අපේ කලා ලෝකයේ අප්‍රකට කතා – 10 කොටස

කාලෙකට පස්සේ ඔබ පුල පුලා බලන් ඉන්න ආටිකල් සීරීස් එකේ තවත් කොටසක් ඔබ වෙත ගෙන එන්න අපි තීරණය කළා. එහෙම නම් ඉතිං වැඩිපුර කතා බහක් නැතුව අපි කලා ලෝකයේ අප්‍රකට රස කතා කීපයක් හොයලා බලමු.

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 1 කොටස

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 2 කොටස

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 3 කොටස

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 4 කොට​ස

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 5 කොටස

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 6 කොටස

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 7 කොටස

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 8 කොටස

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 9 කොටස

 

 

1. සරච්චන්ද්‍රට පහර දෙන්න මූලිකත්වය ගත් නළුවා 

අපි හැමෝම දන්නවා එක්සත් ජාතික පක්ෂ රජය සමයේදී ආණ්ඩුවට විරෝධය පළ කිරීමේ රැස්වීමකට සම්බන්ධ වීම නිසා මාදුළුවාවේ සෝභිත හිමියන්ට සහ එදිරිවීර සරච්චන්ද්‍ර මහතාට පහර දෙන්න ක්‍රියා කළා කියලා. ස්වභාවයෙන්ම අතිශයින්ම නිවුණු සහ අහිංසක පුද්ගලයෙකු වූ සරච්චන්ද්‍ර පෑනෙන් සටන් කළාට කවදාවත් අතපය ඉස්සර කරගත්ත කෙනෙක් නෙමෙයි. නමුත් අවාසනාවට කරුණ වුණේ ඒ අවස්ථාවේදී එතුමාට පහර දෙන්න ප්‍රමුඛත්වය ගත්තේ සුප්‍රකට සිනමා නළුවෙකු වුණු ඔස්වල්ඩ් ජයසිංහ වීමයි.

 

2.සැඩ සුළං නිසා ෆ්ලොරීඩාට ලැබුණු තෑග්ග 

‘සැඩ සුළං’ කියන්නේ අපේ රටේ අතිශයින්ම ජනප්‍රිය වුණු චිත්‍රපටයක්. මේ චිත්‍රපටය නරඹන්න සිනමාහල්වල මිනිස්සු පොර කෑවා. මේ චිත්‍රපටය ලබපු අසීමිත සාර්ථකත්වය නිසා අධ්‍යක්ෂක සෝමසේකරන් විසින්  සැඩ සුළං චිත්‍රපටයේ ප්‍රධාන නිළිය විදිහට රඟපාපු ෆ්ලොරීඩා ජයලත්ට වොක්ස්හෝල් වර්ගයේ මෝටර් රථයක් ත්‍යාග විදිහට ලබා දුන්නා. ලංකාවේ නළුවෙකුට හෝ නිළියකට චිත්‍රපටයක සාර්ථකත්වය නිසා මෙවැනි ත්‍යාගයක් ලැබුණු පළමු අවස්ථාව මෙය විදිහට සැලකෙනවා.

 

3. ඡන්දයෙන් පත් වුණු පළවෙනි නිළිය

අද වෙනකොට යම්තාක් දුරකට කලා නිර්මාණවලින් සමුගෙන තිබුණත් වෙළඳ දැන්වීම් වල ආදරණීය මිත්තණියගේ චරිතය නිරූපණය කරන සුජාතා පරමනාදන් මහත්මිය ලංකාවේ දේශපාලනය තුළත් විශේෂ වාර්තාවකට හිමිකම් කියනවා. ඇය මාතලේ යටවත්ත ප්‍රදේශයේ ගම් කාර්ය සභාව සඳහා තරඟ වැදී ඉන් ජයග්‍රහණය කරනවා. මේ නිසා ලංකාවේ මැතිවරණයකින් ජයග්‍රහණය කළ පළමු නළුවා බවට ආචාර්ය එන්. එම්. පෙරේරා පත්වෙද්දී එවැන්නකින් ජයග්‍රහණය කළ පළමු නිළිය බවට ඇය පත්වෙනවා. 

 

4. සචිනි අයේන්ද්‍රාගේ පෙම්වතා පැහැරගත් නිළිය 

එක්තරා වැඩසටහනකට සම්බන්ධ වුණු සචිනි අයේන්ද්‍රා, කාලයක් තමන්ට අතිශයින් සමීප මිතුරියක් වෙලා හිටපු කලාකාරිණියක් දුරස් කර දැමීමට හේතු වූ කාරණය පිළිබඳව හෙළි කර තිබුණා. ඇයට අනුව ඒවකට සචිනිගේ පෙම්වතාව ඇයගෙන් බිඳවා ඔහු සමග පෙම් සබඳතාවක් ඇති කර ගැනීමට එම නිළිය කටයුතු කර තිබෙනවා. කෙසේ වෙතත් කාලයත් සමඟ එම පෙම්වතා ඒ නිළියවත් අතහැර දමා තිබෙනවා. පසුව ඇය යළිත් සචිනි සමග මිතුරියක් වීමට උත්සාහ කළත් තමන්ට ඇයව විශ්වාස කිරීමට අපහසු බව සචිනි පවසා තිබෙනවා. මේ නිළිය කවුද කියා ඔබට හිතන්න පුළුවන්ද? ඇය තමයි අනර්කලී අකර්ෂා. 

 

5. පාංශු වලින් පස්සේ නීටා ගෙදර අරන් ගිය දේ

‘පාංශු’ චිත්‍රපටය ඔබ නැරඹුවානම් මතක ඇති බබා නෝනාගේ තනි නොතනියට ඉන්න පුංචි බලු පැටියා (ඇත්තටම ඇය බැල්ලියක්). චිත්‍රපටය රූගත කරද්දී මුළු කාර්ය මණ්ඩලයේම සුරතලා බවට ඇය පත් වුණා. චිත්‍රපටිය අවසානයේදී මේ බලු සුරතලාට කරන්නේ කුමක් ද කියන එක ගැන ප්‍රශ්නයක් තිබ්බා. අන්තිමේදී නීටා ප්‍රනාන්දු විසින්ම මේ බලු සුරතලාව තමන්ගේ නිවසට ගෙනියන්න තීරණය කළා. නීටා ප්‍රනාන්දු කියන්නෙ කොතරම් මානුෂික ගුණයෙන් පිරුණු තැනැත්තියක්ද කියන්න මේ එක උදාහරණයක් විතරයි.

 

6. පුෂ්පා ජැනට්‍ට අරියාදු කළ නළු බිරිඳ

පුෂ්පා ජැනට් කියන්නේ ‘අසෝකා’ චිත්‍රපටය හරහා අති දැවැන්ත ජනප්‍රියත්වයක් ලබා ගන්න සමත් වුණු නිළියක්. නමුත් එයින් පසුව ඇයව වෙනත් සිනමා නිර්මාණවලින් වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. පස්සෙ කාලෙකදි ඇයම හෙළි කරලා තියෙන විදිහට එම චිත්‍රපටය රූගත කරන කාලය තුළදී සිදුවුණ ඇතැම් අමිහිරි අත්දැකීම් නිසා කලාවෙන් බැහැර වෙන්න ඇය තීරණය කරලා තියෙනවා. ඒ චිත්‍රපටියේ රඟපෑ නළුවෙකුගේ බිරිඳක් පුෂ්පා සහ තම සැමියා අතර සම්බන්ධතාවයක් ඇති බව පවසමින් ඇයට පහර දෙන්නට පවා උත්සාහ කර තිබෙනවා.

 

7. කළගුණ දත් රෝහිණී

රෝහිණී ජයකොඩි ‘අහංකාර ස්ත්‍රිය’ චිත්‍රපටියේ නපුරු චරිතයක් රඟපෑවත්, ඒ හරහා තමන්ගේ හැකියාව රටටම පෙන්වූ නිළියක්. ලංකාවේ පළමු වරට වෙනත් අයකුගේ සහයෝගයෙන් තොරව චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමේ ගෞරවය හිමිවන නිළියත් ඇයයි. තමාව සිනමාවට හඳුන්වා දී අවශ්‍ය විටක ගුරුහරුකම් ලබාදුන් පුද්ගලයාට ඇය අතිශයින්ම ගරු කළා. හියුගෝ මාස්ටර් නම් වූ ඒ විශිෂ්ට කලාකරුවාට ඇය තම ගෞරවය දැක්වූයේ ඔහුගේ ඡායාරූපයකට මල් මාලයක් දමා තම නිවසේ සාලයේ තබා ගැනීමෙනුයි.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ගැනත් ඔබේ අදහස් ඇණුම් බැණුම් පළ කරන ගමන් ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *