ආදරේ පෙන්නලා කලිසමත් ගලවගෙන යන්න එන ගෝල්ඩ් ඩිගර් තාලේ කෙල්ලන්ව අඳුනාගන්නේ මෙහෙමයි!

අහලා තියෙනවද ගෝල්ඩ් ඩිගර්ස්ලා ගැන? නෑ, ඔය කියන්නේ ඇලස්කා වල රත්තරං හාරන්න යන කෙල්ලෝ ගැන නෙවෙයි. සරලවම කිවුවොත් පිරිමියෙක්ගෙන් සල්ලි හරි තෑගි බෝග හරි ඩැහැගැනීමේ පරම අපේක්ෂාවෙන් -කොටින්ම කියනවා නම් රිදෙන්නම දත ගලවන අපේක්ෂාවෙන්- සම්බන්ධකම්/හාදකම් ඇතිකරගන්න කෙල්ලොන්ට තමයි ඔය නම කියන්නේ. දැන් සමහර සල්ලිකාර කොල්ලෝ ඉන්නවා, උන්ට ගෝල්ඩ් ඩිගර් කෙනෙක්ට වියදම් කළා කියලා අවුලක් නෑ. උන් ඒක දැනගෙන කරන්නේ, ඒකට හිලව්වට හම්බුවෙන සෙක්ස් හරි ආශ්‍රය හරි ගැන හිතලා. එහෙම සල්ලිකාර කොල්ලන්ට නෙවෙයි මේ ආටිකල් එක. හැබැයි අපි වගේ සල්ලිකාර නොවෙන කොල්ලෙක් ගෝල්ඩ් ඩිගර් කෙනෙක්ට අහුවෙනවා කියන්නේ විනාසයක් තමයි. අන්තිමට හිතත් කැඩිලා, පර්ස් එකටත් තට්ටු වෙලා පාරේ නවතින්නත් පුළුවන්!

ඇත්තටම එහෙම ලොකු එකෙන්ම කිවුවට, අපිට එදිනෙදා මුණගැහෙන ගොඩක් දත ගලවන කෙල්ලෝ එහෙමට විනාසකාරී නෑ. ඕන නං මල් කඩන එකේ හිලව්වට දවසකට එක රීලෝඩ් එකක් දාන්න වෙයි. හැබැයි ඉතින් ඇත්තටම මෙතන තියෙන ප්‍රශ්නේ වෙන්නේ ඔය රීලෝඩ් වලට, තෑගි බෝග වලට, හදිසියට ගන්න අතමාරු වලට යන්නේ තමන්ගේ සල්ලිනේ කියන එකම නෙවෙයි. ඒකත් එක්කම මේ වගේ සම්බන්ධතාවයක ඇත්තටම ආදරයක්, කොල්ලා ගැන තැකීමක්, ලෙංගතුකමක් නැති නිසාම, සම්බන්ධතාවය හුටස් වෙන්න තියෙන ඉඩ ඉතාම වැඩියි. එතකොට ඒ හිත් වේදනාවත් කොල්ලා දරාගන්න එපැයි. ආන්න ඒ නිසා හොඳම දේ තමයි, දත ගලවන විදියේ, ගෝල්ඩ් ඩිගර් ජාතියේ කෙල්ලෙක් ඈත තියා එනකොටම අඳුනගන්න එක. ආන්න ඒකට උපදෙස් තමයි මේ.

 

1. අයියා රීලෝඩ්!

මේක ඇත්තටම ගෝල්ඩ් ඩිගින් වල බොහොම ප්‍රාථමික අවධියක්. ඒ නිසාම ලොකුවට හිත කරදර කරගන්න ඕනැත් නෑ. දැන් මෙහෙමයි වෙන්නේ. ඔන්න අපි කියමු ගර්ල්ෆ්‍රෙන්ඩ් හදිසි අවස්ථාවකදී තමන්ගේ ෆෝන් එකේ බිල ගෙවන්න පුළුවන්ද, රීලෝඩ් එකක් දාන්න පුළුවන්ද කියල අහනවා කියලා. ඒක ඉතාම සාමාන්‍ය තත්ත්වයක්. කපල් එකක් කියන්නේ එහෙම තමයි, දෙන්නට දෙන්නා උදවු කරගන්න ඕන. හැබැයි ඉතින් අයියා බබාට නංගි බබා හැමදාමත් රීලෝඩ් දාන්න කියනවා නම්, ආන්න ඒක දත ගලවන තත්ත්වයක් තමයි. ඒ වගේම මේකේ තව විශේෂත්වයක් තියෙනවා. අයියා බබා රෝල ගහගෙන නංගියාට රීලෝඩ් දැම්මත්, නංගියා නෙවෙයි මළාට කෝල් එකක් ගන්නේ. රීලෝඩ් එකක් දාන්න පුළුවන්ද කියල අහන්නත් මිස් කෝල් එකක් තමයි ගහන්නේ!

 

2. අදත් ෂොපින් යමු රත්තරං!

ආදරේ කරන කෙල්ලව ෂොපින් එක්කරගෙන යන්න, එයාට ආස කරන ඇඳුමක් පැළඳුමක් අරගෙන දෙන්න ඕනම ආදරණීය කොල්ලෙක් ආසයි. හැබැයි ඉතින් මේ ෂොපින් කෙරුවාව සතියකට දවස දෙක ගාණේ එක දිගටම වෙනවා නම්, ඒ එක ෂොපින් කිරිල්ලකට රුපියල් දහපාළොස් දාහක් කුඩු වෙනවා නම්, ආන්න එතන තියනවා දත ගැලවිල්ලක්. එහෙම සතිපතා ෂොපින් කරලා, බිල ගෙවන්න වෙනකොට කෙල්ල ලඟට ඇවිත් අතේ පයේ නියපොතු වලින් ආදරේට ඉරි අඳින ගමන් ඇඹරෙනවා නම්, වහාම පැනලා දුවන්න! දත ගැලවිල්ලක්!!

 

3. හඳේ දියමන්ති වලින් හදපු මාලයක්!

අපි ආදරේ කරන මිනිස්සුන්ට තෑගි දෙන්න ආසයි. එහෙම තෑග්ගක් දුන්නහම ආදරේ කරන කෙල්ලගේ මූණ හඳ වගේ එළිය වෙන හැටි බලන්න ආසයි. සමහර වෙලාවට ඉඳලා හිටලා අපි ආදරේ කරන කෙනාගෙන් ඉල්ලලාම තෑගි ගන්න අවස්ථාත් තියෙනවා. හැබැයි ඉතින් යාලුවෙලා ඉන්න කෙල්ල මාසෙකට වතාවක් දෙවතාවක්ම තෑගි ඉල්ලනවා නම්, ඒ තෑගි අර හඳේ පස් අරන් ඇවිත්, නිස්සාරණය කරලා ලෝහ අරගෙන, කිම්බර්ලි ගිහින් පතලක් හාරලා දියමන්ති හොයාගෙන ඇවිත් හදලා දෙන්න වෙන දියමන්ති මුද්දක ජාතියේ නම්, ඕක ලෝක රන් හාරන්නියක් තමා. ඇත්තටම අපිට ආදරේ කෙල්ලෙක්ව සතුටු කරන්න මහා ලොකු තෑගි බෝග වුවමනා වෙන්නෙ නෑ. ඒක මතක තියාගත්තා නම් ඇති.

 

4. අයියෝ මීට වඩා හොඳ එකක් හොයාගන්න බැරි වුනාද?

මෙන්න මේකත් ප්‍රොෆෙෂනල් දත් ගලවන ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක්ව හොයාගන්න පුළුවන් බොහොම ලේසි ක්‍රමයක්. ආයෙ උල්කාපාතයකින් මුතු ගෙනැල්ලා දුන්නත් වැඩක් නෑ, අහනවා මැද්දෙන් දිලිසෙන වෙන මුතු හොයාගන්න නැද්ද කියලා. කොච්චර කළත් ඇති වැඩකුත් නෑ, ගුණේකුත් නෑ. ආසාවෙන් ගෙනැල්ලා දෙන තෑග්ග අතටත් අරගෙන ඒකේ දකින්නේ ඇදයක්. හැම වෙලාවකම ඕන වෙන්නේ ඊට වඩා වැඩි දෙයක්.

 

5. මට සල්ලි හදිසියක් වෙලා අනේ!

අපි ඕනම කෙනෙක්ට සල්ලි හදිසි වෙන්න පුළුවන්. හදිසියේ අතමාරු කරගන්න වෙන අවශ්‍යතා ඇතිවෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවකට අතමාරුවක් කරගන්න ඉන්න විශ්වාසවන්තම කෙනා තමන්ගේ කොල්ලා හරි කෙල්ල හරි මිසක් වෙන කවුද? හැබැයි ඉතින් කවුරුහරි අපි එක්ක ලව් එකේ වගේ ඉන්න කෙල්ලෙක්ට නිතර නිතර සල්ලි හදිස්සි ඇති වෙනවා නම්, එහෙම හදිසියට අතමාරුවට ඉල්ල ගන්න සල්ලි ඔක්කොම ලව් ණය විදියට කැපිලා යනවා නම් ආන්න පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න වෙනවා. අඩු තරමින් ඒ සල්ලි ආයෙමත් ගෙවන්න උනන්දුවක්වත් නැතුව ආයෙ ආයෙමත් අතමාරු දාගන්න, ඊට පස්සේ ලව් මූඩ් පෙන්නලා ඒකත් අමතක කරලා දාන ඩයල් එකක් නම්, පරිස්සම් වෙන්න! ඔය ඩේට් කරන්නේ දත ගලවන්නියක්!

 

6. අපි ඔක්කොටම එකටම බිල දාන්න!

සාමන්‍යයෙන් ඔය දත් ගලවන, ගෝල් ඩිගර් පන්නේ අක්කියෙක් තමන්ගේ බෝයිෆ්‍රෙන්ඩ් එක්ක ලන්ච් එකකට, ඩිනර් එකකට හරි කෝපි එකක් බොන්න හරි එළියට ගියොත් මළාට වියදම් නං කරන්නෙ නෑ. සාමාන්‍යයෙන් ලව් රිලේෂන්ෂිප් එකක කොල්ලා හැමදාම බිල ගෙවන එක අමුතු දෙයක් නෙවෙයි. ඒත් කෙල්ල උත්සාහ කරනවා අඩුම ගාණේ තමන්ගේ උපන්දිනය වෙනුවෙන් හරි දවසක කොල්ලට ට්‍රීට් එකක් දෙන්න. ඒත් මේ ගෝල්ඩ් ඩිගර්ස්ලා එච්චර මහන්සි වෙන්නෙ නෑ. හැමදාමත් බිල කොල්ලට. ඒ වගේම මෙහෙම දත ගලවන උන්දෑ කෙනෙක් එක්ක එළියට ගියහම එන බිලත් ලේසි පාසු නෑ.

ඒ විතරක් නෙවෙයි, මේ විදියේ දත් ගලෝන අක්කිලා සමහර වෙලාවට එලියට යන්නේ කොල්ලා එක්ක විතරක් නෙවෙයි, තමන්ගේ යාලුවෝ හැත්ත බුරුත්තකුත් එක්ක. ඊට පස්සේ උන් ඔක්කොම කාලා බීලා ඉවර කරහම එන බිලත් කොල්ලගේ අතටම තමයි යන්නේ!

 

7. ඉතින් ඔයාට මාසෙකට කීයක් විතර හම්බුවෙනවද?

සාමාන්‍යයෙන් ආදර සම්බන්ධතාවයක ඉන්න කපල් එකක කොල්ලයි කෙල්ලයි අතරේ රහස් හරිම අඩුයි. ඔය එකිනෙකාගේ මූල්‍යමය තත්ත්වය වුනත් දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් රහසක් වෙන්නෙ නෑ. හැබැයි ඔය දත් ගලවන අක්කා කෙනෙක් සමහර වෙලාවට යාලු වෙන්නත් කලින්ම අහන දෙයක් තමයි කොල්ලා මාසෙකට හම්බු කරන ගාණ. ඇත්තටම අර කෙල්ලෙක්ගේ වයස අහන්න එපා කියනවා වගේ, කොල්ලෙක්ගේ පඩිය අහන එකත් සදාචාර සම්පන්න නැති දෙයක් විදියට තමයි සැලකෙන්නේ. හැබැයි එහෙම වුනත් අනික් විස්තර අහන්නත් කලින් කොල්ලගේ ආදායම ගැන සැලකිලිමත් වෙන කෙල්ලෙක් නම් පොඩ්ඩක් පරිස්සම් වෙන එක ඇඟට ගුණයි.

 

8. ඔයාට ඕන වෙලාවට කතා කරන්න මට බෑ, මම බිසී අනේ!

දැන් ඔය උඩ තියෙන ඔක්කොම ලක්ෂණ හරි ලක්ෂණ කීපයක් එක්ක හරි එන තව කතන්දරයක් තමයි මේක. කොල්ලට ඕන වෙලාවට කෙල්ලට කතා කරන්න බෑ. කෙල්ලට පුළුවන් වෙන වෙලාවට තමයි කොල්ලට ගන්නේ. හැබැයි ගොඩක් වෙලාවට කෙල්ලට කතා කරන්න පුළුවන් වෙන්නෙත් මොකක් හරි උදවුවක් ඕන වෙන වෙලාවකදී තමයි. මොකද ඔය දත් ගලවන අක්කිලා ඇත්තටම කොල්ලන්ට ආදරේ කරන්නෙ නැහැනේ. කොල්ලන්ගෙ දත් වලට තමයි ආදරේ. ඒ නිසා කොල්ලට කතා කරන්න ඕන, හුරතල් වෙන්න ඕන, ආදරේ කරන්න ඕන කියලා ඇම්මක් ඒ අක්කිලට නෑ.

 

9. ඔයාට මං වගේ ලස්සන, සෙක්සි කෙල්ලෙක් කවදාවත් හොයාගන්න ලැබෙන්නෙ නෑ!

උඩින් කියපු ලක්ෂණ කීපයක් හෝ ඔක්කොමත් එක්ක තවත් විශේෂ ලක්ෂණයක් දකින්න පුළුවන් ඔය ගෝල්ඩ් ඩිගර් නැතිනම් දත් ගලවන ජාතියේ කෙල්ලෙක්ගේ. ඒ තමයි තමන් මේ කොල්ලටත් හොඳ වැඩියි කියලා නිතරම අඟවන එක. එහෙම නැතිනම් තමන් වගේ කෙල්ලෙක් ලබාගන්න කොල්ලා සමත් වුනේ පූරුවේ කරපු පිනකට කියලා කියන එක. ඉතින් ඔය උඩින් කියපු ලක්ෂණයි, මේකයි ඔක්කොම තියෙන ගෝල්ඩ් ඩිගර් කෙනෙක් නම්, ගන්න පුළුවන් ක්‍රියාමාර්ග දෙකක් තියනවා. ඥාණවන්ත ක්‍රියාමාර්ගය තමයි ටටා කියලා මාරු වෙන එක. අනික තමයි තමන්ට උතුරන්න සල්ලි තියෙනවා නම්, කෙල්ලෙක් ඉල්ලන ඉල්ලන දේට වියදම් කරන එකත් නතින් නම්, ඔන්න ඔහේ වියදම් කරලා, ඒකට හරියන්න තමන්ටත් ෆන් එකක් ගන්න එක. ඔච්චරයි කතාව!

 

දැන් එතකොට දත් ගලවන්නේ කෙල්ලෝ විතරද? අපොයි නෑ. කෙල්ලන්ව මායමෙන්, චාටුවෙන් රවට්ටලා දත් ගලවන කොල්ලොත් ඕන තරම් ඉන්නවා. අන්න ඒ විදියේ කොල්ලන්ව අඳුනගන්න හැටි ගැනත් අපි ඉස්සරහට ලියනවා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *