විනෝදාත්මක

අපේ කලා ලෝකයේ අප්‍රකට කතා – 15 කොට​ස

මේ ලිපි මාලාව පිළිබඳව සුපුරුදු විදිහට අටුවාටීකා කියන්න අවශ් වෙන්නේ නැහැ. අපි එහෙමනම් වෙනදා වගේම අපේ කලා ක්ෂේත්‍රයෙන් වාර්තා වන රස කතා හොයාගෙන යමු

 

 

1. වින්ටර් බ්ලොසම්

ජෝතිපාල යන මහා ගායකයාගේ පෞරුෂය පිටිපස්සේ සැඟවිච්ච සුන්දර කාන්තාවක් ඉන්නවා. ජෝතිපාල​ගේ ජීවිතය හා සම්බන්ධ බොහෝ කාන්තාවන් ගැන කියවුණාට ඇය ගැන වැඩිපුර සඳහනක් වෙන්නේ නැහැ. තම සැමියා වෙනුවෙන් අසීමිත කැපකිරීම් කරපු ඇය වින්ටර් බ්ලොසම්. තම දෙමව්පියන්ගේ දැඩි විරෝධය මත ජෝතිපාල සම​ග විවාහ වූ ඇය අසීමිත දුක් කඳක් දරා ගත්තා. දිගු කාලයක් කැනඩාවේ සිය දියණියක් සමග ජීවත් වූ ඇය ලංකාවට පැමිණ තවත් දියණියකගේ සෙව​ණේ ජීවත් වනවා. සාමාන්යයෙන් අපි මේ ලිපි පෙළ තුළදී යම් කතාවක් කිව්වත් වින්ටර් බ්ලොසම් මහත්මිය සම්බන්ධයෙන් අපි එහෙම රස කතාවක් කියන්නේ නැහැ. ජෝතිපාල නම් අසීමිත මිනිසා වෙනුවෙන් අසීමිත කැපකිරීම් කරපු ඇය වෙනුවෙන් උපහාරයක් ලෙස මේ කුඩා සටහන ඇයට අ​ප වෙන්කරනවා. මොකද බොහෝදෙනෙක් ඇයගේ නම පවා නොදන්නවා වෙන්නත් පුළුවන්.

 

 

2. අලුත් පත්වීමක්ද ?

මෛත්රීපාල සිරිසේනගේ නම අද වෙනකොට ආපහු සමාජ මාධ් ජාලාවල ප්රසිද්ධ වෙමින් පවතින නමක්. එතුමා ජනාධිපති ධූරය දරපු කාලයේ අපට සන්තෝස වෙන්න ගොඩක් දේවල් සිද්ධ වුණා. මේ එවැනි එක්තරා සිදුවීමක්. දවසක් ජනාධිපතිවරයා එක්තරා වැඩ කටයුත්තක් නිම කරලා ජනාධිපති කාර්යාලයේ තවත් කොටසකට යද්දී රෝසපාට සාරියකින් සැරසුණු කාන්තාවක් ඉඳලා තියෙනවා. මේ කාන්තාව දැකල පුරුදු වුණත් හරියට මතකයකුත් නැති නිසා සිරිසේන මහත්තයා ඇය ගාවට ගිහිල්ලාඅලුත් පත්වීමක් ද?” කියලා අහලා තියෙනවා. එතකොට ළඟ හිටපු ජනාධිපතිවරයාගේ සහකාර ලේකම්වරයෙක්සර් මේ අද උපහාර ලබන නිළියක්” කියලා ඇය​ව හඳුන්වලා දීලා තියෙනවා.ඇත්තද? මොකක්ද නම?” කියලා ජනාධිපතිවරයා අහලා තියෙනවා. එතකොට එම නිළියමම නීටා ප්රනාන්දු” කියලා උත්තර දීලා තියෙනවා.

ඔන්න ඔහොමයි අපේ රටේ ජනාධිපතිවරු කලාකරුවෝ ගැන දන්නේ… 

 

 

3. සේනක විජේසිංහ

දඬුබස්නාමානය ටෙලිනාට් හරහා සේනක විජේසිංහ මුළු රටේම අවධානය දිනා ගත්ත නළුවෙක් බවට පත්වුණා. පස්සේ කාලෙක දී ඔහු දේශපාලන වේදිකාවේ වැඩි වශයෙන් අපට දකින්න ලැබුණා. මහින්ද රාජපක්ෂ මහතාගේ පළමු ධුර කාල දෙක තුළ ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ වැඩ කටයුතු සඳහා කලාකරුවන් සංවිධානය කිරීමට විශාල දායකත්වයක් ලබා දුන්නා. කොහොම වුණත් අද වෙද්දි සේනක විජේසිංහ නිහඬ​ව කාලය ගත කරනවා. ඊට හේතුව විදිහට ඔහු සඳහන් කරන්නේ තමන් උදව් උපකාර කළේ කිසිම කෙලෙහි ගුණයක් නැති පිරිසකට කියලායි. ඔහු යූටියුබ් මාධ් නාලිකා හරහා විවිධ අවස්ථාවල සම්මුඛ සාකච්ඡා ලබා දීලා තමන්ට සිදුවූ අසාධාරණය හෙළි කරලා තිබ්බා. කොහොම වුණත් සේනක මේ කියන්නේ කඩේ ගියා කියලා කලාකරුවන්ට ලැබෙන දෙයක් නෑ කියන පරම සත්යයයි

 

4. අමරදේව විමලා ස්වයංවරය

රජකාලයේ රජ කුමරියක් තමන් කැමති කුමාරයාගේ ගෙලේ  මල් මාලයක් පළඳලා ඔහුව තමන් පිළිගත් බවට සඳහනක් කරනවා කියලා ඉතිහාසයේ කියනවා. අමරදේව මහත්තයා කියන විදිහට විමලාව අමරදේව  මහත්මිය ඔහු​ව පිළි අරගෙන තියෙන්නේත් අන්න විදිහට. කොළඹ මියුසියස් විද්යාලයේ ශිෂ්යාවක් වූ  ඇය එම පාසලට පැමිණි තුරුණු  අමරදේවව  පිළි අරගෙන තියෙන්නෙ මල් මාලයක් දාලා. මේ තමයි ඔවුන් දෙදෙනාගේ පළමු හමුවීම.

 

5. මට කීයක් දෙනවද?

ගාමිණී ෆොන්සේකා තමන්ගේ පුතා වන දමිත් ෆොන්සේකාව සිනමාවට සම්බන්ධ කරන්​න හිතාගෙන තමන්  නිර්මාණය කරපු චිත්රපටිය​ක චරිතය කරන්න පුළුවන්ද කියලා ඔහුගෙන් අහලා තියෙනවා. ගත් කටටම  දමිත්  අහල තියෙන්නෙමට කීයක් ගෙවනවද?” කියලායි. මේ උත්තරෙන් ගාමිණී ෆොන්සේකා පුදුමෙන් පුදුමයට පත් වෙලා තියෙනවා. ඒ ඔහු රඟපෑමට එද්දි මුදල් ගැන හිතුවෙම නැති නිසා.

 

6. එක්තැන් වූ චම්පා කල්හාරි

අද වෙනකොට සුවය ලබමින් හිටියත් චම්පා කල්හාරි වසර කීපයක් එක්තැන් වෙලා ඉඳලා තියෙනවා. බොහෝ රසිකයන් පිළිබඳව දැන සිටියේ නැහැ. මෙම කාලය තුළ දී ඇයට ඇගේ පුත්රයා  සියළු ඇප උපස්ථාන කරලා තියෙනවා. බොහෝ දුවා දරුවන් තමන්ගේ දෙමව්පියන්ට නිසි පරිදි සලකන්​නේ නැති කාලයක මේ දරුවා රත්තරන් දරුවෙක් බව නොකියාම බැහැ.

 

7. ස්වර්ණවාහිනී ආරවුල

මීට  දින කීපයකට පෙර ස්වර්ණවාහිනියේ සේවය කළ  ජනප්රිය නිවේදිකා තිලිණි පෙරේරා සිය ඉල්ලා අස්වීම පාලනාධිකාරියට යවා තිබුණා. එහි පිටපතක් සමාජ මාධ් වලට ඇය එකතු කර තිබූ අතර මගින් වර්තමානයේ  ස්වර්ණවාහිනිය තුළ පවතින තත්ත්වයට සුදේව හෙට්ටිආරච්චි සහ රංගන පෙරේරා වගකිව යුතු බවට ප්රසිද්ධියේ චෝදනා කර තිබෙනවා. මීට පෙර නදීක කරුණානායක හරීන්ද් ජයලාල් යන ජනප්රිය චරිතවලට ස්වර්ණවාහිනියේ දොරටුව වැසුණේ රංගන සහ සුදේවගේ බලපෑමෙන් බවටත් එහි අලුත්ම ගොදුර තිලිනි පෙරේරා බවටත් ඇතැම් අය මත පළකර තිබෙනු දක්නට ලැබෙනවා.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා. 

 

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 1 කොටස

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 2 කොටස

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 3 කොටස

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 4 කොට​ස

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 5 කොටස

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 6 කොටස

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 7 කොටස

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 8 කොටස

අපේ කලා ​ලෝකයෙන් අප්‍රකට කතා – 9 කොට​ස

අපේ කලා ​ලෝකයෙන් අප්‍රකට කතා – 10 කොට​ස

අපේ කලා ​ලෝකයෙන් අප්‍රකට කතා – 11 කොට​ස

අපේ කලා ​ලෝකයෙන් අප්‍රකට කතා – 12 කොට​ස

අපේ කලා ​ලෝකයෙන් අප්‍රකට කතා – 13 කොට​ස

අපේ කලා ​ලෝකයෙන් අප්‍රකට කතා – 14 කොට​ස

admin

Share
Published by
admin

Recent Posts

සැටලයිට් නැතිනම් චන්ද්‍රිකා ගැන මේ කාරණා ඔබ දැනගෙන හිටියාද?

සැටලයිට් නැතිනම් චන්ද්‍රිකා ගැන මේ දවස් වල සෑහෙන කතාබහක් ඇතිවෙලා තියනවානේ. ඒ කතා බහ පටන්…

8 months ago

දරුවන් හදන කොට දෙමව්පියෝ කරන වැරදි, හැබැයි සමාජයේ ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේවා තමයි දෙමාපියන්ගේ ආදරය කියලා!

දරුවන් හදනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. දෙන්නෙක් කසාද බැඳලා සෙක්ස් කිරීම පමණක්, ඒ සෙක්ස් කිරීමේදී…

8 months ago

කොල්ලගේ අම්මා එක්ක මෙන්න මේ දේවල් කවදාවත් කරන්න යන්න එපා!

මේ ආටිකල් එක අපි ලියන්නේ ගෑනු ළමයින් වෙනුවෙන්මයි. දැන් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් එහෙම ඉන්න ගෑණු ළමයෙක්…

8 months ago

ශිෂ්‍යයෙක් විදිහට ඔබගේ අනාගත වෘත්තීය ක්ෂේත්‍රය තෝරා ගන්නේ මෙහෙමයි!

දැන් පුංචි කාලේ අපෙන් කවුරුහරි ඇහුවොත් ලොකු වෙලා කවුරු වෙන්නද කැමති කියලා, අපිට කියන්න ගොඩක්…

9 months ago

ජීවිතේ උවමනාවට වඩා ඕනෑම නැති දේවල් කිහිපයක් – 2 කොටස

"ඕනෑවට වඩා ඕනෑම දෙයක් ඕනෑම නැත" කියල කතාවක් තියෙනවනේ. ඕකම තමයි සුද්දා කියලා තියෙන්නේ "ටූ…

9 months ago

ඇමෙරිකානුවන් සඳ මත පා තැබීම බොරුවක්ද? ඒක බොරුවක් නෙවෙයි කියන්න සාධක මෙන්න

ඇත්තටම මිනිස්සු හඳට ගියාද? ඔය ප්‍රශ්නේ, ලෝකෙ පුරා ඉන්න ගොඩක් අය අහන දෙයක්. එහෙම අහන්න…

9 months ago