හදිසියේ ඇද හැලුණු වැස්ස මා අසරණ කළේය. කුඩයක් නොගෙන ආ මටම “ගොන් හරකා” කියා සිතින් බැණ අඬ ගසමින් දෙපයට වෙර යොදා වැස්සට නොතෙමෙන තැනක් සොයමින් පිස්සෙකු සේ දිව්වෙමි. සුළඟ සමග මුසුව එන වැස්ස මගෙ මුහුණට අකාරුණික ලෙස ප්‍රහාර එල්ල කරද්දි මම අසල තිබුණ බස් හෝල්ට් එක වෙත දිව ගියෙමි. උපැස් යුවල ගැලවූ මම කොණ්ඩය අතින් තදින් පිස දැම්මෙමි. මා පසුපස සිටි යමෙක් පසෙකට පනිනු මට දැනුණි. සුදු බ්ලව්ස් එක ද සායද තෙතබරිතය. මා මඳකට වික්ෂිප්ත වීමි. මෙතෙක් තෙතබරිතව සීතලෙන් ගැහුණු සියොළඟම දැවෙන්නට ගත්තේය. කාන්දමකට ඇදෙන යකඩයක් සේ මා ඇය දෙසට ඇදුණෙමි. තෙතබරිත සිරුරු දෙකක් එකට වෙළුණි… අවසානයේදී ඇය මා සුයාමය කරා ගෙන ගියාය. ඒ සමගම කඩිමුඩියේ අවදිවුණු මට සරම මත ලොකු පැල්ලමක් ඇති වී ඇති බව හැඟුණි.
මේ වගේ හීන දකිමින් නිදාගද්දි අඳින සරමේ, කලිසමේ නින්දෙන් ලොකුවට පැල්ලම් හදාගන්න එක ගැටවර වයසෙදි සුලභ තත්ත්වයක්. සමහර අවස්ථාවල ඇඳ රෙද්ද උඩත් සිතියම් ඇඳෙන වෙලාවල් තියෙනවා. එතකොට තමයි මේ පුතාලට තමන්ගේ ඇඳුම් තමන්ම හෝදගන්න ඕනයි කියලා කියන එක හොඳ පුරුද්දක් විදිහට හිතෙන්නේ. මේ වගේ සිහිනවලට තෙත් සිහින (wet dreams) කියලා භාවිතා වෙනවා. පැල්ලම් ඇති වුණු එකට ස්වප්න මෝචනය කියලා ව්‍යවහාර වෙනවා. ස්වප්න මෝචනය ඇතැම් ආයුර්වේද වෛද්‍යවරුන් රෝගයක් විදිහට සලකනවා. නමුත් ස්වප්න මෝචනය ඉතාමත් සාමාන්‍ය ශාරීරික ක්‍රියාකාරකමක් පමණක් බවත්, කිසිසේත්ම රෝගයක් නොවන බවටත් විද්‍යාත්මකව සනාථ වෙලා තියෙනවා.
මේ කෙටි ලිපිය තෙත් සිහින සහ ස්වප්න මෝචනය ගැන වගේම ඒ හා සම්බන්ධව බැඳුණු විශ්වාසවල ඇත්ත නැත්ත ගැන.
1. තෙත් සිහින කොල්ලන්ට විතරද?
අපේ සමාජයේ තියෙන එක මිත්‍යා මතයක් තමයි තෙත් සිහින පේන්නේ පිරිමි පාර්ශවේට විතරයි කියන එක (ඒ වගේම මේ මතේ, විවිධ ස්වරූපවලින් ලෝකේ පුරාම තියෙනවා). පිරිමි ළමයෙක්ට තෙත් සිහිනයක් නිසා ශුක්‍ර මෝචනයක් වෙනවා වගේම ගැහැණු ළමයෙක් තෙත් සිහිනයක් නිසා යෝනි ප්‍රදේශය තෙත්වීම හෝ සුරතාන්තයට පත්වීමේ වැඩි ඉඩක් තියෙනවා. නමුත් ඇතැම්විට ගැහැණු ළමයින්ට මෙසේ සිදුවුවාද කියලවත් දැනෙන්නේ නැති අවස්ථා ගොඩක් තියෙනවා.
2. තෙත් සිහින පේන්නෙ කාටද?
තෙත් සිහින වැඩිපුරම පේන්නේ නව යොවුන් වියට එළඹෙන තරුණ තරුණියන්ගේ හෝමෝන වෙනස්කම ඇතිවෙන්න පටන් ගත්තට පස්සේ. මේ කාලය ශරීරයේ බාහිර ස්වරූපය වගේම අභ්‍යන්‍තරයත් වෙනස් වෙන කාලයක්.
නමුත් විවාහක සහ හොඳ ලිංගික ජීවිතයක් ගත කරන වැඩිහිටියන් පවා තෙත් සිහින දකින්න පුළුවන්. ඒ වැඩිහිටියන්ගේ හිතේ සැඟවුණු ආසාවක් තෙත් සිහිනයක් විදිහට එළියට ඒමක් විදිහට.
3. කෙට්ටු වෙනවද? බුද්ධි මට්ටම පහළ යනවද?
අපේ සමාජයේ තියෙන තවත් මිත්‍යාවක් තමයි ස්වප්න මෝචනය නිසා ශරීරය කෙට්‍ටු වෙනවා කියන එක. මේ කතාව සම්පූර්ණයෙන් වැරදි කතාවක්. ඒත් හැබැයි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මේ තෙත් සිහින පේන කාලේ ශරීරයට අතිරේක වශයෙන් පෝෂණයක් ලබා දීමට අත්‍යාවශ්‍යම කාල පරිච්ඡේදයක්.
4. ස්වයං වින්දනය සහ ස්වප්න මෝචනය
පිරිමි ළමයි අතර මතයක් තමයි ස්වයං වින්දනයට හුරුවීමෙන් ස්වප්න මෝචනය වළක්වා ගන්න පුළුවන් කියන එක. ඒත් මේ කතාව සීයට සීයක් හරි නෑ. ස්වයං වින්දනය නිසා ස්වප්න මෝචනය සිදුවීමේ වාර ගාණ අඩු වෙන්න පුළුවන්. නමුත් ස්වප්න මෝචනය සම්පූර්ණයෙන් නතර වෙනවා කියලා කියන්න බෑ. ඒ නිසා ස්වයං වින්දනයේ යෙදුණු කාල සීමාවකදි වුණත් ස්වප්න මෝචනය සිද්ධ වුණොත් ඒ ගැන වැඩිදුර හිතන්න අවශ්‍ය නෑ, ඒක ඉතාම සාමාන්‍ය තත්ත්වයක් බව විතරක් මතකයට ගන්න.
5. තෙත් සිහිනයක් පෙනුනට පස්සේ…
මූලිකම දේ නැගිට්ටුණු ගමන් වුණු ස්වප්න මෝචනය ගැන දුක් වෙන්න යන්න එපා. මේ හුදෙක් ස්වභාවික ක්‍රියාවලියක් විතරයි කියන එක තේරුම් ගන්න. තමන්ගේ ලිංගික අවයව ස්වපන මෝචනයට ලක්වුණාට පස්සෙ අනිවාර්යයෙන්ම සෝදාගන්න. ඒ වගේම මේ දකින තෙත් සිහින ගැන තව දුරටත් නොපැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා නම් වෛද්‍යවරයෙක් මුණ ගැසුණා නම් වඩාත් හොඳයි. මොකද වෛද්‍යවරයෙක්ට මේ ක්‍රියාවලිය ස්වභාවික එකක් කියලා පැහැදිලි කරන්න පහසුවෙන් පුළුවන්.
6. තෙත් සිහින ගැන ඉස්සර හිතුවෙ කොහොමද?
තෙත් සිහින කියන දේ මෙච්චර කාලයක් ගිහිල්ලත් අපේ සමාජය ඇතුළේ විස්තර සහිතව සාකච්ඡා නොකරන්න තවත් එක හේතුවක් වෙන්න පුළුවන් දෙයක් තමයි තෙත් සිහින ගැන තියෙන සම්ප්‍රදායික මතය. මොකද අපේ රටේ විතරක් නෙමෙයි ලෝකය පුරාම විශ්වාස කරලා තියෙන්නේ ගුප්ත බලවේගයක් නිසා තෙත් සිහින සහ ස්වප්න මෝචනය සිද්ධ වෙනවා කියලා. ඒ වගේම ඒක රෝගයක් විදිහට දකින සමහර ආයුර්වේද වෛද්‍යවරු පොඩි පොඩි දැන්වීම් ඉරිදා පුවත්පත්වල පළ කරනවා. ඒ වගේම ලංකාවේ අපිට මුණ ගැහෙන ඉලන්දාරින්වයි ගැටිස්සියන්වයි ලෙඩ කරනවයි කියලා විශ්වාස කරන යක්ෂයෝ යක්ෂණියෝ සේරම මේ කැටගරියට වැටෙන්නේ. යුරෝපෙදි අපිට මුණ ගැහෙන්නේ ස්කැබස් සහ ඉන්කැබස් කියලා ජෝඩුවක්.
7. සෙක්ස් නැති තෙත් සිහින
ඔව්. මේ වගේ තෙත් සිහිනත් තියෙන්න පුළුවන්. මේ වගෙ සිහිනවලට තියෙන්නේ අමුතු කතා වස්තුවක්. චිත්‍රපටියක කතාවට කොටු කොටු දර්ශන දානවා වගේ සමහර සිහින මොළය මගින් සිදු කරන වාරණය වීමකට ලක් වෙනවා. ඒකට හේතුව විදිහට බලපාන්නේ ලිංගික අවයව කියන්නේ නරක දෙයක් කියන හැඟීම මේ අයගේ ඔළුවටම වැදිලා තියෙන එක. මේ වගෙ පිරිමි අය තෙත් සිහිනයකදි කාන්තා යෝනියක් දැක්කට උදේ මතක් වෙන්නේ උමඟක් වගේ දෙයක්. කාන්තා පාර්ශවයේ අයට මතක තියෙන්නේ සිගරට්, පෑන් වගේ දේවල්.
හරි එහෙනම් මීට පස්සේ තෙත් සිහින ගැන මාත් දන්නවා කියන ආඩම්බරයත් එක්කම තෙත් කරගන්න පුළුවන්නේ ඔයාට. ආටිකල් එක ගැන අදහසුත් එහෙනම් කමෙන්ට් සෙක්ෂන් එකේ සින් සින් ගාලා මෝචනය කරම්ම යන්න ඕන. ඒක ලැජ්ජයි වගේ නම් රිඇක්ෂන් එකක් විදිහට අදහස් මෝචනය කරන්න. ඒකත් බැරි නම් පුරුෂ ධෛර්යය අරන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්න.
Cover Image Source – agameforgoodchristians.tumblr.com/ amaze.org
Leave a Reply