අපේ කලා ලෝකයේ අප්‍රකට කතා – 14 කොට​ස

ඔන්න ඉතිං වෙනදා වගේම අදත් අපි අපේ කලා ලෝකයේ අප්‍රකට කතා කිහිපයක් ඔබත් එක්ක බෙදා ගන්නයි යන්නේ. මේ ලිපි මාලා​වේ පැරණි ලිපි පහත ලින්ක් හරහා ඔබට කියවන්න පුළුවන්.

 

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 1 කොටස

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 2 කොටස

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 3 කොටස

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 4 කොට​ස

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 5 කොටස

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 6 කොටස

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 7 කොටස

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 8 කොටස

අපේ කලා ​ලෝකයෙන් අප්‍රකට කතා – 9 කොට​ස

අපේ කලා ​ලෝකයෙන් අප්‍රකට කතා – 10 කොට​ස

අපේ කලා ​ලෝකයෙන් අප්‍රකට කතා – 11 කොට​ස

අපේ කලා ​ලෝකයෙන් අප්‍රකට කතා – 12 කොට​ස

අපේ කලා ​ලෝකයෙන් අප්‍රකට කතා – 13 කොට​ස

 

 

1. බන්දුව අනුකරණය කරන්න ගිහින් බිංදුට වෙච්ච දේ

බින්දු බෝතලේගම කියන්නේ මීට වසර කීපයකට කලින් හාස්‍යෝත්පාදක රංගන ශිල්පියෙක් විදිහට රසිකයන් අතර කෙමෙන් කෙමෙන් ජනප්‍රියත්වයක් දිනා ගනිමින් හිටපු කෙනෙක්. නමුත් හදිසියේම ඔහු ක්ෂේත්‍රය තුළ නොපෙනී යනවා. පසුගිය දා සමාජ මාධ්‍ය ජාලා හරහා අදහස් පළ කළ ඔහු, ප්‍රවීණ රංගන ශිල්පී බන්දු සමරසිංහ විසින් ගනු ලැබූ නීතිමය ක්‍රියාමාර්ගයක් හේතුකොටගෙන තමන්ට රංගනයේ යෙදීමට තවදුරටත් නොහැකි වී ඇති බව ප්‍රකාශ කළා. එසේම මේ වන විට තමන් රැකියාවක් සොයාගැනීමේ අර්බුදයකට මැදි වී සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

 

2. කලාකරුවන්ගේ වාහන කැඩෙන පාර

ආරියදාස පීරිස් මාවතේ ගමන් කරන කලාකරුවන්ගේ වාහන රැසක් එකම ස්ථානයකදී වාහනයේ දෝෂ ඇති වීම නිසා නවතින බවට කතාබහක් ක්ෂේත්‍රයේ පවතිනවා. එම ස්ථානය වන්නේ එඩ්වඩ් ජයකොඩි සහ චරිතා ප්‍රියදර්ශනී කලාකරුවන් දෙපළගේ නිවාසය පිහිටි ස්ථානයයි. ඔවුන් දෙදෙනාම වාහන කැඩුණු කලාකරුවන්ට ආහාරපානාදියෙන් සංග්‍රහ කිරීමට ඕනම වෙලාවක සූදානම් බවත් ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ රහසක්.

 

3. ප්‍රින්සිපල්ට චිට් එකක් දුන්න බන්දු

මේ කතාවත් බන්දු සමරසිංහට සම්බන්ධයි. බන්දු ඉගෙන ගත්ත ඉස්කෝලේ විදුහල්පතිවරයා තරමක් සැර පරුෂ පුද්ගලයෙක්. පාසලට පරක්කු වෙලා පැමිණෙන ශිෂ්‍යයන්ට වේවැල් පාර දීලා චිට් එකක් අතට දීලා තමයි ඔහු පන්තියට යවන්නේ. දවස් කීපයක්ම බන්දුටත් විදුහල්පතිතුමාගෙන් පහර කන්න සිද්ධ වුණා. දවසක් විදුහල්පතිතුමා ප්‍රමාද වෙලා පාසලට පැමිණෙද්දි ඔහු ඉදිරියට ගිය බන්දු, “සර් මේ චිට් එක ගන්න නැත්තන් ඔෆිස් එකෙන් භාරගන්න එකක් නෑ” කියලා චිට් එකක් ප්‍රින්සිපල්ගේ අතට දීලා තියෙනවා.

 

4. රත්තරන් අම්මා චිත්‍රපටිය අතරතුර ශ්‍රියානි අමරසේනට සිදු වූ අනතුර 

රත්තරන් අම්මා චිත්‍රපටයේ එක් දර්ශනයකට පෙනී හිටියේ ශ්‍රියානි අමරසේන සහ ගාමිණී ෆොන්සේකායි. ගාමිණී පැමිණෙන විට ශ්‍රියානිට නියමිතව තිබුණේ ගේට්ටුව ඇරීමටයි. නමුත් විදුලි කාන්දුවක් නිසා එම ගේට්ටුව ඇල්ලීමත් සමග ශ්‍රියානිට විදුලි සැර වැදී තිබෙනවා. එම සිදුවීමෙන් ඇයට හානියක් සිදු නොවුණත්, ඉන් ඇතිවූ කම්පනය නිසා චිත්‍රපටයේ රූගත කිරීම් ප්‍රමාද කිරීමට සිදුවුණු බව ඇය කියනවා.

 

5. විජය වෙනුවෙන් ශ්‍රියානි අමරසේන කළ පින්කම් 

ශ්‍රියානි අමරසේන නිෂ්පාදනය කළ “දෑසේ මල් පිපිලා” චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රඟපෑවේ විජය කුමාරතුංග. නමුත් ඔහු මෙම චිත්‍රපටිය සඳහා මුදල් ලබා ගැනීම ප්‍රතික්ෂේප කළේ “ශ්‍රියානිගේ චිත්‍රපටියේ රඟපාල මට සල්ලි ගන්න බෑ” කියලා. නමුත් එය තිරගත වෙද්දී විජය කුමාරතුංග ජීවතුන් අතර සිටියේ නැහැ. මෙම සිදුවීම ශ්‍රියානි අමරසේනව දැඩි ලෙස කම්පනයට ලක් කළ සිදුවීමක් වූ අතර චිත්‍රපටයෙන් ලද ලාභයෙන් වැඩි කොටසක් විජය වෙනුවෙන් පිංකම් කිරීම සඳහා ශ්‍රියානි විසින් යොදවනු ලැබුවා.

 

6. යසපාලිත නානායක්කාරගේ පළමු චිත්‍රපටය 

යසපාලිත නානායක්කාර නිර්මාණය කරන්න හදලා තියෙන පළවෙනි චිත්‍රපටියේ නම තිසාහාමි. ප්‍රධාන නළුවා ලෙස ශේන් ගුණරත්නවත් නිළිය ලෙස සන්ධ්‍යා කුමාරිවත් යොදාගැනීමට ඔහු බලාපොරොත්තු වෙලා ඉඳලා තියෙනවා. නමුත් ඒ සඳහා ඔහුට මුදල් තිබිලා නැහැ. අවසානයේදී ඔහු මේ ගැන තමන්ගෙ අම්මට කියලා තියෙනවා. ඇය යසපාලිත ඉගෙනුම පසෙකලා චිත්‍රපටි සඟරා කියවීම ගැන දැඩි ලෙස විරෝධය දැක්වූ තැනැත්තියක්. ඒත් සිය සැමියාටත් හොරෙන් තම පුතාගේ බලාපොරොත්තුව වෙනුවෙන් ඇය මුදල් ලබා දීලා තියනවා. අවසානයේදී විවිධ හේතු මත තිසාහාමි චිත්‍රපටයේ රූගත කිරීම් අතරමග නැවතුණත්, එයින් අධෛර්යට පත් නොවුණු යසපාලිත නානායක්කාර තමන්ගේ සිනමා ගමන අධිෂ්ඨානයෙන් ආරම්භ කළා.

 

7. දූදරුවෝ ටෙලි නාට්‍යයට සමු නොදුන්න අයිරාංගනී

දූ දරුවෝ ටෙලිනාට්‍යය ජනප්‍රිය වීමත් සමඟම එය දීර්ඝ ටෙලිනාට්‍ය මාලාවක් බවට පත්කිරීමට නිෂ්පාදක කණ්ඩායම කටයුතු කළා. මේ පිළිබඳව අයිරාංගනී සේරසිංහ මහත්මිය සිටියේ එතරම් සතුටකින් නම් නෙමෙයි. තමන්ට ටෙලිනාට්‍යයෙන් ඉවත් වීමට අවශ්‍ය බවත් ඇය සඳහන් කරනවා. මේ අතර දවසක් ටවර්හෝල් රඟහලේ නාට්‍යයක් බැලීම සඳහා ගිය ඇය වෙත පැමිණි කාන්තාවන් දෙදෙනෙක් “ඔයා දූ දරුවෝ එකේ ඉන්නව නේද” කියලා ඇගෙන් අහල තියනවා. ඇය ඔව් කියලා උත්තර දුන්නම “අපේ පවුලේ සහෝදරයෝ බූදල් ප්‍රශ්න හින්දා රණ්ඩු වෙවී හිටිය, ඒත් දූ දරුවෝ ටෙලිනාට්‍ය බලලා අපිට අපි ගැනම ලැජ්ජ හිතිලා අම්මාගෙන් සමාව ඉල්ලලා දැන් සන්තෝසෙන් ඉන්නවා” කියලා ඔවුන් අයිරාංගනී සේරසිංහ මහත්මියට පින් දීලා තියනවා. මේ සිදුවීමෙන් පස්සේ තමයි ඇය දූ දරුවෝ නාට්‍යයෙන් ඉවත් වීමේ අදහස අත්හැරගෙන තියෙන්නේ.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *