කොරියන් ක්‍රමයට සීෆුඩ් හදාගන්න රෙසිපීස් 5ක් මෙන්න!

කොරියන් සීෆුඩ් කන්න කොරියාවටම යන්න ඕනෙ නෑනෙ. කොරියන් රසට සීෆුඩ් කන්න ආසා අයට ඔන්න ගෙනාවා නියම රෙසිපි සෙට් එකක්. කොරියන් ඩ්‍රාමා වල අපි දකින කොරියන් කෙල්ලො කන කෑම ඔන්න ගෙදරදිම හදලා බලන්න ඔයාලටත් අවස්ථාවක්. එහෙනම් ට්‍රයි කරන්න. 

1. Spicy Octopus 

අවශ්‍ය ද්‍රව්‍ය 

  1. සුද්ද කරගත් ඔක්ටපස් ග්‍රෑම් 500
  2. කපාගත් ලීක්ස් කෝප්ප 1/2
  3. කපාගත් ළූණු ගෙඩි 1/2
  4. චොප්කරගත් ළූණුකොළ ටිකක් 
  5. තල ඇට ටිකක් 

ඔක්ටපස් සෝස් එකට

  1. Gochujang Sauce හෝ Sriracha Chili Sauce මේස හැඳි 3
  2. මිරිස්කුඩු තේ හැඳි 2
  3. සීනි තේ හැඳි 1
  4. චොප්කරගත් සුදුළූණු තේ හැඳි 1
  5. සෝයාසෝස් තේ හැඳි 2
  6. ඔලිව්තෙල් තේ හැඳි 2
  7. චොප්කරගත් ඉඟුරු තේ හැඳි 1
  8. ගම්මිරිස්කුඩු ටිකක් 
  • ඔක්ටපස් සෝස් එකට අවශ්‍ය ඔක්කොම එකට දාලා කලවම් කරගන්න. 
  • ඔක්ටපස් ටික සෝදලා ලුණු දාලා තම්බගන්න. පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා රත්වෙනකොට ළූණු හා ලීක්ස් ටික දාගන්න. 
  • ඊළඟට ඔක්ටපස් සෝස් එක දාලා ටිකකින් තම්බාගත් ඔක්ටපස් ටික දාලා කලවම් කරන්න. විනාඩි 10ක් විතර කලවම් කරලා ලිපෙන් බාගන්න. 
  • උඩින් ළූණුකොළ හා තල ඇට ඉහලා කෑමට ගන්න. 

2. Seafood Scallion Pancakes 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

පෑන්කේක් එකට

 

  1. සුද්දකරගත් ඉස්සො ග්‍රෑම් 150
  2. සුද්දකරගත් දැල්ලො ග්‍රෑම් 100
  3. පාන්පිටි කෝප්ප 1
  4. බේකින් පව්ඩර් තේ හැඳි 1/4
  5. ලුණු ටිකක් 
  6. සුදුළූණු පව්ඩර් තේ හැඳි 1
  7. අනියන් පව්ඩර් තේ හැඳි 1
  8. ගම්මිරිස්කුඩු ටිකක් 
  9. අයිස් වතුර කෝප්ප 1
  10. සෝදාගත් ළූණු ගස් 20 පමණ
  11. එළවළු තෙල් මේස හැඳි 2
  12. බිත්තර 2
  13. චොප්කරගත් රතු මිරිස් කරල් 2

 

ඩිපින් සෝස් එකට

 

  1. රයිස් වෙනිගර් මේස හැඳි 2
  2. සීනි මේස හැඳි 2
  3. චොප්කරගත් සුදුළූණු බික් 2
  4. කොරියන් චිලී පේස්ට් කෝප්ප 1/4

 

සෙසමි සුදුළූණු සෝයා ඩිපින් සෝස්

 

  1. සෝයාසෝස් මේස හැඳි 6
  2. සෙසමි ඔයිල් තේ හැඳි 2
  3. රයිස් විනාකිරි 
  4. සීනි මේස හැඳි 1
  5. චොප්කරගත් ළූණු කොළ මේස හැඳි 1
  6. චොප්කරගත් සුදුළූණු බික් 2
  7. තල ඇට තේ හැඳි 1

 

  • සෝස් වර්ග දෙකට අවශ්‍ය දේවල් වෙන වෙනම බෝල් දෙකකට දාලා කලවම් කරලා සෝස් දෙකම හදාගන්න. 
  • පාන්පිටි වලට බේකින් පව්ඩර්, බේකින් සෝඩා, ලුණු, ගම්මිරිස්කුඩු, සුදුළූණු හා අනියන් පව්ඩර් දාලා කලවම් කරන්න. 
  • ඊළඟට අයිස්වතුර දාලා ටික ටික විස්ක් කරලා තික් බැටර් එකක් හදාගන්න. 
  • පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා රත්වෙනකොට ළූණු කොළ ටික දාගන්න. ඒ ටික පොඩ්ඩක් මැලවීගෙන එනකොට පෑන්කේක් බැටර් එකෙන් ටික ටික පෑන් එක වැහෙන්න ළූණුකොළ උඩින් දාගන්න. 
  • ඊළඟට උඩින් ඉස්සො හා දැල්ලො ටික අතුරගන්න. ආයෙ පෑන්කේක් බැටර් එක උඩින් දාගන්න. දැන් මේක වහලා තැම්බෙන්න තියන්න. 
  • ටිකකින් මිරිස් ටික කපලා උඩින් අතුරලා විස්ක් කරගත් බිත්තර 2 උඩින් දාගන්න. දැන් මේක අනික් පැත්ත හරවගෙන විනාඩියක් දෙකක් පිසගෙන ලිපෙන් බාගන්න. හදාගත්ත ඩිපින් සෝස් දෙකත් එක්ක පිළිගන්වන්න.

 

3. Korean Seafood Stew

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කපාගත් දැල්ලො ග්‍රෑම් 100
  2. කපාගත් මාළු ග්‍රෑම් 100
  3. ඉස්සො 8ක් පමණ
  4. සුද්දකරගත් බෙල්ලො ග්‍රෑම් 100
  5. ඔලිව්තෙල් ටිකක් 
  6. ෆිශ් ස්ටොක් කෝප්ප 3
  7. ලියාගත් ළූණු ගෙඩි 1
  8. බිත්තර 2
  9. චයිනීස් කැබේජ් ග්‍රෑම් 100
  10. ලියාගත් රාබු අල 1
  11. කපාගත් කැරට් අල 1
  12. චොප්කරගත් ලීක්ස් අල 1
  13. කපාගත් ළූණු කොළ මේස හැඳි 1
  14. චොප්කරගත් සුදුළූණු බික් 10
  15. චොප්කරගත් ඉඟුරු තේ හැඳි 1
  16. තෙල් මිලිලීටර් 100
  17. කොරියන් බීන් පේස්ට් මේස හැඳි 1
  18. බීන් ස්ප්‍රවුට්ස් (පැළ මුං)
  19. මශෲම් ග්‍රෑම් 100
  20. සෙසමි ඔයිල් මේස හැඳි 2
  21. බිත්තර 2
  22. ෆිශ් සෝස් මේස හැඳි 2
  23. ලුණු හා ගම්මිරිස්කුඩු 

 

  • තෙල් ටිකක් ලිපේ තියලා බෙල්ලො ටික දාලා විනාඩි 5ක් තෙම්පරාදු කරගන්න. ඒ ටික අයින් කරලා ඒ පෑන් එකටම චොප්කරගත් ළූණු හා ලීක්ස් දාලා තෙම්පරාදු කරගන්න. 
  • මේකට බීන් පේස්ට් ටිකත් දාගන්න. ටිකකින් පෙති කපාගත් රාබු, කැරට්, ඉඟුරු, සුදුළූණු, බීන් ස්ප්‍රවුට්ස් හා මශෲම් ටික දාගන්න. ටිකක් තෙම්පරාදු වුණාම කපාගත් චයිනීස් කැබේජ් ටික දාගන්න. 
  • ඊළඟට ළූණු කොළ ටිකත් දාලා ෆිශ් ස්ටොක් ටික දාගන්න. සෙසමි ඔයිල් ටික එකතු කරන්න. 
  • බිත්තර දෙක විස්ක් කරලා එකතු කරගන්න. දැන් සීෆුඩ් සියල්ලම එකතු කරගන්න. 
  • ෆිශ් සෝස් ටික දාලා ලුණු හා ගම්මිරිස්කුඩු ටිකක් දාගන්න. ඔක්කොම ටික තැම්බෙනකල් හොඳට පිසගන්න. 

 

4. Korean Seafood Ramen

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පොතු ඇරගත් ඉස්සො ග්‍රෑම් 100
  2. සුද්ද කරගත් දැල්ලො ග්‍රෑම් 100
  3. සුද්ද කරගත් බෙල්ලො 10
  4. රාමේන් පැකට් 2
  5. චොප්කරගත් සුදුළූණු බික් 4
  6. චොප්කරගත් ළූණු කොළ මේස හැඳි 2
  7. තෙල් ටිකක් 
  8. වතුර කෝප්ප 4
  9. කෑලිමිරිස් තේ හැඳි 2
  10. කහකුඩු තේ හැඳි 1/2
  11. මිරිස්කුඩු තේ හැඳි 1

 

  • භාජනයකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට චොප්කරගත් ළූණු කොළ ටික දාගෙන තෙම්පරාදු කරගන්න. 
  • ඒකට වතුර, කෑලිමිරිස්, මිරිස්කුඩු හා කහකුඩු ටික දාගන්න. වතුර හොඳට නටනකොට රාමෙන් පැකට් 2ක් කඩලා එකතු කරගන්න. 
  • ටිකකින් සීෆුඩ් සියල්ලම දාලා වහලා හොඳට තම්බගන්න. ටිකකින් බිත්තර දෙක කඩලා දාගන්න. සීෆුඩ් සියල්ලම හොඳට තැම්බුනාම ලිපෙන් බාගන්න. 

 

5. Korean Shrimp Pink Sauce Pasta

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. සුද්ද කරගත් ඉස්සො ග්‍රෑම් 100
  2. බටර් ටිකක් 
  3. චොප්කරගත් සුදුළූණු තේ හැඳි 1
  4. චොප්කරගත් ළූණු ගෙඩි 1
  5. විප්ක්‍රීම් ග්‍රෑම් 160
  6. තක්කාලි සෝස් ග්‍රෑම් 80
  7. මිරිස්කුඩු තේ හැඳි 1
  8. සුදුළූණු පව්ඩර් තේ හැඳි 1/2
  9. ස්පැගති ග්‍රෑම් 100

 

  • පෑන් එකට බටර් ටිකක් දාලා සුදුළූණු ටික දාගන්න. සුදුළූණු ටික තෙම්පරාදු වුණාම ළූණු ටික දාගන්න. ළූණු ටිකත් තෙම්පරාදු වුණාම ඉස්සො ටික දාගන්න. 
  • ඉස්සො ටික හොඳට තැම්බෙන්න ඇරලා විප්ක්‍රීම් ටික දාගෙන ටිකකින් තක්කාලි සෝස් ටික දාගන්න. හොඳට කලවම් කරන් මිරිස්කුඩු හා සුදුළූණු පව්ඩර් ටික දාගන්න. 
  • වෙනම බෝල් එකකට වතුර දාලා ලුණු ටිකක් දාගන්න. වතුර නටනකොට ස්පැගති ටික දාලා විනාඩි 8-10 තම්බගන්න. 
  • දැන් ස්පැගති ටික පෙරලා හදාගත්තු ඉස්සො පේස්ට් එකට දාලා කලවම් කරගන්න. ටිකකින් ලිප නිවාගන්න. ගම්මිරිස්කුඩු ටිකක් ඉහලා කලවම් කරගන්න. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *