වැහි කාලයට ගමේ පොඩි උන්ට එදා තිබුන වැඩ

දිග නියං කාලෙකට පස්සේ වැටෙන වැස්ස ගැමියන්ගේ බලාපොරොත්තු වැඩි කරනවා. මොකද ගොවිතැනින් ජීවත්වෙන ගමේ උදවියට වැස්ස කියන්නේ ගොවිතැන් ​බත් සාර කරන ලොකු අත්දැකීමක්. රූපවාහිනියේ හෙම කාලගුණ වාර්තා වල වැස්ස කියන්නේ අයහපත් කාලගුණයක්  කියා හඳුන්වනවා. ඒත් වැස්ස නැතුව සති/මාස කිහිපයක් ගත කරපු ගමේ අයට නම් වැස්ස කියන්නේ ආශිර්වාදයක්. ඒත් වැස්ස උනත් වැඩිවුනාම චොර වෙනවා. කොළඹ ඉන්න අයට නම් වැස්ස නොකඩවා වැටෙන එක කරුමයක් වගේ. ඉතින් අද වගේ කන්තෝරු යන එන මිනිස්සු වැඩි නොවුන ඒ කාලේ ගමේ හිටිය පොඩි උන්ටත් වැස්ස කියන්නේ සිරාම අත්දැකීමක්. අපි ඒ වැසි අත්දැකීම ගැන ටිකක් විපරම් කරලා බලමු.

 

1. ගස් ඇදන් වැටීම සහ ගෙවල් අලාබ හානි

වැස්සත් එක්ක අල්ලන තද හුලඟින් ගස් කඩාන වැටෙනවා. පෙ​ළක් ගම ගෙවල හෙවිලි කරලා තියෙන පොල් අතුත් අනික් පැත්ත හැරෙනවා. ගෙවල් මඩු උඩට ගස් ආදිය කඩන් වැටිලා එහෙම අලාබහානිත් වෙනවා. මේ වගේ දවසට ඉතින් පොඩි උන්ටත් ඒවා බලන්න යන්න ඕනා වෙනවා. “උඹ මොකටද යන්න එන්නේ ඔන්නො​හෙ තෙ​මෙන් නැතුව ඉඳින්” කියල අම්මලා කිව්වත් කොහොම හරි කුනු කුනු ගාලා වැටුන ගස් ආදිය බලන්න පොඩි උන් හෙමිහිට යනවා. ගිහින් ඉතින් ඒ තැන්වල ගස් කපලා අයින් කරලා පාරවල් හෙම සුද්ද පවිත්‍ර කරනවා නම් කපපු අතු කෑලි ඇදීම, අබලි දේවල් අයින් කිරී​ම වගේ දේවලට පොඩි අත් වලින් හෙල්ප් එකකුත් දෙනවා.

 

2. කෙසෙල් කොට පාරුවේ

මේවනම් ටිකක් විතර ලොකු මහත් වෙච්ච දරුවන්ගේ සෙල්ලමක්. වැහැලා වැහැලා සමහර වෙලාවට ගලනවා. ඒ ගලන භූමිය සමහර විට කුඹුරු සහ පහත් බිම් වෙන්න පුළුවන්. නැතිනම් ගෙවල් තියෙන පැතිත් මහ අනෝරා වැහි කුණාටුවලට යට වෙලා යනවා. ඉතින් මේ ගංවතුරේ කෙහෙල් කොට ටිකක් එක්කාසු කරලා හදාගත්​ත පහුරකින් යන එක ඒ කාලේ වැහි කාලෙට ගම්වල සිද්ද වෙනවා. මේ කෙහෙල් කොට පාරු සෙල්ලම ගලන්නේ නැති වතුරේ නම් ලොකු අවුලක් නැහැ. ඒත් ගලන වතුරකට සෙට් වුනොත් එතන ලොකු අනතුරක් තියෙනවා. කොහොමින් හරි වැඩිහිටියන්ගේත් සහාය අරගෙන හදන මේ කෙහෙල්කොට පාරුව පැදීම වැහිකාලෙට දරුවන්ට ලැබෙන අමුතුම අත්දැකීමක්.

 

3. ගේ ඇතුලේ සෙල්ලම්

පැල් බැ​ඳගෙන දවස් දෙක තුන වැහි අල්ලන්න හිටියාම ගෙදරින් එලියට බහින්න බැහැ. දරුවෝ කැමැත්තෙන් තෙමෙන්න කියලා වතුර පිරුණ මිදුලට බැස්සත් අම්මලා හනි හනික ඇවිත් හො​ඳ වචන වලින් සංග්‍රහ කරලා දරුවන්ට ගේ ඇතුලට යන්න කියනවා. ඉතින් මේ ගේ ඇතුලේම ගැන්නිලා අක්කලා නංගිලා වගේ මුළු ගැන්විලා ඉන්න කොල්ලොන්​ගෙ නම් කැමැත්තක් නැහැ. ඒත් ඉතින් එලියට යන්න බැරි එකේ ඉන්නත් එපැයි. ඒ වෙලාවට ගෙවල් ඇතුලෙ කරන පොඩි සෙල්ලම් තිබුනා. හැංගිමුත්තන් ගැහීම, පංච දැමීම, කැට ගැහීම, ඔලි​ඳ සෙල්ලම් වගේ දේවල් ඒකාලේ ගේ ඇතුලේ ඉ​ඳගෙන දරුවෝ කළා. දැන් වගේ වීඩියෝ ගේම්ස්, කාටූන් ෆිල්ම් නැති ඒ කාලේ දරුවෝ ඒගොල්ලම එකතු වෙලා සෙල්ලම් කරලා එයාලම සතුටු වුනා.

 

4. මඩ වැඩ පටන් ගැනීම

වැහි කාලෙත් එක්ක ඉන් පස්සේ ඉතින් ගොවිතැන් වැඩ පටන් ගන්න කාලේ එනවා. කුඹුරු ගොවිතැන් වැඩවලදි නම් තද වැහි කාලෙකින් පස්සේ මඩ වැඩ පටන් ගැනෙනවා. මේ කාලෙදි ලොකු අය නියරවල් ගහලා, ඇලවල් සුද්ද කරලා, හාන්න එහෙම පටන් අරගෙන ඒ මඩ වැඩට සූදානම් වෙනවා. ඉතින් මේ මඩවපු කුඹුරුවල වැඩට පොඩි අයත් හැකි විදිහට සහභාගි වෙනවා. අද නම් ලොකු වැඩට දරුවන් දායක කරගන්න එක එච්චරම පේන්න නැහැ. ඒත් එදා ගොවිතැන් වැඩ කටයුතු වලදි දරුවොත් කැමැත්තෙන්ම වගේ අම්මලා තාත්තලාගේ වැඩ වලට සම්බන්ධ වුනා. මඩ කියන්නේ වැඩිහිටියන්ට නම් ටිකක් අප්සට් අත්දැකීමක් වුනත් පොඩි උන්ට නම් පැනල නටන්න හිතෙන දෙයක්. 

 

5. ඔරු හදා පා කිරීම

අද නම් ප්ලාස්ටික් වලින් ලස්ස​න ඔරු ආදිය ලොකුවටත් හදලා තියෙනවා. ඒ කාලේ වැහි කාලයක් ආවම පරණ කොපි පොත් වල කො​ළ වලට නිවනක් නැහැ. ගෙදර ඉන්න ගෑණු ​ළමයිද, කොල්ලොද ඔක්කොම කො​ළ ​බෝට්ටු හදලා යවන්න ගන්නවා. ඒ අතර සපත්තු බෝට්ටු, තට්ටු බෝට්ටු වගේ ලස්සන ලස්සන ඔරු ​බෝට්ටු තිබුනා. ඒ වගේම ටිකක් නිර්මාණශීලී දරුවෝ ලී වලිනුත් ලස්සන ​බෝට්ටු ආදිය හදාගෙන ඒවා පා කරලා සතුටු වුනා.

 

6. ලීක් ගැන බැලීම

දැන් ​වගේ අරුමෝසම් සෙවිලි ෂීට් ජාති ඒ කාලේ ගම් වල වහලේ තිබුනේ බොහොම අඩුවෙන්. වැඩිහරියක් තිබුනේ පොල් අතු සහ උලු සෙවිලි කරපු ගෙවල්. මේ උළු සහ පොල් අතු වහල දෙජාතියම හො​ඳ වැහි කාලෙකට ලීක් වෙනවා. පොල් අතු නම් ටිකක් පරණ වෙද්දි දිරපු තැන් වලින් වතුර එන්න බලනවා. උළු වහලක් වුනත් ගස් වල කො​ළ රොඩු ඇවිල්ලා හිර වෙලා අවුල් වෙනවා. ඉතින් මේ වගේ වෙලාවට ඒ වහින වතුර වැටෙන  තැන්වලට හට්ටි මුට්ටි බාල්දි තැබීම පොඩි උන්ගේ වැඩක්. ඒ වගේම ටිකක් පායන වෙලාවක් බලලා පරෙස්සමින් මේ වහලේ රෙපෙයාර් කරන වැඩ වලටත් දරුවන්ට දායක වෙන්න ලැබෙනවා.

 

7. වැසි සිරි නැරඹීම

දැන් නම් හො​ඳ වැස්සක් ආ​වහම, කොහෙද යටවෙලා ති​යෙන්නේ? මොනාද වෙලා තියෙන්නේ කියලා අපිට ටීවී එකෙන් ස​හ අන්තර්ජාලයෙන් දකින්​න ලැබෙනවා. ඒත් ඒ කාලේ වැඩිය ඒවා පාවිච්චියක් තිබු​නෙ නැහැ. කඳුකර පළාත්වලනම් වැස්ස එක්ක අලුතින් දිය ඇලි ආදිය නිර්මාණය වෙනවා. පහත් බිම්වල නම් ගංවතුර සහ අලුත් වතුර පාරවල් හැදෙනවා. සමහර වෙලාවට වැහැලත් දවස් ගා​ණක් යනකල් උල්පත් තියෙන නිසා ගංවතුර සහ අලුත් වතුර පාරවල් සති ගා​ණක් පුරා තියෙනවා. මේ වැස්ස එක්ක පරිසරයේ ඇතිවෙච්චි අලුත් වෙනස්කම් බලන්න එදා ගමේ හිටිය දරුවන්ට වාසනාව තිබුනා.

 

වාසනාවකට වාගේ  නිවර්තන කලාපයේ අපේ රට තියෙන නිසා අපිට හිම අත්දැකීම් සහ කාන්තාර අත්දැකීම් ලැබෙන්​නෙ නැහැ. ලැබෙන එකම දරුණු කාලගුණ අත්දැකීම තමයි තද වරුසාව. ඉතින් මේ වරුසාව එක්ක සුන්දර මතක වගේම වැස්ස වැඩිඋනහම සිද්ද වෙන දරුණු අත්දැකීමුත් එදා ගැමියන්ට තිබුනා. දරුවෝ විදිහට වැස්සට ගුලිවෙලා ටීවී එක දාගෙන බලන අදට වඩා එදා දරුවෝ වැස්ස එක්ක මුහුවෙලා, වැස්සෙන් ගැමි ජීවිතේට ඇතිවෙන බලපෑම රිසිසේ වි​ඳගත්තා. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *