ඔබ සෙක්ස් කරනකොට යටහත්ව ඉන්න කැමති කෙනෙක්ද කියලා දැනගමු

දැන් ඔය සෙක්ස් කරනකොට සාමාන්‍යයෙන් කරන කියන දේවල් ටිකක් තියෙනවනේ. ඒවා බොහොම සාමාන්‍ය විදියට කරන එකට කියන්නේ වැනිලා සෙක්ස් කියලා. ඒ කියන්නේ සෙක්ස් කරන එකේ සාමාන්‍යයෙන් තියෙන තෘප්තිය සහ ආසාව ඇරුණහම එතනින් එහාට ලොකු දෙයක් නෑ. හැබැයි සෙක්ස් ලයිෆ් එකේ තියෙන සීමාමායිම් තව ටිකක් එහාට ගවේෂණය කරලා බලන්න ආස කරන, සෙක්ස් කරන එකෙන් සාමාන්‍යයෙන් තියෙන සතුටට වඩා වැඩි සතුටක් ලබාගන්න ආස කරන අය, ඔය කින්කි සෙක්ස් කියලා කියන්න පුලුවන් වැඩිමනත් දේවල් ට්‍රයි කරලා බලනවා. BDSM වලට එහෙමත් අයිති වෙන්නේ ඒවා. දැන් ඔය බීඩීඑස්එම් වල එස් අකුරෙන් කියවෙන එක දෙයක් තමයි submissive කියන්නේ. ඒ කියන්නේ සෙක්ස් කරනකොට යටත්ව ඉන්න කැමති, යටහත් පහත් කියන එකට. ඇත්තටම මේක නරක දෙයක් නෙවෙයි ඉතාම හොඳ දෙයක්. එතනදී submissive වෙන්න කැමති කෙනෙක් ලිංගික තෘප්තිය විඳින්නේ අනෙකාට යටත් වීමෙන්. ඒක හැබැයි තමන්ගේ මනෝභාවයත් එක්ක ඇතිවෙන දෙයක්. ඒ කියන්නේ submissive කෙනෙක්ට තමන් submissive කියලා තේරුම් ගන්න, පිළිගන්න පුලුවන් නම්, එයාට ඉතාමත්ම ඉහළ ලිංගික තෘප්තියක් විඳින්න පුලුවන්.

 

දැන් ඊලඟ කාරණාව වෙන්නේ අපි ඇත්තටම submissive ද, එහෙම නැතිනම් dominant ද, එහෙමත් නැතිනම් ඒ භූමිකා දෙකම රසවිඳින්න පුලුවන් කෙනෙක් ද කියලා හොයාගන්න එක. ආන්න ඒකට අදාළ වෙන ටිප්ස් කීපයක් තමයි මේ කියන්න යන්නේ.

 

01. පාලනය ලබාදෙන්න ඔබ සූදානම් ද?

මූලිකවම මෙන්න මේක තමයි කාරණාව. සාමාන්‍යයෙන් කෙනෙක් තමන්ගේ පාලනය වෙනත් කෙනෙක්ට පවරන්න එහෙම කැමැත්තක් දක්වන්නෙ නැහැනේ. කැමති වුණත් ඒ නොකර බැරිකමට. උදාහරණයක් විදියට ගත්තොත්, ඔෆිස් එකක වැඩ කරන්න වෙන්නේ බොස් ට ඕන විදියට. හැබැයි ඒකෙන් කියවෙන්නෙ නෑ බොස් ඔෆිස් එක පාලනය කරනවට හැමෝම කැමතියි කියලා. හැබැයි ඇඳට ගියහම ඒ පාලනය අනික් කෙනා ලබාගන්නවට සූදානම් නම්, ඒ කියන්නේ අනික් කෙනාගේ පාලනයට කැමැත්තෙන්ම නතු වෙන්න සූදානම් නම්, එහෙම පාලනයට යටත් වෙන එකෙන් ලොකු තෘප්තියක් ලබනවා නම්, ආන්න ඒක සෙක්ෂුවලි submissive කෙනෙක්ගේ ලක්ෂණයක් කියලා කියන්න පුලුවන්. හැබැයි මේක මූලික කාරණාව. මෙතනින් එහාට තව සියුම් දේවල් තියෙනවා කියන එකත් මතක තියාගන්න ඕන. ඒ ගැන අපි ඉස්සරහට කියනවා.

 

02. පොසිෂන් එක යම් තාක් දුරකට වැදගත්

දැන් අපි හැමෝගෙම ආසම කරන සෙක්ස් පොසිෂන් තියෙනවනේ. ඇත්තටම ඒ තමන් ආසම කරන සෙක්ස් පොසිෂන් එක ගැන හිතලා බැලීමෙනුත් තමන් ඩොමිනන්ට් කෙනෙක්ද එහෙම නැතිනම් සබ්මිසිව් කෙනෙක්ද කියන එක ගැන යම් අදහසක් ගන්න පුලුවන්. උදාහරණයක් විදියට ගොඩක් දෙනෙක්ගේ ජනප්‍රිය ලිංගික ඉරියව්ව වෙන්නේ මිෂනරි පොසිෂන් එකනේ. හැබැයි ඒක ජනප්‍රිය හින්දා නැතුව, ඒකෙන් තමන්ට ලොකු තෘප්තියක් ලැබෙන නිසා, මිෂනරි පොසිෂන් එකේ පහළින් ඉන්න කෙනා වෙන්න ලොකු ආසාවක් තියෙනවා නම්, එහෙම නැතිනම් ඩොගී ස්ටයිල් එකේ ඉස්සරහින් ඉන්න කෙනා වෙන්න ලොකු ආසාවක් තියෙනවා නම්, ඒකෙන් සබ්මිසිව් කියන්න පුලුවන් ද? එහෙමටම බෑ. හැබැයි මිෂනරි පොසිෂන් එකේ හරි ඩොගී පොසිෂන් එකේ හරි ඉන්නකොට තමන්ව අනෙකාගේ පාලනයට නතු වෙනවට, විශේෂයෙන්ම සංසර්ගයේදී තමන් පහර ලබන්නා වෙනවට ලොකු ආසාවක්  තියෙනවා නම්, එයා සබ්මිසිව් කියන්න පුලුවන්. හැබැයි මතක තියාගන්න. සබ්මිසිව් කෙනෙක් වුණත් පාට්නර්ගේ ඇඟ උඩට ඇවිත් සෙක්ස් කරන්න කැමති වෙන්න පුලුවන්. හැබැයි ඒ පාට්නර්ගේ පාලනය ලබාගැනීම කියන අදහසින් නෙවෙයි, පාට්නර්ව සතුටු කිරීම, එයාට සතුටක් ලබාදීම කියන අදහසින්.

 

03. ලබාදෙන්න ආසයි

මෙන්න මේ ලබාදීම කියන එකත්, සබ්මිසිව් කෙනෙක්ගේ මනෝභාවය ගැන කතා කරනකොට වැදගත් වෙන කාරණාවක්. ඒ කියන්නේ සෙක්ස් කරනකොට අනෙකාව තෘප්තිමත් කරන්න, අනෙකාගේ තෘප්තිය වෙනුවෙන් දේවල් කරන්න ආශා වීම. හැබැයි මෙතනදී තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. සාර්ථක ලිංගික සංසර්ගයකට නම් දෙන්නම මෙහෙම තමන්ගේ තෘප්තිය දෙවෙනි තැන තියලා තමන්ගේ පාට්නර්ට තෘප්තිය ලබාදීම මූලික කර්තව්‍යය කියලා හිතලා සෙක්ස් කරනවා නම් තමයි, ඒක දෙන්නටම වැඩි තෘප්තියක් ලබාගන්න පුලුවන් සෙක්ස් කිරීමක් වෙන්නේ. ඒකට ඩොමිනන්ට් ද සබ්මිසිව් ද කියන එක අදාළත් නෑ. හැබැයි සබ්මිසිව් කෙනෙක්ගේ මනෝභාවය ඇතුළේ මේ ලබාදීම කියන එකට තව අර්ථයක් එනවා. ඒ තමයි තමන්ගේ ශරීරය පාර්ට්නර්ගේ සතුට වෙනුවෙන් පාවිච්චි කරන්න දෙන්න ආශා වීම වගේ දෙයක්. එතනදී පහර ලැබීමෙන් තෘප්තිමත් වීම කියන එකත් එන්නේ ඒ අර්ථයෙන්. දැන් මේ පහර දෙනවා කියලා කියන්නේ මොකක්ද කියන එක තේරෙනවනේ? අතින් පයින් ගහනවා කියන එක නෙවෙයි, හරිද!

 

04. හිරවෙන්න ආසයි

අපි කියමු සෙක්ස් කරනකොට, තමන් මිෂනරි පොසිෂන් එකේ ඉඳන් සෙක්ස් කරනවා කියලා. එතකොට කෙනෙක් ආසයි නම් තමන්ට හෙලවෙන්න බැරි වෙන්න, පාට්නර් තමන්ගේ අත් දෙක හිර කරලා අල්ලගෙන සෙක්ස් කරනවාට කියලා. එහෙම නැතිනම් ඩොගී පොසිෂන් එකේ ඉඳන් සෙක්ස් කරනකොට, තමන්ට ඒකට විරුද්ධ වෙන්න බැරි විදියට පාට්නර් තමන්ගේ පසුපසින් තදින් අල්ලගෙන සෙක්ස් කරනවා කියලා. අන්න ඒකෙන් වඩාත් ඉහළ ලිංගික තෘප්තියක් කෙනෙක්ට ලැබෙනවා නම්, එයා සබ්මිසිව් කියන එක බය නැතුව කියන්න පුලුවන්. එතනදිත් තියෙන්නේ අර තමන්ගේ පාලනය පාට්නර්ට ලබාදීම සහ තමන් සම්පූර්ණයෙන්ම පාට්නර්ට යටත්ය කියන මනෝභාවය තමයි. ඔන්න ඔය මනෝභාවය තමයි තව ඇඩ්වාන්ස් වෙනකොට, පාට්නර් තමන්ව ගැටගහලා සෙක්ස් කරනවට, අත් වලට මාංචු දාලා සෙක්ස් කරනවට එහෙම ආස වෙන්නෙත්. බොන්ඩේජ් කියන ක්‍රියාකාරකම් වල හිරවෙලා, ගැටගැහිලා ඉන්න කෙනා වෙන්න ආස වෙන්නේ අන්න එහෙම සබ්මිසිව් කෙනෙක් තමයි!

 

05. ටිකක් රිදුනට කමකුත් නෑ

සෙක්ස් කරනකොට රිදෙනවද? බොහෝ දුරට යම් තාක් දුරකට දෙන්නටම යම් යම් තැන් වලදී රිදෙනවා. හැබැයි එහෙම කියපු ගමන් බය වෙන්න දෙයක් නෑ. දැන් අපේ අත ඇඟට යට වෙන විදියට ගොඩක් වෙලා හිටියොත් ටිකක් රිදෙන්න පටන් ගන්නෙ නැද්ද? හැබැයි ඒක අපි කවුරුත් ගණන් ගන්න විදියේ රිදිල්ලක් නෙවෙයි නේද? සෙක්ස් කරනකොටත් අන්න එහෙම තමයි. හැබැයි සෙක්ස් කරනකොට ඔය රිදිල්ල නැතිනම් වේදනාව මොකක් හෝ දේකින් එන්නේ ලිංගික තෘප්තියත් එක්ක මිශ්‍ර වෙලා නිසා, අපිට ඒකත් සතුටක් වෙනවා මිසක් එපා වෙන දෙයක් වෙන්නෙ නෑ. අන්න ඒ නිසා, සෙක්ස් කරනකොට රිදෙනවද නැද්ද කියන එක ගැන බය වෙන්න දේකුත් නෑ. හැබැයි නිකමට හිතලා බලන්න, සෙක්ස් කරනකොට ටිකක් රිදෙනවට තමන් ආස නැද්ද කියලා. ඒ කියන්නේ පාට්නර්ගේ සංසර්ගයෙන් පහර කනකොට, ඒක ටිකක් තදින්, දැනෙන්න සිද්ධ වෙනවට කැමති නැද්ද කියලා. එතකොට එහෙම සෙක්ස් කරනකොට තමන්ගේ කොණ්ඩෙන් ඇදලා අල්ලගෙන සෙක්ස් කරනවට ආසද කියලා. එතකොට ඔය ස්පෑන්කින් කියන, තට්ටම් වලට අතින් හෝ වෙනත් දේකින් රිදෙන්නම නෙවෙයි, ඒත් දැනෙන්න ගහනවට ආසද කියලා. අන්න ඒවලට උත්තරේ ඔව් නම්, ෂුවර් එකටම ඔයා සබ්මිසිව් කෙනෙක් තමයි. ඒ වගේම තව දෙයක්. මේ රිදිල්ල නැතිනම් වේදනාව ලැබීම කියන එක එක එක්කෙනාගේ විදියට අනුව වෙනස් වෙනවා. සමහර සබ්මිසිව් අය කැමතියි තමන්ට හොඳට රිද්දනවට සෙක්ස් කරද්දී. හැබැයි මේ වේදනාව ලබාගන්න ආස ප්‍රමාණය කියන එක ගැන දෙන්නම බොහොම හොඳින් සාකච්ඡා කරලා තියෙන්න ඕන වගේම, ඩොමිනන්ට් කෙනා ඒ ගැන බොහොම ප්‍රවේසමින් වැඩ කරන්නත් ඕන.

 

06. වෙනස් වෙනස් ටෝයිස්

අපි ගොඩක් වෙලාවට සෙක්ස් සම්බන්ධයෙන් කතා කරනකොට කියනවා සෙක්ස් කියන්නේ ආට් එකක් කියලා. ඒ සෙක්ස් කියන ආට් එකට ගැලපෙන්න හදලා තියෙන දේවල් තමයි ඔය සෙක්ස් ටෝයිස් එහෙමත්. උදාහරණයක් විදියට අපි හිතමු නිපල් ක්ලිප්ස්. නිපල් ක්ලිප්ස් කෙනෙක්ගේ පියයුරු තුඩු වලට සෙට් කළහම, ඒකෙන් පීඩනයක් එක්ක එන අමුතු රිදිල්ලක් ලැබෙනවා. ඒක ඔබට ලිංගික තෘප්තියක් ඇති කරනවද? එහෙම නැතිනම් ලිංගික තෘප්තිය තවත් තීව්‍ර කරවනවද? එතකොට පාට්නර් සෙක්ස් කරන වෙලාවට ඔබගේ ශරීරයට බට් ප්ලග් එකක් එහෙම ඇතුළු කරනවට ආසයිද? එහෙමනම් ඔබ ෂුවර් එකටම සබ් කෙනෙක් වෙන්න පුලුවන්. ඇත්තටම ඔය වගේ ගොඩක් සෙක්ස් ටෝයිස් තියෙනවා, ලිංගික උත්තේජනය සඳහා භාවිතා කරන්න පුලුවන්.

 

07. එයා ආස කින්කි දේවල්

අපි හැමෝම කැමති එක එක විදියේ දේවල් තියෙනවා සෙක්ස් වලදී. අපි හැමෝගෙම සෙක්ස් ෆැන්ටසීස් තියෙනවා. එතකොට සමහර වෙලාවට අපේ සෙක්ස් ෆැන්ටසි එකකට පාට්නර් කැමති නොවෙන්න පුලුවන්. පාට්නර්ගේ සෙක්ස් ෆැන්ටසි එකකට අපි කැමති නොවෙන්න පුලුවන්. හැබැයි අපි ගොඩක් වෙලාවට, පාට්නර්ට තියෙන අන්තයකට නොයන විදියේ සෙක්ස් ෆැන්ටසි එකකට ආස වෙනවා නම්, පාට්නර්ගේ සෙක්ස් ෆැන්ටසි එකක් ඉෂ්ට කරලා දෙන්න ලැබීමෙන් සතුටු වෙනවා නම්, ඔයා සබ්මිසිව් කෙනෙක් කියන්න ඒකත් එක පොයින්ට් එකක්. උදාහරණයක් විදියට පාට්නර් ආස වෙන්න පුලුවන් ඔයා වෙනස් විදියේ මොකක් හරි ඇඳුමක් ඇඳලා ඇඳට එනවට. එතකොට එයා ආස නිසා අපි එහෙම කරනවා. හැබැයි එයාගෙ සතුට වෙනුවෙන් විතරයි එහෙම කරන්නේ කියලා එකක් නෑ කියමු. ඒ කියන්නේ ෆැන්ටසි එක එයාගේ වුණත්, ඒක කරලා අපිත් සතුටු වෙන්න පටන් ගන්නවා කියලා. අන්න එහෙමනම් ගොඩක් දුරට ඔබ සබ්මිසිව් තමයි. හැබැයි මෙහෙම දේකුත් තියෙනවා. අනෙකාගේ ෆැන්ටසි එකක් ඉෂ්ට කරලා සතුටු වෙන එක කෙයාරින්ග් ඩොමිනන්ට් කෙනෙක් වුණත් කරන්න පුලුවන් දෙයක්.

 

දැන් මෙහෙම තමන් සබ්මිසිව් කෙනෙක් නම්, තමන්ගේ පාට්නර් ඩොමිනන්ට් කෙනෙක් නම්, තමන්ට උපරිම තෘප්තියක් එන විදියට සෙක්ස් කරන්නේ කොහොමද කියන එක ගැනත් මේ ආටිකල් එකෙන් යම් අදහසක් ගන්න පුලුවන්. හැබැයි එකක්. සබ්මිසිව් කෙනෙක් පාලනය අනිකාට ලබාදෙනවා කියන්නේ, අනිකාට ඕනම දෙයක් කරන්න පුලුවන් කියන එක නෙවෙයි. හොඳම දේ තමයි මෙහෙම සෙක්ස් කරන්න යන්න කලින් සේෆ් වර්ඩ් එකක් සාකච්ඡා කරලා තියාගන්න එක. උදාහරණයක් විදියට “රෙඩ්” කියමු. එතකොට සබ්මිසිව් කෙනා කොයි තරම් පහර ලබන්න සහ පාලනයට නතු වේන්න කැමති වෙලා හිටියත්, ඩොමිනන්ට් කෙනා කොයි තරම් පහර දෙන්න සහ අනිකාව පාලනය කරන්න ආස වුණත්, සබ් එක්කෙනා “රෙඩ්” කියන වචනේ කියපු ගමන් ඩොමිනන්ට් කෙනා වැඩේ නවත්තන්න ඕන. ආයෙ ඒකෙ කිසිම හැරිල්ලක් බැලිල්ලක් නෑ. ඒ වගේම, සබ්මිසිව් වෙනවා කියන්නේ තමන්ගේ ලිංගික ජීවිතෙන් පිටතදිත් වහලෙක් හරි වහලියක් හරි විදියට ඉන්නවා කියන එක නෙවෙයි. ලිංගික ජීවිතෙන් පිටතදී ඒ කෙනා ස්වාධීන මනුස්සයෙක්. අනෙකාගේ ගරුත්වය සමානව ලැබිය යුතු පාට්නර් කෙනෙක්. අන්න ඒක දෙගොල්ලොම මතක තියාගත්තොත්, බොහොම ලස්සන ලිංගික ජීවිතයක් ගෙනියන්න පුලුවන් වෙයි!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *