අපේ කලා ලෝකයේ අප්‍රකට කතා – 8 කොටස

ඔන්න එහෙනම් අදත් අපි ඔබත් එක්ක කලා ලෝකයේ අප්‍රකට කතා කීපයක් බෙදාගන්න යන්නේ. පහත ලින්ක් ක්ලික් කරලා ඔබට පුළුවන් අපේ මේ ලිපි මාලාව මු​ල ඉඳන් කියවන් එන්න.

 

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 1 කොටස

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 2 කොටස

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 3 කොටස

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 4 කොට​ස

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 5 කොටස

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 6 කොටස

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 7 කොටස

 

මේ ලිපි මාලා​ව ඔබට හොඳින්ම පුහුණු පුරුදු විශේෂාංගයක් නිසා වැඩි කතාබහක් නැතුව මාතෘකාවටම බහිමු.

 

1. සිනමාකරුවෙකු වූ වෛද්‍යවරයා 

අපේ රටේ සිටින විශිෂ්ටතම රංගවේදිනියක වන ස්වර්ණා මල්ලවආරච්චි මහත්මිය ජීවිතයේ එක්තරා කාලයකදී පිළිකා රෝගයෙන් පීඩා වින්දා. ඒ කාලයේදී ඇගේ ජීවිතය බේරගන්න සමත් වුණේ අපේ කාලයේ ජීවකයෙක්. ඔහු තමයි පිළිකා ශල්‍ය වෛද්‍ය නියෝමාල් පෙරේරා. සිනමාවට අසීමිතව පෙම් බැන්ඳ නියෝමාල් පෙරේරා, ස්වර්ණාට ප්‍රතිකාර කිරීමෙන් පමණක් නොනැවතී ස්වර්ණා වෙනුවෙන්ම චිත්‍රපටියක් නිෂ්පාදනය කිරීමට තීරණය කරනවා. ඒ චිත්‍රපටය තමයි ‘දඩඉම.’ ස්වර්ණාගේ විශිෂ්ටතම සිනමා රංගනයක් ඇතුළත්ව තිබූ ‘දඩයම’ චිත්‍රපටයේ දෙවැනි කොටස තමයි ඔහු අතින් නිර්මාණය වුණේ. ඉදිරියේදී අපිට මේ මේ චිත්‍රපටය බලන්න අවස්ථාවක් ලැබේවි.

 

2. සිරිමැදුර චිත්‍රපටයේ සිරිමැදුර 

සිරිමැදුර චිත්‍රපටියට පසුතල වෙච්ච පරණ වලව්ව ඔබට මතක ඇති. හැබැයි ඒ වලව්ව ඇත්තටම තිබ්බ තනි වලව්වක් නම් නෙමෙයි, වලව් කීපයක එකතුවක්. වලව්වේ ගේට්ටුව විදිහට භාවිතා කරල තියෙන්නෙ රුවන්වැල්ලේ වලව්වක තිබුණු ගේට්ටුවක්. එතකොට පඩිපෙළ හා සම්බන්ධ දර්ශන රූගත කරලා තියෙන්නේ නුගවෙල වලව්වේ. අනෙකුත් වලව්ව තුළ දර්ශන සඳහා භාවිතා කරලා තියෙන්නේ මොරටුව සොයිසා වලව්ව.

.

3. ගෝල්ෆේස් එකේ හිඟා කෑව පුබුදු චතුරංග

තමන්ගේ රංගන ජීවිතයේ මුල් අවධියේ දී හොඳ නළුවෙක් වෙන්න විවිධ අත්දැකීම් ලබා ගන්න පුබුදු චතුරංග උත්සාහ කරලා තියෙනවා. ඔහු එක්තරා අවස්ථාවකදී ගාලු මුවදොර පිටියේ හිඟා කාලත් තියනවා. එයින් පොඩි ගාණක් හම්බ වුණත් නැවත නැවතත් හිඟා කන්න නම් උත්සාහ කරේ නෑ කියලා තමයි පුබුදු චතුරංග කියන්නේ.

 

4. තිස්සගේ කණස්සල්ල 

මීට මාස කිහිපයකට පෙර අප අතරින් සමුගත් තිස්ස විජේසුරේන්ද්‍ර වතාවක් සිනමා අතිරේකයකට තමන්ට සිද්ධ වුණු අසාධාරණයක් පිළිබඳව හෙළි කරලා තිබ්බා. ඔහුට අනුව ඔහුට ලැබුණ බොහෝ සිනමා නිර්මාණ එක්තරා සුප්‍රකට නිළියක විසින් අහිමි කරලා තියෙනවා. ඊට හේතුව වෙලා තියෙන්නේ ඒ කාලෙදි ඒ නිළිය එකට ජීවත් වෙලා තියෙන්නෙ සිනමාවේ තවත් කඩවසම් නළුවෙක් එක්ක. අතිශය ජනප්‍රිය තාරකාවක් වූ ඇය අධ්‍යක්ෂකවරුන් සහ නිෂ්පාදකවරුන්ට බල කරලා තියෙන්නේ තමන්ගේ පෙම්වතාව තිස්ස වෙනුවට ඒ නිර්මාණ සඳහා දායක කරගන්න කියලා.

 

5. Who Want Money?

‘රන්මුතු දූව’ චිත්‍රපටය ලංකාවේ තිරගතවුණු වුණු පළවෙනි වෛවර්ණ චිත්‍රපටියයි. වාර්තා පිට වාර්තා තබමින් තිරගත වුණු මෙම චිත්‍රපටයෙන් අති විශාල මුදලක් චිත්‍රපටයේ අධ්‍යක්ෂක මයික් විල්සන්ට ලැබුණා. නමුත් මුදල් පිළිබඳව එතරම් තැකීමක් නොකරපු මයික් විල්සන් චිත්‍රපටය නිෂ්පාදනයේදී  තමන්ට උදව් උපකාර කරපු සුළු සේවකයන්ට තමන්ගේ නිවසට එන්න කියලා සූට් කේස් එහෙක තිබ්බ සල්ලි උඩට විසි කරලා “Who Want Money” කියලා සතුටින් කෑ ගහල තියනවා. ඒ අවස්ථාවේදී කැරකෙමින් තිබූ විදුලි පංකාව නිසා මුදල් නෝට්ටු තැනින් තැන විසිරෙන්න අරගෙන. ඒවා එකතු කරගන්න සුළු සේවකයෝ පොරකන විදිය ගැන බලමින් මයික් විල්සන් අතිශය සතුටට පත්වෙලා තියනවා.

 

6. රොඩී ගම හදන්න බී.එස් පෙරේරා කරපු අපූරු වැඩේ

බී.එස් පෙරේරා කියන්නේ අපේ රටේ හිටිය විශිෂ්ටතම හාස්‍යෝත්පාදක රංගන ශිල්පියෙක්. ඔහුට ලොකු ආසාවක් තිබිලා තියනවා චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න. නමුත් ඒ සඳහා ඔහුට මුදල් තිබිලා නැහැ. මේ ගැන කල්පනා කරපු බී.එස් පෙරේරා අන්තිමේදී අපූරු උපක්‍රමයක් අනුගමනය කරා. ඒ තමයි ඔහු පත්තරේ දැන්වීමක් දමල තියනවා චිත්‍රපටයේ රඟපෑම සඳහා නළු නිළියන් අවශ්‍යයි කියලා. දැන්වීම දැකලා, චිත්‍රපටයේ රඟපෑම සඳහා බොහෝ ධනවතුන් පිරිසක් සල්ලි දීලා එක් වෙලා. මේ නිසා චිත්‍රපටයේ කටයුතු සාර්ථකව ගෙනියන්න බී. එස්ට හැකියාවක් ලැබිල තියනවා.

 

7. ලාංකීය සිනමාවේ සැබෑ උපත

අපි  බොහෝ දෙනෙක් තාමත් හිතන්නෙ ලංකාවෙන් බිහිවුණු පළවෙනි චිත්‍රපටය ‘කඩවුණු පොරොන්දුව’ කියලා. කතානාද චිත්‍රපටයක් විදිහට ගත්තොත් කඩවුණු පොරොන්දුව පළවෙනි චිත්‍රපටිය තමයි. නමුත් ලංකාවේ පළවෙනි චිත්‍රපටිය වෙන්නේ ‘පළිගැනීම.’ මේ චිත්‍රපටය නිහඬ චිත්‍රපටියක්. ඒ වගේම මේ චිත්‍රපටිය සීයට සීයක් දේශීය චිත්‍රපටයක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ඩබ්ලිව්. දොන් එඩ්වඩ්. නමුත් අවාසනාවකට වගේ මේ චිත්‍රපටිය ගැන මතකය ලංකාවේ රසිකයන්ගෙන් සම්පූර්ණයෙන්ම ඈත් වෙලා. ඉදිරියේදී මේ චිත්‍රපටය ගැන සම්පූර්ණ විස්තරයක් ඔබ වෙත ගෙන එන්න අපි බලාපොරොත්තු වෙනවා.

 

එහෙම නම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *