තිරයේ නිරුවත් වුනු බොලිවුඩ් තරු

සාමාන්‍යයෙන් හොලිවුඩ් සිනමාපටයක වගේ නෙමේ බොලිවුඩ් සිනමාපටයක නිරුවත් දර්ශනයන් හරිම සීමිතයි. ඒ වගෙමයි එවැනි ආන්දෝලනාත්මක චරිත භාරගන්නත් ගොඩක් නලු නිලියන් අකමැතියි. ඉතින් අපි ඒ නිසා අද කතාකරමු ඒ අභියෝගය භාරගෙන ඒ අභියෝගයෙන් සාර්ථක වුනු නලු නිලියන් හත්දෙනෙක් ගැන.

01. සීමා බිස්වාස්

Bandit queen සිනමාපටය නැරඹුවනම් ඔයාට මේ දර්ශනය ගැන ඔබට මතක ඇති. සිනමාපටයේ ඒ දර්ශනය ඇඟ හීතලා වෙලා යන්න තරම් විවාදයකින් තොරව ප්‍රබල රංගනයක්. ඉතින් මේ සිනමාපටයට පාදක වුනේ පූලාන් දේවිගේ චරිතාපදානය. තරමක් ආන්දෝලනාත්මක වුනු සිනමාපටයක්. මොකද සමහර අය විවේචනය කලා මේ හරහා ඇගේ චරිතය විනාශ වුනා කියලත්.

02. නීල් නිතින් මුකේශ්

නව පරපුරේ අතිශය දක්ෂ ඒත් වැඩිපුර කතා බවට ලක් නොවුනු රංගන ශිල්පියෙක් තමයි නීල් නිතින් මුකේශ් කියන්නේ. ඉතින් ඔහුත් එක් වරක් මෙවැනි දර්ශනයකට පෙනි හිටියා. ඒ Jail සිනමාපටයේ. මේ සිනමාපටය වැඩිය කතාබහට ලක් නොවුනත් විශිෂ්ට සිනමා නිර්මාණයක්. ඉතින් ඔහු කල මේ අභියෝගය සෑහෙන්න ඇගයුම් වලට නිර්දේශ වුනා.

03. රාජ්කුමාර් රාඕ

වැඩිය කතා බහට ලක් නොවුනු තමන්ගේ චරිතය වෙනුවෙන් සෑහෙන්න කැප කිරීම් කරන අතිශය දක්ෂ රංගන ශිල්පියෙක් තමයි රාජ්කුමාර් රාඕ. ඉතින් ඔහු රංගනයෙන් දායක වුනු සිනමාපට සෑහෙන්න ඇගයුම් වලට ලක්වුනා. ඔහු රංගනයෙන් දායක වුනු ශාහිඩ් (Shahid) සිනමාපටය වෙනුවෙන් ඔහුට නිරුවත් දර්ශනයක් රඟපාන්න සිද්ධ වුනා. ඉතින් ඔහු ඒ අභියෝගය භාරගෙන ඒ අභියෝගය අති සාඑථකව ජය ගත්තා.

04. ශාරුක් ඛාන්

ශාරුක් ඛාන් වර්තමානයේ නම් ජනප්‍රිය සිප ගැනීම් දර්ශන වලින් ඈත් වුනු රංගන ශිල්පියෙක් විදියට නේ. ඉතින් ඔහු සිනමා දිවියට පැමිනි මුල් අවධියේදි ඔහුටත් මෙවැනි සිනමා නිර්මාණයකට රංගනයෙන් දායක වෙන්න සිද්ධ වුනා. ඒ ජනප්‍රිය නවකතාවක් වුනු මැඩම් බෝවාරි ඇසුරින් නිමැවුනු මායා මෙම්ශාබ් සිනමාපටය වෙනුවෙන්. ඉතින් ඔහු භාරගත් මේ අභියෝගය සෑහෙන්න ආන්දෝලනාත්මක වුනා එවකට.

05. අමිර් ඛාන්

ඔහු මෙවැනි දර්ශනයක රඟපෑවේ පී කේ සිනමාපටයේදි. ඉතින් පී කේ කියන්නේ මිත්‍යා මත, සාම්ප්‍රදායට හින්ට් ගහපු සිනමාපටයක්. ඉතින් මේ සිනමාපටය වගේම අමීර් ඛාන්ගේ රංගනයත් සෑහෙන්න ආන්දෝලනාත්මක වුනා වගේමයි සෑහෙන්න ඇගයුම් ලබාගත්ත සිනමා පටයක් වගේම රංගනයක්.

06. රිශී කපූර්

රිශී කපූර් කියන්නේ අපි අතරින් සමුගත්ත අතිශය ජනප්‍රිය රංගන ශිල්පියෙක්. ඔහුගේ පියා රාජ් කපූර් අධ්‍යක්ෂණය කල ඔහුගේ පලවෙනි සිනමා නිර්මාණය වුනු බෝබී සිනමාපටයේ රිශී කපූර්ට නිරුවත් දර්ශනයකට පෙනි සිටින්න සිද්ධ වුනා. ඉතින් ඒ සිනමාපටය මුලු බොලිවුඩයෙම ජනප්‍රිය සිනමාපටයක් අදටත්.

07. රාධිකා ආප්තේ

Parched කියන්නේ ඇගයුම් සෑහෙන්න ප්‍රමාණයක් ලබා ගත්ත සිනමා නිර්මාණයක්. ඉතින් මේ සිනමා නිර්මාණයේ රංගනයෙන් දායක වුනු රාධිකා ආප්තෙ නිරුවත් දර්ශනයකට පෙනි සිටියා. ඇත්තටම ඇය භාරගත්ත ඒ අභියෝගය ඇය හොඳින් මුහුණ දුන්නා. සිනමා නිර්මාණය නරඹපු අයට අනිවාර්යයෙන් මතක ඇති.

Leave a Reply

Your email address will not be published.