කෙටි කොණ්ඩයක් තියෙන ගෑණු ළමයින්ට දඩි බිඩියට දාගන්න පුළුවන් ලේසි පහසු කොණ්ඩ මෝස්තර 7ක්

easy hairstyles for short hair

ලස්සන කොණ්ඩා විලාසිතාවක් දාපු ලස්සන කොණ්ඩයක් කියන්නෙ ඉතින් ගෑණු ළමයි කාගෙත් හීනයක්… ඒත් ඉතින් පිරිලා තියෙන වැඩ කන්දරාවත් එක්ක කෝ කොණ්ඩෙ ලස්සන කරන්න වෙලාවක්? දුක් වෙන්න එපා. ඔන්න අපි අපේ ආදරණීය යෙහෙළියෝ වෙනුවෙන් ගෙනාවා දඩි බිඩියට දාගන්න පුළුවන් ලේසි පහසු කොණ්ඩ මෝස්තර ටිකක්. හරිම සරළයි, ඒ වගේම පහසුයි. ඔයාලත් උත්සාහ කරලා බලන්නකො…

 

1. Butterfly Hairstyle

easy hairstyles for short hair

මේ හරිම සරළ ඒ වගේම පියවර කිහිපයකින් කරගන්න පුළුවන්, ඔබේ පෙනුම තවත් සුන්දර කරන කොණ්ඩා විලාසිතාවක්.

  • ​ඔබේ කොණ්ඩය පැත්තෙන් බෙදා පීරා ගන්න.
  • වැඩි ප්‍රමාණයක් කොණ්ඩය සහිත පැත්තෙන් කොණ්ඩය කොටස් තුනකට බෙදා ගන්න.
  • එම කොටස් තුනෙන් කොටස් දෙකක් දෙවතාවක් එක මත එක යවා අඹරා ගන්න.
  • දෙවතාවකට පසු එම කොටස සමග තුන් වන කොටසත් වරක් අඹරා ගන්න.
  • නැවතත් පෙර සේම මුල් කොටස් දෙක දෙවතාවක් එක මත එක යවා අඹරා ගන්න.
  • යළිත් තුන්වන කොටස සම්බන්ධ කර ගන්න. මේ ආකාරයට අවසානය තෙක් ගොතාගන්න.
  • ඉන්පසු හතරවන රූපයෙහි පෙනෙන පරිදි තුන්වන කොටස මදක් ඉදිරියට ගෙන ලස්සන කරගන්න.
  • අවසානයේ අගට ඉලාස්ටික් එකක් යොදා තද කර, හිසේ පසුපසට වන්නට තබා කොණ්ඩා කටුවක් ගසාගන්න.

 

2. Karina Hairstyle

easy hairstyles for short hair

මේකත් හරිම ලේසියෙන් කරගන්න පුළුවන් කොණ්ඩා මෝස්තරයක්.

  • ඔබේ කොණ්ඩය පැත්තෙන් බෙදා පීරා ගන්න.
  • එක් පැත්තකින් කොණ්ඩා කොටසක් ගෙන දෙකකට බෙදා ගන්න, එක කොටසකට වැඩිපුර(ප්‍රධාන කොටස ) සහ අනෙක් කොටසට අඩුවෙන් කොණ්ඩය එන ලෙසට.
  • ප්‍රධාන කොටස වටේට අනෙක් කොටස යවා කොණ්ඩය තදින් ගැටයක් ගසා ගන්න, කොණ්ඩා කටුවක් ගසා ගැටය ලිහීමෙන් වළකාගත යුතුයි.
  • ඉතිරි කොණ්ඩා කොටසට තවත් කොටසක් එක්කර නැවත වතාවක් ගැටයක් ගසා ගෙන, කොණ්ඩා කටුවක් ගසා ගන්න.
  • අවසානයේ ඉලාස්ටික් එකක් යොදා තදකොට, හිසට තබා කොණ්ඩා කටු ගසා ගන්න.

 

3. Happystyle

easy hairstyles for short hair

අපූරු කොණ්ඩා මෝස්තරයක් මේක නම්…

  • කොටස් දෙකට බෙදාගත් කොණ්ඩයේ එක් පැත්තකින් කොටසක් ගෙන එය කොටස් දෙකකට බෙදාගෙන Cross කර ගන්න.
  • ඉතිරි කොණ්ඩයෙන් තවත් කොටසක් ගෙන පළමු කොණ්ඩ කොටස් දෙක මැද්දෙන් යවා කටුවක් ගසාගන්න.
  • යලිත් පළමු කොණ්ඩ කොටස් දෙක Cross කර, අලුත් තුන්වෙනි කොණ්ඩ කොටසක් ගෙන පළමු කොටස් දෙක මැද්දෙන් යවා කටුවක් ගසා ගන්න.
  • මේ ආකාරයට දිගටම අලුත් තුන්වෙනි කොණ්ඩ කොටසක් ගෙන පළමු කොටස් දෙක මැද්දෙන් යවා කටුවක් ගසන්න.
  • අවසාන කොණ්ඩ කොටස සාමාන්‍ය ආකාරයට ගොතා ඉලාස්ටික් එකක් දමාගන්න.
  • දැන් සියළු කටු ඉවත් කරන්න.

 

4. The Low Bun
easy hairstyles for short hair

  • මුලින්ම ඉදිරියෙන් හරි මැදින් කොණ්ඩය බෙදා, කොණ්ඩය පිටුපසට කර පහළට වෙන්න පෝනිටේල් එකක් දමාගන්න.
  • දැන් ඉලාස්ටික් එකට උඩින් කොණ්ඩය හරි මැදින් බෙදන්න.
  • ඉලාස්ටික් එකට යටින් ඇති කොණ්ඩය අඹරා, බෙදාගත් කොණ්ඩයේ හිඩස අතරින් සඟවන්න.
  • දැන් ඉදිරිපස කොණ්ඩ කොටස් තියෙනවානම් කන පිටුපසට කර සඟවන්න හෝ ඔබ කැමැති ලෙස රැළි කරගන්න පුළුවන්.

 

5. Pigtail Hairstyle

easy hairstyles for short hair

අපි නම් ආසම කොණ්ඩා මෝස්තරයක් මේක, ඔයාලත් උත්සාහ කරලා බලන්නකො.

  • මුලින්ම ඉදිරියෙන්, හරි මැදින් කොණ්ඩය බෙදාගන්න.
  • එක පැත්තක් ටිකකට කටුවක් ගහලා වෙන් කරලා රඳවා ගන්න.
  • අනෙක් පැත්තෙන් කොණ්ඩයේ ඉහළින්ම කොටසක් අරන් කොටස් දෙකකට වෙන්කරගන්න.
  • ඒ කොණ්ඩ කොටස් දෙක විරුද්ධ අතට එකිනෙක මත යවමින් ගොතන්න.
  • ඉදිරියට යනවිට තවත් කොණ්ඩ කොටස් එකතුකර ගනිමින් යන්න.
  • අවසාන කොටස සාමාන්‍ය අයුරින් ගොතා ඉලාස්ටික් එකක් දමාගන්න.
  • දැන් අනෙක් පස කොණ්ඩයත් මේ ලෙසම ගොතන්න.

 

6. Easy n Crazy

easy hairstyles for short hair

මේකත් හරිම ඉක්මනින් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාගෙ මුහුණේ හැඩය තවත් ඉස්මතු කරන විදිහෙ කොණ්ඩා විලාසිතාවක්.

  • මුලින්ම කොණ්ඩය සමානව දෙපැත්තට බෙදා ගන්න.
  • දැන් එක පැත්තක් අපි සාමාන්‍යයෙන් ගොතනවා වගේ ගොතන්න.
  • ඉලාස්ටික් එකක් දාලා ලිහෙන්නෙ නැති විදිහට තියලා ඒ විදිහටම අනෙක් පැත්තත් ගොතන්න.
  • දැන් දෙපැත්තෙම කොණ්ඩ කරල් දෙක පිටුපසට කරලා කොණ්ඩ කටුවලින් රඳවගන්න.
  • දැන් චුට්ටක් අතින් අඩුපාඩු හදන්න.

 

7. Wrap n Roll

easy hairstyles for short hair

මේකට නම් හෙයාබෑන්ඩ් එකක් ඕන වෙනවා. ලස්සන ලස්සන හෙයාබෑන්ඩ් දැන් ගන්න තියෙනවනෙ. මේකට ඕන වෙන්නෙ කොණ්ඩෙ ගොතලා වගේ පේන්න තියෙන හෙයාබෑන්ඩ් එකක්…

  • ​පැත්තට බෙදලා කොණ්ඩෙ පීරගන්න.
  • හෙයාබෑන්ඩ් එක දාලා වටේම තියෙන කොණ්ඩේ හෙයාබෑන්ඩ් එක වටේ පටළලා රඳවගන්න, හරිම ලේසියෙන් කරගන්න පුලුවන් මේක.
  • මැද කොණ්ඩෙ ටිකත් හෙයාබෑන්ඩ් එකට යට වෙන්න වගේ තියලා කටුවකින් රඳවා ගන්න.
  • අවසානෙට හෙයාස්ප්‍රේ ටිකකින් විලාසිතාවට ලස්සන නිමාවක් අරගන්න.

 

ඔන්න කෙටි කොණ්ඩයක් ඇති ඔබට ලේසියෙන්ම කරගන්න පුළුවන් විදිහෙ කොණ්ඩ විලාසිතා ටිකක් අපි අරගෙන ආවා… හරිම ලේසියි වගේම ඔබේ පෙනුමත් තව සුන්දර කරනවා මේ විලාසිතාවන්… එහෙනම් ඔයත් උත්සාහ කරලා බලන්නකො… 🙂

Cover Image Source – momtastic.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *