මේකත් ගොඩක් දෙනෙක් කතා කරන්න පැකිළෙන, හැබැයි ඇත්තටම කතා කරන්න අවශ්‍ය වෙන විදියේ මාතෘකාවක්. ඒ තමයි ඇන්ටි ලව්/ඇන්ටි සෙක්ස්, එහෙම නැතිනම් වයසින් වැඩි කාන්තාවක් එක්ක ආදර හෝ ලිංගික සම්බන්ධතාවයක් පැවැත්වීම. දැන් මේ ගැන කතා කරන්න කවුරුත් පැකිළුනා කියලා, ඇත්තටම මෙහෙම දේවල් නැහැයි කියන්න බැහැනේ. ආන්න ඒ නිසා හොඳම දේ තමයි, එහෙම දේවල් තියෙනවා කියන එක අවබෝධ කරගෙන, එකිනෙකාගේ හිත් රිදවගන්නෙ නැතුව කොහොමද එහෙම සම්බන්ධතාවයක් කරගෙන යන්නේ කියලා තේරුම් ගන්න එක. ඇත්තටම එහෙම වයසින් වැඩි කාන්තාවක් සහ වයසින් අඩු පිරිමියෙක් ආදර සම්බන්ධයක් හරි ලිංගික සම්බන්ධයක් හරි ඇති කරගන්න එක හරිද වැරදිද කියන එක නෙවෙයි අපි මේ කතා කරන්න උත්සාහ කරන්නේ. ඒක ඇත්තටම එකිනෙකාගේ විශ්වාසයන්, සමාජ හරයන් එක්ක තමන් තීරණය කරගන්න ඕන දෙයක්. හැබැයි ආසාවට, සතුටක් ලබන්න කරන මේ වගේ දේකින් වුණත් එකිනෙකාට හර්ට් වෙනවා නම්, දුකක් ඇති වෙනවා නම් ඒක තේරුමක් නැහැනේ. විශේෂයෙන්ම මේ වගේ සම්බන්ධතාවයකදී වයසින් වැඩිමහළු කාන්තාවට දුක් වෙන්න සිද්ධ වෙන්න පුලුවන්. ආන්න ඒක මඟහරවාගන්න ටිප්ස් කීපයක් තමයි මේ.
අපි මීට කලිනුත් වයසින් වැඩි කාන්තාවක් එක්ක සෙක්ස් කරනකොට වැදගත් වෙන උපදෙස් කිහිපයක් ලබා දීලා තියෙනවා කියන එකත් අමතක කරන්න එපා. එතකොට, ආන්ටීස්ලා යොවුන් වියේ කොල්ලන්ට කැමති ඇයි කියලත් අපි කියලා තියෙනවා!
01. රොමෑන්ස්
වයසින් වැඩි කාන්තාවක් සහ වයසින් අඩු පිරිමියෙක් සෙක්ස් සම්බන්ධයක් පටන් ගත්තත්, ඒක නිකම්ම ශාරීරික අවශ්‍යතාවයක් සපුරා ගන්න එකක් විදියට කරගෙන යන එක ටිකක් හිත් වේදනාවන් ඇති කරන්න පුලුවන් කාරණයක් වෙන්න පුලුවන්. විශේෂයෙන්ම කාන්තාවක් නිකම්ම ශාරීරික සම්බන්ධතාවයකට වඩා හැඟීම්බර සම්බන්ධතාවයකට කැමැත්තක් දක්වනවා කියලත් අපි දන්නවනේ. ආන්න ඒ නිසා, දෙන්නා රහසින් සෙක්ස් කරනවා විතරයි කියලා එකඟ වුණත්, ඒකට රොමෑන්ටික් කොටසකුත් ඇතුළු වෙන එක ඉතාම හොඳයි. ඒකෙන් ඒ සම්බන්ධතාවය අර්ථාන්විත කරගන්නත් පුලුවන් වෙනවා. ඒ නිසා එකිනෙකා ගැන කෙයාරින්ග් තියෙන, ආදරයක් ගෞරවයක් තියෙන සම්බන්ධයක් විදියට සෙක්ස් එෆෙයාර් එකක් වුණත් පවත්වා ගෙන යන එක වටිනවා.
02. එයාට ෆේවර් එකක් කරනවා නෙවෙයි!
මෙන්න මේකත් වැදගත්. දැන් වයසින් වැඩි කාන්තාවක් සහ වයසින් අඩු පිරිමියෙක් සම්බන්ධ වෙනකොට, වයසින් අඩු පිරිමියාට හිතෙන්න පුලුවන් වයසින් වැඩි කාන්තාවට එයාගෙ වයසත් එක්ක සෙක්ස් කරන්න කෙනෙක් හොයාගන්න බැරි නිසා තමයි එයත් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා. එතකොට එයා හිතනවා මේ වයසින් වැඩි කාන්තාව එක්ක සෙක්ස් කරන එක එයාට කරන ෆේවර් එකක්, සේවයක් වගේ කියලා. හැබැයි එහෙම වයසින් වැඩි කාන්තාවකට උදව්වක් විදියට සෙක්ස් කරනවා කියලා හිතන සම්බන්ධයක, එකිනෙකා කෙරෙහි තියෙන්න ඕන ගෞරවය තියෙන්න විදියක් නෑ. අන්න ඒ නිසා, ශාරීරික හෝ රොමාන්තික සම්බන්ධතාවයක් කියන්නේ අන්‍යාන්‍ය මානව සබඳතාවයක් මිසක් කාටවත් උදව්වට කරන දෙයක් නෙවෙයි. එහෙම අදහසක් තියාගන්නත් එපා.
03. ගරුත්වය සහ විනිශ්චය නොකිරීම
වයසින් වැඩි කාන්තාවක් සහ වයසින් අඩු පිරිමියෙක් අතර සම්බන්ධතාවයකදී, පිරිමියා වයසින් අඩු වුණත් වඩාත් මුහුකුරා ගියපු, දැනඋගත් මනුස්සයෙක් නම්, දෙන්නා අතරේ ලොකු මානසික සහ බුද්ධිමය ගැප් එකක් තියෙන එකක් නෑ. හැබැයි එහෙම නැති නම්, සමහර විට පිරිමියාට වඩා කාන්තාව වැඩි මුහුකුරා යෑමක් සහ වැඩි දැනුමක් තියෙන කෙනෙක් වෙන්න පුලුවන්. සමහර විට පිරිමියාට ඒක ඒ තරම් අල්ලන්නෙ නැති වෙන්නත් පුලුවන්. එහෙම නැතිනම් සමහර විට සම්බන්ධතාවය ඇතුළේ පිරිමියා ඕනෑවට වඩා බබා වෙන්න යනවා වෙන්නත් පුලුවන්. හැබැයි ඔය කොයි දෙයින් වුණත් ඇතිවෙන්න පුලුවන් ප්‍රශ්න වළක්වා ගන්න පුලුවන්, එකිනෙකාට ගරුත්වය දැක්වීම සහ එකිනෙකාව විනිශ්චය නොකිරීම ඔස්සේ. විශේෂයෙන්ම වයසින් වැඩි කාන්තාව මෙහෙම සෙක්ස් එෆෙයාර් එකක් එහෙම ඇතිකරගැනීම හරි ඒ වගේ වෙනත් හේතුවක් හරි ඔස්සේ එයාව ජජ් නොකිරීම, විනිශ්චයට ලක් නොකිරීම වැදගත්.
04. ලිංගික සම්බන්ධතාවයක් වුණත් දෙපැත්තටම කැපවීමක්
වයසින් වැඩි කාන්තාවක් සහ වයසින් අඩු පිරිමියෙක් අතරේ තියෙන්නේ සෙක්ස් සම්බන්ධයක් විතරයි කියමු. එතකොට ඒක වුණත් එක්කෙනෙක් විතරක් තෘප්තිමත් වෙන එකක් නම් වෙන්නේ, ඒක වැඩිකල් පවතින සම්බන්ධතාවයක් වෙන එකක් නෑ. අන්න ඒ නිසා, එහෙම සම්බන්ධතාවයකදී වුණත් දෙන්නම ලිංගිකව සහ මානසිකව තෘප්තිමත් වෙනවා කියන එක ගැන දෙන්නම සැලකිලිමත් වෙන්න, වග බලා ගන්න ඕන. ඒ වගේම, ඒ සම්බන්ධතාවය ඇතුළේ දෙන්නම සමාන කැපවීමක් ලබාදෙනවා කියන එකත් තහවුරු කරගන්න ඕන. උදාහරණයක් විදියට, එක්කෙනෙක්ට සෙක්ස් ඕන වෙනකොට අනික් එක්කෙනා ඒකට සූදානම් වෙලා ඉන්නවා කියන එක වැරදියි. ඒ වෙනුවට ඒක දෙන්නම කැපවීමක් දක්වන, දෙන්නම කාලය වෙන් කරන සම්බන්ධතාවයක් වෙන තරමට වටිනවා.
05. වැඩේ කරගෙන යනවා වෙනුවට කොලිටි ටයිම් එකක්
දැන් අපි කියමු වයසින් වැඩි කාන්තාවක් සහ වයසින් අඩු පිරිමියෙක් අතර තියෙන්නේ තනිකරම සෙක්ස් කරන සෙක්ස් එෆෙයාර් එකක් කියලා. හැබැයි ඒක වුණත් හොඳටම එන්ජෝයි කරන්න නම්, ඒක නිකම්ම ආත්මාර්ථකාමී තමන්ගේ වැඩේ කරගැනීමක් වෙනුවට, දෙන්නටම එන්ජෝයි කරන්න පුලුවන් කොලිටි ටයිම් එකක් වෙන්න වුවමනායි. උදාහරණයක් විදියට ගත්තොත්, දෙන්නම එකඟතාවයෙන් පවත්වගෙන යන්නේ සෙක්ස් එෆෙයාර් එකක් වුණත්, ඒක නිකම්ම සෙක්ස් කරන්න හම්බුවෙලා, කාමරේට ආපු ගමන් සෙක්ස් කරලා ඉවර කරගෙන දෙන්නා ගෙදර යන විදියේ සම්බන්ධතාවයක් නම් වෙන්නේ, ඒකේ තේරුමක් නෑ. ඊට වඩා වෙන්න ඕන දේ තමයි දෙන්නම හොඳ කොලිටි ටයිම් එකක් ගත කරන එක. ඒ කියන්නේ දෙන්නත් එක්ක ඇවිදින්න යන එක, ලන්ච් එකකට, ඩිනර් එකකට යන එක, ෆිල්ම් එකක් බලන එක, කතාබහ කරන වෙලාවක් ගත කරන එක සහ දෙන්නම එන්ජෝයි කරන වෙනත් ඕනම ක්‍රියාකාරකම් එක්ක සෙක්ස් කරන එක තමයි කොලිටි ටයිම් එකක් කියන්නේ. එහෙම කොලිටි ටයිම් එකක්, දෙන්නගේ සමාගමය රසවිඳීමක් ෂෙයාර් කරගන්න පුලුවන් නම්, සම්බන්ධතාවය ඇතුළේ එකිනෙකාව සෙක්ස් වෙනුවෙන් පාවිච්චි වෙනවා කියන හැඟීම එන එකක් නෑ.
06. අනාගතය ගැන සවිඥාණයෙන්
මේ වගේ සම්බන්ධතාවයකදී හිත් රිදීම් වළක්වා ගන්න නම් මේක අනිවාර්ය කාරණයක්. දැන් සාමාන්‍යයෙන් වයසින් වැඩි කාන්තාවක් සහ වයසින් අඩු පිරිමියෙක් සම්බන්ධතාවයක ඉන්නවා නම්, ගොඩක් දුරට ඒක විවාහයකට යන හෝ එකට ජීවිතය ගෙනියන ලිවින්ග් ටුගෙදර් සම්බන්ධතාවයකට යන එකක් වෙන්න තියෙන ඉඩ අඩුයි. කවුරුහරි වැඩිමහළු කාන්තාවක් එක්ක ප්‍රසිද්ධ සීරියස් සම්බන්ධතාවයක් ගෙනියනවා නම්, ඒ අයට මේ කාරණාව අදාළ නෑ. හැබැයි එහෙම නැතුව වයසින් වැඩි කාන්තාවක් එක්ක තාවකාලික සම්බන්ධයකට නම් යන්නේ, ඒක කොයි තරම් කාලයක් පවතිනවද, ඒක කොයි තරම් ප්‍රසිද්ධියේද රහසිගතවද පවතින්නේ කියන එක ගැන දෙන්නම දැනුවත් වශයෙන් කතාබහ කරලා තීරණය කරලා තියෙන්න ඕන. මෙතනදී එකිනෙකාට බොරු කියන එක හොඳම නෑ. උදාහරණයක් විදියට, වයසින් අඩු පිරිමියා තව අවුරුදු දෙකකින් විවාහ වෙන්න හිතාගෙන ඉන්නවා නම්, ඒක වයසින් වැඩි කාන්තාව එක්ක සම්බන්ධයට යන්න කලින්ම එයාට කියන්න අවශ්‍යයි. එතනදී එයාට තීරණයක් ගන්න පුලුවන් ඒක එයාට ගැටළුවක්ද නැද්ද කියලා. එතකොට තාවකාලික සම්බන්ධයක් නම්, දෙන්නම ඒක තාවකාලිකයි කියන එක ගැන සවිඥාණිකව ඉන්න ඕන. ඒ ගැන පැහැදිලි අදහසකින් ඉන්න ඕන. එතකොට අනාගත ගැටළු ඇතිවෙන්නෙ නෑ.
07. මිතුරුකම නැති කර නොගන්න පුලුවන්ද?
සාමාන්‍යයෙන් අපි ඕනම කෙනෙක්ට තාවකාලික සම්බන්ධයක් වුණත් අවසන් කරන එක දුකක් කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. දැන් අපි කියමු වයසින් වැඩි කාන්තාවක් සහ වයසින් අඩු පිරිමියෙක් අතර තාවකාලික ලිංගික සම්බන්ධතාවයක් තියෙනවා කියලා. එක දවසකදී ඒක අවසාන වෙන්න ඕන කියලා දෙන්නම දන්නවා. එතකොට තාවකාලික ලිංගික සම්බන්ධයක් වුණත්, දෙන්නෙක් අතරේ යම් කිසි සමීපතාවයක් නිර්මාණය වෙනවනේ. එතකොට, ඒ දෙන්නට නරක හිතින් වෙන් වෙන්න සිද්ධ වෙලා නැතිනම්, නිකම්ම සම්බන්ධතාවය නවත්තලා ආයෙ කතා නොකර ඉන්නවට වඩා, ඒක ලිංගිකත්වයෙන් තොර මිතුරුකමකට පෙරළා ගන්න පුලුවන් නම් වටින්නෙ නැද්ද? ඒකෙන් අර සම්බන්ධතාවය නවත්වන හිත් අමාරුව අඩු වෙයි.
හැබැයි එකක්, එහෙම කලින් සෙක්ස් එෆෙයාර් එකක් තිබුණු වයසින් වැඩි කෙනෙක් එක්ක මිතුරුකමකට යනකොට, හරියට සීමා ලකුණු කරලා තියාගන්න පරිස්සම් වෙන්න ඕන. එහෙම නැතිනම් යාලුකමත් නැතිවෙලා, තමන්ගේ පවුල් ජීවිතෙත් අවුල් වෙන්න ඉඩ තියෙනවා.
දැන් මේ කරුණු කාරණා කියවගෙන යනකොට පැහැදිලි වෙන්න ඕන, මේ කියන දේවල් වයසින් වැඩි කාන්තාවක් සහ වයසින් අඩු පිරිමියෙක් ඇති කරගන්න සම්බන්ධතාවයකට විතරක් නෙවෙයි, වයස් මොකක් වුණත් ඕනම දෙන්නෙක් අතර ඇතිවෙන සම්බන්ධතාවයකදී වුණත් හිත් රිදවන්නේ නැතුව ඒක කරගෙන යන්න අදාළයි කියන එක.
Leave a Reply