අපේ කලා ලෝකයේ අප්‍රකට කතා – 12 කොටස

එහෙනම් කාලෙකට පස්සේ අපි අදත් අපේ කලා ලෝකයේ අප්‍රකට කතා කීපයක තතු විත්ති ඔබ වෙතට ගෙන එන්න හදන්නේ. වෙනදා වගේම එහෙනම් කියවලා අදහස් දක්වන්නත් නිදහස තියනවා. මේ ලිපි පෙළේ පැරණි ලිපි කියවන්න කැමතිනම් පහත සබැඳි හරහා එම ලිපි කියවන්නත් පුළුවන්. 

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 1 කොටස

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 2 කොටස

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 3 කොටස

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 4 කොට​ස

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 5 කොටස

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 6 කොටස

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 7 කොටස

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 8 කොටස

අපේ කලා ​ලෝකයෙන් අප්‍රකට කතා – 9 කොට​ස

අපේ කලා ​ලෝකයෙන් අප්‍රකට කතා – 10 කොට​ස

අපේ කලා ​ලෝකයෙන් අප්‍රකට කතා – 11 කොට​ස

 

1. එහෙනම් අපි ප්‍රේක්ෂකයා මරමු

 

ජෝතිපාල “සුමිතුරෝ” නමින් චිත්‍රපටයක් නිෂ්පාදනය කළා. එය අධ්‍යක්ෂණය කරන්න පැවරුණේ රෝයි ද සිල්වාට. මේ චිත්‍රපටියේ අවසානය කොහොම වෙන්න ඕනෙද කියන එක ගැන රෝයි ද සිල්වා සහ සුමනා අමරසිංහ අතර ලොකු විවාදයක් තිබ්බා. රෝයි ද සිල්වාට ඕනකම තිබ්බේ චිත්‍රපටිය අවසානයේදී ප්‍රධාන නළුවාව ඝාතනය කරන්න. සුමනා අමරසිංහට ඕන වුණේ ප්‍රධාන නළුවා ජයග්‍රාහකයා වෙන විදිහට  චිත්‍රපටිය අවසාන කරන්න. මේ දෙන්නා අතර මේ විවාදය දිගින් දිගටම යනවා කියලා දැක්ක ෆ්‍රෙඩී සිල්වා අවසානයේදී මෙහෙම කිව්වලු.

“රෝයිට ඕන නළුවා මරන්න, සුමනා කැමති නෑ නළුවා මැරෙනවට. එනිසා දෙන්නගෙම කැමැත්තට හරි යන්න අපි ප්‍රේක්ෂකයෝ මරමු එතකොට වැඩේ ඉවරයි” කියලා.

 

2. වසන්තිට දිවුල් දීලා යාළු කරගත් නිළිය

 

වසන්ති චතුරානි “සමාවෙන්න” චිත්‍රපටයේ රඟපාන විදිහ දිහා දවස ගාණේ දර්ශන තලයට ඇවිත් බලාගෙන ඉන්න ගෑණු ළමයි කීප දෙනෙක් පුරුදු වෙලා හිටියලු. දවසක් වසන්ති මේ ගෑණු ළමයින්ගෙන් ඇහුවලු “ඕගොල්ලන්ගේ ගෙදර දිවුල් නැද්ද?” කියලා. එතන හිටපු උස ගෑණු ළමයෙක් “අපේ ගෙදර තියෙනවා” කියලා කිව්වලු. හැබැයි එහෙම කිවුවට ඒ ළමයාගෙ ගෙදර තියා අහල ගං හතකවත් දිවුල් ගහක් තිබිල නෑ. පස්සේ කඩෙන් තමයි මේ ගෑණු ළමයා දිවුල් අරගෙන ගිහින් තියෙන්නෙ. මේ ගෑණු ළමයගේ නම තමයි විශාකා සිරිවර්ධන. පස්සෙ කාලෙක ලංකාවේ උසම නිළියට හිමි වාර්තාව හිමි කරගන්නේ ඇය.

 

3. තනි තටුවෙන් පියාඹන්න

“තනි තටුවෙන් පියාඹන්න” චිත්‍රපටිය ලංකාවේ චිත්‍රපටි කලාව ඇතුළෙ ඉතා ඉදිරිගාමී පියවරක් වුණත් චිත්‍රපටය ඇතුළේ අනෝමා ජනාදරී තමන්ට සිදුවූ අසාධාරණය පස්සෙ කාලෙක හෙළි කරලා තිබ්බා. අපි බොහෝ දෙනෙක් හිතුවේ ඒ නිරුවත් දර්ශන සඳහා ඇය පෙනී සිටියේ ඇගේ කැමැත්තෙන් කියලා. නමුත් ඇය හෙළි කරලා තියන අන්දමට ඇය ඒ කැපකිරීම සිදුකරන්නේ එවකට ඇගේ සැමියා වන චිත්‍රපටියේ අධ්‍යක්ෂක අශෝක හඳගමගේ දැඩි බලපෑම් මධ්‍යයේයි. ඇගේ සහාය නිළිය වුණ ගයනි ගිසන්තිකා කොතරම් කම්පනයට පත් වුණාද කියනවා නම් “අනේ අක්කේ මේක කරන්නම ඕනද?” කියලා ඇඬුවා කියලත් ඇය පවසනවා.

 

4. චණ්ඩි ෂෙරිල්

ජනප්‍රිය නිළි ෂෙරිල් ඩෙකර් අද වෙනකොට ඉතා තැන්පත් සහ ඉවසීමෙන් යුතු තැනැත්තියක් වුණත් පොඩි කාලේ නම් ඉක්මනින් කේන්ති යන දඟකාර චරිතයක්ලු. මිශ්‍ර පාසලකට ගිය ඇය 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබද්දී  පන්තියේ පිරිමි ළමයෙක් මැරිච්ච කැරපොත්තෙක්ව ඇගේ ඇඟට දාලා තියෙනවා. මේකෙන් ඇයට කොයිතරම් කේන්ති ගියාද කියනවා නම්, ඇය ඒ පිරිමි ළමයට හොඳටම ගහලා ඒ ළමයව කබඩ් එකට දාලා වහලා තියනවා.

 

5. සෝමේ මාමා හොඳයි… අර තට්ටයා තමයි 

මේ දවස්වල වඩාත්ම ජනප්‍රිය ටෙලි නාට්‍යය වෙන්නේ “නාඩගංකාරයෝ” කියන එක හැමෝම වගේ පිළිගන්න දෙයක්. මේ ටෙලිනාට්‍යයේ සජිත අනුත්තර සහ ගිරිරාජ් කෞෂල්‍ය සුපිරි රංගනයක යෙදෙනවා. හැබැයි මේ දෙන්නම අවුරුදු ගාණකට කලින් සූරිය අරණ දර්ශන තලයේදී හම්බ වෙලා තියෙනවා. එතකොට සජිත පොඩියි. ගොඩක් වෙලාවට අධ්‍යක්ෂක සෝමරත්න දිසානායක චිත්‍රපටයේ රඟපාපු සජිත් ඇතුළු ළමා නළු නිළියන්ට ඕන දෙයක් කරන්න ඉඩ දෙනවලු. දැන් දියඇල්ලට පැනලා නාන්නද ඇහුවත් එපා කියන්නේ නෑලු. හැබැයි ඒ ගමන්ම සෝමරත්න දිසානායක ළඟ ඉන්න සහාය අධ්‍යක්ෂක ගිරිරාජ් කෞශල්‍යයට පොඩි සංඥාවක් දෙනවාලු. එතකොට ගිරිරාජ් තමයිලු යක්ෂයාගේ චරිතෙට ගිහිල්ලා ළමා නළු නිළියන්ගෙ දඟවැඩ පාලනය කරන්නේ. ඒක හින්දා ඒ දවස්වල සජිත්ලා බැනලා තියෙන්නෙ “සෝමේ මාමා නං හොඳයි, අර තට්ටයා තමයි මොකකටවත් යන්න දෙන්නැත්තෙ” කියලලු. 

 

6. සතර අභිනය 

දවසක් ඉසුරු හෙට්ටිආරච්චි සහ  නවක නිළියක් අතර රූගත කෙරුණු දර්ශනයක් ගැන ලොකු විවාදයක් ඇති වෙලා තියෙනවා. ඒ දර්ශනය කිසි කමකට නෑ කියල ඉසුරු කියද්දී අර නිළිය දිගින් දිගටම කියලා තියෙන්නේ ඒ දර්ශනය ඉතා ඉහළ තත්ත්වයේ තියනවයි කියලා. අවසානෙදි ඉසුරු අහල තියෙනවා “රංගනය ගැන ඔයා මොනාද දන්නේ?” කියලා. අර නිළියත් අනිත් පැත්තට කියලා තියෙනවා “රංගනය ගැන මොනාද මං නොදන්නේ” කියලා. එතකොට ඉසුරු “ආ එහෙනම් සතර අභිනය කියන්න” කියලා තියෙනවා. ඒ ප්‍රශ්නය අහපු ගමන් කේන්ති ගිය නිළිය “මං කොහොමද අනේ සතර අභින දන්නේ මම බුද්දාගමේ නෙමේ” කියලා.

 

7. ආදරේ නිසා නිල්මිණී කළ කැප කිරීම 

නිල්මිණි තෙන්නකෝන් තමන්ගේ රංගන ජීවිතයේ මුල් අවධියේදි රඟපාපු “දූ දරුවෝ” ටෙලි නාට්‍යයේ දීප්ති චරිතය හරහා අසීමිත ජනප්‍රියත්වයක් ලබා ගත්තා. නමුත් එවකට ඇගේ පෙම්වතා වෙලා හිටිය මධුමාධව අරවින්ද ඉන් ඉවත් වෙන්න කියලා දිගින් දිගටම බලපෑම් කර තිබෙනවා. නිල්මිණීට ඒ කාලෙදි පිස්සුවෙන් වගේ ආදරේ කරපු ඔහු වෙනත් කෙනෙක් ඇගේ අතින් අල්ලනවට වත් කැමති වුණේ නැහැලු. අවසානයේදී ඇය ලිපියක් ලියලා සෝමවීර සේනානායකට සහ නාලන් මෙන්ඩිස්ට වැඳලා තමයි ටෙලි නාට්‍යයෙන් ඉවත් වෙලා තියෙන්නෙ.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.