ඔබේ මතකයන් අවදි කරවන නව සහස්‍රයේ බටහිර ගීත ගොන්නක්

ලංකාවේ අය අතර උන්මාදයක් ඇති කරපු බටහිර ගීත කියන අපේ ලියමනේ අපි සඳහන් කරා ගීත රසවින්දනයෙන් ලාංකිකයන් මොන තරම් ආතල් එකක් ගන්නවද කියලා. ඒකේ කාල භේදයක් නැතුව හිත් දිනාගත්තු සින්දු ගැන අපි ලියාලා තියනවා. දැන් කියන්නේ නව සහස්‍රයේ ඒ කියන්නේ 2000-2010 අතර කාල පරිච්ඡේදයේ බටහිර ගීතවලට තිබුණ ආකර්ෂණය ගැන. ඒ කාලේ ඉර එළියේ පවා අමුතු සොමියක් සංගීතයක් තිබ්බා. ලංකාවේ පවා ඒ කාලේ කළ එළි බැස්සේ අමුතු ම ලකයක් තියන නොමියෙන ගීත. ඒක කොයි දේසෙටත් එහෙම උරුම කාලයක්. මේ කාලේ අපි බොහෝ දෙනා පාසල් යනවා. මතක ටිකක් එහෙනම් අවදි කරගමු.

 


1. Umbrella (2007)


රිහානා! ඒ දවස්වල වගේ ම අදටත් ගිනි ගින්දර ගායිකාවක්. ඒ ගින්දර රස්නේ ඇගේ පෞරුෂත්වය වගේ ම ගීතවල සහ ගායන විලාසිතාවෙත් තියෙනවා. කොටින් ම කියනවා නම් රිහානා නව සහස්‍රයේ අයිකන් එකක්. ඒ ඇයගේ හොඳම කාලේ කිව්වත් වැරැද්දක් නෑ. ඉතින් ඒ දවස්වල රිහානාගේ සින්දු අපි අහනවා නෙවේ මරණවා. ඒ අතරින් Umbrella සෑහෙන කික් එකක් තිබ්බ සින්දුවක්. මේක Jay-Z එක්ක එකතු වෙලා තමයි කරේ. ග්‍රැමී සම්මාන ඇතුළුව සම්මාන රැසක් මේ ගීතය රිහානාට ලබලා දුන්නා. ඒ වගේ ම ජාත්‍යන්තර ගීත දර්ශකවල ඉහළට ම ගියා.

 


2. No Promises (2006)


මේ අපි මොන තරම් ආසා කරපු ගීතයක් ද? ලව් ලෙටර්වල පවා ලියැවුණා. හැබැයි අද අපි මේ ගීතය ගැන ඔබට කියන දේ ඇහුවම පොඩි කේන්තියක් දැනෙන්නත් බැරි නෑ. අපි දන්නේ මේ සින්දුවේ ගායකයා විදියට Shayne Ward කියන ඉලන්දාරියාව. ඒත් ඔහු ඒ කරලා තියෙන්නේ ඔරිජිනල් සින්දුවක කවර් එකක් කියලා ඔබ දැනගෙන හිටියේ නෑ නේද? මේ තියෙන්නේ ඩෙන්මාර්ක් ජාතික Bryan Rice කරපු ඔරිමජිනල් එක. 

හැබැයි UK චාර්ට් එකේ දෙවෙනි තැන ලැබුණෙත් ලෝකෙම ජනප්‍රිය වුණෙත් කවර් එකක් කියලා නොදන්න අනෙක් සින්දුව. 

 


3. Ride It (2008)


Jay Sean! අද කාලේ මෙහෙම මනුස්සයෙක්ගේ මියුසික් කිසිම විදියකින් මොනම රටකින්වත් අහන්න ලැබෙන්නේ නෑ. මේ කාලේ තමයි ඔහුගේ කාලේ. දැන් වාණිජමය පරමාර්ථ විතරක් මුදුන්පත් කරගන්නයි කොහෙත් සින්දු හැදෙන්නේ. හැබැයි රහට වැඩක් කරොත් සාර්ථකත්වය පස්සෙන් පන්නනවා. මේක ඒ වගේ වැඩ්ඩෙක්ගේ වැඩක්. ඉන්දීය සම්භවයක් තිබුණ මේ යෞවනයාගේ හැම ගීතය ම තිබුණ ඔහුගේ ලකුණ මේ ගීතයෙත් තිබුණා. සුපිරිම බීට් එකක් එක්ක ආව භාවනාවක් වගේ සින්දුවක්. මනෝ පාරක් ගහන්න මරු.

 


4. Beautiful (2008)


ඉස්සර අපිට තිබුණා මතක ද සින්දු අහන්න පොඩි බ්ලූටූත් ගැජමැටික් එකක්? අන්න ඒක හම යනකන් අපි ඇහුව සින්දු බොහොමයක හිමිකරුවා තමයි Akon. තවත් ඒ දශකයට අනන්‍ය වුණ බ්‍රෑන්ඩ් එකක් වගේ ගායකයෙක්. දැන් සමාජ සුබ සාධනය එක්ක බිසී වෙලා ඉන්නේ. ඔහුගේ ගීත බොහොමයක් අතරින් බොහොම අමාරුවෙන් අපි තෝරාගත්තා Beautiful කියන ගීතය. Colby O’ Donis සහ Kardinall Official එක්ක තමයි කිව්වේ. ආයේ ඉතින් ලොවෙත් හිට් තමයි.

 


5. Beautiful Girls (2007)


තවත් උන්මාදයක්. මේ ගීතය කියන්නේ Sean Kingston. Sean කියන්නේ කවුද කියලා ඇහුවොත් අහවල් සින්දුව කියන කෙනා කියලා කියන්න තරම් මේ සින්දුව අයිකන් එකක් වුණා. මේක හරිම හිතට වදින නැටවෙන ගතියක් තිබුණ ගීතයක්. සුද්දගේ භාෂාවෙන් ම කිව්වොත් feel good ගතිය උපරිමයි. මේකට හරි ආසා හිතෙන වීඩියෝ එකකුත් තිබ්බනේ. අපේ රටෙත් ඒ දවස්වල දැන් වගේ නෙවෙයි ඉතින් හොඳ මියුසික් ප්‍රෝග්‍රෑම් තිබ්බා. ඒවයෙත් නිතර ම වගේ පෙන්නුවා.

 


6. Single Ladies (2008)

බියොන්සේගේ සින්දුවක් නැතුව මෙහෙම ඒවා ලියන්න පුළුවන් ද ආයුබෝවන්ඩ! ඇයගේ ගීත අතරින් Single Ladies විශේෂයි. වසරේ හොඳම ගීතය කියන සම්මානයත් එක්ක ම ග්‍රැමී සම්මාන තුනයි. ඒ මදිවාට ඇමරිකානු බිල්බෝඩ් චාර්ට් එක උඩින් ම හිටියා සති 4ක් එක දිගට. ගීතය වගේ ම ගීත වීඩියෝවත් මරු. ඒ සඳහාත් සම්මානයක් හිමි වුණා. බියොන්සේ කියන්නේ තවත් එක් සුකොමල ගායිකාවක් නොවන බව මේ ගීතය පුරා ඇගේ ගායන සහ නර්තන ජවයෙන් පෙන්නුම් කරනවා. අපි පොඩි කාලේ ඔයි වගෙ නටන්නත් ගිහින් පස්සේ වැඩේ අතෑරලා දැම්මා.

 


7. Hips Don’t Lie (2006)

21වන සියවසේ කාන්තාවන් විසින් ගයන ලද විශිෂ්ටතම ගීත අතරින් එකක් වන්න වාසනාව ලබපු Hips Don’t Lie ශකිරාගේ හොඳම ගීතය කියලා සැලකෙනවා. US බිල්බෝඩ් චාර්ට් ඇතුළුව රටවල් 55ක අංක එක වුණ මේ ගීතයට අපිත් පැල් බැඳන් ආසා කරේ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *