ඔන්න අපි එහෙනම් කාලෙකට පස්සෙ ආයෙත් කලා ලෝකයේ අප්‍රකට කතා ගැන හොයන්න යන්නේ. විශේෂ දෙයක් කියන්න තියෙනවා. ඒ තමයි මේ ලිපි පෙළට ඇතුළත් වෙන්න ඕන තවත් මේ වගේ කතා තියනවනම් ඒ ගැන අපිට කමෙන්ට් එකකින් හෝ ඉන්බොක්ස් පණිවිඩයක් මගින් දන්වන්න අමතක කරන්න එපා කියන පණිවිඩය.
අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 1 කොටස
අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 2 කොටස
අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 3 කොටස
අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 4 කොටස
අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 5 කොටස
අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 6 කොටස
1. හතරෙන් පටන් ගන්න චිත්‍රපටි හතරක් හදපු සිනමා නිර්මාණකරුවා
“සිද්ධාර්ථ කුමාරයා ජීවිතය ගැන කලකිරිලා, සත්‍යය ගවේෂණය කරන්න පැවිදි දිවියට පිවිසුණේ සතර පෙර නිමිති දැකලා. මේ නිසා කුඩා කාලයේදීම හතර කියන්නේ හොඳ ඉලක්කමක් සහ හොඳ වචනයක් කියන අදහස මගේ ඇති වුණා වුණා. ඒ නිසා මගේ හැම සිනමා නිර්මාණයක් ම පටන් ගන්නෙත් හතර කියන වචනයෙන්.” එහෙම කියන්නේ එල්. එම් පෙරේරා. විශේෂත්වය වෙන්නේ ඔහු නිර්මාණය කරලා තියෙන්නෙත් චිත්‍රපටි හතරක් වීම සහ ඒ චිත්‍රපටි හතරම හතරෙන් පටන්ගැනීම. ඒ චිත්‍රපටි හතර තමයි” හතර මහා නිධානය, හතර කේන්දරය, හතර පෙරළිය, හතර වටේ.”
2. එළුවෙකුගේ ලේ උරා බීපු වොලී
එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායකගේ කතාවක් ඇසුරෙන් ඇසුරින් නිර්මාණය වුණු “මහ හේනේ රීරි යකා” චිත්‍රපටියේ ප්‍රධාන චරිතයක් රඟපෑවේ වොලී නානායක්කාර. ඔහුට එහිදී නිරූපණය කරන්න තිබ්බේ මිනිසුන්ගේ ලේ උරා බොන අසම්මත ගණයේ චරිතයක්. එහිදී එක්තරා දර්ශනයකදී ඔහුට එළුවෙකුගේ ලේ උරා බොන්න නියමිත වෙලා තිබ්බා. තමන්ගේ චරිතයට සාධාරණයක් ඉෂ්ට කරන්න හිතපු වොලී ඇත්තටම එළුවෙක් ගෙන් ලේ උරා බිවුවා. නමුත් කැමරා ශිල්පියා අතින් සිදුවුණු අතපසුවීමක් නිසා මෙහි දර්ශනය පටිගත වුණේ නැහැ. අවසානයේදී වොලීට ඇතිවුණ උදරාබාධයක් නිසා රෝහලක නැවතීමටත් සිදු වුණා.
3. ශ්‍රියානිට පෙම්බැඳි අජන්තා රණසිංහ
ශ්‍රියානි අමරසේන පාසල් යන දවස්වල ඇය පසුපසින් බයිසිකලයක කොලු ගැටව් දෙන්නෙක් ඇවිල්ලා තියෙනවා. ඇයත් මේ කොලු ගැටව් දිහා හොරෙන් බැලුවට ඒ බව පෙන්නලා නෑ. කාලය ගෙවිලා ගිහිල්ලා විවාහයෙනුත් පස්සේ ශ්‍රියානි අමරසේන තමන්ගේ චිත්‍රපටයක් සඳහා ගීතයක් රචනා කරන්න අජන්තා රණසිංහ මුණගැහෙන්න යනවා. අජන්තා තමන්ගේ බිරිඳ ඉන්න තැන ශ්‍රියානිට “මතකද ඔයා ඉස්කෝලෙ යන දවස් වල ඔයාගේ පිටිපස්සෙන් ආපු කොල්ලො දෙන්නා?” කියලා අහනවා. ශ්‍රියානිත් “ඔව්” කියලා උත්තර දෙනවා. “ඒ ආවෙ මම” කියන අජන්තා රණසිංහ, මම ඔයා ගැන සින්දුවකුත් ලිව්වා කියලා කියනවා. අපි දැන් ඒ ගීතයට සවන් දෙමු.
4. ස්ටෑන්ඩ් බයි
මේ දේ සිද්ධ වෙලා තියෙන්නේ අපේ රටේ ඉන්න ජනප්‍රිය සහ දක්ෂ නිළියක් වන දමිතා අබේරත්නට. මුල් දවස්වල ඇය නාලන් මෙන්ඩිස්ගේ නිර්මාණයක් සඳහා දායක වන්න තමන්ගෙන් මවත් එක්ක පසුබිම් තලයට ගිහිල්ලා තියෙනවා. ඒ වෙලාවේදී ඇය සහ මව පසුබිම් තලයේ පුටුවක වාඩි වෙලා ඉඳලා තියෙන්නේ. ඒ අතරතුරේදී නාලන් මෙන්ඩිස් දර්ශනයක් රූගත කරන්න stand-by කියලා තියෙනවා.
මේක අහපු ගමන් කලබලේට දමිතා අබේරත්න පුටුවෙන් නැගිටලා. දමිතා කලබලයට පත්වුණා කියලා තේරුම්ගත්ත මව තමයි ඇයව අතින් ඇදලා පුටුවෙන් වාඩි කරලා තියෙන්නේ.
5. ප්‍රේමයේ සුසාන භූමියේ මළමිනී සිනා සිසී නැගේ
තනුව නිර්මාණය කිරීමෙන් අනතුරුව පද රචකයා විසින් තනුව සඳහා පදමාලාවක් රචනා කිරීමත් ගීතයක් නිර්මාණය කිරීමේ එක ක්‍රමයක්. සාමාන්‍යයෙන් රෝහණ වීරසිංහ තනුවක් නිර්මාණය කරාට පස්සේ බොරු වචන ටිකකුත් ඒ ගීතයට ගැලපෙන විදිහට දාල තමයි පද රචකයාට යවන්නේ. මේ එඩ්වඩ් ජයකොඩි විසින් ගායනා කරන බන්ධුල නානායක්කාරවසම් පද රචනා කරපු “අඩන්න ළංව ඇති ඔබේ නුවන් පුරා ඇඳෙන්නේ ජීවිතේ කතාවදෝ” ගීතයට තනුව නිර්මාණය කිරීමෙන් පස්සේ රෝහණ ලියපු පද මාලාව.
නටන්න දැන් ඉතින් නටන්න ගස් වටේ
වැල්වලින් එතී රගන්නකෝ
ප්‍රේමයේ සුසාන භූමියේ
මළ මිනී සිනා සිසී නැගේ
6. බේබි ශානිකා දළදා මාලිගාව වැඳපුදාගෙන සිද්ධ කරපු ප්‍රාර්ථනය
කුඩා කාලයේ ඉඳන් අද දක්වා එක සේම ජනප්‍රියත්වය පවත්වාගෙන යන්න වාසනාවන්ත වෙච්ච ගායිකාවක් විදිහට බේබි ශානිකා, නැතිනම් ශානිකා වනිගසේකරව හඳුන්වන්න පුළුවන්. කිතුණු බැතිමතියක් වන ඇය දවසක් නුවර ප්‍රදේශයෙහි ඥාතියෙකු මුණගැහෙන්න යන ගමන් දළදා මාළිගාව වැඳ පුදා ගන්නත් ගිහිල්ලා තියෙනවා. එහිදී ඇය අසලින් හිටපු ඥාති සහෝදරිය ප්‍රාර්ථනාවක් කරන්න කියලා කියනවා. ඒ වනතෙක් පෙම්වතෙක් හිටපු නැති ඇය මට හොඳ පෙම්වතෙක් නුවර ප්‍රදේශයෙන්ම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. අවසානයේදී ඒ ප්‍රාර්ථනාව ඒ විදිහටම ඉෂ්ට වුණා. සජිත් දිලේන්ද්‍ර නම් නුවර කොල්ලෙක් එක්ක විවාහ වුණ බේබි ශානිකා මේ වන විට දරුවන් තිදෙනෙකුගේ මවක්.
7. අධ්‍යක්ෂකවරයා බලන්නට ගොස් නිළියක් වුණු ඇය
ස්වර්ණා මල්ලවආරච්චි “සත් සමුදුර” සම්මුඛ පරීක්ෂණය සඳහා යන්නේ නිළියක් වීමට ඇති ඕන කම නිසා නම් නෙමෙයි, ඇගේ එකම අරමුණ වුණේ එවකට රටේම කතාබහට ලක්වුනු සිරි ගුණසිංහ නම් දැවැන්ත මිනිසාව දැක ගැනීමේ ආශාව. ඊට කලින් ධර්ම ශ්‍රී කල්දේරා “සීතල වතුර” චිත්‍රපටය සඳහා දායක වන ලෙස ඇයට ආරාධනා කර තිබුණත් ඇය එය ප්‍රතික්ෂේප කර තිබුණේ සිනමාවට ගැලපෙන රූපයක් තමන්ට නොමැති බව පවසමින්. නමුත් අවසානයේ දී ඇයට සිරි ගුණසිංහ මුණගැසුණා පමණක් නොව, ප්‍රතිභාපූර්ණ නිළියක් වීමට එම සම්මුඛ පරීක්ෂණය හරහා අවස්ථාවක් ලැබුණා.
එහෙමනම් ආපහු දවසක කලා ලෝකයේ අප්‍රකට තොරතුරු සොයා යන තවත් රසවත් ලිපියකින් අපි මුණගැහෙමු.
Leave a Reply