයෙක් තමන් කැමති තවත් මනුස්සයෙක් එක්ක ආදරයෙන් බැඳෙන එක සමාජයට විරුද්ධ දෙයක් වෙන්නේ කොහොමද? සමාජය පවතින්නේම සමාජ සම්බන්ධතා එක්ක නෙවෙයිද? අන්න එහෙම කියනකොට ආයෙමත් අනික් පැත්තෙන් එන චෝදනාවක් තියෙනවා. විෂම ලිංගිකත්වය නිසා සමාජය පවතිනවා, වර්ගයා බෝ වෙනවා. සමසෙනෙහස නිසා වර්ගයා බෝවීමක් සිද්ධ වෙන්නේ නැහැ, අන්න ඒ නිසා සමාජයේ පැවැත්මට ඒක තර්ජනයක් කියලා.
ඒකට දෙන්න තියෙන උත්තරේ මේකයි. ඕනෑම සමාජයක් ගත්තොත් සමරිසි නැඹුරුතාවයක් සක්‍රියව තියෙන මිනිස්සු ඉන්නේ අතිශයින්ම සුළුතරයක්. ශ්‍රී ලංකාවේ ගත්තොත් සක්‍රිය සමරිසි පුද්ගලයින් ඉන්නේ 7500 ක් විතර කියලා තමයි කියන්නේ. හැබැයි සමස්තයක් විදියට ගත්තහම මේක සමස්ත ජනගහණයෙන් උපරිම 5% ක් වගේ වෙන්නත් පුලුවනිලු. දැන් ඔය සංඛ්‍යාලේඛන දිහා බැලුවහම අපිට පරිස්සම් සහගතව කියන්න පුලුවන්, සමසෙනෙහස නිසා ‘ජාතිය’ වඳවෙලා යෑමේ අවදානමක් නැහැයි කියලා.
4. එතකොට ඕක පවක් නෙවෙයිද?

Source – iskcon.us
මේක ටිකක් සංකීර්ණව පැහැදිලි කරන්න වුවමනා කාරණාවක්. ගොඩක් දෙනා බුදුදහමෙන් ගත්තොත් සමරිසිභාවය පාපයක්ය කියන්න කාමේ සුමිච්ඡා චාරා කියන සිල්පදය තමයි උපුටලා දක්වන්නේ. ක්‍රිස්තියානි භක්තිකයොත් දේවධර්මයෙන් හේතු දක්වනවා. අපි හිතලා බැලුවොත් සමරිසිභාවයට විරුද්ධ හැමෝටම වගේ සමලිංගිකත්වය කියපු ගමන් ඔලුවට එන්නේ සෙක්ස්. ඒක හරි. ආදරේ සහ සෙක්ස් කියන්නේ එකකින් අනෙක වෙන් කරන්න බැරි තරමට බැඳුණු දෙයක්. හැබැයි සමලිංගිකත්වය කිවුවහම මිනිස්සුන්ගේ හිත් වලට එන්නේ දකින දකින මිනිහා එක්ක සෙක්ස් කරන්න යන මිනිස්සු වගේ කතාවක්. ඒකත් නැහැයි කියන්න බැහැ. බොහෝ වෙලාවට අපි දකින සමරිසි නැඹුරුතාවය තියෙන මනුස්සයෙක් තමන් එක්ක සෙක්ස් කරන්න කෙනෙක් හොයනවා වෙන්න පුලුවන්. ඒ වගේම බොහෝ වෙලාවට අපි දකින විසම ලිංගික මනුස්සයෙකුත් තමන් එක්ක සෙක්ස් කරන්න කෙනෙක් හොයමින් ඉන්න පුලුවන්. ඒ කියන්නේ ඔය කතන්දරේට ලිංගික නැඹුරුවේ විශේෂ බලපෑමක් නෑ. හැබැයි සමරිසිභාවයට සමාජයේ තියෙන විරෝධය නිසා, එළිපිට සහකරුවෙක් හොයාගන්න බැරි වීම නිසා මේ තත්ත්වය ටිකක් තීව්‍ර වෙන්න පුලුවන්.
හැබැයි මේ එක දෙයක්වත් කොහොමද පාපයක් වෙන්නේ? මිනිහෙක් මිනිහෙක්ට ආදරය කිරීම පවක් කියලා මොන බණ පොතේද දක්වලා තියෙන්නේ? කාමයේ වරදවා හැසිරීම කියන්නේ ඔයිට වඩා සංකීර්ණ දෙයක්. ඒකට ලිංගික නැඹුරුතාවය අදාළම නැහැ.
5. අම්මෝ බාල අපචාර වලටත් හේතුවක්!

Source – sbs.com.au
ඔව් බාල අපචාර වලට සමරිසිභාවය හේතුවක් තමයි. ඒ විතරක් නෙවෙයි, විසමරිසිභාවයත් බාල අපචාර වලට හේතුවක්. කොටින්ම කිවුවොත් සෙක්ස් කියලා දෙයක් තියෙන නිසා තමයි බාල අපචාර වෙන්නේ. හැබැයි ඒකට සමරිසි වීම හෝ නොවීම අදාළ වෙන්නේ නැහැ.
සමලිංගික බාල අපචාරයකට ලක්වුණු දරුවෙක් පසුකාලීනව සමරිසියෙක් වෙන්න සම්භාවිතාවක් තියෙනවා කියලා සමහර පර්යේෂකයෝ කියනවා. ඒත් ඒක විෂම ලිංගික බාල අපචාරයකදීත් වෙන්න පුලුවන් දෙයක්. ඒ කියන්නේ ආයෙමත් කියනවා නම් සමරිසිභාවය සහ ළමා අපචාර වැඩි වීම අතරේ සෘජු සම්බන්ධයක් තියෙනවා කියලා කොහේවත් පර්යේෂණයක කියවිලා නැහැ.
6. ඇයි එතකොට ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග?

Source – bringmethenews.com
ඔව්. ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග ගැන නම් බය වෙන්න ඕන තමයි. හැබැයි ඒක අපි කියන්නේ සමරිසි නැඹුරුතාවය තියෙන කෙනෙක්ට විතරක් නෙවෙයි. ඕනෑම කෙනෙක්ට. විශ්වාසවන්ත නොවෙන සහකරුවෙක් එක්ක, අනාරක්ෂිතව ලිංගික ඇසුරක් පවත්වනවා නම් ඔබ සමලිංගික නැඹුරුවක් තියෙන අයෙක් වුනත්, විෂම ලිංගික නැඹුරුවක් තියෙන අයෙක් වුනත් ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග ගැන බිය විය යුතුමයි. හැබැයි සාපේක්ෂව සමරිසියෙකුට මේ වගේ රෝගයක් වැළඳෙන්න වැඩි ඉඩක් තියෙනවා. ඒකට හේතු කිහිපයක්. එකක්, අර උඩිනුත් කිවුව විදියට සමසෙනෙහස් සම්බන්ධතා එළිපිට පවත්වන්න හැකියාවක් නැති නිසා සහ හුදෙක් ලිංගික සතුට පමණක් හොයන අය නිසා ගොඩක් වෙලාවට එක් අයෙක් බොහෝ දෙනෙක් එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්වීමේ ඉඩ වැඩියි. ඒ වගේම පුරුෂ සමලිංගික සම්බන්ධතාවයකදී භාවිතා වෙන ක්‍රමයන් නිසා ඒඩ්ස් වගේ රෝගයක් වැළඳෙන්න සාපේක්ෂව වැඩි ඉඩක් තියෙනවා. හැබැයි මේ මොනදේ වුනත්, ආරක්ෂිතව, විශ්වාසනීය සහකරුවෙක් එක්ක විතරක් ලිංගික සම්බන්ධකම් පවත්වනවා නම් ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග ගැටළුවක් වෙන්නේත් නැහැ. එච්චරයි.
7. හිරේ යන්න වෙයිද?

Source – voanews.com
හිරේ යන්න සිද්ධ වෙන කාරණා තියෙනවා. බාලවයස්කරුවෙක් එක්ක ලිංගික සම්බන්ධතා පැවැත්වීම හිරේ යන්න සිද්ධ වෙන විදියේ වැරැද්දක්. ප්‍රසිද්ධ ස්ථානවල ලිංගික හැසිරීම් දැක්වීමත් නීතියෙන් චෝදනා එල්ල වෙන විදියේ ක්‍රියාවක්. හැබැයි මේ අපි කිවුවේ සමරිසියන්ට විතරක් තියෙන නීති ගැන නෙවෙයි. ඕනෑම මනුස්සයෙක්ට යටත් වෙන්න සිද්ධ වෙන ශ්‍රී ලංකාවේ නීති ගැන.
ඊට අමතරව සම සෙනෙහස් යුවළකට ලිංගික සම්බන්ධතා පැවැත්වීම තහනම් කෙරෙන බ්‍රිතාන්‍ය කාලේ හදපු යල් පැනගිය නීතියක් තියෙනවා. ඒ නීති සංශෝධනය කරන්නත් සමාජ ක්‍රියාකාරීන් සහ අදාළ පාර්ශව කටයුතු කරමින් යනවා. හැබැයි ලංකාවේ සම සෙනෙහස් යුවළකට ප්‍රේම කරන්න තහනම් කෙරෙන නීතියක් කොහේවත් නෑ. එතනින් එහාට ලිංගික කටයුත්තක් වුනත් තමන්ගේ පුද්ගලික ස්ථානයක හරි, නීතියෙන් බාධාවක් නොවෙන පිළිගත් තැනක හරි සිද්ධ වෙනවා නම් ඒකටත් කොහෙන්වත් වැටකඩොළු නැහැ.
8. මේක ලෙඩක් නෙවෙයිද?

Source – bespokematchmaking.com
ඔව්, සමරිසි භාවය මානසික රෝගයක් කියලා සැලකුණු කාලයක් තිබුණා. අදටත් සමහර වෛද්‍යවරු ඉන්නවා සමරිසි භාවය සුව කළ යුතු රෝගයක් කියලා හිතන. හැබැයි සමරිසි භාවය කියන්නේ මානසික හෝ ශාරීරික රෝගයක් නෙවෙයි. තමන්ගේ ජාන මත හෝ පරිසරය මත නිර්මාණය වෙන, විෂම ලිංගිකත්වය වගේම ලිංගික නැඹුරුවක් විතරයි.
එහෙම වුනත් හොමෝෆෝබියා කියලා මානසික ගැටළුවක් නම් තියෙනවා. ඒ කියන්නේ අපි විෂම ලිංගිකයෙක් වුනත්, අපිට සමරිසියෙක් ගැන ගැටළුවක් ඇති වෙන්නේ නැහැනේ. හැබැයි අපේ සමාජයේ ඉන්නවා බොහොම තදින් සමරිසියන් හෙළා දකින, කොන් කරන සහ ඇතැම් විටකදී ඔවුන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය පවා මුදාහරින්න සූදානම් වුණු චරිත. අන්න ඒ අයගේ ගැටළුව ගොඩාක් දුරට මේ හොමෝෆෝබියාව වෙන්න පුලුවන්.
අන්තිමට ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තියෙනවා. අපි විෂම ලිංගිකත්වයට විශේෂ ප්‍රචාරයක් ලබා දෙන්නේ නැහැනේ. එහෙමනම් ඇයි ගේ ප්‍රයිඩ් කියාගෙන මේ සමරිසිභාවයට අනවශ්‍ය ප්‍රචාරණයක් ලබාදෙන්නේ? පිළිතුර සරලයි. සමසෙනෙහස කියන්නේ සමාජයේ තියෙන තවත් සාමාන්‍ය දෙයක් කියලා පිළිගත්තු සමාජෙකට ඔය ගේ ප්‍රයිඩ් වුවමනා නැහැ. හැබැයි සමරිසියන් ගර්හාවට ලක් කරන, හෙළා දකින, හිංසා පීඩාවන්ට ලක් කරන සමාජයක ඒ ගැන කතා කරන්න, ඒ ගැන අවධානයක් ඇති කරන්න මේ වගේ දේවල් කරන්න වෙනවා! සමසෙනෙහස සංස්කෘතියට අයිති නැති දෙයක් කියලා තීන්දු කරන සංස්කෘතික පොලිස් කාරයෝ ඉන්න සමාජයක කලම්බු ප්‍රයිඩ් වගේ ක්‍රියාකාරකම් හරහා, සමසෙනෙහස සංස්කෘතිකකරණය කරන්නට සිද්ධ වෙනවා!
Cover Image Source – huffingtonpost.com
Leave a Reply