ලෝකෙ එක එක රට රාජ්ජවල කැමතිම බීම වර්ග ගැන අපේ සටහන බීම වර්ග හතකින් ඉවර කරන්න හිතදෙන්නෙ නැති විත්තිය ඒ සටහන අවසානයෙදිම අපි කිවුවා. ඒ නිසාමයි මේ දෙවැනි කොටස ගෙනෙන්නෙ. දෙවැනි කොටසත් පළමු කොටස වගේම වෙරි මතින් ඉහළයි. ඒ වගේම පළවෙනි කොටසින් මේ දෙවැනි කොටස වෙනස් වෙන්නට ලොකු හේතුවකුත් තියෙනවා. ඒ පළවෙනි කොටසෙ තරම් ප්‍රසිද්ධ බීම රැසක් මේ කොටසට ඇතුළත් නොවීම. නමුත් මේ බීම කිසිවක් මේ ලැයිස්තුවෙන් හලන්න පුළුවන් ඒවා නෙමෙයි කියල මේ සටහන කියෙවුවම ඔයාලටත් වැටහේවි.
1. අයිස්ලන්තෙ කළු මරණය
මේ අයිස්ලන්තෙ අයිකොනික් පානය. පැණි රස ගන්වා නෑ, අවර්ණ පානයක්, සාමාන්‍යයෙන් බ්ලැක් ඩෙත් කියල හැඳින්නුවට මේකෙ ඇත්ත නම Brennivín. මේක අයිස්ලන්තයේ සාම්ප්‍රදායික උත්සවවලදී පානය කරන බීමක් වගේම, බොහෝ විශේෂ අවස්ථාවලදීත් ෂොට් එකක් පිළිගැන්වෙනවාලු. අලවලින්ම පෙරන, වොඩ්කාවලට සමාන රහක් තියෙන මේ බීම ලේබල් කරන්නෙ සියයට 37.5 – 40ත් අතර සැර තියෙනව කියලයි. Brennivín කියන වචනෙ තේරුම ගිනිගන්න වයින් කියන එක. අයිස්ලන්තෙ ක්‍රමේටනං මේක බොන්නෙ මාස පහක් විතර සුවිශේෂ ක්‍රමයකට වේළපු මෝර මාළු කෑල්ලක් කකාලු. අයිස්ලන්තෙට යන විදෙස් ඈයො අනිවා බොන්න ඕන බීමක් විදියටත් මේක වර්ග කෙරෙනව. මේවා ඉතිං ගෙන්නගෙන බොන්න හිතං ඉන්නවනං ඒක ටිකක් අමාරු වෙයි කියලයි කියන්නෙ. එයාලා කළු මරණෙව රටින් පිට යවන්නෙ නැහැලුනෙ.
2. කොරියාවෙ කසියා
අපේ ඈයෝ හරි ආසයි කොරියාවෙ යන්න. ඒ වෙනුවෙන්ම තියෙන විභාගෙට මුහුණ දෙන අතිවිශාල පිරිසෙන්ම ඒක ඔප්පු වෙනවා. එහෙම යන අය ලංකාවට එද්දි ගේන ප්‍රධානම බීමක් තමයි කොරියාවේ කසියා එක නොහොත් ජාතික පානය වෙච්ච සෝජු. කොරියාවෙ බෙදන්නෙ වීදුරු බෝතලේ වුනාට, ප්ලාස්ටික් බෝතල්වලත් මහා පරිමාණෙන් සෝජු ගෙනියනව. ඇල්කොහොල් රේන්ජ් එකේ ලොකු පරාසයක් තියෙන බීමක් විදියටත් හඳුන්වන්න පුළුවන්. අවමය සියේට විස්සටත් අඩු වුනාට, උපරිමය සියේට පනහටත් වැඩියි. අවර්ණ බීමක්. ෂැන්ඩි නොකර බොන්නෙ. කෑම කන ගමන් තමයි බොන්න රෙකමන්ඩ් කරන්නෙ. සමහරු කොක්ටේල් වර්ග හදලත් බොනවා. හැබැයි බියර් වගේ ලොකු උගුරු නෙමෙයි. පුංචි උගුරු සිප් කරන්න තමයි සෝජු හදල තියෙන්නෙ. බාර්ලිවලින් හෝ හාල්වලින් තමයි ප්‍රධාන වශයෙන්ම සෝජු පෙරන්නෙ. ජපානෙත් බාර්ලිවලින් වගේම හාල්වලින් පෙරන මේ වගේම බීමකට කියන්නෙ සෝචු කියල. ඒ දෙක දෙකක් කියල කිවුවත් දෙකම එකම ගතිය තියෙන ඩ්‍රින්ක් දෙකක් කියල කියන්න පුළුවන්. හැබැයි ජපානෙ එක සෝජුවලට වඩා ස්මූත්. සෝජු කියන්නෙ අපි හදපු ලැයිස්තු දෙකෙන්ම තියෙන ලාබම බීම එක. කොටිම්ම දංකොටුවෙ කසිප්පු බෝතලේකටත් වඩා සෝජු ලාබයි.
3. ප්‍රංශ බ්‍රැන්ඩි
පුංචි කාලෙ බඩේ අමාරුවට බ්‍රැන්ඩි හැන්දක් බොන්න කට ඇරන් හිටියට, සෙට් වෙලා බොද්දි බ්‍රැන්ඩි බෝතලයක් කැඩෙන්නෙ හරිම අඩුවෙන්. ඒකට මූලික හේතු විදියට ලංකාවෙ බ්‍රැන්ඩිවල තියෙන සිරා කොලිටියේ මහිමයත්, විදෙස් බ්‍රැන්ඩිවල අධික මිලත් දක්වන්න පුළුවන්. ප්‍රංශ රටේ ප්‍රධාන බ්‍රැන්ඩි වර්ග තුනක් තියෙනව. ඒ තියෙන පැති තුනක නම් වලින්. එයින් එකක් තමයි ලංකාවෙ අය වැඩිපුරම අහල තියෙන බ්‍රැන්ඩි විශේෂයක් වෙන කොඤැක් (Cognac). අනික සටන්වලදි නිතරම කියවෙන පැත්තක් වෙන නෝමැන්ඩියෙ පෙරන Calvados. අනික Armagnac. බ්‍රැන්ඩි හැදෙන්නෙ වයින්වලින්. එහෙම නැතුව අමාරුවෙන් කියනවනං මෙටබොලික් ප්‍රොසෙස් එකකට යටත් වුණු ෆෘට් ජූස් වලින්. සාම්ප්‍රදායික විදියට නම් බ්‍රැන්ඩි කියන්නෙ කෑමකින් පස්සෙ ආතල් එකට බොන බීමක්. ඒක සිගා දුමක් එක්ක හෝ කෝපි වීදුරුවක් එක්ක බ්ලෙන්ඩ් කරගෙනයි පාවිච්චි වෙන්නෙ. සියේට 35-60 අතරෙ සැරක් එක්ක බ්‍රැන්ඩි වෙළඳපොලට එනව. අපි කියන්නම් ඒ එක්කම පොඩියට Cognac ගැන කතාවක්. ප්‍රංශෙ Cognac වලින් ඇරෙන්න වෙන කොහෙන්වත් Cognac ලේබල් ගහල ආවත් ඒවා Cognac වෙන්නෙ නෑ. ඒ වගේම Cognac වල රස පරාසය කොටස් 4කට බෙදෙනව. පරණ කෙරෙන කාලය වැඩි වෙන්න වෙන්න බ්‍රැන්ඩිය ෂෝක් වෙනව කියන එක නෙමෙයි මේකෙ අදහස. මේක බලපාන්නෙ ඒ ඒ රසට. හැබැයි වැඩිපුර පරණ කෙරෙන බ්‍රැන්ඩි දුර්ලභ හින්දා අගේ වැඩියි. ඔන්න එහෙනං ඒ රස හතර ඒ අයුරින්ම පරණ කෙරෙන කාල පරාසෙත් එක්කම.
- Vanilla, Floral and Nutty – අවුරුදු 10ත් 15ත් අතර
- Chocolate and Candy Fruit – වසර 20ක්
- Tawny Port and Nutmeg – වසර 30ක්
- Tropical Fruit – වසර 50ක්
4. දකුණු යුරෝපයේ රාකායා
තුර්කිය, සර්බියාව, මැසඩෝනියාව, බල්ගේරියාව වගේ පැති ගොඩක පැතිරිච්ච බීමක් වෙච්ච රාකායා, තැන්තැන්වලදි නමෙන් චුට්ටක් විතර වෙනසක් ගන්නවා. දකුණු යුරෝපෙ හොඳටම බොන බීමක් වෙච්ච රාකායා කඩෙන් ගනිද්දි සියේට 40 රේන්ජ් එකේ තිබුනත්, ගෙදර පෙරපු රාකායා සියේට පනහකටත් උඩ අගයක ස්ට්‍රෝන්ග් ගතියකින් යුතුයි. ප්‍රධාන වශයෙන් පළතුරුවලින් (විශේෂයෙන්ම ප්ලම්ස්) පෙරන බ්‍රැන්ඩි විශේෂයක් කියල මේක හඳුන්වන්න පුළුවන්. හැබැයි තුර්කියේ ගම්බදව පෙරන රාකායා හැරෙන්නට අනිත් රාකායා අවර්ණයි. බ්‍රැන්ඩි වර්ගයක් වුනාට පැණි රසක් ඇත්තෙ නැහැ. ඒ වගේම බොහෝවිට මුහුදු මාළු කෑල්ලක් කකා තමයි රාකායා බොන්නෙ. පීටර් කුරුවිට මාලු ඩෙවල් එකක් එක්ක පොල් අරක්කු බොනව මතක් වුනා නේද? බෝල්කන්ස්, එහෙමත් නැත්තං දකුණු යුරෝපීයයොන්ව එකතු කරපු බීම කියලයි රාකායා හඳුන්වන්නෙ. ඉතිං මේ තුර්කි බීම එකේ නම හැදිච්ච හැටි ගැන කතා ගොඩයි. සමහරු කියනව මේක ඉරාකෙන් ආව කියල. තවත් අය කියන්නෙ මේක හදන්න පාවිච්චි කරන රසාකි මිදි නිසා මේ නම වැටුනය කියල. අනිත් අය කියන්නෙ අපේ අරක්කු නම හැදිච්ච විදියටම දාඩියට කියන අරාබි වචනෙන් බිඳුනා කියල.
5. දකුණු අප්‍රිකාවෙ ක්‍රීම් ලිකර්
ක්‍රීම් ලිකර් කියන්නෙ තරමක ෆැන්සි බීමක් මිසක් අපට එදිනෙදා හුරු බීමක් නෙමෙයි. ලංකාවෙදි නම් ප්‍රසිද්ධම ක්‍රීම් ලිකර් නම බේලීස්. හැබැයි දකුණු අප්‍රිකාවට අනන්‍ය දකුණු අප්‍රිකාවේ ක්‍රීම් ලිකර් එක වෙන්නෙ සියේට 17ක ඇල්කොහොල් ප්‍රසන්ටේජ් එකක් තියෙන ඇමරුල්ලා. මේක 2006 San Francisco World Spirits Competition එකේදි රන් සම්මානය දිනනවා. වයිල්ඩ් ඇෆ්‍රිකා කියන්නෙත් ඇමරුල්ලා වගේම දකුණු අප්‍රිකාවට ප්‍රසිද්ධ බීමක්. අප්‍රිකාවෙ රන් පළතුර කියන ඇමරුල්ලා ගෙඩියෙන් හදන මේ බීම එක ලෝකයේ තනි පළතුරක් බේස් කරගෙන හදන එකම බීම එක කියලයි කියන්නෙ. දකුණු අප්‍රිකාවෙ මිනිස්සු ඇමරුල්ලා ගහත්, ගෙඩියත්, පානයත් ගැන ආඩම්බරෙන් ඉන්නව කියලයි කියන්නෙ. දකුණු අප්‍රිකාවෙ 2010 ෆුට්බෝල් වර්ල්ඩ් කප් එක කාලෙ ඇමරුල්ලාවලට දීපු නියම මාකටින් කැම්පේන් එකත් මේකෙ දියුණුවට හේතු වුනා කියලයි කියන්නෙ. හැබැයි ඊට කලින් ඉඳන්ම සම්මාන දිනල තියෙන නිසා ඒවම ප්‍රධාන හේතුව වුනා වෙන්නත් බෑ.
6. ස්පාඤ්ඤෙ ෂෙරී
ෂෙරී කියන්නෙ වයින් විශේෂයක් වුනාට වයින්වලට වඩා බ්‍රැන්ඩිමය සැරක් ෂෙරීවල තියෙනවා. කෑමට පෙර ග්ලාස් එකක් බොන්න හොඳ වෙන්නෙ ඒකෙන් කෑම රුචිය වැඩි වෙන නිසායි. පැලොමිනෝ කියන ග්‍රේප්ස් විශේෂයෙන් පෙරන ෂෙරී ලොකු රේන්ජ් එකකින් ගන්න පුළුවන්. ඒ කියන්නෙ සැර වැඩි ඇමන්සිලාඩෝ වගේම සැර අඩු ෆිනෝ විදියට. නමේ පොඩි රතු පාටක් තිබුනත්, ෂෙරී කියන්නෙ උයන්නත් කදිම රතු නොවෙන වයිට් වයින් එකක්. ස්පැනිෂ් භාෂාවෙන් නිස්සාරිතය කියන අයිඩියා එක දෙන විදියෙ නමුත් මේකට කිවුව කියල සඳහන් වුනත්, Xeres කියන වචනෙ ඉංග්‍රීසියට ලේසියට හරවගෙන කියලයි කට්ටිය කියන්නෙ. ලෝකෙ තුන්වෙනියට විශාලම ලීටර් ප්‍රමාණයක් වයින් නිෂ්පාදනය වෙන්නෙ ප්‍රංශෙ. හැබැයි වයින් බොන ඈයො අතරෙ ප්‍රංශෙ ඉන්නෙ පහළින්. ඒකට හේතුවක් විදියටත් වයින් පරදන ෂෙරී දක්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි විස්කි වර්ග කරද්දි පෙරන ජාතියනෙ මූලික කරගන්නෙ. හැබැයි ෂෙරීවලට මූලික වෙන්නෙ ග්‍රේප්ස් වර්ගය නෙමෙයි. පෙරන පැත්ත අනුවයි ප්‍රංශ ෂෙරී වර්ග වෙන්නෙ. ෂෙරී බොන එකේ තවත් වාසියක් තමයි කැලරි අඩු වීම. ඒක සාමාන්‍ය රෙඩ් වයින් වීදුරුවක් එක්ක සසඳලා බලද්දි පස් ගුණයක පමණ අඩුවක්.
7. මෙක්සිකෝවෙ ටෙකිලා
මේ අපේ ඈයො ආස බීමක්. ලොකුවට යන බියර් වඩියකට පස්සෙ පීක් එකට එන්න සෙට් එක අතරෙ ටෙකිලා රවුම් දෙකක් යනව. කට පුංචි උස කෝප්පෙ එක පාරට උගුරට හලාගෙන, වීදුරු කටේ ගාලා තියෙන ලුණු ටික ලෙව කාලා, වීදුරුවෙ ගහල තියෙන දෙහි පෙත්ත දිවේ තියාගන්නව. හැබැයි එවුව හදන මෙක්සිකෝවෙ නං ටෙකිලා බොන්නෙ ලුණුයි දෙහියි නැතුව නීට් පිට. හදන්නෙ මොනවයින්ද කියලත් කියන්න වෙනව. Agave කියන ගස් විශේෂය පළාතෙන් පළාතට වෙනස් විදියට තමයි හැදෙන්නෙ. ටෙකිලා කියන ගමේ හැදෙන්නෙ හොඳ පැණි රසක්, සුවඳක් තියෙන ප්‍රමාණයෙන් විශාල Blue Agave විශේෂයි. ඒ පළාතෙ එයින් ගස් මිලියන තුන්සීයක් විතර අවුරුද්දකට වගා කෙරෙනව. මෙක්සිකානු නීතියේ හැටියට ටෙකීලා හදන්න අවසර තියෙන්නෙ ටෙකීලා ගමත් අයිති වෙන Jalisco වල ඇතුළු තව සුළු ප්‍රදේශ කිහිපයකට විතරයි. ටෙකිලා දියමන්තිවලට හරවන්න පුළුවන් කියලත් කතාවක් තියෙනවා. හැබැයි ඉතිං රුපියල් අටදාහක් දීලා ගන්න බෝතල් බොරු සල්ලි තන්නාසෙට ගිහින් නාස්ති කරගන්න එපා කියලත් කියන්නම ඕන. ටෙකිලා වර්ග පහයි. ඒවා Blanco, Gold, Reposado, Anejo සහ Extra Anejo විදියට පෙළගස්වන්න පුළුවන්. Blanco තමයි පරම පිවිතුරු ටෙකීලා එක. කිසිවක් එකතු කර නැහැ. ඔරිමජිනල් රස. හැබැයි ටෙකිලා තියෙන්නෙ කසියා ගහන විදියට උගුරෙ හලාගන්න නෙමෙයි, රස සුවඳ බල බල සිප් කරන්න කියලයි ප්‍රවීණයො කියන්නෙ.
Cover Image Source – fairfaxunderground.com/ trucoslondres.com/ armalido.com
Leave a Reply